නියත ජනපතිට කරදරයක්
දයාබර නාමල්, අත්අඩංගුවේ බව ආරංචි උනා.මේ අකුරු ලියවෙන්නෙත් කඳුළු වැටෙන ගමන්.සමහර අකුරු බොඳ වෙලා ඇද වෙලා තිබුනොත් ඒ කඳුළු වලට කියලා මතක තියාගන්න.අල්ලස් කොමිසමෙන් එන්න කීව දවසට වෙන වැඩක් තියෙන නිසා තවත් දවසක් ඉල්ලපු බව උසාවියේ උන්න මිත්‍රයෙක් මට කීවා. වෙනදනම් ගෙදරට ඇවිත් නේ ප්‍රකාශය සටහන් කරගන්නේ. දැන් මූං එක්ක බෑනෙ ඒ මොකුත්. එදාටම එන්න කීවලු නේද ? හදිස්සියේ එන්න කීව නිසා වෙන්න ඇති ඔයා එක්ක පොඩි පිරිසයි අල්ලස් කොමිසම ළඟට ඇවිත් තිබුනේ.ඒකට ඒ කාලේ අවුරුදු හැත්තෑවේ ජේෂ්ඨ ඇමතිලත් "සර්" කියලනේ කීවේ.ඔන්න නාමල් කාලයේ වෙනස....!!! දින 52 ආණ්ඩූ සමයේ අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබා දීමට ආ නාමල්. දැන් ඇපේට මොකද කරන්නේ ? ජාති භේදය හරියන්නෙත් නෑ , කොටි නැඟිටිම හරියන්නෙත් නෑ , කොටින්ම දේශපාලන පළිගැනීමක් කියන එක ගැළපෙන්නෙම නෑ.ඕන නම් බන්ධනාගාරයේදි ජිවිත තර්ජන තියනවා කියන්න පුලුවන් . ඒකත් කොයිතරම් කාලයක් අල්ලලා හිටීද දන් නෑ. හිරේ හිටියත් ඔයාගේ ගැම්මට මම සලිත වෙනවා.ඊයේ ඔයාගේ පාර්ලිමේන්තු කතාවට මට හිරිගඬු පිපුනා.නඩූ 17 ත...