Skip to main content

පෙළ පොත් අලුත්වැඩියාව

 


මං විශ්වාස කරන්‍නේ මගේ සිතුවිලි, ලිවිම සහ පරිකල්පනය සම්පූර්ණයෙන්ම හැඩගැහිලා තියෙන්නේ ළමා කාලයේ මම කියවපු දේවල් වලින්   කියන එක. ඒකට අන්කිසිවකුට වඩා  මගේ මියගිය පියාට විශාල ගෞරවයක් ලැබෙන්න ඕන. පස්සේ කාලෙක මම කෙටි කතා ලියන්න , නාට්‍ය පිටපත් ලියන්න , කාටූන් අදින්න , නාට්‍ය කරන්න , පොත් ගැන කතා කරන්න  අරකට මේකට ඔලුව දැම්මත් ඒ හැමතැනම  මගේ පාදම උනේ මුල් යුගයේ කියවීම. ඒක එක්තරා විදියක ආශිර්වාදයක්. 

  

මං ඇත්තටම දන්නේ නෑ දැන් පාසල් පෙළ පොත්වල තියෙන පාඩම්, අමතර කියවීම් පොත් හෝ කවි පන්ති. අනෙක් අතට දැන් ඉන්න දරුවන්ට ඒ ගැන ආකර්ෂණයක් ( facination ) තියනවාද කියලාවත් මම දන්නේ නෑ . ඒත් මං පෙළ පොතේ කොටසක් විතර තියෙන පාඩම කියවලා ඉතිරි කොටස කියවන්න ඒ මුල් කෘතිය හොයාගන්නකන් හිටපූ කාලයක් තිබුනා. ඒ නිසා ඒ කියවීමේ රහ මම දැනගෙන හිටියා. 

 

ඒ යුගයේ පෙළ පොත් ගැන මට එහෙම හිතුනට දැන් පෙළ පොත් ගැන මට දැනෙන්නේ දේශපාලන කෝණයකින්. මගේ පෞද්ගලික අදහස නම් ලංකාව ඇතුළේ දරුවන්ගේ කියවීම හෝ නිර්මාණශීලී චින්තනය ඔප් නංවන්න ලැබෙන මුල්ම සහ උචිතම  උපාංගය මේ පොළ පොත. ඒකට හේතුව ලංකාවේ දෙමාපියන්ගෙන් 5%ට ආසන්න ප්‍රමාණයක් පමණයි නිවසේදි කියවිමේ පුරුද්ද පුහුණු කරන්නේ. ඒ නිසා ළමයෙක් යමක් කියවනවනම් ඒ බොහෝ විට පෙළ පොත වෙන්න පුලුවන්.

 දැන් මගේ තර්කය. ලංකාවේ පෙළ පොත් ඇතුළේ 

1. තිස් අවුරුදු යුද්ධය 
2. 1971 ජවිපේ පළවෙනි කැරැල්ල හෝ 1988-1989 ජවිපේ දෙවනි කැරැල්ල

මේ කරුණු දෙක සාකඡ්චා වෙනවද ? මං කියන්නේ අඩුම 10-11 වසර දරුවන්ටවත් මේ කරුණු දෙකේ දේශපාලනික ක්‍රියාවලිය ඉගැන්විය යුතු නැද්ද ? අපි ඔස්ට්‍රියාවේ කුමාරයෙක්ගේ මරණයෙන් ඇතිවුනු දෙවන ලෝක යුද්ධය ගැන පිටු ගනන් පෙළ පොතෙන් උපුටා ගත්තත් , LTTE සහ රජයේ ආරක්ෂක අංශ අතර යුද්ධය ලියනොවිම සෝපාහාසයට කරුණක් නෙවෙයිද ? 

1917 ලෙනින් ප්‍රමුඛ බෝල්ෂෙවික් පක්ෂය සාර් පාලනය පෙරළා දැමිමේ ඔක්තෝම්බර් විප්ලවය ඉගෙන ගත්තත් , 1965 අක්මීනනදි විජේවීරගේ මූලිකත්වය ගෙන තවත් නව දෙනෙකු සමඟ ආරම්භ කළ ජවිපේ විප්ලවීය මුහුණුවර පෙළ පොතක ලාංකීය ඉතිහාසය නම් පරිඡ්ඡෙදයේ විස්තර නොවිම අඩුවක් නෙවේද ? 

හැබැයි මේ මුලික කරුණු දෙක පෙළ පොතට ඇතුළු වනවා නම් විය යුත්තේ ආටෝප සාටෝප ඉවත් කරමින් සත්‍ය කරුණු මත පදනම්ව මිසක් රාජපක්ෂ 2010 හම්බන්තොට වරායට ජලය පිරවිමේදි කළ කතාව පෙළ පොත් සඳහා උපුටා දැක්විම වගේ බාල දේශපාලනික ප්‍රයත්නයකින් නොවිය යුතුයි.
ඉගැන්වීමේ කරුණූ සහ එහි පැහැදිලිතාවය පහත ආකාරයෙන් විය යුතු නොවෙද ?

තිස් අවුරුදු යුද්ධය

1. තිස් අවුරුදු යුද්ධයකට බලපෑ දේශපාලන හේතුන් මොනවාද ? 1935 භාෂා පනත වෙනුවෙන් එක් අන්තයක සිටි බණ්ඩාරනායක 1956 වන විට "සිංහල පමණක්" ප්‍රතිපත්තියට ඇවිද ගියේ කෙසෙද ? 

2.බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම ඉන් වසර පහළොවකින් ඇරඹි දමිළ විමුක්ති අරගලයට බලපෑවේ කුමන ආකාරයෙන්ද ?

3.1981 යාපනයේ සංවර්ධන සභා ඡන්දය මුවාවෙන් ජයවර්ධනගේ මැර සේනාවන් යාපනයම ගිනිබත් කරමින් පුස්තකාලය පවා විනාශ කළේ මන්ද ? 

4.1983 කලූ ජුලිය සහ යුද්ධය අතර ඇති සම්බන්ධතා කවරේද ?? එදින කොළඹ ගිනි තබමින් දමිළ ජනතාව මරා දැමුවිට පිළිසරණ තකා ඔවුන් ගොස් නැවතුනේ කොහේද ? 

මේ හා සමානව ජවිපේ ප්‍රධාන සන්නද්ධ අරගල දෙක පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් උගන්විය යුතු නොවේද ?

1. ජවිපේ ආරම්භයට බලපෑ හේතු ( අනෙක් දේශපාලන ප්‍රවාහයන්ගේ උපත සහ විකාශනයන් පෙළ පොත් තුළ ඇත. )

2.1970 බලයට පත් සිරිමා බණ්ඩාරනායකගේ සමගි පෙරමුණේ සමාජවාදි ආණ්ඩුව සහ තවත් එවැනිම සමාජවාදි ආකල්ප සහිත දේශපාලන පක්ෂයක් වන ජ.වි.පේ සමඟ ඝට්ටනය.

3.1971 අප්‍රේල් මස පළමු සන්නද්ධ අරගලය,විකාශනය සහ අවසානය.

4.පක්ෂය තහනම් වීම (1983 කලු ජුලිය සමඟ මෙය විස්තර කළ හැක )

5.දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නැඟිසිටිම සහ දෙවන කැරැල්ලේ පරාජය. 

ඉතිහාසයෙන් තොරව බිහිවන්නේ කොහොල්ලෑ බබ්බුන් වැන්නවුන්ය. වසර කිහිපයක් ගෙවුන තැන ඡන්දදායකයන් වන්නේද එවැනි කොහොල්ලෑ බබ්බුන්ය. ඒ නිසා වළදැමිය නොහැකි දේශපාලනික ඉතිහාසයන් අවම අවුරුදු 15-16 දරුවකුට ධාරණය කර ගත හැකි අන්දමෙන් ඉදිරිපත් කළ හැක. 

මෙවැන්නක් රාජපක්ෂ ආණ්ඩුවකින් හෝ ප්‍රේමදාසගේ ආණ්ඩුවක් සිදුවිය හැකි වුවද ඔවුන්ගෙන් අප බලාපොරොත්තුවන අන්දමේ ප්‍රඟ්දාව නොලැබී බාහිර අලංකෘතයක් පමණක් ලැබෙනු ඇත. ඒ නිසා 2010 පමණ උක්ත විප්ලව දෙක පිළිබඳ ස්වයං විවේචනයක් කළ ජවිපේ ප්‍රමුඛ මාලිමාවට මේ නිර්භය තීරණය ගත හැක.

මේ පිළිබඳ  මා කළ අධ්‍යනයේදි පෙනී ගිය කරුණ නම් ජර්මනියේ පාසල් තුළ ඔවුන්ගේ නාසි ව්‍යාප්තවාදය සහ ලෝක යුද්ධ ද්විත්වයම පෙළ පොත් තුළ අන්තර්ගත බවත්. ජපානය ඔවුන්ගේ දෙවන ලෝක යුද්ධයේ මුහුණදුන් නින්දාසහගත පරාජයත් , කොරියාවේ කළ විනාශයත් අන්තර්ගත බවත්.  රුසියානූ පෙළපොත් තුළ ලෙනින්ගේ විප්ලවය , සොවියට් සමුහාණ්ඩුව සහ දෙවන ලෝක යුද්ධයේ කාර්‍යභාරය විස්තර කර ඇති බවත්ය. 

පෞඩ ජාතියක උන්නතිය රැඳෙන්නේ පැරණි ගල්කුළුණු මත පමණක්ම නොව. එය වඩ වඩා ඉදිරියට ගමන් කරන්නේ යාවත්කාලීන වන සත්‍ය මත පදනම් වූ දැනුම තුළිනි.

මාලිමා ආණ්ඩුවේ අධ්‍යාපන විශාරදයින්ට එකී ගණ දෙවි නුවන ඇතැයි මං නිතර නිතර උපකල්පනය කරමි.

මනුජය තෙන්නකෝන්
2025-05-22






Comments

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...