විජයට 46 ක් !!!!

 විජයට අවුරුදු 46 කියලා මිතුරියක් ලියලා තියනවා අහම්බෙන් දැක්කා. ආපස්සට හැරිල බැලුවොත් මගේ ළමා කාලේ විජය තරම් බලපෑමක් ඇති කරපු කිසිම පත්තරයක් නැහැ. ලියන්න ,හිතන්න , නිර්මාණ කරන්න , දැනුම හොයන්න විජය තරම් මාව උනන්දූ කරපු කිසිම පත්තරයක් නෑ. ලේක්හවුස් එකෙන් ආව මිහිරට නොතිබුනූ වර්ණවත් , විනෝදශීලී ,නිර්මාණශීලීත්වයක් විජයට හැමදාම තිබුනා. ඒ නිසාම වෙන්න ඇති මිහිර , පත්තරෙන් Epaper එකකට මාරු උනත් විජය තවම නොනැසී පත්තර ලෑල්ලේ ඉන්නේ.

හිඟුල්වල දිසානායකගේ සහ පියල් උදය සමරවීරගේ සුප්‍රකට චිත්‍රකතා ද්විත්වය.


 යාන්තම් අවුරුදු 10-11 වෙනකොට පත්තරකාරයෙක් හරි පුවත්පත් කාටූන් ශිල්පීයෙක් හරි වෙන්න ඕන කියලා බලාපොරොත්තුවේ බීජයක් මගේ හිතේ පැළ කලෙත් විජය පත්තරේ. ඒ විකාරේ කොච්චර උඩු දිව්වද කියනව නම් ගයත්‍රී සමරවීරට , පියල් උදය සමරවීරට , දුමින්ද සංජීව බාලසූරියට පවා මම විජය කතුමඬුල්ලේ 011-2479224 සහ 011-2479228 අංක දෙකෙන් අනේක පාරක් අමතලා ඇති. 2008 අගෝස්තුවේ මගේ පළවෙනි ළිපිය "කොරල්පර " නමින් පළ උනෙත් ගයත්‍රී සමරවීරගේ උපකාරයෙන්. මේ හැමදේම පටන් ගත්තෙත් එතැනින්.

ඉතින් "විජය "  අවුරුදු 46 කියන්නේ බොහෝම දිගු කාලයක්. මේ සුහුරු ලෝකයේ තවත් කල් විස්මය දක්වන්න , සතුට පතුරන්න , දැනුම වපුරන්න , හීන පණගන්වන්න ශක්තියම ලැබේවා.


Comments

  1. ❤️ ඒ කාලේ අම්මා පත්තරේ ගේනකන් බලාගෙන ඉන්නේ 🥺

    ReplyDelete
  2. අපේ කාලෙ Google eka.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සිසූ විරුවෝ රැවටුනාද ?

I went back to Ibiza

මෝඩම මෝඩ තරිඳු