Posts

Showing posts with the label Sports

ස්වර්ණමය යූගයෙන් ප්‍රපාතයට

Image
 මම මාවන්ගේ ඉදන් දසුන් වෙනකන් ලංකාවට ගැහුව කැප්ටන්ස්ලා දැකලා තියනවා. අර එක කාලෙක උදේ උපුල් තරංග කැප්ටන් කරලා හවස තේ බොන කොට මැතිව්ස් කරලා රෑ නිදා ගන්න යනකොට චාමර කපුගෙදර කැප්ටන්සි කරන කාලෙත් උන්නූ කැප්ටන්ලා මට මතකයි.  ගිලිහුණු කුසලානය මුරලි අස්ගීරීයෙදි පෝල් කොලිවූඩ් අරගෙන වෝන්ව පහූ කරනවා හරියටම මම බලාගෙන හිටියේ මගේ අම්මගේ මහගෙදර ඉදන්. එතකොට මට යාන්තම් අවුරුදු නමයයි. මුරලිගේ වයිෆ් සතුටු වෙන තරමට මමත් ඊට කිලෝමීටර් 30 එහා පැත්තේ ඉදන් සතුටු උනා.  ලසිත් 2007 කොදෙව් දූපත්වල ෂෝන් පොලොක්ගේ දකුණු අප්‍රිකානූවෝ හතර දෙනෙක්  පිළිවෙළට ඩ්‍රෙසින් රූම් එකට යවනවා මට අද වගේ  මතකයි. ආයූබෝවන්ඩ දැන් සවුත් ඇෆ්‍රිකා ටීම් එකට හපන් මචන් ඒ කලේ !!. ග්‍රැහ්ම් ස්මිත් කියලා උස මහත හාදයෙක්, හර්ෂල් ගිබ්ස් කියලා තට්ටේ තියන බැට දෙන්නෙක්, ජැක් කලීස් කියලා බැටිං නම් බැටිං , බෝලින් නම් බෝලින් කියන බුවෙක්, මාර්ක් බවුචර් කියලා යටින් ඇවිත් අල්ලන් ගහන්න කොල්ලෙක් , ගින්දර වගේ කීපර් කෙනෙක්. ආ !!!  තව අවුරුදු 22 වයස කොල්ලෙක් හිටියා . එයාගේ නම් A.B De villiers.  ලේසි නෑ !!!  මාලිංග කෙන්යාව එක...

මුරලිව බයිට් වීම.

Image
 2010 ජූලි මාසේ 22 වෙනිදා මූලූ ලංකාවටම විශේෂිත දවසක්. ඒ දේශපාලනය නිසාවත් , ආර්ථිකය නිසාවත් වෙන දෙයක් නිසා නෙවෙයි ක්‍රිකට් තරගයක් නිසා.  අවුරුදු දොළහක පොඩි කොල්ලෙක් විදියට එදා බස් එකෙන් බැහැලා ගෙදර දුවනකන් පාර දිගේ මට ඇහුනේ එකම එක ක්‍රිකට් විස්තර විචාරයක් විතරයි. බැරිම තැන ගෙදර දුවනකොට මැච් එක ඉවරවෙයි කියලා ඇති උනු බයට පාරේ තිබුන නාඳුනන නිවස්නයකට ගොඩ උනේ ඒ මොහොත මඟනොහැර ගන්න.  මුරලි මෙරට ටෙස්ට් වංශකතාවේ 54 වන ටෙස්ට් ක්‍රීඩකයායි. එදා තමා මුත්තයියා මුරලිදරන් කියන ක්‍රීඩකයා තමන්ගේ ටෙස්ට් දිවියේ 800 වෙනි කඩුල්ල දවාගත්තේ. එදා තමා අද ඔබ සමාජ ජාලාවල උපහාසයට බඳුන් කරන ක්‍රීඩකයා තමා අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ.  එදා තමා ඔබ "මගේ මතය බෑ" යන උදෘතය උපුටමින් අපහාසයට බඳුන් කරන ක්‍රීඩකයා තම ටෙස්ට් දිවියේ 67 වෙනි කඩුලු පහේ අවස්ථාවක් ලබාගත්තේ. අද මුරලිව දැනගන්නේ පොඩි Meme එකකින් , මුහුණුපොතේ හාස්‍ය දනවන වදනකින් වෙන්න පුළුවන්. ඒත් 2000 පෙර සහ සහශ්‍රයේ පළමු දශකයේ ක්‍රිකට් නැරඹූ අයෙක්ට මුරලි කියන්නේ ඊට වඩා විශාල ලෝකයක්. ඔහූ 1996 ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයෙක් , 1997,2004 සහ...

සංගා.............

Image
2007 ඕස්ට්‍රේලියානූ සංචාරයේ හෝර්බාට් තරගය බලනකොට මම පොඩිම පොඩි කොල්ලෙක්. උදේ පාන්දර නැඟිටගෙන , ගෙදර හැමෝම නිදි වෙලාවක , පෙට්ටී ටීවී එක ඉස්සරහට තල්ලූ කරගෙන ආපූ පුටුවේ ඉඳගෙන , මීක් සද්දයක් නැතුව මම තරගේ බැලූවා.  ඒ කාලේ ලංකාවේ නොම්බර තුනේ කප්පිත්තා ලී ,ජොන්සන් , ස්ටූවර්ට් ක්ලාක් තුන්දෙනාට හැරෙන හැරෙන පැත්තට ගැහූවේ තස්මේනීයන් ප්‍රේක්ෂකයෝ පුදූම කරමින්. ලකුණූ 192 දී රූඩී කර්ට්ස්ගේ වැරදි විනිසුරු තීරණයෙන් කප්පිත්තගේ හත්වන ද්විත්ව ශතකය මඟහැරුනත් එතන ඉදන් තවත් අවුරුදූ අටක් මොන තරම් තරග ඔහූ දිනවන්න ඇත්ද ? මොන තරම් සුන්දර රාත්‍රීන් අපට එකතු කරන්න ඇත්ද ? බිමටම වැටිලා අඩපණ උනූ රටක මිනිසූන්ට මොනතරම් බලාපොරොත්තු ඔහූ දෙන්න ඇත්ද ?   ඒ සුන්දර වමත් කප්පිත්තා අන් කව්රුත් නොවේ කූමාර් චුක්ෂනාදන් සංගක්කාර. අද සංගක්කාරගේ උපන්දිනය බව ICC Instagram පිටූව මතක් කරලා තිබූනා , ඉදින් බලාපොරොත්තුවේ ප්‍රතිමූර්තිය බඳු සංගක්කාරතුමණි සුබෝපන්දිනයක්ම වේවා !! 

අසමසම අරවින්ද

Image
 මගේ හොඳම මිත්‍රයෙක්  දැන් ඉන්නේ එංගලන්තයේ කෙන්ට් වල. එයා කෙන්ට් යන්න කලින් ඉඳලම මම කීවෙ 1995 දී අරවින්ද කෙන්ට් වල ගැහූව 112 ගැන තාම කෙන්ට් වලා වයසක උදවිය කතා වෙනවලූ ඒ නිසා ක්‍රිකට්වලට ප්‍රිය සීයා කෙනෙක් හම්බුනොත් අරවින්ද ගැන අහන්න කියලා. අරවින්ද කෙන්ට් හි ක්‍රීඩා කරන විට  එයා ඒක ඇහුවද කියලා මම දන් නෑ. ඒත් එදා කාල් හූපර් වෙනුවට කෙන්ට් කණ්ඩායමට ඇතුළු උනූ අරවින්දගේ අවසන් මහා තරගෙ  ඉනිම වෙනුවෙන් ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයම Standing ovation එකක් දුන්නා කියලා නම් මම දන්නවා. අඩි පහයි අඟල් තුනහමාරක් උස අරවින්ද ක්‍රීඩාගාරය ඇතුළට නොපෙනී යනකන් ලෝර්ඩ්ස් ක්‍රීඩාලෝලීන්ගේ අත්පොළොසන් නාදය නතර උනේ නෑ. තරගය කෙන්ට් පරාද උනත් ,අරවින්ද තරගයේ වීරයා උනා.  1995 පස්සේ ආය කිසිම දවසක අරවින්ද කවුන්ටී ක්‍රිකට් එකක් නොගැහුවත් , ඒ සීසන් එක ඉවර වෙලා අවුරුදු තිහක් ගතවෙලත් තාම අපි ඒ ගැන කතාවෙනවා. අන්න ඒක තමා අරවින්දගේ ක්ලාස් එක. ඒ කාලේ පර්සි අන්කල් අරවින්ද කලින්ම අවුට් උනාම මෙහෙම දුක් ගී කියනවලූ  "අරවින්දා...උඹ හින්දා අපි දුක්.........      වින්දා "  රටක් සතුටෙන් පිරවූ අරවින්...

Smokin' Joe : විවියන් රිචර්ඩස්

Image
 ආසියානූ කුසලානේ පැරදිලා අබල දුබල වෙලා ඉන්න මොහොතකත් ක්‍රිකට් ගැන නොහිතා ඉන්න බෑ. අනෝරා වැස්සේ , සීතල මීදූමේ , කෝපි කෝප්පෙකුත් එක්ක මම World Cricket Encyclopedia  එක අතරින් පතර පෙරළුවේ ඒ නිසයි. David Gower ලීව පෙරවදනත් කියෝගෙන යන අතරේ බටහිර ඉන්දීය කොදෙව් පරිච්චේදයේ සිත නෙත දෙකම නතර උනේ නොහිතාම. විවියන් රිචර්ඩ්ස් ඇන්ටිගුවාහිදි සර් අයිසැක් විවියන් ඇලෙක්සැන්ඩර් රිචර්ඩස්. මෙන්න අද  අපේ මිනිහා.  උස අඩි පහයි අඟල් දහයයි. පුවක් ගස් තරම් උස ජැමෙයිකානූවෝ මැද උන්නූ ඇන්ටිගුවාවේ අභිමානය. 1974 ඉදන් 1991 වෙනකන් ලෝක ක්‍රිකට් මවිතයට පත්කරපූ ආශ්චර්‍යය. එක්දින ලෝක කුසලාන තුනක අවසන් තරග ක්‍රීඩා කරලා එතනින් දෙකකම කුසලානය දින්න පුරාවෘතය.දැන් කෙනෙක් අහයි , " ඔයා විවියන් රිචර්ඩ්ස් බැට් කරනවා දැකලා තියනවද ? " "ඇයි අපි දුටුගැමුණු විජිතපුර සටන කරනවා දැකලද රචනා, කවි ,ගීත  එහෙම ලීවේ. අනේ නිකන් යන්න !!මල්ලී යන්න !! " නොම්බර තුන පිතිකරුවෙක් කියන්නෙම චමත්කාරයක්. කුමාර් සංගක්කාර , රාහූල් ඩ්‍රාවීඩ් , රීකී පොන්ටින් , ජෝ රූට් , බ්‍රයන් ලාරා ලැයිස්තුව දැක්කම උනත් ඇඟ සීතල වෙනවා. විවියන් රිචර්ඩ්ස් මේ...

Miracle of Headingley (හෙඩින්ලි හි ප්‍රාතිහාර්‍ය)

Image
හැමෝටම බොතම් කෙනෙක් වෙන්න බෑ. පාන්දර වෙනකන් අඩි පුඩි ගහලා උදේ තියෙන මැච් එකේ ලකුණු පනහක් එක්ක  විකට් පහක් ගන්න පුලුවන් කීයෙන් කීදෙනාටද ? සර් ඉයන් බොතම් ඒ දෙකම කරපූ කෙනෙක්. බොතම් මොනවගේද කියලා තේරුම් ගන්න ඇන්ඩෲ ෆ්ලින්ටෝෆ් ,බෙන් ස්ටෝක්ස් දෙන්නව බලන්න. ඒ තමා බොතම්ගේ මිනි වර්ශන්ස් දෙක.  1981 අළු බඳුන තරගාවලියේ තුන්වෙනි තරගය බොතම්ව උඩටම උස්සලා තිබ්බ තරගයක්.  ඕස්ට්‍රේලියාව කාසිය වාසිය දිනලා ලීඩ්ස් තණනිල්ලේ පන්දුවට පහර දෙන්න තීරණය කරන්නෙම සුද්දන්ට බැටේ දෙන්න හිතාගෙන. සැලැස්ම සාර්ථකයි ඕස්ට්‍රේලියානූ පළවෙනි ඉනිම 401 යි කඩුලු නමයයි. හැබැයි අපේ වීරයා බොතම් ලකුණු 95 ට කඩුලු හයයි. ඉනිම අත්හිටවලා කිම් හියූස් එංගන්තයට පන්දුවට පහර දෙන්න ආරාධනා කරන්නේ ඉනිමකින් තරගය දිනාගෙන බර්මින්හැම් තරගයට පුලුවන් ඉක්මනය දුවන්න. පිට පිටම දෙවෙනි වතාවටත් එංගලන්තය ,ඕස්ට්‍රේලියාව ඉස්සරහ අසරණයි. පළවෙනි ඉනිමට ලකුණු 174 යි. හැබැයි , අපේ වීරය තාම කෙලින්. බොතම් පන්දු 58 ට ,හතරේ පහර අටයි ලකුණු 50 යි. දැන් නම් සෙල්ලම ටිකක් භයානකයි. ඉනිමක පරාජයෙන් බේරෙන්න  ක්‍රිකට් උපන් රටට තවත් ලකුණු 227 අවශ්‍යයි.  ඕස්ට්‍...

කතා කරන පින්තූර

Image
  "පෝර්ට් ඔෆ් ස්පේන් සිට පැමිණි කුමාරයා" බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලින් මතුවුනූ දර්ශනීය වමත් පිතිකරුවාව ක්‍රිකට් ලෝකය හැඳින්වූවේ එහෙමයී.  බ්‍රයන් චාල්ස් ලාරා ගැන බොහෝ දෙනෙක්ට මතක තියෙන්නේ සර් ගාෆිල්ඩ් සෝබර්ස් ගේ ලකුණු 364  ඉක්මවපූ ඉනිම ගැන එහෙම නැත්නම් එංගලන්තයට දුවන්න ගහපූ ලකුණු 400 ගැන. ඒත් ලාරා ඕස්ට්‍රේලියාවට 92-93 තරග වාරේ ගහපූ ලකුණු 277 ගැන කතා නොකෙරෙන තරම්.  මේ තරගාවලියේ පළවෙනි තරගේ බටහිර ඉන්දිය කොදෙව්වන් බොහෝම අමාරුවෙන් බේරගත්තත් ,  දෙවෙනි මෙල්බර්න් තරගය ෂේන් වෝන් ඇවිත් ගත්ත කඩූලූ හතත් එක්ක සුනුවිසුණු උනා.  තුන්වෙනි සිඩ්නි තරගෙත් මුලින් පන්දුවට පහර දුන්න ඕස්ට්‍රේලියානූවෝ ලකුණු 503 දාලයි කොදෙව්වෝ බැට් කරන්න දැම්මේ. එදා නොම්බර හතරෙන් පිටියට ආපූ අවුරුදු 23 තරුණ ලාරා  රිදෙන පාරවල් කීපයකින් තමන්ගේ මංගල ශතකේ රැස් කලා. නායකයකා උනූ රීචී රිචර්ඩ්සන් දුන්න සහයෝගය එක්ක , එතනින් 150,200,250 යනකනුත් ඕස්ට්‍රේලියානූවෝට ලාරව නවත්තගන්න බැරි උනා. හතරේ පහරවල්ම 38 ක්. පන්දූ 362, පහර දිමේ වේගේ 78.6. ඉබිගමනින්ම නෙවෙයි මේ ඉනිම ගැහූවේ. ඕස්ට්‍රේලියානූ වේග පන්දූ යවන්නන්ට...

කතා කරන පින්තූර

Image
 2008 අගෝස්තු 20 වෙනකොට උසේන් සෙන්ට් ලියෝ බෝල්ට් ලෝකේ වේගවත්ම මිනිහා වෙලා ඉවරයි. ඔලිම්පික් තරගවලට මාසෙකට උඩ තිබුනු Reebok ගෝන් ප්‍රී තරගේ තත්පර 9:72 දුවලා ආපූ බෝල්ට්,  100m අවසන් තරගයෙදි දෙපැත්තට අත් දෙකත් විහිදවගෙන ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තේ තත්පර 9.69 කින්. සෙල්ලම ඉවරයිද ? අපෝ නෑ.ජැමෙයිකානුවෝ එහෙම ලේසියෙන් තරග අතාරින්නේ නෑ. මීටර් 200 දුවන්න බෝල්ට් එක්ක ඇමෙරිකන් කාරයෝම තුන්දෙනෙක් ඉන්නවා. ඒ එක්කම ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් දූපතේ  කිම් කොලින්ස්.  ඒත් බෝල්ට් ලෑස්ති.   කැමරා එළි මැදින් බෝල්ට් තරුණයා හිනා වෙනවා. මේ බෝල්ට් ගේ ඉසව්ව. අඩි හයයි අඟල් පහක උස නිසා පුහුණුකරු ග්ලේන් මිල්ස් උනත් කැමැති උනේ බොල්ට් මීටර් 200 ඉසව්ව විතරක් කරනවට.  ඒත් බෝල්ට් පුහුණුකරු එක්ක ඔට්ටූවක් දැම්මා. "මම ජැමෙයිකාවේ මීටර් 200 වාර්තාව කඩනවා. හැබැයි මට මීටර් 100 දිගටම දුවන්න දෙන්න ඕන."  1976 මොන්ට්‍රියෙල් ඔලිම්පික් ශූරයා වුනු ඩොන් කූරී ගේ වාර්තාව බෝල්ට් සුනුවිසුණු කරා. පුහුණුකරු බෝල්ට්ට මීටර් 100 දිගටම ඉඩ දුන්නා. 2008 වෙනකොට එක්සත් ජනපදයේ  මයිකල් ජෝන්සන්ගේ  අවුරුදු...

කතා කරන පින්තූර

Image
 " ඔහු තමා රජා"  1966 නොවැම්බර් 14 වැනිදයින් පස්සේ හැමෝම එහෙම කියන්න ගත්තා. ක්ලැසියස් ක්ලේ කියන තරුණයා 1960 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ හෙවිවේට් රන් පදක්කමක් අරගෙන එනකොටවත් එහෙම නොකියපූ උදවියත් ඒ විදියට එයා ගැන කතාකරන්න  පටන් ගත්තා.  1964 අවුරුද්දේ මාරාන්තික වෙඩි පහර තුනකින් බේරුනූ Cleveland Williams එහෙම නැත්නම් Big Cat.  කටකාර අලී එක්ක තරගයකට එනකොට හැමෝම හිතුවේ Sonny Liston ට කරන්න බැරි උනූ දේ Clveland කරයි කියලා. ඒත් සමනලයෙක් වගේ පියාඹන ,මී මැස්සෙක් වගේ දෂ්ට කරන මේ හැඩකාර තරුණයට Cleveland ව බිම දාන්න වැයවූනේ වට තුන හමාරක් විතරයි. තුන්වෙනි වටේ විනාඩියකුයි තත්පර දහ අටකදි Cleveland ට ආපහූ නැඟිටින්න බැරි වෙන්න අලී තුන් පාරක්ම බිම දාලා තිබුනා. විනිසුරු තවත් බලාගෙන ඉන්න බෑ කියලා අවසාන සීනූව නාද කරා.  Cleveland තුන්වෙනි කෝණ කනුව ළඟ අන්දරේ මැරුණූ විදිහටම වැතිරිලා උන්නා. 35460 ප්‍රේක්ෂකයෝ ඉස්සරහා ඒ වෙනකොට අවුරුදු 24 මාස 9 උනූ මොහොමඩ් අලී තමන්ගේ හෙවිවේට් ශූරතාව තවත් වාරයකට ඒ විදියට ආරක්ෂා කරගත්තා. "ඔහූ තමා ශ්‍රේෂ්ඨයා තවත් සෑහෙන කාලෙකට පස්සේ මිනිස්සූ එයා ගැන එහෙම කි...

අපි නොදන්න ක්‍රිකට් !!!

Image
 මම ක්‍රිකට් බලනවා හැබැයි ඒකෙන් කියන්නේ නෑ IPL ,BPL, CPL වගේ pL ඉස්සරහට ඉංග්‍රීසී හෝඩියේ තියෙන හැම අකුරම දාපු තරග බලනවා කියලා. අනිත් එක ලෝක කුසලානයක් එන්නේ අවුරුදු හතරකට සැරයක් නිසා. (පුංචි මල්ලීලා කලබල වෙලා ඇඟට ගොඩ වෙන්න එපා ගිය අවුරුද්දෙත් තිබ්බනේ ඩෝ !! කියලා) අනූවේ අපිට ක්‍රිකට් කියන්නේ ටෙස්ට් සහ වන්ඩේ(One day) . ඔයාලා ආසාවෙන් බලන පාට පාට ඇඳුම් ඇදන් බලන T20 අපිට පොඩි After party එකක් විතරයි.   මට 2004 ඉඳන් ලංකාව ගහනවා මතකයි.බොරු කියන්න ඕන නෑ නේ මම අරවින්ද ට කොච්චර ආස උනත් මට 2003 දකුණු අප්‍රිකාවේ වර්ල්ඩ් කප් එක ගැන හාංකවිස්සියකවත් මතකයක් නෑ. ඒ නිසා කිළිටූ නොවුනූ අවුරුදු 19 මතක මගේ ක්‍රිකට් පොතේ තියනවා.  මම මාර්වන්ගේ ඉදන් කුසල් වෙනකන් කැප්ටන්ස්ලා දැකලා තියනවා. අර එක කාලෙක උදේ උපුල් තරංග කැප්ටන් කරලා හවස තේ බොන කොට මැතිව්ස් කරලා රෑ නිදා ගන්න යනකොට චාමර කපුගෙදර කැප්ටන්සි කරන කාලෙත් උන්නූ කැප්ටන්ලා මට මතකයි.  මුරලි අස්ගීරීයෙදි පෝල් කොලිවූඩ් අරගෙන වෝන්ව පහූ කරනවා හරියටම මම බලාගෙන හිටියේ මහේ අම්මගේ මහගෙදර ඉදන්. එතකොට මට යාන්තම් අවුරුදු නමයයි. මුරලිගේ වයිෆ් සතුටු වෙ...

අවාසනාවන්ත අවසානයක්

Image
 2007 වසරේ අප්‍රේල් 28 වන දින  ශ්‍රි ලාංකිකයන්ට  වඩාත්ම මතක සැමරුමක් වීමට හේතු වූ සුවිශේෂී කරුණු දෙකකි. ඉන් පළමුවැන්න  2007 දි බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සත්කාරකත්වයෙන් පැවති පන්දුවාර පනහ  ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයයි.  දෙවැන්න LTTE ත්‍රස්තවාදීන් විසින් කොළොන්නාව තෙල් සංචිත සඳහා පහර දිමයි.  මෙකී සටහන ඉන් පළමු සිදුවීම වෙනුවෙනි. අපරාජිත ඕස්ට්‍රේලියානුවන්  අවසන් තරගයට පැමිණෙන විට තරගාවලිය පුරාවටම ඉතාමත්ම හොඳින් දස්කම් දැක්වූ ඕස්ට්‍රේලියානුවන් 2007 ලෝක කුසලානය දිනාගැනිමට අවශ්‍යය සියලූ පිඹුරුපත් සකසා තිබිනි. තරගාවලියට පෙර ඕස්ට්‍රේලියානූ ප්‍රවිණයන් කිහිපදෙනෙකු සිය සමුගැන්ම ප්‍රකාශයට පත්කළ සිටි නිසාවෙන්  ඔවුනට අමතක නොවන සමුගැන්මක් ලබාදීමට පොන්ටින් ඇතුළු නවකයන්ට අවශ්‍යයව තිබිනි.  රිකී පොන්ටි ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවාන් අප්‍රේල් 25 වන දින අවසන් පූර්ව තරගයේදි දකුණු අප්‍රිකානුවන් පහසුවෙන් පරාජය කරමින්    පිටියට පිවිසි අතර මහේල ප්‍රමුඛ ශ්‍රි ලංකා කණ්ඩායම අප්‍රේල් 24 වන දින ජැමෙයිකාවේ සබීනා පාර්ක් හිදි  නවසීලන්තය ලකුණු 81 න් ප...