Posts

Showing posts with the label Politics

රන්ජිතම්ගේ කතාව.

Image
 1985 ජනාධිපති ජයවර්ධනගේ නව අධ්‍යාපන පනතට විරුද්ධව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂණයක් පැවැත්වුනා කොළඹ කොටූවෙදි. මේ උද්ඝෝෂණයට ජවිපේ ශිෂ්‍ය සංගමේ හිටපූ ප්‍රධානතලයේ සියලූම නායකයෝ පෙනීහිටියා. උපාලි ජයවීර , ආනන්ද ඉඩමේගම නොහොත් ධම්මික ,ලලිත් විජේරත්න සහ රන්ජිතම් ගුණරත්නම් ඒ අතරින් කැපී පෙනූනා. මේ සාමකාමී උද්ඝෝෂණයට රණසිංහ ප්‍රේමදාසගේ මැර හමුදාව දරුණු ප්‍රහාරයක් එල්ල කරා. සිද්ධිය ඇසින් දුටුවන් කියන විදියට තග් හමුදාව කොටූවේ ඉදන් තර්ස්ටන් පාරේ කොළඹ විශ්වවිද්‍යාලයට එනකන් ශිෂ්‍යයන්ව පන්නපූ බව කියනවා. ඒ ගැටුමෙන් තුවාලලත් ශිෂ්‍යයන් ඉදිරියේ රන්ජිතන් ගුණරත්නම් කතාවක් පවත්වනවා.ඒ කතාවෙදි ඔහූ කියනවා "අපි නිදහස් අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් කරපූ උද්ඝෝෂණයට නාකියා ගැහූවා." මෙතන නාකියා කියන්නේ ඒ වෙනකොට අවුරුදු 79 උනූ විධායක ජනාධිපති ජයවර්ධනට. "අපිට පළවෙනි වතාවෙත් ගැහූවා .දෙවැනි වතාවෙත් ගැහූවා, තුන්වෙනි වතාවෙත් ගැහූවා. හැබැයි නාකියා මතක තියාගනින්. අපි ඊළඟ පාර එන්නේ අත් දෙක වන වන නෙවෙයි." පස්සේ කාලෙක දකුණ සම්පූර්ණයෙන්ම භීතීයෙන් ඇළවූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නොහොත් ජවිපේ සන්නද්ධ අංශයේ ආරම්භ...

දේශප්‍රේමියෝ !!!!!

Image
 මගේ විශ්වවිද්‍යාලයේ සමකාලීන මිත්‍රයෙක් එංගලන්තයේ තමන්ගේ මාස්ට(ර්)ස් ඩිග්‍රී එක කරන්න ගිහින් ඉන්නේ. ඔහුට මගේ තවත් ලංකාවේ ඉන්න මිතුරෙක් කීව  "අපරාදේ උඹ මාස්ටර්ස් කරන්න එංගලන්තේ ගියේ. අනුර මෙහෙ ලංකාව එංගලන්තය වගේ හදනවා."  මෙතන ඔහූගේ උපහාසාත්මක (Sarcastically ) ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ අනුර කුමාර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවට විරුද්ධ මත අතර තවත් මතයක්. ඒ ප්‍රකාශය කරපු මිත්‍රයගේ දේශපාලන භාවිතය , ආර්ථිකය ගැන අදහස , ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ක්‍රියාපටිපාටිය පිළිබඳ විවේචනය කිසිවක් මම දන්නේ නෑ. ඒත් අනුරට විරුද්ධ තවත් මතයක් කියන අදහසෙන් මම මේ වචන ටික කියන්නම්. ඔහුට පිළිතුරක් විදියට මම ශ්‍රේෂ්ඨ Mark Twain ගේ අදහසක් උපුටලා දැක්වූවා. ඒක ඔහුට වැටහුනාද නැද්ද කියලවත් මම දන් නෑ. මේ ප්‍රකාශයෙදි Mark Twain අර්ථ දක්වනවා දේශප්‍රේමීත්වය (Patriotism ) ගැන. "Patriotism is the supporting your country all the time and your government when it deserves."  "දේශප්‍රේමීත්වය යනු සිය රටට සෑම විට සහයෝගය දැක්විමයි. නමුත් ඔබ ආණ්ඩුවට සහයෝගය දැක්විය යුත්තේ එවන් සහයෝගයක් ලැබිමට ආණ්ඩුව සුදුසු නම් පමණි....

සොනික් සොනික්

Image
සුරේෂ් සලේ මුලින්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA)  රඳවා ගැනිමේ නියෝගයක් එක්ක තියාගන්නේ 2025 පෙබරවාරි 25 වෙනිදා . දින තුනක රැඳවුම් නියෝගය අවසානයෙ CID විසින් තවත් දින අනූවක රැඳවූම් නියෝගයක් ලබාගන්නවා පෙබරවාරි අවසානයේ. දැන් ගෙවෙන්නේ සලේ රඳවා තබා ගැනිමේ අවසාන අදිරයට. ඒ කාල සීමාව පුරාම සලේ හෝ ඔහූගේ පවුලේ උදවිය CID විසින් සලේට වධ හිංසා පමුණුවන බවක් පැමිණිල්ලක වත් සඳහන් වෙලා නැහැ. ඒත් හදිස්සියේම ජූනි 3 වෙනිදා නන්දසේන ගෝඨාභයට ගුවන් ගමන් තහනමක් වැටෙනවා. ජුනි 5 වෙනිදා සලේ මාරාන්තික උපවාසයක් ආරම්භ කරනවා..ඔහූ අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ හඬා වැළපුන බව පුවත්පත් උපුටමින් දක්වා තිබුනා. ඒ එක්කම වීරවංශ , ගම්මන්පිල , සරත් වීරසේකර , දිලිත් ජයවීර  , චන්න ජයසුමන වගේ දේශපාලන අනාථයෝ පිරිසක් "අපි සලේ සමඟයි" කියමින්  හඬක් නඟමින් සිටිනවා , බෝධි පූජා පවත්වනවා , සෙත් කවි කියනවා , සලේ නැත්නම් මම ගිනි තියාගන්නවා කියනවා . එකම කලබලයක් පෙන්නුම් කරනවා. දැන් මේ ප්‍රශ්නය සරලව තේරුම් ගනිමු. ඇයි සලේව අත්අඩංගුවට ගත්තේ  ඔහුව ගන්න තිබ්බ ප්‍රධානම සාක්කිය , 2023 නිෂ්පාදනය වූ Chanel 4 වාර්තා වැඩසටහනේදි කලක් පිල...

තෙල් මිල සහ අපි

Image
 තෙල් මිල වැඩිවිමත් එක්ක පුදුම විදිහේ කතාබහක් ලංකාවේ ඇතුවෙලා තියනවා. මට රටේ දේශපාලනයේ ගලා යෑම ගැන පෞද්ගලික අදහසක් තිබුනත් ඒ දේශපාලනය ගැන මොහොතකට නොහිතයි මේ ලිපිය ලියන්නේ. මැයි 29 මධ්‍යම රාත්‍රීයෙන් පස්සේ ඩීසල් ලීටර් එකක් 407/= ත් ,පෙට්‍රල් ලීටර් එකක් 434/= දෙන්න සිද්ධවෙන බව CPC එකෙන් කියලා තිබුනා. ඊට හරියටම දවසකට කලින් IMF සමාලෝචනය අවසානයේ ඇඩොමි 695 ලැබෙනවත් එක්කම අපට පැහැදිලි වෙලා තිබුනා නැවත තෙල් මිල ඉහළ යන බව. එයාට මෙයාට ඇඟිල්ල දික් නොකර මේ සිද්දියේ විකාශනය අපි පොඩ්ඩක් තේරුම් ගමු. එකෙන් මේ ප්‍රශ්නය දකින විදිහ වෙනස් කරගන්න පුළුවන් වෙයි අපිට. * 2022 අප්‍රේල් මැයි මාසේ වෙනකොට ගෙවිය යුතු ණය මුදල් නොගෙවීම නිසා ලංකාව බංකොලොත් වූ බවට නිල වශයෙන් Moody's සහ fitch ආයතන දෙක නිවේදනය කරා. * ඒ මොහොතේ රටේ උද්දමනය 70% ආසන්නයි. * 2023 මාර්තු වෙනකොට ජනාධිපති වික්‍රමසිංහගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක උනු කණ්ඩායම මුලින්ම EFF (Extend fund facility ) හරහා බිලියන තුනක් රටේ සාර්ව ආර්ථික අංශය (macroeconomics) සහ  මුල්‍ය ස්ථාවරත්වය (fiscal sustainability ) පවත්වාගැනිමට වැය කළා. * 2024 වන විට IMF උපදෙස්...

සිවුරට ඇප කැපද ?

Image
 පල්ලේගම හේමරතන හිමියන්ට අර සා බරපතළ චෝදනා තියෙන මොහොතක , පොලිස් පරීක්ෂණත් බොහෝ දූරට අවසන් වූ අවස්ථාවක ඇප ලැබීම මට සැහෙන්න ප්‍රශ්නයක් උනා. ඒ නිසාම ඇප ලබාදීම සහ අනුබද්ධිත නීතී කරුණු පිළිබඳ මගේ දැනුමේ අල්ප බව මත පිහිටවා මගේ නීතීවේදි මිතුරියකගේ සහය  පතන්න තීරණය කළා. ඈ ඇප ලබාදීමේ පනත උපුටලා සඳහන් කරේ , යම් පුද්ගලයෙකුට ඇප ලබා නොදීම වෙනුවෙන් සාක්ෂාත් කළ යුතු කරුණු කිහිපයක් 14.1 ,14.2 සහ 14.3 යන වගන්තිවල සඳහන් වෙන බවත් ඒ අනූව විනිශ්චයකරු සැකකරුට ඇප නියම කිරිම බලපවත්වනා බවත්. පළමු වගන්ති දෙක සහ පල්ලේගම හේමරතන හිමිගේ සිද්ධිය ගැළපුනත් මෙතන මට ප්‍රශ්නයක් නැගුනේ 14.1.b වගන්තිය පිළිබඳව  "That the particular gravity of, and public reaction ,to the alleged offense may give rise to public disquiet ." තේරෙන සිංහලෙන් ලියා ගත්තොත්  "චෝදනා එල්ල වූ වරදෙහි විශේෂ බරපතළකම සහ එයට එල්ලවන මහජන ප්‍රතිචාරය මහජන නොසන්සුන්තාවයකට හේතු විය හැක. දැන් නීතීයට අනූව අනුරාධපුරයේ සිද්ධිය අතිශය බරපතළ සිදුවීමක් , මහජන ප්‍රතිචාරත් එල්ල වෙනවා. අටමස්ථානයට සම්බන්ධ නිසා මහජන නොසන්සුන්තාවයකුත් ඇති වෙනවා. ඒ හැමදේම ...

නැවත එන්න !!!!

Image
 Deng xiao ping තමන්ගේ සුප්‍රසිද්ධ දකුණුදිග සංචාරය නොහොත් Southern tour හිදි විශේෂිත කතාවක් පවත්වනවා . එහිදි ඔහු කියන වැදගත් දෙයක් තමා Go abroad , learn from the others and return විදේශයන් කරා යන්න , ඔවුන්ගෙන් ඉගෙන ගන්න , නැවත පැමිණෙන්න. Deng මේ නැවත පැමිණීම යනුවෙන් අදහස් කරන්නේ ,නැවත චීනයට පැමිණ චීනයේ සංවර්ධන වෙනුවෙන් , චීන ජනතාව වෙනුවෙන් ඒ අධ්‍යාපනය , අත්දැකීම යොදවන්න කියා.  හැබැයි අවාසනාවකට ලංකාව , ඉන්දීයාව ඇතුළු දකුණු ආසියාතික රටවල් බොහෝමයක රාජ්‍ය නායකයින් , ගුරුවරුන් , විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් ජනාධිපතිවරුන් තබා දෙමාපියෙක් වත් නැවත ලංකාවට එන්න , ඇවිත් රටට උදව්වක් කරන්න කියලා කියනවා ඇහෙන්නේ නෑ.  මගේ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපූ මිත්‍රයෝ බොහෝ පිරිසක් දැන් ඉන්නේ විදේශ රටවල් වල  තමන්ගේ ශාස්ත්‍රපති උපාධිය හෝ ආචාර්ය උපාධිය කරන ගමන්.ඒ හැමෝම තමන්ගේ විෂය ක්ෂේත්‍රවල දක්ෂ තරුණ තරුණියෝ . ඒත් ඒ අයගෙන් අඩූම 1% වත් ආපහූ ලංකාවට එයිද කියන්න මම දන්නේ නෑ. හේතුව අපේ වගේ රටවල්වල උගත් , බුද්ධිමත් , කුසලතාපූර්ණ පිරිසට රටෙන් පලයන් කියන තැනට වැඩ සිද්ධ කරාට , නැවත එන්න කියන යාන්ත්‍රණයක් ...

ළාබාල සජිත්

Image
 එරාන් වික්‍රමරත්නගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස හැසිරවූ ආකාරයෙන් නැවත නැවත පැහැදිලි වෙනවා. සජිත් දේශපාලනිකව කොයිතරම් ළඳරුවෙක්ද කියන කාරණය. ඔහු ඉතිහාසය පුරාම සිය නොහැකියාව පෙන්නුම් කළ අවස්ථා රාශියක් ඇති අතර මෙය එහි තවත් නිදර්ශනයක් පමණි. විධායක ජනාධිපතිවරයෙක්ගේ පුත්‍රයෙක් විදියට දශක තුනකට ආසන්න දේශපාලන අත්දැකීම් කිසිවකින් සජිත් කිසිවක් ඉගෙන ගෙන නැති වග පැහැදිලි . ඔහූ එරාන් ක්‍රිකට් සභාපති ධූරයට පත්වීමට ආසන්නව වග දුටු විගස කළේ හැඟිම්බර වෙමින් ඔහූව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නෙරපිමයි. ඒ එක්කම සමගි ජනබලවේගයේ සාමාජිකත්වයද අත හරින මෙන් පණිවිඩයක් යැවීමයි.  එහෙත් ඔහූට කරන්නට තිබුනේ එරාන් එක්වන්නේ ක්‍රිකට් සංගමයට මිසක් ආන්ඩූවට නොවන වගත් ආණ්ඩූව සමඟ කටයුතු කිරිමට තරම් දක්ෂ කුසලතා පූර්ණ පිරිස තමා සමඟ සිටින බවට ජනමතයට ඒත්තු ගැන්විමයි. ආන්ඩුවත් එරාන්ගේ පත්වීම පිළිබඳ වඩා පැහැදිලි පැහැදිලිකිරිමක් නොකළ බැවිනුත් , තමන් ආණ්ඩුවක් ලෙස Meritocracy නොහොත් සුදුස්සාට සුදුසු තැන ලබාදෙන බව අවධාරණය නොකිරිමත් නිසා එරාන්ගේ පත්කිරිමේ වාසිය සජබට ගැනිමට ඕනෑ තරම් ඉඩකඩ තිබිනි.  නමුත් ඔ...

පසුනොබසින ජයවර්ධන

Image
ජයවර්ධන ජනාධිපති තරම් ලංකා ඉතිහාසයේ කතා බහට ලක්වන දේශපාලනඥයෙක් නැති තරම් .ජයවර්ධන කළ කී දෑ ගැන විවේචන , විචාර ,අවලාද , අපවාද මෙන්ම ගුණ ගැයීම් කොතරම් තිබුනද තවමත් එජාපය පවා දුවන්නේ ජයවර්ධන ගොඩනැගු ප්‍රතිසංස්කරණ මත වීමම අරුමයකි. මගේ කල්පනාව නම් රනිල් වික්‍රමසිංහ නික්ම යන්නේ යම් දිනකද , එතැන් සිට ජයවර්ධනගේ දේශපාලන ධාරාවද මෙරටින් අතුරුදහන් වී යනු ඇත.  ජයවර්ධන යනු සැබවින්ම දක්ෂ මිනිසෙකි. ඔහු විජේවර්ධන පවුලට මව් පාර්ශවයෙන් ඥාතීත්වය දරමින් උපන් අයෙක් බැවින් බොහෝ දෙනෙක් ඔහුව හැඳින්වූවේ රීදී හැන්ද කටේ තබා උපන්නෙක් ලෙසයි. එහෙත් ඔහුගේ දේශපාලන චාරිකාව කෙදිනකවත් ඒ සමානව සුමට වූවේ නැත. ඔහූ ඩී.ඇස් සේනානායක ආණ්ඩූවේ මුදල් ඇමතිවරයා ලෙස 1948 පත් වූ බව සැබෑය. එහෙත් ඩඩ්ලි සේනානායක මියයන තුරාවට ජයවර්ධනට එජාපයේ බලයවත් තහවුරු කරගැනිමට නොහැකි විය. සර් ජෝන් ඔහුගේ විදග්ධභාවයට ගරු කළද කිසිදිනක ඔහූ රටේ නායකයකු වේයැයි විශ්වාස නොකළේය , ඩඩ්ලි සේනානායක සහ ජයවර්ධන හතළිහ දශකයේ අග සිට ප්‍රාණ සමාන මිතුරන් වූවත් කිසිදිනක ජයවර්ධනව විශ්වාස නොකළේය. සෑමවිටම ඩඩ්ලි පක්ෂයේ සේම ආණ්ඩූවේ පවා බලය සිය යටතේ තබාගත් අතර ජයවර්ධනව 1970...

යුධ අපරාධ

Image
 ලෝකයට මහා සාමයක් ලැබෙන ආකාර දෙකක් ලෝක ඉතිහාසයේ දකින්න පුළුවන්. එක ආකාරයක් මහා යුද්ධයක් අවසානයේ මරණ , වේදනාව , දුක මැදින් උපදින සාමයේ සෙවණැල්ල. දෙවන ආකාරය එක්සත් ජනපදයට නව ජනාධිපතිවරයෙක් තේරීපත්වී ගෙවෙන සුහුඹුල් අවදියේ උපදින සාමය. ලෝක සාමයට එක්සත් ජනපදයේ ආස්ථානය ,හැසීරීම කොයිතරම් බලපානවද කියන්න ඊටත් වඩා හේතු අවශ්‍යය නැහැ. Noam chomsky වරක් කියනවා  Nuremberg නීතීය එක්සත් ජනපද ජනාධිපතිවරුන්ට ක්‍රියාත්මක වන්නේ නම්  ජීමී කාටර් හැරෙන්නට අනෙක් බොහෝ ජනාධිපතිවරුන් එල්ලා දැමීමට තරම් චෝදනා ඔවුන්ට ඇත. නමුත් ඔවුන්ගේ වාසනාවට සහ අපේ අවාසනාවට එක්සත් ජනපදය වැන්නවුන්ට Nuremberg හෝ මානූෂීය නීතීය යටතේ නඩු පැවරෙන්නේ නැත.  කැම්බෝඩීයානූ බෝම්බ ප්‍රහාරය. මේ නිසාම මම සොයා බැලූව එක්සත් ජනපද අධිපතිවාදීන්ගේ යුධ අපරාධ ගණයට වැටෙන යුධ මැදිහත්වීම්හි සහ මිලිටරී මැදිහත්වීම් ලැයිස්තුව පිළිබඳව, දෙවනි ලෝක යුද්ධයේ ටෲමන් ජනාධිපතිවරයාගේ සිට ට්‍රම්ප් දක්වා මේ ලැයිස්තුව දිගහැරී ඇත. හැරී ටෲමන්  ජපානයට පරමාණූ බෝම්බය අතහැරීමට අණ දීම , ඒ හරහා ජපානයේ ලක්ෂ දෙකකට ආසන්න සිවිල්  ඝාතන සිදුකිරීම.  අයිසන්...

ට්‍රම්ප්ගේ ආතතිය.

Image
 ට්‍රම්ප් තවත් සති දෙකක් මහා ප්‍රහාරය (Ultimate destruction  ) ඇද ගත්තා. ඔහූ පෙරේදා පළකරපූ Truth  social පණිවිඩය දැක්කම නම් හිතුනෙම ඔහූ යම් ප්‍රහාරයක් අද දෙයි කියලා. ජනාධිපතිවරයකුට නොගැළපෙන පන්නයේ වචන භාවිතයකින් පළකරපූ ඔහූගේ පණිවිඩයෙන් තේරෙනවා ඔහු ඉන්න ආතතිය පිළිබඳව . ට්‍රම්ප්ව උපහාසයට ලක්කල කාටූනයක්.  විශේෂයෙන්ම ප්‍රංශ මාධ්‍යක් වාර්තා කරලා තිබුනා දින තුනකට ඉහතදි ට්‍රම්ප් රෝහල් ගතකළ බවකුත් . නමුත් සැණෙන් එය ධවල මන්දිරය ප්‍රතික්ෂේප කළත් , අවුරුදු අසූවක මහල්ලෙකුට දැරිය නොහැකි පීඩනයකට ඔහූ අසූවී ඇති බව දැන් පැහැදිලි . පසුගිය මාර්තු 26 සිට ඔහූ එල්ල කරන්න බලාපොරොත්තු වෙන අවසන් ප්‍රහාරයට හෝ ගොඩබිම් ආක්‍රමණයට එක්සත් ජනපද ඉහළ හමුදා නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් අකමැත්ත පළ කිරිමත් , පීට් හෙග්සෙත් විසින් උසස් හමුදා නිලධාරීන් පිරිසක් තනතුරු වලින් ඉවත් කිරිමත් නිසා එක්සත් ජනපද අභ්‍යන්තරයෙත් යම් සෙළවිමක් වී ඇතිබව පෙනෙන්න තියනවා.  එක්සත් ජනපද යුධ ලේඛම් පීට් හෙග්සෙත්. ඉරානය තවමත් අමූ සොහොනක සටනේ(Death ground game) නියැලෙමින් තමන්ට ඊශ්‍රායල , එක්සත් ජනපද ප්‍රහාරවලින් සිදුවන ...

ඉරානය යනූ ට්‍රම්ප්ගේ අවසානයද ?

Image
 දැන් ලෝකේ තියා එක්සත් ජනපද බහුතරයවත් ට්‍රම්ප්ගේ කතා පිළිනොගන්න බව "No Kings" උද්ඝෝෂණ මාලාව දැක්ක කෙනෙක්ට වටහා ගන්න අමාරු නැහැ. මිලියන අටක ජනතාවක් සතිඅන්තයේ එළියට බැහැලා තිබුනේ ඒකයි. ට්‍රම්ප් ඉරානයට පෙබරවාරි 28 ප්‍රහාරයක් එල්ල කරේ ඔවුන්ගේ න්‍යෂ්ටික ක්‍රියාවලිය අඩපණ කරන බව කියලා. ඒ කාරණයම පිට ගිය අවුරුද්දේ ජූනි මාසේ ඉරානයේ ස්ථාන තුනකට (Fordow , Isfahan සහ Natanz) ප්‍රහාර මාලාවක් එල්ල කරා. එතනදි ජාතිය අමතපූ ට්‍රම්ප් භාවිතා කරපූ වචනයක් තමා Obliterated ( සම්පූර්ණයෙන් අතුගා දැම්මා ) කියන්නේ. ඔහූම කියන විදියට එක්සත් ජනපදය සුන්නත්දූලි කරපූ ඉරාන න්‍යෂ්ටික ව්‍යාපාරය මත පිහිටලා මාස කිහිපයකට පස්සේ නැවත  ඔහූ ඉරානයට පහර දෙනවා. ට්‍රම්ප්ගේ අවිනිශ්චිතතාව කියන්නේ මෙන්න මේකට.  කල්පනා කරොත් හොඳට , ට්‍රම්ප්ට දැන් හැරෙන්න බෑ. ඔහූ , ඔහූගේ ආරක්ෂක කවුන්සිලයට "තමන්ට හරියට ඉරාන හමුදා ශක්තිය ගැන් සාරාංශකරණයක් (Brief ) නොදුන්න බවට චෝදනා කරත් වැඩක් නෑ. අර කතාවට කියනවා වගේ  "යුද්ධයේ පත්තුවෙන පළවෙනි උණ්ඩය ලෙහෙසියෙන් පත්තු උනත් , එතනින් එහාට පත්තු වෙන උණ්ඩ දශක ගානකට නතර වෙන්නේ නැහැ."  ට්‍රම්ප...

ට්‍රම්ප්ගේ නම්බුවද ? වියදමද ?

Image
ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇයි ඉරානයට තමන්ගේ Ground Troops යවන්න බැරි ? බූෂ් , 2003 කරා වගේ ඇයි Iraq වලට තමන්ගේ හමුදාව යවලා ටෙහෙරානය වට්ටන්න බැරි. මේ දවස්වා හැමතැනම ඇහෙන ප්‍රශ්නයක් මේක. එක්සත් ජනපද සෙබළු ඉරාකයේදි. මේකට සරල උත්තරය තමා ඉරානය කියන්නේ ඉරාකය නොවේ කියන එක. භූගෝලීයව හිතුවොත් ඉරානය ,තම අසල්වැසි ඉරාකය වගේ සිව් ගුණයක් විශාලයි. ජනගහනය ගණන් බැලූවත් ඉරාකයේ ඉන්න මිලියන 48 හරියන්න ඉරානයට ඉන්නවා මිලියන 93. ඒ වගේම 2003 බූෂ්ගේ ඉරාක ආක්‍රමණය වෙන මොහොතේ සදාම්ට හිටපූ හමුදාව 1991 කුවෙට් ආක්‍රමණය ඉදන් ගල්ෆ් අර්බුදවල ගිලීලා හෙම්බත් උනූ හමූදාවක්.ඒ නිසා එක්සත් ජනපද සෙබළු සති තුනකින් බැග්ඩෑගයට ඇතුළු උනා. මාර්තු 19 පටන් ගත්ත සටනේ අප්‍රේල් 9 වෙනකොට බැග්ඩෑගය වැටිලා ඉවරයි.  පර්ල් වරාය ප්‍රහාරය සමරමින් මැරීන් සෙබළු අමතන ජනාධිපති බුෂ්. ඒත් ඉරානයේ ඉන්න 150000 වෙච්ච IRGC සෙබළු බලාගෙන ඉන්නේ එක්සත් ජනපදය පර්සියන් ගල්ෆ් එකට හෝ ඉරාකයට ගොඩබහිනකන්. නිලනොවන වාර්තා කියලා තියනවා IRGC සෙබළුන්ට අමතරව Proxy groups තව ලක්ෂ දෙකක් ඉරානය ඇතුළේ අවි තියාගෙන ඉන්නවා කියලා. වැඩේ දරුණුයි.   අපි හිතමු ,ට්‍රම්ප්ට ඉ...

ඉරාන රෙජීමය තාමත්...

Image
ට්‍රම්ප් යුද්ධයට යන්න කලින් ගණන් බලන්න ඇති. එහෙම නැතුව යුද්ධ කරන්න මේක ගම් දෙකක් ගහගන්නවා නෙවෙයි නේ. ට්‍රම්ප් ගණන් බලන්න ඇත්තේ , උත්තරීතර නායකයා (Supreme Leader ) අල් කාමේනී ගත්තම ඉරාන අභ්‍යන්තරය පුපුරලා රෙජීමය දෙකඩ වෙයි කියලා. ඒ නිසාම තමා කාලෙකට කලින් ඉදන්ම ඊශ්‍රායලය  ගිය අවුරුද්දේ 25 වෙනිදා Wall Street Journal එකට කීවේ Al Khamani not off limits කියලා. ඒ ඊශ්‍රායලයේ හඬ උනාට ට්‍රම්ප්ගේ පණිවිඩය. ඒත් එහෙම උනේ නෑ. ඒ ඇයි ? ඊශ්‍රායලය හැමදාම වගේ මේ යුද්ධයෙත් Upper hand එක ගත්තා , අධ්‍යාත්මික නායකයාව ඝාතනයට කලින් ඉදන්ම ඉරාන පරිපාලනයේ ඉන්න ඔක්කොම ලොකු මිනිස්සුන්ව මොසාඩ් ඔත්තු සේවය එහෙමත් නැත්නම් ඊශ්‍රායලය ආරක්ෂක අංශ ඝාතනය කරලා ඉවරයි. විශේෂයෙන්ම IRGC නොහොත් ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක අංශයේ විශේෂිතම බලකාය උනූ Quds බලකායේ ප්‍රධානීයාව  ඉවත් කරෙත් ඊශ්‍රායලය ඩ්‍රෝන ප්‍රහාරයකින්. කොටින්ම Elite level එකේ ඉතුරු උනේ කාමේනීගේ පුතා සහ නව ආධ්‍යාත්මික නායකයා උනූ Mojtaba Khamani විතරයි. ඒත් මාරාන්තික තුවාල එක්ක. දැන් මෙච්චර ඉරාන අභ්‍යන්තරය විනිවිද ගිහිල්ලත් ඉරාන රෙජීමය තාම දුවනවා. එක්සත් ජනපද ආරක්ෂක ලේ...

ට්‍රම්ප්ගේ හමාර බණ

Image
සති දෙකකට වඩා ඇදිලා යන යුද්ධයකට තමන් මේ පැටලෙන්න යන්නේ කියලා ට්‍රම්ප්වත් එයාගේ කැබිනට් එකවත් දැනන් ඉන්න නැතුව ඇති.  2003 දී බුෂ් පරිපාලනයට ඉරාකයේ බැග්ඩෑගය අල්ලගන්න ගියේ සති තුනයි . ඒ යුද්ධයේ පළමු පියවරේ ඉදන් පාබල හමුදාව (Ground troops) යවලා.  ලිබියා ආක්‍රමණයෙත් එක්සත් ජනපද , බ්‍රිතාන්‍ය මිසයිල ප්‍රහාර එක්ක මාස හතක් ඇදුන ආක්‍රමණය සති තුනකින් ඉවර උනා. ඒත් මේ පාර එක්සත් ජනපදයට හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) මුදා ගන්නත් යූරෝපයෙන් සහ චීනයෙන් උදව් ඉල්ලන්න වෙලා. දැනට ස්පාඤ්ඤය, නෙදර්ලන්තය ,ජපානය ,ඉතාලිය සහ ඕස්ට්‍රේලියාව මේ සටනට මැදිහත් නොවන බවත් ඉරානයේ ස්වෛරීත්වය වෙනුවෙන් පෙනී ඉන්න බව කියලා ඉවරයි .  එක්සත් ජනපදයට දැනට අවි ආයූධ වියදම  විතරක් බිලියන පහ ඉක්මවලා , ඔවුන්ගේ ගල්ෆ් කඳවුරුවල අලාභානිය තවම ඇස්තමේන්තු ගත කරලා නෑ. සෙල්ලම ලේසී නෑ.   ඉරාන හමුදාව සහ IRGC (Islamic revolutionary guard corpse ) නොහොත් අධ්‍යාත්මික නායකයාට ඍජුවම වග කියන බල සේනාව Sun Tzu ගේ Art of war අනූව Death ground සටනකට පිවිසිලා ඉවරයි. ඔවුන් වෙනිසියුලාවවත් , සිරියාවවත් , ඉරාකයවත් , ඇෆ්...

විජිතගේ නොහැකියාවද ?

Image
 විජිත හේරත්ගේ ඉංග්‍රීසී භාෂාව ගැන බොහෝ දෙනෙක්  මේ මොහොතේ අදහස් දක්වනවා. කදිරගාමර් වගේ විදේශ අමාත්‍යවරුන් එක්ක විජිත හේරත්ගේ භාෂා භාවිතය සන්සන්දනය කරනවා.ඒ ගැන ලාංකීකයෙක් විදියට ඔබට ලැජ්ජාවක්, අපූලක්, හිරිකිතයක් සහ හෑල්ලූ වීමක් දැනීමත් ඒ වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරිමේ ඔබට ඇති අයිතියත් කිසිවිටක මම අභියෝගයට ලක් කරන්නේ නැහැ. මාලිමා ආණ්ඩූවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යය විජිත හේරත්. හැබැයි අපි වටහා ගන්න අවශ්‍යය කාරණය තමා විජිත හේරත්ට ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව අදහස් හුවමාරු කරගැනිමේ අපහසුතාවයෙන් විද්‍යාමාන වෙන්නේ ලාංකීය උගත් මධ්‍යම පාන්තිකයන්ගේ තත්වය.කොටින්ම ඔබ මම සියල්ලම.  අවංකවම කල්පනා කරොත් විදේශ අමාත්‍යවරයාගේ ඉරණම ඔබේ ඉරණමේ ම පැතිකඩක්.මගේ දැනූමේ හැටියට විජිතගේ පියත් ඉංග්‍රීසි ගුරුවරයෙක් , ඔහූ බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපන ලබා කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධීදාරියෙක් , දැන් මේ සාම්පලයෙන් එළියට ආව කීදෙනෙක්ට ඉංග්‍රීසි භාෂාව සුහුරුව ව්‍යක්තව හසුරවන්න පුලුවන්ද ? උපාධීදාරීන් කීයෙන් කීදෙනාටද සරල ඉංග්‍රීසි වාක්‍යය කිහිපයක් ගළපලා කතාවක් පවත්වන්න පුලුවන්. රාජ්‍ය විශ්වවිද්‍යාලවල උ...

ඉරානය : මිළඟ ලිබියාව නොවිමටනම්.

Image
 ඉරාන ආධ්‍යාත්මික නායක අල් කාමේනීගේ ඝාතනය පිළිබඳව එක් පිරිසක් ජය ඝෝෂා පවත්වන අතර තව පිරිසක් හඬා වැළපේ.  දැනට කියවෙන වාර්තා අනූව එක්සත් ජනපදයේ අනුදැනුම ඇතිව ඊශ්‍රායලය  ඉරානය සමඟ සාකච්ඡා සිදුකරන අතර අල් කාමේනීගේ ටෙහෙරාන් ආරක්ෂිත නිවස්නයට Bunker buster බෝම්බ ( ඝන කොන්ක්‍රීට් තට්ටූ විනිවිද යාහැකි අන්දමේ බෝම්බයක්) ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එයින් කාමේනී , ඉරානයේ උසස් නිලධාරීන් සහ කාමේනීගේ පවූලේ සමීපතයන් කිහිපදෙනෙක් මියගොස් ඇත.  86 හැවිරිදි කාමේනි. ඊයේ දිනයේ ඉරාන ගුවන් ප්‍රහාර අබූඩාබි, කටාර්,බහරේන් සහ සිරියාවට එල්ල කර ඇත්තේ කාමේනීගේ මරණය සමඟ ඇතිවූ ආවේගයෙන් බව ඉරාන මාධ්‍ය උපුටමින් බටහිර මාධ්‍ය වාර්තාකර තිබිනි. කාමේනී වසර දෙකකට පෙර සිටම තමන්ගේ අනූප්‍රාප්තිකයා පිළිබඳව සිතේ තබාසිටි නිසා බොහෝ විට තව පැය 48 තුළ නව අධ්‍යාත්මික නායකයකු පත්කර IRGC ට නියෝග සපයනු ඇත. බොහෝ විට ඒ ඔහුගේ එක් පුතකු බව කියවේ. තරුණ කාමේනි. වඩා වැදගත් වන්නේ ඉරාන රෙජීමය පෙරළිමෙන් පසු මැදපෙරදිග ඇතිවන තත්වය විමසිමයි. ඉරානයට දැන් මාර්ග කිහිපයක්  ඇත. එකක් ආයූධ බිම තබා එක්සත් ජනපදය සමඟ සාකච්ඡාවට ගොස් සුමටව බල...

චන්ද්‍රිකාටත් වාරයක්.

Image
1994 අවුරුද්ද , ශාපලත් දශකයකට පස්සේ ලංකාවට උදාවුනූ වාසනාවන්තම  අවුරුද්ද විදියට දේශපාලනිකව හඳුන්වන්න පුලුවන්. ජයවර්ධනගේ පාලනයටත් , ප්‍රේමදාසගේ යකඩ හස්තයටත් , විජේවීර්ගේ කැරැල්ලටත් , ප්‍රභාකරන්ගේ ඊළමටත් කොටූ උනූ ශ්‍රී ලාංකීකයන්ට 1994 අවුරුද්ද වෙනකොට හිසරදයකට කියලා ඉතිරි උනේ උතුරේ යුද්ධය විතරයි. එකට හේතුව ජයවර්ධනගේ විශ්‍රාම යෑම , ප්‍රේමදාසගේ ඝාතනය සහ විජේවීරගේ කැරැල්ල පරාජය වීම. 1999 ජනාධිපතිනියගේ නිල ඡායාරූපය . ලාංකීය දේශපාලනයේ වෙනසක් , නවමු අත්දැකීමක් සහ නව මුහුණුවරක අවශ්‍යතාව දැනෙමින් පැවතුනු මොහොතක ජනාධිපති විජේතුංග විසින් ජනාධිපතිවරයණයට  දින නියම කරන්නේ නොවැම්බර් මස 9වන දිනට , ඊට හේතුව නම් ව්‍යාවස්ථානූකූලව අනූප්‍රාප්තික ජනාධිපතිවරයකුට ජනාධිපතිවරණයක් කලින් පැවැත්වීමේ බලය රහිත නිසා.  එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජනාධිපති විජේතුංග ඉදිරිපත් නොවන බව කල් ඇතුව පැවසූ බැවින් ඔවුන්ට ඉතිරිව සිටි එකම සහ හොඳම විකල්පය වූ ගාමිණි දිසානායක වෙතට ඔවුන් හැරුනා. ඒ වනවිට රාජාලියා පක්ෂයේ සිටි ඔහූ නැවත එජාපයට පැමිණ ජනාධිපති අපේක්ෂකත්වය භාර ගන්නා විට ජයවර්ධනය,  ප්‍රේමදාස , ඇතුළත්මුදලි ...

සිරිමාවෝගේ මොහොත.

Image
ජේ.ආර් ජයවර්ධනගේ චරිතාපදානයේ 1959 බණ්ඩාරනායක ඝාතනය එක්ක ලියවුනු පරිච්ඡේදයෙන් නොකියවෙන ඉතිහාසයක් කියවගන්න පුලුවන්. අගමැතිවරයාගේ නිසල දේහය. ජයවර්ධනගේ චරීතාපදානය අනූව 1959 , සැප්තැම්බරය වෙනකොට බණ්ඩාරනායකගේ අවුරුදු තුනේ ආන්ඩූකරනය අර්බූද ,කුමන්ත්‍රණ මැද ඇදිලා ගියේ. චෙල්වනායගම් ගිවිසුම , දෙමල සන්ධනයට දුන්න පොරොන්දු ඉටූ නොකිරීම වගේම පක්ෂයේ අභ්‍යන්තර අර්බූද වලිනුත් බණ්ඩාරනායක හොඳටම හෙල්ලීලා උන්නේ. ඒ නිසා සැප්තැම්බරයේ රොස්මීඩ් උණ්ඩය පත්තු නොවූනත් ආණ්ඩූවට වැඩි ආයූෂ නැති බව කොතලාවල , ඩඩ්ලි සහ ජයවර්ධන ඇතුළු එජාප නායකයොත් දැනන් හිටියා . මේ අතර කැළණි පන්සලේ දේශපාලන කුමන්ත්‍රණය මත බණ්ඩාරනායක ඝාතනය වුනු අතර දහනායකගේ  තාවකාලික ආණ්ඩූවට 1960 මාර්තු ඡන්දය නොපවත්වා බැරි උනා. එජාපයෙන් ඩඩ්ලි සේනානායක අගමැති අපේක්ෂක උනූ අතර ජේෂ්ඨ සී.පී ද සිල්වා ශ්‍රි.නි.ප අගමැති අපේක්ෂක ලෙස තරග කළා. ජයවර්ධන  සිය නායකයා උනූ ඩඩ්ලිව ජයග්‍රහණය කරවීමට වෙර වීර්‍ය යෙදූවා.(1956 පරාජයෙන් පසූව විශ්‍රාම් සූවයෙන් සිටි කොතලාවල වසරේ වැඩි කලක් එංගලන්තයේ සිය ගොවිපළේ ගත කල නිසා පක්ෂයේ දෙවන කැපී පෙනෙන නායකයා වූවේ ජයවර්ධනයි)  සරල ...

හාමුදුරුවන්ටම ගිය රට

Image
ලංකාවේ භීක්ෂූන්ගේ දේශපාලන භාවිතයත් , පාලකයන් සංඝ සමාජයෙන් උපදෙස් ගත යුතු බවත්  කියන දෙකේම කිසිම තර්කයක් මට තේරෙන්නේ නෑ.  යම් කාලෙක රාජ්‍යත්වය තහවුරු කරගන්න , පවත්වාගෙන යන්න සංඝ සමාජයේ දැනූම , දැක්ම සහ දර්ශනය උපයෝගී වෙන්න ඇති. ඒකට හේතුව ඒ සමයේ දැනූමේ කේන්ද්‍රය සංඝ සමාජය උනූ නිසා. ඒත් දැන් සමාජය සියවස් ගනනාවක් ඉස්සරහට ඇවිත්. තවදුරටත් රාජ්‍ය පාලනය , සමාජ ප්‍රතිසංස්කරණ සහ දේශපාලනික යාවත්කාලීන කිරීම් කරන්න භික්ෂුන් වහන්සේලාගේ හෝ වෙන කිසිම ආගමික සංස්ථාවක මැදිහත් වීම අවශ්‍යය නෑ. මෙරට දේශපාලනික සඝ පරපුර. ඒ කාරණය මම තර්කානුකූලව පැහැදිලි කරන්නම්. ගලබොඩඅත්තේ ඥානසාර හිමි සංහිඳියාව ගැන , ජාතිකත්වය ගැන , සිංහල බෞද්ධත්වය ගැන පාරම්බෑවට එයා දන්න ජාතීන් අතර සංහිඳියාවක් හෝ ජාතිකත්ව ඉතිහාසයක් නෑ. අඩූම ඒ ගැන කිසිම අධ්‍යාපනයක්වත් ලබලා නෑ. එයා රටේ නීතිය ගැන කතා කරාට බීමවත් රිය ධාවනයට නඩූ දෙකක්ම ඥානසාර හාමුදුරුවන්ට තියෙනවා . අම්පිටියේ සුමන හෝ පිටිදූවේ සිරිධ්ම්ම , කෘෂිකර්මාන්තය් , නව තාක්ෂණය , ඉඩම් ප්‍රතිසංස්කරණය ගැන මහා ඉහළින් ආණ්ඩූවලට උපදෙස් දුන්නට , ඒ දේවල් රාජ්‍ය මට්ටමෙන් සිදූකරන්කොට සැලකිලිමත් වි...

සල්ලීවලට පින

Image
"මං නම් ලබන අවුරුද්දෙන් පස්සේ පංසල දියුණු  කරන් නෑ"වෙන කල්පනාවක හිටිය මට එක පාරටම ලොකු හාමුදුරුවන්  ගෙ කට හඩ ඇහෙනවා...පංසලේ තවත් දියුණු  කරන්න තියෙන්නේ මොනාද මං කල්පනා කරනවා..සිල් ගන්න එන මිනිස්සුන්ට  ඉන්න ධර්ම සාලාව හැදුවේ ගිය මාසෙක,වැසිකිළි  ටික හදලා වතුර අරන් දීලත් සැහෙන කාලයක්...පරණ  ඝාන්ඨාරය බිම දාලා අලුත්  එකක් හැදුවෙත්  මෑත කාලේ...හාමුදුරුවන්  ගේ වාහන දාන්න කියලා ගරාජ් එකක් හැදුවෙත්  මෑතකදී ,ඉතින් තවත්  කියලා මොනාද,මං හිතනවා...                   මං අලුතෙන් නාන කාමරයක් හදනවා,වළාකුළු  බැම්මක් හදනවා හාමුදුරුවෝ  කියනවා ඇහෙනවා...එතකොට  තියන නාන කාමරේ,තියන බැම්ම...ඒවා..."පරණ එවා එහෙම්ම තිබ්බදෙන්" මං හිතපු එක තේරැනා වගේ හාමුදුරුවෝ  සද්දෙට කියනවා.නැති බැරි මිනිස්සූ බණ අහන එක පැත්තකින් තියලා කීයක් දෙන්න වෙයි ද කියලා හූල්ලනවා..               කඨිනෙට 2000,නාන කාමරේට 750,බැම්ම ට 750,දානේ ගේන්නේ නැත්නම් 1500,තනි පඩියෙන් ළමයි 3 ඉස්කෝලේ ය්වලා ...