Posts

Showing posts from May, 2026

ළාබාල සජිත්

Image
 එරාන් වික්‍රමරත්නගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස හැසිරවූ ආකාරයෙන් නැවත නැවත පැහැදිලි වෙනවා. සජිත් දේශපාලනිකව කොයිතරම් ළඳරුවෙක්ද කියන කාරණය. ඔහු ඉතිහාසය පුරාම සිය නොහැකියාව පෙන්නුම් කළ අවස්ථා රාශියක් ඇති අතර මෙය එහි තවත් නිදර්ශනයක් පමණි. විධායක ජනාධිපතිවරයෙක්ගේ පුත්‍රයෙක් විදියට දශක තුනකට ආසන්න දේශපාලන අත්දැකීම් කිසිවකින් සජිත් කිසිවක් ඉගෙන ගෙන නැති වග පැහැදිලි . ඔහූ එරාන් ක්‍රිකට් සභාපති ධූරයට පත්වීමට ආසන්නව වග දුටු විගස කළේ හැඟිම්බර වෙමින් ඔහූව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නෙරපිමයි. ඒ එක්කම සමගි ජනබලවේගයේ සාමාජිකත්වයද අත හරින මෙන් පණිවිඩයක් යැවීමයි.  එහෙත් ඔහූට කරන්නට තිබුනේ එරාන් එක්වන්නේ ක්‍රිකට් සංගමයට මිසක් ආන්ඩූවට නොවන වගත් ආණ්ඩූව සමඟ කටයුතු කිරිමට තරම් දක්ෂ කුසලතා පූර්ණ පිරිස තමා සමඟ සිටින බවට ජනමතයට ඒත්තු ගැන්විමයි. ආන්ඩුවත් එරාන්ගේ පත්වීම පිළිබඳ වඩා පැහැදිලි පැහැදිලිකිරිමක් නොකළ බැවිනුත් , තමන් ආණ්ඩුවක් ලෙස Meritocracy නොහොත් සුදුස්සාට සුදුසු තැන ලබාදෙන බව අවධාරණය නොකිරිමත් නිසා එරාන්ගේ පත්කිරිමේ වාසිය සජබට ගැනිමට ඕනෑ තරම් ඉඩකඩ තිබිනි.  නමුත් ඔ...