අදට අවුරුදු 56 එහායින් , අවුරුදු දහයක් මහන්සි උනූ "ඇපලෝ" මෙහෙයූමේ 11 වෙනි අදිරය සාර්ථකව අවසන් කරගන්න නාසා ආයතනයට හැකි උනා.
![]() |
වමේ සිට ආම්ස්ට්‍රෝන්ග් ,කොලින්ස් සහ බස් ඕල්ඩ්‍රින් |
අභ්‍යවකාශයට මුලින්ම මනුෂ්‍යයෙකු යැවීමේ තරගයෙන් සොවියට් දේශය ඉස්සරහා පරාද උනූ එක්සත් ජනපදය , කෙනෙඩි ජනාධිපතිවරයාගේ පෞද්ගලික ඉල්ලීම මතම ඇපලෝ මෙහෙයූම කඩිනම් කරන්නට යෙදුනා. එහි ප්‍රතිඵලයක් විදියට 1969 ජූලි මස 16 දින ආරම්භ වුනු ඇපලෝ 11 මෙහෙයූම දින 8 පැය 3 විනාඩි 18 පස්සේ සාර්ථකව අවසන් කරගත් ආම්ස්ට්‍රෝන්ග් ප්‍රමුඛ අභ්‍යවකාශගාමීන් තිදෙනා 1969 ජුලි මාසේ 24 දින පැසිෆික් සාගරය හරහා පෘථිවියට පැමිණියා.
මේ කෙටි සටහන වසර 56 පිරෙන මානව ඉතිහාසයේ සුවිශේෂිම පිම්ම වූ සඳ ගමන පිළිබඳවයි.
![]() |
සැටර්න් -5 රොකට්ටුව , කෙනෙඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කිරිම. |
මම මුලින් කී විදියටම සොවියට් සමුහාණ්ඩුවේ සමාජවාදි කඳවුරත් , එක්සත් ජනපදයේ ධනවාදි කඳවුරත් පනහේ දශකය වෙනකොට ආර්ථිකමය යුද්ධයෙන් , බලයෙන් තවත් එහාට ගිහින් අභ්‍යවකාශය ජයග්‍රහණය කිරිමත් , ඉන් පසූව සඳ තරණයටත් සටන් කරමින් සිටියා.ඒ ලැබෙන ගෞරවය වෙනුවෙන් යටිබිබ්ගත සීතල යුද්ධයක් පැවතුනා. සුප්‍රකට Cold war විදියට හඳුන්වන්නේ මේ රාජතාන්ත්‍රික එදිරිවාදිත්වය.
එක්සත් ජනපදය මේ වෙනුවෙන්ම ඇපලෝ ප්‍රධාන මෙහෙයූම දියත් කළේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පසූව ඔවුන් අත්කරගෙන් සිටි මහා ධනයේ ආනූභාවයෙන්. ඇස්තමේන්තුගත ආකාරයට ඇපලෝ 11 වෙනුවෙන් එක්සත් ජනපද භාණ්ඩාගාරය ඇමෙරිකානූ ඩොලර් බිලියන් 24.5 වියදම් කරලා තිබුනා. වර්තමානයේ මුදලේ අවප්‍රමාණය අනූව ඒ මුදල ඇමෙරිකානූ ඩොලර් බිලියන් 150 ආසන්නයි. මීට අමතරව කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සහ හූස්ටන් පාලන මැදිරිය ඇතුළු ස්ථානවල 2000 ආසන්න ප්‍රමාණයක් මෙහෙයූමට සම්බන්ධ වුනා.
![]() |
නීල් ආම්ස්ට්‍රෝන්ග් ලබාගත් එඩ්වඩ් ඕල්ඩ්‍රින්ගේ ඡායාරූපය |
මේ ව්‍යාපෘතියට ඇපලෝ (Apollo) යන්න යෙදිමට හේතුව විදියට නාසා ආයතනය පවසන්නේ , ග්‍රීක මිත්‍යාකථා වලට අනූව ආලෝකයට සහ සංගීතයට අධිපති දෙවියා වූ ඇපලෝ සිහි කරවිම බවයි. එක්සත් ජනපදයෙන් ඇරඹි ඇපලෝ මෙහෙයුමෙන් 11 අති සාර්ථක වුනත් , 1967 ජනවාරි මස සිදු කළ ඇපලෝ 1 මෙහෙයූම ආසාර්ථක වුනේ අභ්‍යවකාශගාමීන් තිදෙනාම පෙර පුහුණුවකදි ඇතිවූ ගින්නකින් මරණයට පත්විමෙනි. ඒ වගේම සඳ ගමනෙන් පසුව 1970 අප්‍රේල් මස සිදු කළ ඇපලෝ 13 ගමනේදි ඔක්සිජන් ටැංකියේ ඇතිවූ පිපිරිමක් හේතුවෙන් නැවත රොකට්ටුව පෘථිවියට කැඳවනු ලැබූවා. එහි ජිවිත හානි සිදු නොවුනද ඉතිහාසයට එක් වූවේ අසාර්ථක මෙහෙයුමක් ලෙසයි. ඒ නිසා 1969 සඳ ගමන කිසිම විදියක අහම්බයක් නෙවෙයි . ධනය , ජිවිත සහ කාලය වැය කරමින් දැනුම මතම වර්ධනය වුනු ක්‍රියාවලියක්.
නැවත 1969 ජුලි මෙහෙයුමට අපි යොමුවෙමු.
නීල් ආම්ස්ට්‍රෝන් - කමාන්ඩර්
එඩ්වින් බස් ඕල්ඩ්‍රින් - ලූනා මොඩලයේ නියමූවා
මයිකල් කොලින්ස් - මව් යානයේ නියමූවා
![]() |
එක්සත් ජනපද ධජයට පිටුපසෙන් තිබෙන්නෙ ලූනා මොඩලයයි. |
නාසා ආයතනයේ එවකට ප්‍රධාන මෙහෙයුම් නිලදාරියා වුනු Deke Slayton විසින් සෑම ඇපලෝ මෙහෙයුම් කණ්ඩායමක් වෙනුවෙන්ම අතිරේක (Backup) කණ්ඩායමක් නිර්මාණය කර තිබුනා. ඒ අනුව ඇපලෝ 7 අතිරේක ඛණ්ඩය (Backup crew) ඇපලෝ 10 මෙහෙයූමේ ප්‍රධාන නියමූ බලකාය විදියටත් , ඇපලෝ 8 අතිරේක ඛණ්ඩය ඇපලෝ 11 මෙහෙයූමේ ප්‍රධාන නියමූ බලකාය විදියටත් සේවය කරන්නයි මුලික සැලැස්ම තිබුනේ. අපේ කතා නායකයන් තුන්දෙනා මුලින්ම ඇතුළත් වෙලා තිබුනේ ඇපලෝ 9 මෙහෙයුමේ අතිරේක ඛණ්ඩයට , ඒ නිසා ඔවුන් ඇත්තටම පියාසර කරන්න තිබුනේ ඇපලෝ 11 සමඟ නෙවෙයි ඇපලෝ 12 සමඟ. ඒත් අවසාන මොහොතේ නාසා ආයතනයේ අභ්‍යන්තර තීරණයක් අනූව ඇපලෝ 8 සහ 9 අතිරේක ඛණ්ඩ එහෙම නැත්නම් Backup crews එකෙනක හුවමාරු කරා (Swap) . අන්න ඒ නිසයි නීල් ආම්ස්ට්‍රෝන්ග් ප්‍රමුඛ කණ්ඩායමට මේ අමරණීය මොහොතට සහභාගි වෙන්න ලැබුනේ.
ජර්මන් ජාතික වර්නර් වොන් බ්‍රෝන් නිපදවූ සැටර්න් -5 රොකට්ටූවෙන් ෆ්ලෝරීඩා හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙ LC-39A launching pad එක යොදාගෙන ආම්ස්ට්‍රෝන් ප්‍රමුඛ අභ්‍යවකාශගාමීන් ජූලි 16 දින පෘථිවියෙන් පිටත් උනා. අදියර තුනක් යටතේ සැටර්න් - 5 රොකට්ටූවේ detachments (වෙන්වී යෑම් ) සිදුවුනු අතර අවසානයේ Lunar module සහ command module නොහොත් කොලොම්බියා යානය සඳෙ ගුරුත්වයට ඇතුළත් උනා. ඒ service module ඉවත් වීමෙන් පසූව.
![]() |
මයිකල් කොලින්ස් කොලොම්බියා යානය තුළදි. |
Lunar module Eagle : නීල් ආම්ස්ට්‍රෝන්ග් සහ එඩ්වඩ් බස් ඕල්ඩ්‍රින් සිටි කොටස. සඳට සැබැවින්ම ගොඩ බෑම කළේ මේ කොටසයි. ජර්මන් ජාතිකයන්ගේ නිෂ්පාදනයක් වු මෙය. ප්‍රධාන මෙහෙයුමේ අවසන් අදිරයේදි සඳෙහි කක්ෂයෙදි අතහැර දැමූවා.
Command module : නොහොත් කොලොම්බියා යානය. මයිකල් කොලින්ස් විසින් පැදවූ මෙය. පැය විසි එකක් පුරාවට සඳ මත වූ ගවේෂණය තෙක් සඳෙ කක්ෂය වටා කරකැවෙමින් සිටියා. lunar module නැවත පැමිණෙන විට. නිවැරදිව යානා දෙක සම්බන්ධ කරගැනිමේ වගකීම තිබුනේ කොලින්ස් ප්‍රමුඛ කොලොම්බියා යානයටයි.
ගොඩ බැසීමට පෙරාතුව අවසාන වෙන් වී යෑම සිදු වූවේ Lunar module සහ Command module අතරයි. ඒ සමඟ සඳෙ ගුරුත්වය යටතේ ආම්ස්ට්‍රෝන්ග් සහ බස් ඕල්ඩ්‍රින් Lunar eagle ය සඳට ගොඩ බැසිම සාර්ථකව සිදු කළා.
Eagle යානය සඳට ගොඩ බැසිම සිදුකළ විටම නීල් ආම්ස්ට්‍රෝන් සිය රේඩියෝ පණිවිඩය නිකුත් කළා.
"Eagle has landed."
එතැන් සිට පුරා පැය විසි එකක් සඳෙහි වූ පාෂාණ සහ පස් සාම්පල රාත්තල් 42.7 පමණ එකතු කරගත් අහ්‍යවකාශගාමීන් දෙදෙනා පසුව එක්සත් ජනපද ධජය සඳ මත සිටවනු ලැබුවා. නීල් ආම්ස්ට්‍රෝන්ග් විසින් බස් ඕල්ඩ්‍රින්ගේ ඡායාරූපයකුත් ගනු ලැබුවා. පෘථිවියෙන් මෙහි පැමිණි බවට පණිවිඩයකුත් සටහන් කළා.
එවකට එක්සත් ජනපද ජනාධිපත් රිචඩ් නික්සන් හූස්ටන් පාලන මැදිරිය හරහා අභ්‍යවකාශගාමින්ට දුරකතන ඇමතුමකුත් ලබාදිලා ඒ එක්කම සුබ පැතුවා. මේ වැඩේ ඇතුළෙන්ම එයාගේ දේශපාලන වැඩකුත් එයා හෙමින් සීරුවේ කරගත්තා.
පසුව නැවත සඳෙන් Columbia module සමඟ සම්බන්ධ වූ අභ්‍යවකාශගාමීන් දෙදෙනා (ආම්ස්ට්‍රෝන්ග් සහ බස් ඕල්ඩ්‍රින්) කොලොම්බියා යානය තුළට පැමිණ මයිකල් කොලින්ස් සමඟ සම්බන්ධ වෙනවාත් එක්කම Luna module ඉවත් කළා. නැවත සඳෙ ගුරුත්වයෙන් ඉවත්ව දින දෙක හමාරකට පසුව පෘථිවි කක්ෂයට පැමිණි වීරයන් තිදෙනාව එක්සත් ජනපද නාවික හමුදාව විසින් පැසිෆික් සාගරයේදි සුරක්ෂිතව පිළිගනු ලැබුවා. ඇපලෝ 11 මෙහෙයුම සාර්ථක වූ බව නාසා ආයතනය ඒ එක්කම නිල වශයෙන් නිවේදනය කළා.
මේ මෙහෙයුමේ වැදගත් කරුණක් තියෙනවා. සඳ ගමන සිදුවන විට නාසාව සතුවු බොහෝ පරිඝණකවලට තිබුනේ ඉතාම අඩූ ධාරිතාවයක් . මුලාශ්‍ර සඳහන් කරන ආකාරයට මයිකල් කොලින්ස් විසින් පාලනය කළ Command module හි වු පරිඝණකයේ මතකය 4 KB . එ නිසා එකල සිදුවු බොහෝ මෙහෙයුම් වෙනුවෙන් ගණනය කිරිම් සිදු කළේ අති දක්ෂ මිනිසුන් යොදාගනිමිනි. මාග්‍රට් හැමිල්ටන් කියන්නේ Apollo 11 ව්‍යාපෘතියේ Navigation and Guidance ගණනය කළ Colossus කණ්ඩායමේ ප්‍රධානිය ලෙස කටයුතු කළ කාන්තාව. ඔවුන් Human calculators යොදාගෙන සියලූම ගණනය කිරිම් නැවත නැවත සිදුකළ අතර එවැනි ගණනය කිරිමකදි සිදුවන කුඩා අංශු මාත්‍රීය වෙනසක් මුලු මෙහෙයුමම අනතුරේ හෙළිමක් මෙන් විය. මේ ඇපලෝ 11 මානව ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ගමන වන්නේ අන්න ඒ නිසයි. ඒ වගේම මේ මෙහෙයුම සමඟ STEM විෂයන් , නව නිපැයූම් සහ අත්හදා බැලීම් පිළිබඳව ලෝකයේම අමුතු උද්දීපනයක් ඇති විය. එතැන් ඉදලා අවුරුදු 40 පුරාවට ලෝකයේ ඇතිවූනූ තාක්ෂණික ත්වරණයට මේ සඳ ගමන බලපෑවේ අන්න ඒ විදියටයි.
ප.ලි :
ඇපලෝ 11 මෙහෙයුමට සම්බන්ධ අභ්‍යවකාශගාමීන් තිදෙනාගෙන් මයිකල් කොලින්ස් සහ නීල් ආම්ස්ට්‍රෝන්ග් මියගොස් ඇති අතර එඩ්වස් බස් ඕල්ඩ්‍රින් පමණක් තම 95 විය ගෙවමින් ජිවත් වේ.
මනුජය තෙන්නකෝන්
2025-07-20
Nicely written and very informative
ReplyDeleteThank you
Delete