පේරාදෙණියේ ස්වර්ණමය යූගය.

 වසරකට ඉහතදී දිවිගමනට සමුදුන් මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ බිරිඳ වන මහාචාර්ය රංජිනි ඔබේසේකර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  තමන් දුටූ සිහින් උසැති තරුණයා , ආදරණීය කවි පබඳින ප්‍රේමවන්තයා , දැනුමැති ස්වාමිපුරුෂයා ගැන මතක අවදි කරන මේ සාකච්ඡාව හරිම රසවත්.


ඔබේසේකර පවූල හැත්තෑව දශකයේ දිනක පේරාදෙණියේදි.






මහාචාර්ය  ඔබේසේකර සහ බිරිඳ මුල් යූගයේදි.


ඇගේ පිළිතුරු වලින් මගේ සිත්ගත් කරුණ තමා ඔවුන් දෙපළ විශ්වවිද්‍යාලයට ගිය පනහ දශකයේ කලාව සාහිත්‍යය වෙනුවෙන් විශ්වවිද්‍යාල තුළ තිබුනූ පිළිගැනිම. ඈ සාකච්ඡාවේදි නොපැකිළිව කියනවා පනහ දශකය තමා ලාංකීය විශ්වවිද්‍යාල ඉතිහාසයේ ස්වර්ණමය යුගය බව.මම පෞද්ගලිකවත් ඒක විශ්වාස කරනවා. ඒවගේම ඈ එක තැනක කියනවා , එකල විද්‍යා ගණිත ඉංජිනේරු විද්‍යාවන් හදාරන සිසුන්ට සාහිත්‍ය කලා දේශන සඳහා සහභාගිවීමය තිබූ නිදහස පිළිබඳව.  

මහාචාර්ය ඔබේසේකර සිය පර්‍යේෂණ අතරතුර.


ඒ නිදහස කොයිතරම් දූරට වෙනස් වෙලා අධ්‍යාපනයටම වහල් වෙලාද කියන කරුණ මට සාක්ෂාත් උනේ , මම කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පිඨයේ ඉගෙනගත්ත අවුරුදු කීපයේ. ඒ යුගයේ විද්‍යා පිඨයේ නාට්‍යයක් කරන අදහසෙන් පිටපතක් ලියාගෙන මම මාසයක් විතර උත්සහයක් දැරූවා ඒ වෑයමට. ඒත් බලන බලන අත හිටපූ බොහෝ උදවියගේ ඔලු පිරිලා තිබුනේ අධ්‍යාපනයෙන් විතරයි. ඔවුන් බොහෝදෙනෙක් එතනින් එහාට සංවාදයක් , අදහසක් දරන්න තරම් විවෘත උනේ නෑ.


මහාචාර්ය රංජීනී හරි !! මම තෝරගන්න කාලයක් ලැබුනොත් මම තෝරගන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පනහේ දශකය. ඒක තමා කාලේ.


මනුජය තෙන්නකෝන් 


මානව විද්‍යාවට පෙම් කල කලාකාමීයා : මහාචාර්ය ගණනාථ ඔබේසේකර

Comments

  1. Pavithra Hansani27 March 2026 at 05:20

    මානව ශාස්ත්‍ර, සමාජ විද්‍යා විෂයන්ට ඒ විෂයන් හදාරන අයගෙන් පවා හරිහමන් සාධාරණයක් ඉටු නොවෙන කාලෙක සාහිත්‍ය, කලාව, මාධ්‍ය වගේ ක්ෂේත්‍රයන්
    ගැන මේ විදියට සංවේදී වීම හරි වටිනවා. ඕනම කාලෙක ඉන්නවා දුර්ලභ මිනිස්සු ♥

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සිසූ විරුවෝ රැවටුනාද ?

I went back to Ibiza

මුරලිව බයිට් වීම.