Posts

Showing posts from July, 2026

මහාචාර්ය කොටගම.

Image
මම කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ මහා ලේඛකයො , දේශපාලන විචාරකයෝ , රූපවාහිනී නිවේදකයෝ , ගායකයෝ විශ්වවිද්‍යාල ආචාර්‍ය මණ්ඩල වල හිටියා. ඒත් ඒ මහා මිනිස්සුන්ගෙන් මට දැනගන්න ලැබුනේ හරිම අල්පයයි. විද්‍යා පිඨයේ මහාචාර්ය අනුරාධ මහසිංහ මගේ පළමු දෙවන වසරවල ආචාර්යවරයා. Game theory සංකල්පය මම ඉගෙන ගත්තෙ ඔහුගෙන්. ඒත් විෂය කරුණුවලටත් වඩා සාහිත්‍යකරණය , පත පොත , කාව්‍ය සාහිත්‍ය ගැන මම අදටත් පරිචයක් ලබන්නේ ඔහුගේ ඇසුරෙන්. කළමණාකරන පිඨයේ මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ හම්බෙන්න අවස්ථාව ලැබුනේ    Krishmal Fernando   අයියට ස්තුති වෙන්න. මම ලියපූ කෙටි කතා සංග්‍රහයක ගුණ දොස් විමසන්න මම මහාචාර්ය ජයසිංහ මුණගැහුනා. පෞද්ගලිකව මම අදටත් විශ්වාසකරන විදියට නූතන ලාංකීය කෙටි කතා කලාවේ විශිෂ්ටතම කෙටි කතාකරුවාගේ මුණ ගැසීම අංකුර කෙටි කතාකරුවෙක් උන මට මහා දෙයක් උනා. ඒත් මට කවදාවත් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හෝ  මහාචාර්ය සරත් විජේසුරිය විශ්වවිද්‍යාල භූමියේ හූවක දුර ඉදලත් මුණගැහෙන්න බැරි උනා. එහෙම මඟහැරුන මහා ගොඩක් මගේ ජිවිතේ ඉන්නවා. අද මේ කතාවත් එහෙම කෙනෙක් ගැන. 2019-2020 වගේ කාලෙක හැම හැන්...