Posts

Showing posts with the label Movies

මචං

Image
 කොච්චියේ යන එන ගමන් "මචන්" බලන්න ගත්තා.අවුරුදු දහයකට පස්සේ මම හිතන්නේ.ස්ක්‍රීන් එකේ දර්ශන් දැක්ක මුල්ම වෙලාවේ අනේ !! කියලා කියවුනේ නොහිතාමයි. කොළඹ අඳුරු , පීඩීත , පැතලි ජිවිතේ "මචං" තරම් අමුවෙන් පෙන්නපූ චිත්‍රපටයක් ආය දවසක හැදෙයිද කියලත් විශ්වාසයක් නැහැ මට නම්. බඩගින්න , පාදඩකම , තක්කඩිකම , ජිවන අරගලය , ප්‍රතික්ෂේප වීම එක පැත්තකින් පෙන්නන ගමන් හීන , බලාපොරොත්තු , අරමුණු තවත් පැත්තකින් පෙන්නන්න තරම් "මචං" දක්ෂ උනා. ආයෙත් කාලෙකින් මම මචං බලයි. ඒ කාලෙට මීටත් වඩා වෙනස් විදියකට චිත්‍රපටය දැනෙයි. ඒත්  ඒ කාලෙටත් "මචං" ඇතුළේ ජිවත්වෙන ස්ටැන්ලිලා , මනෝජ්ලා , විජිතලා විතරක් නෙවෙයි රට හරක් පවා වෙන නම්වලින් වෙන හැඳුනුම්පත් වලින් ඔය විදියටම කොළඹ මුඩුක්කූ ඇතුළේ , කොළඹ වීදී දිගේ ජිවිතේ හොයාගෙන ඇවිදියි.  චිත්‍රපටියේ එක තැනක ස්ටැන්ලිගේ (ධර්මප්‍රිය ඩයස්) ගෙවල් අයිතිකාරයා ඇවිත් හිඟ කුළියට හරියන්න ගෙදර වහළ ගලවන් යනවා . ගෙදර එන ස්ටැන්ලි  "කොයි ගෙදර වහල"   කියලා අහන මොහොතේ හිතෙනවා ස්ටැන්ලිලා වගේ මිනිස්සුන්ට කෙළවෙන එකේ උපරිමය කොච්චරද කියනව නම් හිසට වහළකුත් නැ...

මව්බිම නැත්නම් මරණය

Image
 1985-86 කාලයේදි ජවිපෙට සන්නද්ධ අංශයක අවස්ථාව දරුණුවටම තිබුනා. රජයේ මර්ධනයත් අනෙකුත් paramilitary කණ්ඩායමහි බලවත්කමත් නිසාත් සමන් පියසිරි ෆර්නැන්ඩෝ නොහොත් කීර්ති විජයබාහුගේ මූලිකත්වයෙන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (Patrotic peoples movement ) 1986 බිහිවෙනවා. දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ ලාංඡනය  ලෙනින්ට රුසියානු රතු හමුදාව 1917 උදව් කරා වගේ , මාඕසේතුන්ට චීන රතු හමුදාව 1948 උදව් කරා වගේ ,හෝචූමිං ට වියට්කොන් ගරිල්ලන් උදව් කරාවගේ , කියූබාවේ ෆිදෙල් කැස්ත්‍රොට කියුබානු ගරිල්ලන් උදව් කරාවගේ. ජවිපේ දෙවන කැරැල්ලේ සන්නද්ධ අංශයේ වගකීම් ඉෂ්ට කරේ DJV නොහොත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය. DJV එක ජවිපේ මධ්‍යමකාරක සභාවේ නියෝග කොයි තරම් බරපතළව සැලකුවාද කියනව නම් අසූවේ අග ජනකාන්ත විජය කුමාරතුංග ඝාතනයට පවා සන්නද්ධ අංශය පැකිළෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ඒ වගේ ප්‍රහාරයකට කලින් පක්ෂය පවා වැඩිදුර හිතන්න ඕන . ඒකට හේතුව විජය කුමාරතුංග කියන පෞරුෂය පක්ෂයකට , ජාතිකයට ලඝූ කරන්න බැරි තරමේ ඉලක්කයක් නිසා. ඒත් ප්‍රතිඝාමියෙක් කියන චෝදනාව යටතේ ඔවුන් විජය කුමාරතුංගට 1989 පෙබරවාරි 16 වෙඩි තබනවා. විජය කුමාරතුංගට සහ ස්ටැන්ලි විජ...

කුඹියෝ

Image
 මේ තියෙන්නේ කුඹියෝ එකේ මට හිතෙන විදියට වැදගත්ම දර්ශනේ. ජෙහාන් ප්‍රියන්ත දිහා මුලින්ම  බලන්නේ හරියටම මෙතනදි. අපි කතාවට කියනවා වගේ rest is history . කුඹියෝ ගැන , ලක්මාල් ගැන අවුරුදු බර ගාණක් මිනිස්සූ දේවල් ලියනව , කතා කරනවා , සංවාද පවත්වනවා.  ඒත්.... තාමත් හිතුනම පළවෙනි කොටසේ ඉදන් අන්තිම කොටස වෙනකන් එක දිගට කුඹියෝ බලලා ඉවර කරනවා . අපේ ජිවිතේ එක එක හංදි පහු කරගෙන ඇවිදගෙන යනකොට ඒ ඒ මොහොතට ගැළපෙන හැඟිමක නේ අපි ජිවත් වෙන්නේ. මට නම් ඒ ගොඩක් වෙලාවට කුඹියෝ නාට්‍යේ මොහොතකුත් හරියටම සමපාත වෙනවා. කතාවේ දෙබස් වචනෙන් වචන කටපාඩම් තිබුනත් එහෙම බලන්නේ කතාවට වඩා කතාව සැරින් සැරේ දැනෙන විදිය රසවිඳින්න. 2017-2018 ආපූ කතාවක් තාම අපි බලන්නේ අන්න රහට වෙන්න ඇති.  මට තනිකම , පාලුව  උතුරලා ගිහින් හිස්කමකින් ජිවිතේම පිරෙන වෙලාවක අම්මෙක් නැතුව අප්පෙක් නැතුව කාගෙද කියලා නොදන්න ගරා වැටුන බිල්ඩිමක ගේම් ගහන ජෙහාන්ව දැනෙනවා.අනෙක් පැත්තෙන් ලොකු මිනිහෙක් වෙන්න ,  මමත් කලිසන් අදින මහත්තයෙක් කියලා ගමට පෙන්නන්න වෙරක් යොදන හරකෙක් වගේ අවංක මහඋල්පතගම ප්‍රියන්තව  දැනෙනවා.  ඔවුන්ගේ හැලහප්...

නිර්වාණ

Image
 මම මිනිස්සූ දූක් විදලා, පණ ඇඳලා , කාලයක් ඇඳට කොටූවෙලා මැරෙනවා වගේම , මේ ඉදලා මේ මැරෙනවත් දැකලා තියනවා. මරණය කියන්නෙම ඒ තරම් අවිනිශ්චිත ,සම්භාවිතා තියන්න බැරි තරමේ ආශ්වාදජනක සිද්ධාන්තයක් කියලා මගේ හදවතෙන් මොළයට ගියේ යාන්තම් අවුරුදු විස්සෙදි.  මැරෙනකන් ජිවත් නොවී ,ජීවත් වෙලයි මැරෙන්න ඕන කියලා මම අදහන්න ගත්තේ ඒ එක්ක.  සන්නස්ගල උපන්නේ 1964 , ඒ කියන්නේ දැන් හැට දෙකක්. ඒ උනත් හැට පැනලා හොට බිම ඇනගන්නවා වෙනුවට එයා එන පෙබරවාරි 14 වෙනිදට කොළඹ සුගතදාසේ මහා උත්සවයක් සැලසුම් කරනවා. ඒකට එයාගේ නීල වර්ණිත නිර්වාණ නම යොදනවා. හතර වටේ ගිහින් කැම්පේන් කරනවා . මුහුණුපොතේ ලියනවා , සම්මූඛ සාකාච්චා කරනවා ,  Gen Z උං එක්ක හරි හරියට වැඩ කරනවා. හැට දෙකයි කියලා නොහිතෙන තරමට සන්නස්ගල සටන් කරනවා. ආශ්වාදජනකයි කියන මරණයට කලින්,  ඉවර කරන්න ඕන වැඩ ඉවර කරන්න දඟලන තදියම මම දැක්කේ සන්නස්ගලගෙන්. මැරෙනකන් ජීවත් නොවී , ජීවත් වෙලා මැරෙන විදිය මම අත්වින්දේ සන්නස්ගලගෙන්.  එයාගෙම වචන වලින් කියනව නම් සන්නස්ගල කියන්නේ Update වෙන මහල්ලෙක් , වැඩ කරන මිනිහෙක් , මුං ඇටයි පොල් සම්බෝලයි කාලා , ප්ලේන්ටීයක් ...

ආයූ

Image
 අරුණ ජයවර්ධනගේ මාරියා දැකලා නැති නිසා හරියටම කියන්න බැරි උනත් ,මං හිතන්නේ චත්‍රගේ වැඩේ තමයි මේ අවුරුද්දේ වැඩේ. කෙනෙක් ලියලා තියනවත් දැක්කා මම , සිනමාව ගැන ඉගෙනගන්න කෙනෙක්ට ප්‍රවේශමෙන් අධ්‍යනය කරන්න පුලුවන් පෙළපොතක් තමා "ආයූ".චත්‍රගේ පියාගේ කතා වස්තුව , රංගන ශිල්පීන්ගේ ප්‍රතිභාව  ,කතාන්දරයේ ගලා යෑම සහ නොබිඳීම ,  ආයූ නම් චරිතයේ සම්බන්ධය , එකිනෙකට විසිරුණු සිද්දීන් හී සම්බන්ධය ,සංගීතය එක්ක බැඳුනු සංස්කරණය. ආයූ පොහොසත් කරන්න දායක උනූ කරුණු. ඒත් හැම දෙයක්ම අභිබවා කාලිංග දේශප්‍රියගේ කැමරාකරණය මාව විස්මයෙන් ඔසවා තැබූවා. නිෂිගේ ගාලූ මුවදොර ආරම්භක දර්ශනයෙන් ඇරඹුනු ඒ මායාමය ප්‍රවීණත්වය චිත්‍රපටයේ අවසන් දර්ශනය තෙක් නොනැසී පවත්වා ගැනීමම ම ප්‍රාතිහාර්‍යක්. මුහුදු රළ  , ළා පැහැයෙන් මියෙන  ඉර, කටුක අව් රශ්මිය , වැල්ලේ ජීවිතය , රිද්මාන්විත සංගීතය , දුමෙන් මත්වන නෙත් සඟල යන සියල්ලක්ම කාලිංගගේ කැමරා කාචයෙන් දස දහසක ප්‍රේක්ෂකයන් පිනවන්නට වරම් ලැබුවා. ආයූ නැවත වරක් බැලීමේ උනන්දුවෙන් සිටීන මට ඒ සඳහා පොළඹන හේතු දෙකකි. පළමුවැන්න කාලිංගගේ කැමරාකරණය සහ ආලෝකකරණය නැවත අත්විදීමේ කෑදරකම . ...

මෝඩම මෝඩ තරිඳු

Image
 2025 කියන්නේ සිනමාත්මක අවුරුද්දක්. හරියට 1994 දී හොලිවුඩ් වගේ. ඒ සිනමාත්මක අවුරුද්දේ අන්තිම චිත්‍රපටි තුනෙන් එකක් උනු "මෝඩ තරිඳු" බලන්න මම සැහෙන උනන්දුවකින් හිටියේ.  නිනෝ ලයිව් කරලා ඇණගෙන ,කටු කාලා උන්නූ ලොකු තිසරයි ,පොඩි තිසරයි මෝඩ තරිඳුගෙන් ඇරියර්ස් ඔක්කොම ඇල්ලූව ගතියක්  මට නම් අද දැනූනේ.  අද නුවර KCC ,  10:45 show එකේ එක හිස් පුටුවක් වත් තිබුනේ නෑ. මේ ජයග්‍රහණය තිසරලාගේ අනාගත කලා ජිවීතයට හොඳ ආයෝජනයක් වේවායි හිතන ගමන් මම මේ ටික ලියන්නම්. Comedy ශානරයේ පරිණාමය හොඳටම බලන්න පුලුවන් චිත්‍රපටියක් තමා "මෝඩ තරිඳු". කොටින්ම අපි හිනා උනේ සූර්‍යාගේ මෝඩකමටවත් , කෞශල්‍යාගේ ‍රංගන ප්‍රතිභාවටවත් නෙවෙයි , පොඩි තිසර ලියපූ නාට්‍යෝචිත අවස්ථා අනූන දෙබස් වලට. පිටපතෙන් ප්‍රේක්ෂකයාව සිනහ සාගරයට අරන් යන නූතනවාදි ප්‍රහසන සිනමාව කියන  කැබිනෙට්ටූවේ උඩම තට්ටූව මෝඩ තරිඳුට හිමිවෙන්නේ අන්න ඒහෙමයි. මම කොහොමත් වචන වලින් දාන සෙල්ලම් වලට ආසයි. පොඩි තිසරගේ ඒ සෙල්ලම අවසන් නිශ්පාදනයක් විදියට වර්ණවත් කරලා විචිත්‍රපටියක් කළේ ලොකු තිසර. බයිස්කෝප් හදන්න තමන්ගේ මූලූ තරුණකාලෙම දියකරගෙන යාන්තම් මැද...

ලබ්බේ තොවිලේ

Image
 "රට ගිහින් ගොඩ යනවා "  කියන එක අපේ මිනිස්සුන්ට කොයිතරම් අවිඥානිකව බලපානවද කියන එක තේරෙන්න මට අවුරුදු විසි එකක් විතර ගියා. ඒකට හේතු උනේ මගේ ළඟම මිත්‍රයෝ කීපදෙනෙක්.  ලංකාවේ රස්සාවක් කරගෙන , කෝස් එකක් කරගෙන සනීපෙට හිටපූ මගේ මිත්‍රයෝ කීපදෙනෙක්ට රට යන උණක් වැළදුනා."මෙහෙ හිටියොත් වගතුවක් නෑ , රට ගිය කාලෙක තමා අපේ ජිවිත හරියන්නේ " වගේ අදහසක් නිතරම නිතරම ඔවුන් කියන්න ගත්තා. මේ ලංකාවේ ආර්ථික අර්බුදය එන්න පොඩි කාලෙකට කලින්.  වැඩි විස්තර නොකියා කීවොත් කොල්ලෝ බොහෝම බරපතළ ඇමකට අහුඋනා.මම පෞද්ගලිකවම මුල් කාලේ ඔවුන්ට මේ විදියට නම් පුතේ රට යන්න බෑ  කියලා ඒත්තු ගන්වන්න හැදුවත් ඒක පිළිගන්න එතන හිටපූ බොහෝ දෙනෙක් කැමැති උනේ නැහැ.මගේ අප්පච්චි පවා දවසක් කීවේ  "මේක තේරුම් කරලා දෙනවා ඒ ළමයින්ට කියලා ." අප්පච්චිට පුන්‍යානූමෝදන් වේවා !! මේ නූල්බෝලේ ඔවුන් කොච්චර තදට පැටලූනාද කියනවනම්  තමන් විඳපූ සනීප ජිවිතේ ආපස්සට කණපිට හැරෙන තරමට ඒ පැටලීම් ප්‍රබල උනා.  බෞද්ධ භික්ෂුවක් යැයි කියාගන්න අයියා කෙනෙක් මේ මිනිස් ජාවාරමට අතගහලා තිබුනා. භික්ෂුවක් අතගහපූ ගමන් එල්ලවෙන සමාජ වෛරය , නෛතී...

ඩොලර් දහයකින් සිනමාකරුවෙක් වීම

Image
තිසර මංගල බණ්ඩාර ලියලා , තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කරපූ මෝඩ තරිඳූ ෆිල්ම් එක ඔක්තෝම්බර් 10 වෙනිදා එළියට එනවා  . ඒ නිසාම ඊයේ හවස  තිසර මංගල බණ්ඩාරගෙයි තරිඳු උඩුවරගෙදරගෙයි චිත්‍ර්පටිය පිළිබඳ සාකච්චාව අහන්න පටන් ගත්තා.ඒක ඇතුළේ එක තැනක තරිඳු කියනවා   How to become a filmmaker with 10 dollar "ඩෙනිසුයි , චන්දන ප්‍රසන්නයි එක කාලෙක කැමරාවක් අරගෙන තිසර ඉඹුලානවයි හඳගමයි , බූඩීයි හම්බෙන්න ගිහින් ඩොලර් 10 න් සිනමාකාරයෙක් වෙන්නේ කොහොමද අහන වාර්තා වැඩසටහනක් කරා නේද කියලා. "  ඒක ඇහුන ගමන් මම මෝඩ තරිඳු වැඩේ පැත්තකට දාලා පැයයි විනාඩි දාහතරක  "How to become  a filmmaker with 10 doller " බලන්න ගත්තා. 2010  විමල් වීරවංශ ලෙමන් පෆ් කකා තුම්මූල්ලේ UN එක ඉස්සරහා මාරාන්තික උපවාසයක් කරන කාලෙ , එහෙමත් නැත්නම් ඩොලර් එක රුපියල් සීයට ගිය කාලේ  ඇතුළත තමා මේ වාර්තා වැඩසටහන දෙන්නා කරන්නේ. වාර්තා වැඩසටහනක් කීවට එහෙම වාර්තාමය ගතියක්  වැඩේ ඇතුළේ නෑ.  හිටපූ ගමන් බස් කබලක් ඇතුළෙ ඩෙනිසුයි , චන්දනයි කැමරා එක ඔන් කරලා මොනවදෝ කියනවා ඒත් ඔලූවෙන් හිටගෙන රෙකෝර්ඩ් වෙන්නේ , තවත් වෙලාවක ෆ...

Pinkman ට 46 ක් !!!!

Image
 Vince Gilligan ගේ Breaking Bad කතාමාලාව  මම මුලින්ම බලන්න පටන් අරගෙන කොටස් දෙකකට පස්සේ නවත්තලා දැම්මා. තවත් අවුරුදු තුනක් ගියා ඒ නවත්තපූ එක පටන් අරගෙන ඉවර කරන්න. දැන් මම  Breaking Bad ප්‍රේමියෙක්, හිතවතෙක් ඒවගේම සහෲදයෙක්. Aaron Paul ,Breaking Bad හි ජෙසී පින්ක්මන් ලෙස මට ඕනෑම ශානරයක කතාවක් බලන්න ටිකක් වෙලා යනවා. ඒ කාර්‍යබහූලත්වය නිසාම නෙවෙයි . කතාවක් ඇතුළේ කියවෙන හැම පොඩි දෙයක් ගැනම මම ටිකාක් වැඩිපූර අවධානය යොමූ කරන්න ආස නිසා . උදාහරණයකට  House of Cards බලන්න ගත්තම , එක්සත් ජනපදයේ කොන්ග්‍රසයේ හැසිරීම , සෙනට් මණ්ඩලයේ පත්වීම , නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ( House of Representative) පත්විමේ පටිපාටිය වගේ දේවල් සහ ඔවුන්ගේ ජනාධිපතිවරණයේ ඡන්ද විමසිමේ ක්‍රියාවලිය පවා ඉගෙන ගෙන තමා කතාමාලාව බලන්නේ. ඒක වෙහෙසකර ,කාලය මිඩංගු වෙන ඒත් විනෝදබර දෙයක්.  ඒ හින්දම මට Breaking Bad සෑහෙන්නම ගැළපුන කතාවක්. තිරපිටපතේ ගලා යෑම , කුතුහලය විතරක් නෙවෙයි චරිතවල වෙනස්විම පවා සැහෙන්න තිගැස්මක් ඇතිකළා. කාලයක් X-Files රචකයෙක් උනූ Vince Gilligan ට ඒක අමුත්තක් වෙන්න විදියක් නෑ. ප්‍රධාන චරිත දෙක ඇතුළෙත...

වාලම්පුරිය එක්ක තව වටයක්

Image
  ධර්මරත්නගේ "වාලම්පුරිය" දෙවැනි වතාවටත්  මම නුවර Scope එකෙදි රසවින්දා .  මං හිතන්නේ කුස පබාගෙන් පස්සේ මම එකම චිත්‍රපටියක් දෙවතාවක් බලපු පළමු වතාව මේක. කුස පබාත් මම දෙවතාවක් බැලුවේ මගේ කිසිම උවමනාවට නෙවෙයි. මහාචාර්‍ය ආරියරත්නට කුස පබා වෙනුවෙන් පාසල් දර්ශන අනුමත වෙලා තිබුන නිසා   පාසලෙන් අපිව පොළිමක දක්කගෙන ගිහින් එක වතාවක් චිත්‍රපටිය පෙන්නූවා. අනෙක් වතාවේ මගේ පියා මාවයි මගේ සහෝදරියවයි එක්කරගෙන ගිහින් ආපහූ ඒ කුසපබාම නැවත පෙන්නූවා.   එහෙම බැලුවොත් නම් වාලම්පුරිය දෙවනි වතාවට බැලුවේ මගේ පරම උවමනාවට.මං අප්‍රේල් 26 ලක්මාල්ගේ බයිස්කෝප් එක  බලලා ඇවිත් දිග යාං හෑල්ලක් ලීවා. ලියලා මාස එක හමාරක් ඉදලා මට විසඳගන්න තියෙන තැන් ටික නැවත අල්ලගන්න අරමුණෙන් ආපහූ Scope එකේ පිටිපස්සේ හොඳ සැපපහසූ ආසනයක්  ඔන්ලයින් බූක් කරා.   මගේ පෞද්ගලික අදහස නම් අපි චිත්‍රපටයක් මුලින්ම බලනව නම් අපිට අහුවෙන්නේ බොහෝම සීමීත ස්තරයක්. උදාහරණයක් විදියට ප්‍රධාන කතාව , කතාවේ ඇතිවෙන ගැටූම් , චරිතවල බාහිර ස්වරූපය , චරිතවල බාහිර හැසිරිම වගේ දේවල්.   මේක දවසකට චිත්‍රපටි ත...

ලකාගේ මාරකය

Image
 මේ දවස්වල උදේට නුවර අව්වට රත්වෙනවා, හවසට වැස්සට හේදෙනවා . ඒ අස්සේ  ගල්ගමුවේ ඉදන් ආවට කොළඹ හතේ කොල්ලෙක්ගේ පිං පාට තියෙන ලකාගේ මංගල වැඩේ බලන්න මම තකහනියක් ආවා.  අපේ අයියලාගේ උනන්දුව හින්දා වැඩේ කලින්ම ස්පොයිල් වෙයි කියන බයට ඊයේ එළියට දාපූ වාලම්පූරිය අදම බලලා ඉවර කරා. කාස්ට් එක ගැන , ලකාගේ අධ්‍යක්ෂණය ගැන ගුණ අගුණ  අදත් හෙටත් තව කාලෙකුත් කට්ටිය ලියයි. යූටීයූබ් එකේ ඇති පදමට පෝඩ්කාස්ට් කෙරෙයි ,පත්තරකාරයෝ ලකාව හොයාගෙන ගෙදරටත් එයි. ඒහින්දා ඒ මොකුත් නොලියා ඉන්න මම හිතුවා. ඇත්තටම මම මොකුත් නොලියා ඉන්න හිතුවා. ඒත් බං අයියේ මේ ස්ක්‍රිප්ට් එක ගැන නොලීවොත් උඩ ඉන්න දෙයියන්නාස්සේලත් කෝප වෙන්න පුලුවන්. ලකා කියන්නේ ලියන මිනිහෙක්. ලකා අපි කැමැති දේවල් වගේම අපි අහන්න අකමැති දේවලුත් ලියන මිනිහෙක්. දැන් ඉන්න එදා වේලට ස්ක්‍රිප්ට් ලියන තිර පිටපත් රචකයෝ ආත්ම පහක් මැරිලා ඉපදිලත් ලියාගන්න බැරි "කුඹියෝ" වගේ එකක් ලීව මිනිහෙක්. ඒත් "වාලම්පුරිය" ? මං හිතන්නේ ලකාත් ට්‍රයි කරොත් තව ටිකාක් මීට හොඳ එකක් ලියාගන්න පුලුවන් වෙයි.  මේ කතාවේ තියනවා ගමක් , ඒ ගම ඇතුළේ මිනිහෙක් තමන්ගේ ගෑණිගෙන් කතා අහගෙන ...

රාණි බලමූ !!

Image
  අද හවස වැල්ලවත්තේ සැවෝයි එකෙන් මම එළියට බැස්සේ අශෝක හඳගමගේ තවත් සිනමා කාර්‍යක සාක්ෂිකාරයෙක් වෙන ගමන්.  30 වෙනිදා එළියට ආව  "රාණි" බලලා එළියට එන ගමන් මට හිතුන දේ "හඳගමව දැන්වත් බහුතර සමාජේ භාරගනිද ?" කියන සිතුවිල්ලත් එක්ක. අක්ෂරය , මේ මගේ සඳයි වගේම දිය කැට පහනත් හදලා කුඩේ කුඩු වෙන්න සංස්කෘතික සමාජෙන් ගුටි කාපු හඳගම තාම ගේමේ නේද ඉන්නේ කියලා ඒ එක්කම හිතුනා. විශේෂයෙන්ම ඔහුගේ අසනීප තත්වයත් එක්ක මේවගේ වැඩක් අල්ලන් කරනවා කියන්නෙම මාර වැඩක්.  "රාණි" ගැන ලියන එක බලන්න ඉන්න උදවියටත් , බලලා තමන්ගේම අදහසක ඉන්න අයටත් කරන අසාධාරණයක් .එත් මට හොඳටම දැනුනු අවස්ථා තුනක් විතරක් යාන්තමින් මතක් කරන්නම්.  මනොරාණි සරවණමුත්තු සහ රිචර්ඩ්  සිගගරට්ටුවක් පානය කරන අතර නිවසේ ඇතිවන සංවාදය : කොළඹ Elite  එක යැයි කියාගන්නා පවුලකින් ආ..මනෝරාණිට ඒ මොහොතේ ප්‍රේමදාසගේ වියවුල් පාලනයේ තිබුනු අසංස්කෘතික බව නොපෙනිම වගේම මේ සමාජ තලයේ හුන් බොහෝ දෙනෙක්  දේශපාලනයට දැක්වු අසංවේදිත්වය දෙබස් කිහිපයකින් හඳගම ප්‍රේක්ෂකයාට දනවනවා. ඒවන් පවුලකින් පැමිණි රිචඩ් Black sheep of the family වෙමින් වෙනස් ...

ආදරණීය කුමුදු !!!

Image
 මම ඉරිදා BMICH එකෙන් බම්බලපිටිය බෝඩිමට ආපු ගමන් කුමුදු කුමාරසිංහගේ "කොළඹ මතක" පොත ගැන දාලා තිබුන පෝස්ට් එකාට කමෙන්ට් එකක් දැම්මා. ඒ වෙනකොට මම විදර්ශන එකෙන් පොත අරගෙන තිබුනේ එකම එක හේතුවකට ,මම කුමුදුගේ පොත විදර්ශන ස්ටෝල් එකේදි එහෙන් මෙහෙන් පෙරළලා  කියවනකොට  එයා රෑ 9:30 Show  එක ගැන පොඩි මතකයක් ලියලා තිබුනා.කවදාවත් නොදැක්ක ඒත් දකින්න ආසාවෙන් ඉන්න ඒ රාත්‍රී නිදහස් කාමී ජිවිතයට ඇති ලෝලීත්වය නිසාම මේක නම් කියවන්න ඕන හිතුනා. ජනක ඉණිමංකඩගේ වයිෆ් බිල් කරලා දුන්න පොත අරගෙන මම එළියට ආවා.  මුලින්ම කුමුදුගේ පොත කියවන්නම් කියලා සැලසුම් කරත් ඊට කලින් පොත් දෙකක් ඉවර කරන්න සිද්ධ උනා.ඉන් එකක් ප්‍රබෝධ කහඳගමගේ ගේ මම කාලෙක ඉදන් හෙව්ව පොතක් , අනික ක්‍රිස්ටෝපර් ඔන්ඩච්චිගේ සංචාරක ග්‍රන්ථයක්. හරියටම සතියකින් සෙනසුරාදා උදේ මම කුමුදුගේ පොත අතට ගත්තා. මේ ලියන්නේ ඉරිදා රෑ, ඒ එයාට උන පොරොන්දුව පිට. කොළඹ මතක පොතේ වැඩි කොටසක් මම ඉවර කරේ , ඊයේ අවිස්සාවේල පැත්තෙන් නාවලපිටියට එන බස් ගමනේදි. කොළඹ උණුහුම , පීඩනය ටිකෙන් ටික අතෑරගෙන මධ්‍යයම කඳුකරය නඟින්න ගන්නකොට කුමුදුගේ කොළඹ භාෂාව ආපහු මාව දෙමටගොඩ...

ගෲෂා කෙනෙක්ද ?? මනමේ කුමාරියක් ද ??

Image
 මට අදටත්   නියම නලුවෙක් නේ !! කියලා හිතෙන්නේ එකම එක මනුස්සයෙක් ගැන විතරයි.  මං නිහාල්සොංහගේ වැලකතරේ  ගෝරිං මුදලාලි වෙච්ච ජෝ අබේවික්‍රම මුහුදු හුළං මැද සිගරට් එකක් උරන ගමන්  "නෝනා පයින් යන්න , යනකොට හුළං වදී " කියලා කියන දෙබස ඛණ්ඩයට අදටත් ආස උනත් , බූඩී ඉතාලියෙත් ගිහින් බොහෝම වැර වෑයමෙන් රූපගත කරපු "මිල්ලේ සොයා " චිත්‍රපටයේ ලක්ෂමන් මෙන්ඩිස් අයියා විදියට මහේන්ද්‍ර පෙරේරාව නින්දෙන් ඇහැරවලා කනට දෙකක් ගහලා බනිනකොට ඒකෙන් බේරෙන්න ගේ මුල්ලේ හේත්තු කරලා තියෙන ෆුට් සයිකලේ අරන් යන්න හදනකොට ,ලක්ෂමන්  " ඕක මගේ බයිසිකලේ "  කියලා කියන  කොටසට කැමැති උනත් .  ජයන්ත චන්ද්‍රසිරිගේ "ගරිල්ලා මර්කටිං " බයිස්කෝප් එක ඇතුලේ ,  ශ්‍රියන්ත මෙන්ඩිස්  රූපවාහිනීයේ  ජාතිය අමතන ගමන්  ඉස්පිරිතාලෙ ඉන්න කමල් අද්දරාච්චිටත් ජාතිය අමතන්න පටන් ගන්න කොටසට අමුතු විදියකට ආකර්ෂණය වුනත්. හඳගම වැඩිහිටියන් පමණයි ලේබලය බිමින් තියලා හදපු "විදු" චිත්‍රපටියේ පොඩි කොල්ලා ගහක් උඩට නැගලා  "මට තියනවා කතාවක් කියන්න "   දර්ශනයට ආපහු ආපහු බලන්න තරම් කැමැති...