Posts

Showing posts from June, 2026

දේශප්‍රේමියෝ !!!!!

Image
 මගේ විශ්වවිද්‍යාලයේ සමකාලීන මිත්‍රයෙක් එංගලන්තයේ තමන්ගේ මාස්ට(ර්)ස් ඩිග්‍රී එක කරන්න ගිහින් ඉන්නේ. ඔහුට මගේ තවත් ලංකාවේ ඉන්න මිතුරෙක් කීව  "අපරාදේ උඹ මාස්ටර්ස් කරන්න එංගලන්තේ ගියේ. අනුර මෙහෙ ලංකාව එංගලන්තය වගේ හදනවා."  මෙතන ඔහූගේ උපහාසාත්මක (Sarcastically ) ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ අනුර කුමාර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවට විරුද්ධ මත අතර තවත් මතයක්. ඒ ප්‍රකාශය කරපු මිත්‍රයගේ දේශපාලන භාවිතය , ආර්ථිකය ගැන අදහස , ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ක්‍රියාපටිපාටිය පිළිබඳ විවේචනය කිසිවක් මම දන්නේ නෑ. ඒත් අනුරට විරුද්ධ තවත් මතයක් කියන අදහසෙන් මම මේ වචන ටික කියන්නම්. ඔහුට පිළිතුරක් විදියට මම ශ්‍රේෂ්ඨ Mark Twain ගේ අදහසක් උපුටලා දැක්වූවා. ඒක ඔහුට වැටහුනාද නැද්ද කියලවත් මම දන් නෑ. මේ ප්‍රකාශයෙදි Mark Twain අර්ථ දක්වනවා දේශප්‍රේමීත්වය (Patriotism ) ගැන. "Patriotism is the supporting your country all the time and your government when it deserves."  "දේශප්‍රේමීත්වය යනු සිය රටට සෑම විට සහයෝගය දැක්විමයි. නමුත් ඔබ ආණ්ඩුවට සහයෝගය දැක්විය යුත්තේ එවන් සහයෝගයක් ලැබිමට ආණ්ඩුව සුදුසු නම් පමණි....

කුඹියෝ

Image
 මේ තියෙන්නේ කුඹියෝ එකේ මට හිතෙන විදියට වැදගත්ම දර්ශනේ. ජෙහාන් ප්‍රියන්ත දිහා මුලින්ම  බලන්නේ හරියටම මෙතනදි. අපි කතාවට කියනවා වගේ rest is history . කුඹියෝ ගැන , ලක්මාල් ගැන අවුරුදු බර ගාණක් මිනිස්සූ දේවල් ලියනව , කතා කරනවා , සංවාද පවත්වනවා.  ඒත්.... තාමත් හිතුනම පළවෙනි කොටසේ ඉදන් අන්තිම කොටස වෙනකන් එක දිගට කුඹියෝ බලලා ඉවර කරනවා . අපේ ජිවිතේ එක එක හංදි පහු කරගෙන ඇවිදගෙන යනකොට ඒ ඒ මොහොතට ගැළපෙන හැඟිමක නේ අපි ජිවත් වෙන්නේ. මට නම් ඒ ගොඩක් වෙලාවට කුඹියෝ නාට්‍යේ මොහොතකුත් හරියටම සමපාත වෙනවා. කතාවේ දෙබස් වචනෙන් වචන කටපාඩම් තිබුනත් එහෙම බලන්නේ කතාවට වඩා කතාව සැරින් සැරේ දැනෙන විදිය රසවිඳින්න. 2017-2018 ආපූ කතාවක් තාම අපි බලන්නේ අන්න රහට වෙන්න ඇති.  මට තනිකම , පාලුව  උතුරලා ගිහින් හිස්කමකින් ජිවිතේම පිරෙන වෙලාවක අම්මෙක් නැතුව අප්පෙක් නැතුව කාගෙද කියලා නොදන්න ගරා වැටුන බිල්ඩිමක ගේම් ගහන ජෙහාන්ව දැනෙනවා.අනෙක් පැත්තෙන් ලොකු මිනිහෙක් වෙන්න ,  මමත් කලිසන් අදින මහත්තයෙක් කියලා ගමට පෙන්නන්න වෙරක් යොදන හරකෙක් වගේ අවංක මහඋල්පතගම ප්‍රියන්තව  දැනෙනවා.  ඔවුන්ගේ හැලහප්...

සොනික් සොනික්

Image
සුරේෂ් සලේ මුලින්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA)  රඳවා ගැනිමේ නියෝගයක් එක්ක තියාගන්නේ 2025 පෙබරවාරි 25 වෙනිදා . දින තුනක රැඳවුම් නියෝගය අවසානයෙ CID විසින් තවත් දින අනූවක රැඳවූම් නියෝගයක් ලබාගන්නවා පෙබරවාරි අවසානයේ. දැන් ගෙවෙන්නේ සලේ රඳවා තබා ගැනිමේ අවසාන අදිරයට. ඒ කාල සීමාව පුරාම සලේ හෝ ඔහූගේ පවුලේ උදවිය CID විසින් සලේට වධ හිංසා පමුණුවන බවක් පැමිණිල්ලක වත් සඳහන් වෙලා නැහැ. ඒත් හදිස්සියේම ජූනි 3 වෙනිදා නන්දසේන ගෝඨාභයට ගුවන් ගමන් තහනමක් වැටෙනවා. ජුනි 5 වෙනිදා සලේ මාරාන්තික උපවාසයක් ආරම්භ කරනවා..ඔහූ අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ හඬා වැළපුන බව පුවත්පත් උපුටමින් දක්වා තිබුනා. ඒ එක්කම වීරවංශ , ගම්මන්පිල , සරත් වීරසේකර , දිලිත් ජයවීර  , චන්න ජයසුමන වගේ දේශපාලන අනාථයෝ පිරිසක් "අපි සලේ සමඟයි" කියමින්  හඬක් නඟමින් සිටිනවා , බෝධි පූජා පවත්වනවා , සෙත් කවි කියනවා , සලේ නැත්නම් මම ගිනි තියාගන්නවා කියනවා . එකම කලබලයක් පෙන්නුම් කරනවා. දැන් මේ ප්‍රශ්නය සරලව තේරුම් ගනිමු. ඇයි සලේව අත්අඩංගුවට ගත්තේ  ඔහුව ගන්න තිබ්බ ප්‍රධානම සාක්කිය , 2023 නිෂ්පාදනය වූ Chanel 4 වාර්තා වැඩසටහනේදි කලක් පිල...

තෙල් මිල සහ අපි

Image
 තෙල් මිල වැඩිවිමත් එක්ක පුදුම විදිහේ කතාබහක් ලංකාවේ ඇතුවෙලා තියනවා. මට රටේ දේශපාලනයේ ගලා යෑම ගැන පෞද්ගලික අදහසක් තිබුනත් ඒ දේශපාලනය ගැන මොහොතකට නොහිතයි මේ ලිපිය ලියන්නේ. මැයි 29 මධ්‍යම රාත්‍රීයෙන් පස්සේ ඩීසල් ලීටර් එකක් 407/= ත් ,පෙට්‍රල් ලීටර් එකක් 434/= දෙන්න සිද්ධවෙන බව CPC එකෙන් කියලා තිබුනා. ඊට හරියටම දවසකට කලින් IMF සමාලෝචනය අවසානයේ ඇඩොමි 695 ලැබෙනවත් එක්කම අපට පැහැදිලි වෙලා තිබුනා නැවත තෙල් මිල ඉහළ යන බව. එයාට මෙයාට ඇඟිල්ල දික් නොකර මේ සිද්දියේ විකාශනය අපි පොඩ්ඩක් තේරුම් ගමු. එකෙන් මේ ප්‍රශ්නය දකින විදිහ වෙනස් කරගන්න පුළුවන් වෙයි අපිට. * 2022 අප්‍රේල් මැයි මාසේ වෙනකොට ගෙවිය යුතු ණය මුදල් නොගෙවීම නිසා ලංකාව බංකොලොත් වූ බවට නිල වශයෙන් Moody's සහ fitch ආයතන දෙක නිවේදනය කරා. * ඒ මොහොතේ රටේ උද්දමනය 70% ආසන්නයි. * 2023 මාර්තු වෙනකොට ජනාධිපති වික්‍රමසිංහගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක උනු කණ්ඩායම මුලින්ම EFF (Extend fund facility ) හරහා බිලියන තුනක් රටේ සාර්ව ආර්ථික අංශය (macroeconomics) සහ  මුල්‍ය ස්ථාවරත්වය (fiscal sustainability ) පවත්වාගැනිමට වැය කළා. * 2024 වන විට IMF උපදෙස්...