Posts

Showing posts with the label Life

ආචාර්ය උපාධි හදාරන මාගේ ආදරණීය මිතුරු මිතුරියන් වෙතටයි.

Image
 මගේ ඥාති සහෝදරිය රසායනික විද්‍යාව සම්බන්ධ  ආචාර්යවරියක්. රංවල වගේ නෙවෙයි ඔරිජිනල් ඩොක්ටර් කෙනෙක්. ඈ ළඟකදි යූරෝපානූ සංචාරයකට ගිහින් ඇවිත් මට කතාවක් කිව්වා. එයත් එක්ක ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක රසායනික විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් හිමි සුදු ජාතික මිතුරියක් බෙල්ජීයමෙදි මුණ ගැහුනලු. පැය දෙකක ගමනකින් පස්සේ ඇය ඇවිත් හම්බවෙලා , ආගිය විස්තර කතා කරලා , පරණ සිද්ධි මතක් කරලා සතුටු උනාලු.  බෙල්ජියම  කොහොමත් සංවර්ධනය කියන සීලීමේ ඔලුව වැදී වැදී ඉන්න නිසා මම හිතුවා සුදු මිතුරිය ලොකු රස්සාවක් කරනවා ඇති කියලා. ඇයි PHD එකකුත් තියාගෙන නේ. "එයා මොකද කරන්නේ එහේ ?"  කුතුහලය පිරුණු ප්‍රශ්නයක්.  "එයා එහේ Health App එකකට චිත්‍ර අදිනවා.එයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්." PHD එක ගෙදර තියලා නම නොදන්න මිතුරිය තමන්ගේ passion එක පස්සේ දුවනවා. පුදුමයි !!!!  මම තව ප්‍රශ්නයක් ඇහූවා. "ඒකට හොඳට ගෙවනවද ?"  අක්කා හිනා උනා.  රටක් හැදෙනවනම් ඒ ගාණටවත් හැදෙන්න ඕන.දියුණුයි කියලා කටපුරා කියන්න පුළුවන් එහෙම උනාම. මනුජය තෙන්නකෝන් .

මහාචාර්ය කොටගම.

Image
මම කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ මහා ලේඛකයො , දේශපාලන විචාරකයෝ , රූපවාහිනී නිවේදකයෝ , ගායකයෝ විශ්වවිද්‍යාල ආචාර්‍ය මණ්ඩල වල හිටියා. ඒත් ඒ මහා මිනිස්සුන්ගෙන් මට දැනගන්න ලැබුනේ හරිම අල්පයයි. විද්‍යා පිඨයේ මහාචාර්ය අනුරාධ මහසිංහ මගේ පළමු දෙවන වසරවල ආචාර්යවරයා. Game theory සංකල්පය මම ඉගෙන ගත්තෙ ඔහුගෙන්. ඒත් විෂය කරුණුවලටත් වඩා සාහිත්‍යකරණය , පත පොත , කාව්‍ය සාහිත්‍ය ගැන මම අදටත් පරිචයක් ලබන්නේ ඔහුගේ ඇසුරෙන්. කළමණාකරන පිඨයේ මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ හම්බෙන්න අවස්ථාව ලැබුනේ    Krishmal Fernando   අයියට ස්තුති වෙන්න. මම ලියපූ කෙටි කතා සංග්‍රහයක ගුණ දොස් විමසන්න මම මහාචාර්ය ජයසිංහ මුණගැහුනා. පෞද්ගලිකව මම අදටත් විශ්වාසකරන විදියට නූතන ලාංකීය කෙටි කතා කලාවේ විශිෂ්ටතම කෙටි කතාකරුවාගේ මුණ ගැසීම අංකුර කෙටි කතාකරුවෙක් උන මට මහා දෙයක් උනා. ඒත් මට කවදාවත් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හෝ  මහාචාර්ය සරත් විජේසුරිය විශ්වවිද්‍යාල භූමියේ හූවක දුර ඉදලත් මුණගැහෙන්න බැරි උනා. එහෙම මඟහැරුන මහා ගොඩක් මගේ ජිවිතේ ඉන්නවා. අද මේ කතාවත් එහෙම කෙනෙක් ගැන. 2019-2020 වගේ කාලෙක හැම හැන්...

ශිෂ්‍ය සංගම් නඩත්තුව

Image
 මේ මාතෘකාව බොහෝම ප්‍රවේශමෙන් සාකච්ඡා කරන්න ඕන දෙයක්. ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට ශිෂ්‍ය සංගම්වල පැමිණිම සිද්ධ උනේ අද ඊයේක නෙවෙයි. ඒ ශිෂ්‍ය සංගම් තුළට දේශපාලනික මතවාද (Political ideologies ) ආවේත් අනාදිමත් යුගයක ඉඳන්. ඒ නිසා ශිෂ්‍ය සංගම් දැන් මෙහෙයවන්නේ පෙරටූගාමීන්ද , කලින් ජවිපෙද , ඊට කලින් බැසිල්ගේ කණ්ඩායමද , 71 කැරැල්ලට කලින් සාම්ප්‍රදායික වමද කියන කරුණ අපිට අදාළ නැහැ. එය සිදුවන සිදුවිය යුතු ආකාරයට වනවා ඇති. හැබැයි මට ප්‍රශ්නයක් තියනවා. ඒක තමා ලංකාවේ බුද්ධිමත්ම කොට්ඨාසයෙන් බහුතරයක් නියෝජනය වෙනවායැයි සැලකෙන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මකවෙන ශිෂ්‍ය සංගම් මොඩර්න්ද යන්න ? නැත්නම් ඔවුන් තාම රතු පොත් දෙකක් පෙරළගෙන ඒ තුළින් ලෝකය දකින්න දරන වෑයමක් දරන්නෝද ,එහෙමත් නැත්නම් නවක වදය කියන වධබන්ධනය විශ්ව විද්‍යාල පරිසරයට අනුගත වීමේ ක්‍රියාපටිපාටිය කියන අමු තක්කඩි ව්‍යාපෘතියේ කොටස්කාරයෝද , විශ්වවිද්‍යාලය තුළ කිසිම සාධනීය , ප්‍රගතශීලී පියවරකට බාල්දි පෙරළන අසංවරවාදීයෝද ? නූතන ලෝකයේ නැග්ම , ඉංග්‍රීසී භාෂාව , ධනවාදයේ නව හැසීරීම් , සමාජවාදයේ යහගුණතා නොදකින අන්දමේ මුග්ධයෝද ?  ලං...

කවුළුවක් සහ තරුණයෙක්

Image
 අඩක් වැසුනු දුම්රිය කවුළුවෙන් පිටත මනාව පෙනෙන්නේ යැයි යමෙක් කියන්නේ නම් එය මුසාවකි. නමුත් මඳක් නැමී දෑසට සමාන්තරව බැලු කල දුම්රියෙන් පිටත ලෝකය තරමක් දුරට පෙනේ. එසේ පෙනෙන විට දුම්රිය තුළ ලෝකයට වඩා දුම්රිය  කවුළුවෙන් පිටත ලෝකය නිස්කලංක යැයි සැනෙන් දැනේ.  දුම්රිය තුළ මඟින් එහා මෙහා දුවන බවත් , ආසන වෙනුවෙන් පොරකන බවත් "මේ මහත්මයා , කරුණාකරලා ඔය ආසනය මට දෙන්න. ඔබට පෙර මමයි එයට පැමිණියෙ." යනුවෙන් ඇරඹෙන සංවර සංවාද  සැනෙකින් විසංවාද වී පසුව කාලගෝට්ටියක් වී මැකී යන අයුරුත් , දරුවන් මව් සොයා හඬන අතර මව සිය සැමියා සොයා හඬ නගන අයුරුත් , වියපත් මවක් හෝ විශ්‍රාමික පුරවැසියෙක් සිය ආසනය සොයාගත නොහැකිව අසරණව හිස් බැල්මෙන් සිටින   අයුරුත් , මහත දෙහත දුම්රිය පාලක තම බෙල්ලේ නහර පිම්බෙන තරමට වෙර යොදා  'ටිකට්පතේ අංකය බලා ඉඳ ගන්නවාලා"   කෑමොර දෙන අයුරුත් බලා සිටින විට ,  දුම්රිය  කවුළුවෙන් පිටත ලෝකය දුම්රියට වඩා නිහඬව , සෞම්‍යයව , සෙමින්  ගලනා බව හැඟේ. දුම්රිය තුළ කඨෝර හඬට වඩා කවුළුවෙන් එපිට මිනිසුන්ට මිහිරි හඬක් ඇති බවත් , දුම්රිය තුළ  නීති මත...

ලියූමක් !!!

Image
                                            මනුජය තෙන්නකෝන්                                              2026-4-17,                                               ඔබ නොදන්නා දේශයක සිට මාගේ පැරණි  පෙම්වතියින් වෙතටයි. අපිට ජිවිතේ එක එක කාල වල පෙම්වතියෝ එහෙම නැත්නම් ආදරයන් හම්බෙනවා නේ. බදාදා හවස ගමේ ගණන් පංතියෙදි , ඉරිදා උදේ දහම් පාසලේදි  , සතියේ දවස් පහේ ඉස්කෝලෙදි , කැම්පස් තේරුනා නම් කැම්පස් එකේදි , උදේ හවස යන එක බස් එකේ එහෙමත් නැත්නම් කිටි කිටියේ තද වුනු කෝච්චි පෙට්ටියෙදි , පොඩි ඉන්ටර්න්ශිප් එකකට ගියාම සුවඳ හමන  ඔෆිස් එකෙදි , උණූ කෝපි සුවඳ සංගීතයක් වගේ දැනෙන කෝපි අවන්හල්වලදි එකී මෙකී නොකී තැන්වලදි පෙම්වතිය හම්බෙනවා .අපි ඔවුන්ට  ප...

සතුට

Image
ජිවිතේ පොඩි පොඩි දේවල් වලින් සතුටු වෙන්න කියලා පොත පතෙන් උගන්නලා තිබුනට කවදාවත් ඒක කරන්න ඕන කියලා මට දැනිලා තිබුනේ නෑ.  ඒත් හිස්කමක් , තනිකමක් දැනෙන මොහොතක හැඟෙන්න ගන්නවා , ජිවිතේ දින සති මාස ගෙවන්න මහා ජයග්‍රහණ , දූර සැතපූම්, බර හීන, උස සම්මාන විතරක්  ප්‍රමාණවත් නොවෙන බව.   එහෙම හිස්වෙන ජිවිතයකට ඕන කරනවා පොඩි පොඩි සැමරුම් , සරල විනෝදය , සංකීර්ණ නොවන සංවාද , හිත නිවෙන සංගීතය , දිව හිත පිරෙන වීදී කෑමක සුවඳ , බරසාර දේශපාලන වැඩසටහන්  වෙනුවට බොළඳ චිත්‍රපටයක රස  කොටින්ම  පොඩි පොඩි සතුට පිරුණූ ඒත් පොහොසත් මතක . මට එහෙම කෙනෙක් විදියට හැමදාම මතක් වෙන්නේ FRIENDS කතාමාලාවේ Joe Tribiani. මට දැන් හිතෙන්නේ එතන වැඩියෙන්ම ජිවිතේ වින්දේ ඔහු කියලා. අවාසනාවකට  අපි දකුණු ආසියාතිකයෝ  විදියට ම එහෙම පුංචි දේවල්වලින් සතුටු වෙන්න පුරුදු වෙලා නෑ. මම ඔබ අපි හැමෝම එහෙමයි. අපිට සතුට දැනෙන්නේ උසස්ම කියන විභාගයක උඩම සාමාර්ථය ගත්තම , වීදූරු කැටේ වගේ වාහනයක් පැද්දම , පාස්පෝට් එකත් එක්ක පින්තූරයක් දාලා රට සවාරියක ගියාම ,වරිග පහක සෙනඟ එක්ක මඟුලක් කෑවම , සියක් නමක් වඩම්මලා දාන...

පේරාදෙණියේ ස්වර්ණමය යූගය.

Image
 වසරකට ඉහතදී දිවිගමනට සමුදුන් මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ බිරිඳ වන මහාචාර්ය රංජිනි ඔබේසේකර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  තමන් දුටූ සිහින් උසැති තරුණයා , ආදරණීය කවි පබඳින ප්‍රේමවන්තයා , දැනුමැති ස්වාමිපුරුෂයා ගැන මතක අවදි කරන මේ සාකච්ඡාව හරිම රසවත්. ඔබේසේකර පවූල හැත්තෑව දශකයේ දිනක පේරාදෙණියේදි. මහාචාර්ය  ඔබේසේකර සහ බිරිඳ මුල් යූගයේදි. ඇගේ පිළිතුරු වලින් මගේ සිත්ගත් කරුණ තමා ඔවුන් දෙපළ විශ්වවිද්‍යාලයට ගිය පනහ දශකයේ කලාව සාහිත්‍යය වෙනුවෙන් විශ්වවිද්‍යාල තුළ තිබුනූ පිළිගැනිම. ඈ සාකච්ඡාවේදි නොපැකිළිව කියනවා පනහ දශකය තමා ලාංකීය විශ්වවිද්‍යාල ඉතිහාසයේ ස්වර්ණමය යුගය බව.මම පෞද්ගලිකවත් ඒක විශ්වාස කරනවා. ඒවගේම ඈ එක තැනක කියනවා , එකල විද්‍යා ගණිත ඉංජිනේරු විද්‍යාවන් හදාරන සිසුන්ට සාහිත්‍ය කලා දේශන සඳහා සහභාගිවීමය තිබූ නිදහස පිළිබඳව.   මහාචාර්ය ඔබේසේකර සිය පර්‍යේෂණ අතරතුර. ඒ නිදහස කොයිතරම් දූරට වෙනස් වෙලා අධ්‍යාපනයටම වහල් වෙලාද කියන කරුණ මට සාක්ෂාත් උනේ , මම කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පිඨයේ ඉගෙනගත්ත අවුරුදු කීපයේ. ඒ යුගයේ විද්‍යා පිඨයේ නාට්‍යයක් කරන අදහසෙන් පිටපතක් ලියාගෙන මම මා...

විජයට 46 ක් !!!!

Image
 විජයට අවුරුදු 46 කියලා මිතුරියක් ලියලා තියනවා අහම්බෙන් දැක්කා. ආපස්සට හැරිල බැලුවොත් මගේ ළමා කාලේ විජය තරම් බලපෑමක් ඇති කරපු කිසිම පත්තරයක් නැහැ. ලියන්න ,හිතන්න , නිර්මාණ කරන්න , දැනුම හොයන්න විජය තරම් මාව උනන්දූ කරපු කිසිම පත්තරයක් නෑ. ලේක්හවුස් එකෙන් ආව මිහිරට නොතිබුනූ වර්ණවත් , විනෝදශීලී ,නිර්මාණශීලීත්වයක් විජයට හැමදාම තිබුනා. ඒ නිසාම වෙන්න ඇති මිහිර , පත්තරෙන් Epaper එකකට මාරු උනත් විජය තවම නොනැසී පත්තර ලෑල්ලේ ඉන්නේ. හිඟුල්වල දිසානායකගේ සහ පියල් උදය සමරවීරගේ සුප්‍රකට චිත්‍රකතා ද්විත්වය.  යාන්තම් අවුරුදු 10-11 වෙනකොට පත්තරකාරයෙක් හරි පුවත්පත් කාටූන් ශිල්පීයෙක් හරි වෙන්න ඕන කියලා බලාපොරොත්තුවේ බීජයක් මගේ හිතේ පැළ කලෙත් විජය පත්තරේ. ඒ විකාරේ කොච්චර උඩු දිව්වද කියනව නම් ගයත්‍රී සමරවීරට , පියල් උදය සමරවීරට , දුමින්ද සංජීව බාලසූරියට පවා මම විජය කතුමඬුල්ලේ 011-2479224 සහ 011-2479228 අංක දෙකෙන් අනේක පාරක් අමතලා ඇති. 2008 අගෝස්තුවේ මගේ පළවෙනි ළිපිය "කොරල්පර " නමින් පළ උනෙත් ගයත්‍රී සමරවීරගේ උපකාරයෙන්. මේ හැමදේම පටන් ගත්තෙත් එතැනින්. ඉතින් "විජය "  අවුරුදු 46 කියන්නේ බොහ...

ශාසනික නිකායභේදයේ ඛේදවාචකය

Image
 1818 උඩරට කැරැල්ලට සම්බන්ධ උනායැයි  රාජද්‍රෝහින් ලෙස නම් කළ කැප්පෙටිපොළ දිසාවේ ඇතුළු පිරිසකගේ රාජද්‍රෝහිත්වය අහෝසි කිරිමේ සන්නස 2017 වසරේදි මහනුවර මඟුල් මඩුවේදි එළිදැක්විනි. එකී උත්සවයට වැඩම කළ රාමඤ්ඤ නිකායේ නාහිමිවරුන්ට ආසන නොපනවන ලෙස සියම් නිකාය ඉල්ලා සිටි බව සුප්‍රකට කතාවකි.  එමෙන්ම මහනුවර දළඳා මාළිගයේ භික්ෂූන්ට දන් වැළඳිමට ඇති දන් ගෙයිහි අස්ගීරී සහ මල්වතු පාර්ශවයන් වෙනමත් අමරපූර සහ රාමඤ්ඤ නිකායේ භික්ෂූන් වහන්සේලා වෙනමත් දන් වැළඳිය යුතුය. ඒ පිළිබඳ අප්‍රසාදය පළ කරමින් අමරපුර නිකායේ භික්ෂූන්වහන්සේ නමක් මුහුණුපොතට ලියූ සටහනක්ද මා දැක ඇත. මේ සියල්ලටම හේතු පාදක කරුණ නම් අපුල , අශීලාචාර ,ගෝත්‍රික   "ශාසනික කුලභේදයයි". නිකාය අනුව ආසන පැණවීමේ පිළිවෙත.  1753 වගේ ඈත කාලෙක ,මෙරට උපසම්පදා භික්ෂූන් වැඩනොසිටි අතර සිටියේ ගණින්නාන්සේලා පමණි. ඔවුන් ශාසනයට සම්පූර්ණයෙන් කැප නොවී ගොවිතැන් බත් කරගෙන අඹු දරුවන් රකිමින් සිටි බව පැවසේ. මේ නිසාම හතරලියද්දේ ,තුම්පනේ ,වැලිවිට වලව්වේ ඉපිද පසුව වැලිවිට සරණංකර නමින් පැවිදි වූ හිමිනමක්  සියම් දේශයෙන් ( වර්තමානයේ තායිලන්තයට)...

Jane Goodall සමුගනි.

Image
   ආචාර්‍ය Goodall ගේ මියයෑම ලෝකයට පාඩුවක් කියලා මම මොහොතකටවත් හිතන්නේ නෑ.ඇය ඇගේ ජිවිතෙන් අවුරුදු 68 විතරම ගතකළේ සොබාදහමේ උන්නතිය වෙනුවෙන්.වයස අවුරුදු 91 වෙනකන් සක්‍රීයව පරිසරවේදිනියක් විදියට කටයුතු කළ ඈ ජීවන ගමනෙන් පසුගිය පළවෙනිදා නික්මුනේ , සමාජය , සත්ව සංහතිය සහ  ලෝකය වෙනුවෙන් ඇගේ සේවය සම්පූර්ණයෙන් අවසන් කිරිමෙන් පස්සේ. ඒ නිසා ඇගේ අහිමිවීම ලෝකයට පාඩුවක් කියලා සිතීම ඇගේ පැත්තෙන් යුක්ති සහගත නැහැ. Jane ගේ සුප්‍රකටම ඡායාරූපයක්. ආචාර්‍ය Jane Goodall ගේ Through a window - My thirty years with the Chimpanzees of Gombe පොත මට කියවන්න ලැබුනේ ටික කාලෙකට උඩදි ඒත් ඊටත් කලින් 2009 වගේ කාලයක  ඇගේ පර්‍යේෂණ කටයුතු ගැන ලියවුනු සිංහල පරිවර්තනයක් කියවීමෙන් තමා මේ සුන්දර පරිසරවේදිනියව  මම මුලින්ම දැනගත්තේ.  ආචාර්‍ය Goodall, අවුරුදු 26 දී  ආපනශාලා සේවිකාවක් විදියට සේවය කරලා ලැබුන මුදලින් ටැන්සානීයාවට යන්නේ ඕනෑම ආකාරයක අප්‍රිකානූ සතෙක් පිළිබඳ ගවේෂණය කිරිමේ අරමුණෙන්. ඒත් ඇගේ දෛවය ඇයට ලබා දුන්නේ මිනිසාට සමීපතම ඥාතියා උනූ චිම්පන්සීන්. ඇය Gombe වනාන්තරයේ දින ,සති ,මාස ,අවුර...

මට ඕන ගුරුවරයෙක් වෙන්න..

Image
 මට ඕන ගුරුවරයෙක් වෙන්න. ගුරුවරයෙක් ?  ඔව් !! ගුරුවරයෙක්. මොන ජාතියේ ගුරුවරයෙක්ද ? මොන ජාතියේද ? ගණිතය ,සිංහල , විද්‍යාව වගේ උගන්වන ගුරුවරයෙක් වෙන්නද ? නැත්නම් ඉංග්‍රීසී ,භූගෝල විද්‍යාව , ඉතිහාසය උගන්වන ගුරුවරයෙක් වෙන්න ? එහෙමත් නැත්නම් සංගීතය , නැටූම් , නාට්‍ය උගන්වන ගුරුවරයෙක් වෙන්නද ?  නෑ මට ඕන ගුරුවරයෙක් වෙන්න.වර්තමානයවත් අනාගතයවත් නොදැන අතීතයේම පල්වෙලා කුණුවෙන ඈත දූර ගමක  දරුවන්ට ගුරුවරයෙක් වෙන්න.  රෑට තරු පිරුණූ පැහැදිලි අහසක දඩයක්කාරයා , මහා වලසා වගේම යාන්තමින් දැල්වෙලා නිවෙන ඉරබටූ තරුව කව්ද කියලා , හැතැම්ම මිලියන ගාණක දූරින් දිලිසෙන තරු රටා බලලා  උගන්වන පුළුවන් ගුරුවරයෙක් වෙන්න. ඒ තරු රටා ඇතුළේ කිමිදෙන ග්‍රීක පුරාවෘත දරුවන්ට කියාදෙන ගමන් මනුෂ්‍යයෙක්ව ඉපිද දේවියෙක් වූ "හර්කියූලීස්" ගේ නොසිඳෙන එඩිය ගැන කතාන්දර කියන ගුරුවරයෙක් වෙන්න.  ඈත සීත රුසියාවේ සාර් පාලනය බිම දමා පාගමින්  ජනතාවගේ පාලනයක් පිහිටවූ කල , " අවූරෝරා"නෞකාවෙන් පිටවූ වෙඩි හඬේ ගැඹුර දරුවන්ට කියාදෙන අන්දමේ ගුරුවරයෙක් වෙන්න.එය විප්ලවයක් බවත් හුදෙක් බඩගින්නට පාන් ඉල්ලමින් කල සටනක් න...

ගිනිතැබිම

Image
අම්මා මට සුදු කමිසය අන්දලා හැඩ බලන්න ගත්තා,"කෝ මෙහාට..ආ..දැන් මෙහාට" වමට දකුණට හරව හරවා එයා මගේ හැඩ බලන්න පටන් ගත්තා,සද්දයක් වත් නැතුව එයා හරවන හරවන පැත්තට මාත් හැරෙන්න ගත්තා.පොල් තෙල් තලියක් "තක්ස් " ගාලා අප්පච්චි ඔලුවට දැම්මා.ටිකකින් පොල් තෙල් නළලටත් එතනින් කන් දෙක දිගෙත් බේරෙන්න ගත්තත් මම කරබාගෙන හිටියා.එයාගේ කලු පැතලි සාක්කු පනාවෙන් සුලිය පන්නලා මගේ කොන්ඩේ පීරන්න ගත්තා.කන දෙපැත්තෙන් වැටෙන කොන්ඩ කෑලී දෙක පිටිපස්සට පීරලා එයා, "දැන් හරි" කියලා සද්දෙට කීවා. මේ ඉස්කෝලේ පළවෙනි දවස නෙවෙයි .මුල්ම දවස් වල සෙල්ලම් ගෙවල් හදලා අපිට සෙල්ලම් කරන්න දුන්නා,අපේ සෙල්ලම් ගේ නිල් පාට ඉටි රෙදි වලින් වට කරලා තිබුනේ,මං වගේ දෙකක් විතර මහත උණ ගස් හතරකින් විසාල වහල අපේ ඔලුවට වැටෙන්නේ නැතුව බේරගෙන හිටියා. කලු කණ්නාඩි කුට්ටමක් දාපු වයස ටීච කෙනෙක් අපේ සෙල්ලම් ගේ පුටුවක ඉඳගෙන ඔරවගෙන හිටියා.ළමයෙක් තක්කඩි කමක් කරොත් "ඒයී ...ඒයී.ගුටි!" කියලා සද්දෙට කියන්න ගත්තා.එයාගේ සද්දෙට අකමැති නිසා මම එයාගේ මූණ දිහා නොබලා ,පාට කරන්න දුන්න රූපේ එක්ක හිනා උනා.එයා මගේ අම්මගෙත් ක්ලාස් ටීචර් ...

පැණි වළලූ

Image
  මගේ අප්පච්චි ජිවත් වෙලා ඉන්නකන් කියෙව්වේ ලංකාදීප පත්තරේ. එයා සෙනසුරාදා වැඩ ඇරිලා එනකොට දෙකට නමාගෙන එන පත්තරේ මුල්ම සුවඳ බැලූවේ මම. ඒ සුවඳ පත්තරේ ඇතුළෙ කොලමක ජිවත් උන මනුස්සයෙක්ට මම ඒ වගේම ආදරේ කරා. කොලමේ නම "පැණි වළලු" . ඒ පැණි පිරුණූ කොලම ලීව ආදරණීය මනුස්සයා ධම්මික ගංගානාත් දිසානායක. හරියටම කිවොත් මහාචාර්‍ය ගංගානාත් දිසානායක.  පොකුටූ කොණ්ඩෙයි , සුදු පාට දම්වැල් මාලෙයයි , උඩ බොත්තම ඇරපූ කමිසයයි  එක්ක ගංගානාත් දිසානායක මහාචාර්‍ය කෙනෙක් කියලා මට කවදාවත් දැනූනේ නෑ. එයාගෙ කොලමෙන් මට හැමදාම දැනූනේ නුවර ඉපදිලා,කන්ද උඩ ධර්මරාජෙට ගිහින් එතනින් ජපුරට ආව , මිනිස්සූ ,ජිවිතේ ,ලෝකේ ගැන දැනෙන කතා ලීව මනුස්සයෙක් විදියට විතරයි. එයා කොච්චර ලොකූ මනුස්සයෙක්ද කියලා මට තේරුනේ පස්සේ කාලෙක ජපානේ  තානාපති උනා කියලා දැක්කම.  පොළේ කූර විකුණන අම්මගේ ඉදන් තමන්ගේ නුවර ගෙදර උන්නූ පූසා , ආච්චි අම්මා , පොඩි කාලෙම නැති උනූ තමන්ගේ අම්මා , ජපානේ ජිවිතේ , මුලින් කන්න නොහිතෙන ඒත් පස්සේ රසකර කර කන සූෂි මේ හැමදේම ගැන පැණි වළලු කොලමේ ලිව්වා ගංගානාත් , ඒ ඔක්කොම එකතු කරලා පොත් තුනකුත් කරේ ගංගානාත්මයි ...

මිනිසාගේ ශ්‍රේෂ්ඨතම ගමන

Image
අදට අවුරුදු 56 එහායින් , අවුරුදු දහයක් මහන්සි උනූ "ඇපලෝ" මෙහෙයූමේ 11 වෙනි අදිරය සාර්ථකව අවසන් කරගන්න නාසා ආයතනයට හැකි උනා.  වමේ සිට ආම්ස්ට්‍රෝන්ග් ,කොලින්ස් සහ බස් ඕල්ඩ්‍රින් අභ්‍යවකාශයට මුලින්ම මනුෂ්‍යයෙකු යැවීමේ තරගයෙන් සොවියට් දේශය ඉස්සරහා පරාද උනූ එක්සත් ජනපදය , කෙනෙඩි ජනාධිපතිවරයාගේ පෞද්ගලික ඉල්ලීම මතම ඇපලෝ මෙහෙයූම කඩිනම් කරන්නට යෙදුනා. එහි ප්‍රතිඵලයක් විදියට 1969 ජූලි මස 16 දින ආරම්භ වුනු ඇපලෝ 11 මෙහෙයූම දින 8 පැය 3 විනාඩි 18 පස්සේ සාර්ථකව අවසන් කරගත් ආම්ස්ට්‍රෝන්ග් ප්‍රමුඛ අභ්‍යවකාශගාමීන් තිදෙනා 1969 ජුලි මාසේ 24 දින පැසිෆික් සාගරය හරහා පෘථිවියට පැමිණියා.  මේ කෙටි සටහන වසර 56 පිරෙන මානව ඉතිහාසයේ සුවිශේෂිම පිම්ම වූ සඳ ගමන පිළිබඳවයි.  සැටර්න් -5 රොකට්ටුව , කෙනෙඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කිරිම. මම මුලින් කී විදියටම සොවියට් සමුහාණ්ඩුවේ සමාජවාදි කඳවුරත් , එක්සත් ජනපදයේ ධනවාදි කඳවුරත් පනහේ දශකය වෙනකොට ආර්ථිකමය යුද්ධයෙන් , බලයෙන් තවත් එහාට ගිහින් අභ්‍යවකාශය ජයග්‍රහණය කිරිමත් , ඉන් පසූව සඳ තරණයටත් සටන් කරමින් සිටියා.ඒ ලැබෙන ගෞරවය වෙනුවෙන් යටිබිබ්ගත සීතල යුද්ධයක් පැව...

වැඩිහිටියන්ට කාටූන්

Image
අන්තර්ජාලය අද තරම් සුලබ නොවිච්ච අනූව දශකයේ මැද ඉදන් 2008-2009 වෙනකන් ළමා කාලය ගත කල බොහෝ දෙනාගේ  විනෝදාස්වාදයේ වැඩි ඉඩක් අරගෙන තිබුනේ රූපවාහිනි කාටූන් කලාව.  ලංකාවේ අපිටම කාටූන් නිර්මාණයක් කරන්න තරම් ආර්ථික හයියක්වත් තාක්ෂණික හැකියාවක්වත් නැති නිසා අසූව දශකයේ ඉදන් ටයි මහත්තයා වෙනත් රටක නිමැවූනූ කාටූන් නිර්මාණ සිංහලෙන් හඬ කවමින් විකාශනය කිරිම ආරම්භ කළා. ටයි මහත්මයාගෙ ඇවෑමෙන් ඔහුගේ අනුප්‍රාප්තිකයා වූනූ අතුල රන්සිරිලාල් ඒ කාර්‍ය රූපවාහිනියෙන් විශ්‍රාම යනතෙක්ම සිදූ කරගෙන ගියා. අද වෙනකොට අවුරුදු  විසි හතක් පහු කරගෙන යන මගේ ජිවිතේ මම ආපස්සට හැරුනම , උදේ අම්මා හදලා දෙන කිරි තේක අතට අරගෙන ටීවී එකට අඩි හතරක් මෙහා බිම ඉදගෙන , ඔලූව අංශක අසූපහක් විතර උඩට හරවලා ඥාන කතා මල්ලී බැලූව විදිය මැරෙනකන්ම අමතක කරන්න බැරි වෙයි. ඒකට හේතුව , එහෙම ඇහුන  තේමා ගීතය , සංගීත ඛණ්ඩය එක්ක ගැටගැහුනූ මහා විශාල අතීතයක් තියෙන නිසා.   අපි කල්පනා කරොත් ලංකාවේ කාටූන්  ඇතුළේ මුද්‍රාවක් වගේ සටහන් උනූ  දේ තමා කාටූන් තේමා ගීතය (Theam song). මේ සටහනෙන් ඒ විදියට අපට ඇහූනූ කාටූන් නිර්මාණ කිහිප...

පෙළ පොත් අලුත්වැඩියාව

Image
  මං විශ්වාස කරන්‍නේ මගේ සිතුවිලි, ලිවිම සහ පරිකල්පනය සම්පූර්ණයෙන්ම හැඩගැහිලා තියෙන්නේ ළමා කාලයේ මම කියවපු දේවල් වලින්   කියන එක. ඒකට අන්කිසිවකුට වඩා  මගේ මියගිය පියාට විශාල ගෞරවයක් ලැබෙන්න ඕන. පස්සේ කාලෙක මම කෙටි කතා ලියන්න , නාට්‍ය පිටපත් ලියන්න , කාටූන් අදින්න , නාට්‍ය කරන්න , පොත් ගැන කතා කරන්න  අරකට මේකට ඔලුව දැම්මත් ඒ හැමතැනම  මගේ පාදම උනේ මුල් යුගයේ කියවීම. ඒක එක්තරා විදියක ආශිර්වාදයක්.     මං ඇත්තටම දන්නේ නෑ දැන් පාසල් පෙළ පොත්වල තියෙන පාඩම්, අමතර කියවීම් පොත් හෝ කවි පන්ති. අනෙක් අතට දැන් ඉන්න දරුවන්ට ඒ ගැන ආකර්ෂණයක් ( facination ) තියනවාද කියලාවත් මම දන්නේ නෑ . ඒත් මං පෙළ පොතේ කොටසක් විතර තියෙන පාඩම කියවලා ඉතිරි කොටස කියවන්න ඒ මුල් කෘතිය හොයාගන්නකන් හිටපූ කාලයක් තිබුනා. ඒ නිසා ඒ කියවීමේ රහ මම දැනගෙන හිටියා.    ඒ යුගයේ පෙළ පොත් ගැන මට එහෙම හිතුනට දැන් පෙළ පොත් ගැන මට දැනෙන්නේ දේශපාලන කෝණයකින්. මගේ පෞද්ගලික අදහස නම් ලංකාව ඇතුළේ දරුවන්ගේ කියවීම හෝ නිර්මාණශීලී චින්තනය ඔප් නංවන්න ලැබෙන මුල්ම සහ උචිතම  උපාංගය මේ පොළ පොත. ඒකට...

විජේසෝමට 100

Image
   මම මෙළෝ මළ දානයක් නොදැන පත්තරකාරයෙක් වෙන්න දඟලන කාලෙක හරියටම 2007 අවුරුද්දේ මුල් හරියේ විජය පත්තරේ පොඩි කොලමක ලියවෙනවා. 2006 වසරේ සිදුවුනු විශේෂිත සිදුවීම් කියන විශේෂාංගය යටතේ, "2006 ජනවාරි 18 දින ප්‍රවීණ කාටූන් ශිල්පී W.R විජේසෝම මියයයි කියලා. " ඒ වෙනකොට මම විජේසෝම මහත්මයාගේ කාටූන් අතරෙන් පතර දිවයිනේ දැකලා තිබුනට. මම එයා ගැන හොඳටම කියෙව්වේ අසූව දශකයේ මුද්‍රණය වුනු "කල්පනා" සඟරාවේ පළවුනු ලිපි පෙළකින්. ඒ ලිපියේ විජේසෝම මහත්තයා Times of Ceylon කන්තෝරුවට ගොඩවැදුනු විදිය. දෙවනි ලෝක යුද්ධය නිසා අහිමි වූනූ විධිමත් අධ්‍යාපනය කොළ මහජන පුස්තකාලයෙන් අවිධිමත් ආකාරයට උකහා ගත්ත විදිහත් , ඒ වෙනකොට Times of Ceylon කතෲ වුනු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කැපී පෙනෙනම ආචාර්‍යවරයා විදියට වැඩ කරපූ "ඩොරික් ඩී සූසා" ගෙන් නියත විවරණ ලබපු විදියත් , පුංචි සිඤ්ඤෝ චරිතයේ විකාශනය ගැනත් , සිංහල සහ ඉංග්‍රීසී භාෂාවන් දෙකම මනාව හසුරවමින් කාටූන් ඇන්ද විදියත් , ජයවර්ධනගේ නාහය ලොකුවට ඇන්ද නිසා ලේක්හවුසියේදි උනු අකරතැබ්බයනුත්  බොහෝම අපූරුවට ලියලා තිබුනා. විජේසෝමගේ රසකතා අහුරකුත් ඒ ලිපිපෙළේ ලි...

ශ්‍රී ලාංකීය ගුරුවරු

Image
  Noam Chomsky ගේ උපුටා ගැනිමකට අනුව  " There is no such thibgs as a poor country . There's only one failed system in resource managment. "  "ලෝකයේ දිළිඳු රටවල් කියා යමක් නැත. ඇත්තේ සම්පත් කළමණාකරණයට අසමත් වූ රාජ්‍යයන් පමණි." Noam Chomsky  මේ කතාවට හොඳම නිදසුන "ශ්‍රී ලංකාව". Chomsky ගේ කතාවේ අර්ථය , ලංකාවේ අතීතය ,වර්තමානය ගැඹුරෙන් විමසන  ඕනෑම කෙනෙක්ට හොඳින්ම වැටහෙන කාරණයක්.රාජ්‍ය සේවයේ ඉදන් අනෙක් කෙළවර දක්වා උනූ දේශිය කාර්‍යන් බිඳවැටිමට බලපාන ප්‍රධානතම කාරණය උක්ත  සම්පත් කළමණාකරනයේ දුර්වලතාව.   සම්පත් කළමණාකරනයේ සරල අර්ථය විමසුවොත්.  "යම් නිශ්චිත කාර්‍යක් ඉටුකර ගැනිමට පවත්නා සම්පත් නිවැරදිව , අවස්ථානූකූලව , සැලසුම් සහගතව යොදාගැනිම."  මේ ක්‍රමවේදයට සිංගප්පූරුව ලබාදෙන කෙටි නම Meritocracy : A fair system that rewards talent and effort. සරල අර්ථයෙන් කුසලතාව , හැකියාව සහ විභවය මත අවස්ථාවන් ලබාදෙන ක්‍රමවේදයක්.   මෙහි ස්වර්ණමය වචනය "සම්පත්" එහෙම නැත්නම් හැකියාව / කුසලතාව /ප්‍රාමාණිකත්වය. අපි කල්පනා කරපූ සම්පත් කළමණාකරණය අතිශයින්ම දුර්...

බුද්ධිය ගලා යෑම .....

Image
ආචාර්‍ය දිලීප විතාරණ එක්ක ගැමුණු කරන සාකච්චාවක් යාන්තමින් ඇහැ ගැටිලා බලලා අහලා ඉවර කරේ පහන් නිවෙන හැන්දෑවේ. පොඩ්කාස්ට් එකේ ටයිටල් එක දැක්කම කතාව "රාවණාට" ලඝු වෙනවා වගේ දැනුනට , දිලීප හොඳ  කාරණයක් මතු කරනවා සාකච්චාවෙදි .මට පෞද්ගලිකව ඒ තත්පර විස්සේ කොටස විමලසුරේන්ද්‍ර මහත්මයාගේ උපුටා ගැනිමටත් , රාවණා පුරාවෘතය පිළිබඳ කෙරෙන විස්තරයටත් එහා ගිහින් දැනුන දෙයක්.  දීලිපගේ උපුටා දැක්විම :   "මාත් එක්ක මොරටුවේ කැම්පස් එකේ ඉලෙක්ට්‍රිකල් කරපූ 24 දෙනාගෙන් ලංකාවේ ඉන්නේ දෙන්නයි  අනෙක් අය එක්කෝ කැන්ඩාවේ ,නැත්නම් ඕස්ට්‍රේලියාවේ. " මේ ප්‍රකාශය කොයිතරම්  බරපතළද කියලා මට තේරුනේ  , කොළඹ විශ්ව විද්‍යාලයේ මාත් එක්ක හිටපූ මගේ මිත්‍රයන්ගෙන් කී දෙනෙක් පහුගිය අවුරුදු දෙක තුළ ලංකාවෙන් පිට උනාද කියලා කල්පනා කරාම. ඔවුන් එක්සත් ජනපදයෙ , ඕස්ට්‍රේලියාවේ ,කැනඩාවේ , මහා බ්‍රිතාන්‍යයේ ,සිංගප්පූරුවේ , ජපානයේ ,ප්‍රංශයේ,ජර්මනියේ සහ පින්ලන්තයේ තමන්ගේ ජිවිත පටන් අරගෙන ඉවරයි.  ඔවුන් බොහෝ දෙනෙක් නැවත ලංකාවට පැමිණෙයිද කියන එකත් සැකයක්. ඒ වගේම ඒ සියලූ දෙනාම තමන්ගේ විෂය පථයන්වල ප්‍රාමාණික දක්ෂ...

කොඳු කඩන ගුරුවරු

Image
  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...