ආචාර්ය උපාධි හදාරන මාගේ ආදරණීය මිතුරු මිතුරියන් වෙතටයි.
මගේ ඥාති සහෝදරිය රසායනික විද්‍යාව සම්බන්ධ ආචාර්යවරියක්. රංවල වගේ නෙවෙයි ඔරිජිනල් ඩොක්ටර් කෙනෙක්. ඈ ළඟකදි යූරෝපානූ සංචාරයකට ගිහින් ඇවිත් මට කතාවක් කිව්වා.
එයත් එක්ක ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක රසායනික විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් හිමි සුදු ජාතික මිතුරියක් බෙල්ජීයමෙදි මුණ ගැහුනලු.
පැය දෙකක ගමනකින් පස්සේ ඇය ඇවිත් හම්බවෙලා , ආගිය විස්තර කතා කරලා , පරණ සිද්ධි මතක් කරලා සතුටු උනාලු.
බෙල්ජියම කොහොමත් සංවර්ධනය කියන සීලීමේ ඔලුව වැදී වැදී ඉන්න නිසා මම හිතුවා සුදු මිතුරිය ලොකු රස්සාවක් කරනවා ඇති කියලා. ඇයි PHD එකකුත් තියාගෙන නේ.
"එයා මොකද කරන්නේ එහේ ?"
කුතුහලය පිරුණු ප්‍රශ්නයක්.
"එයා එහේ Health App එකකට චිත්‍ර අදිනවා.එයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්."
PHD එක ගෙදර තියලා නම නොදන්න මිතුරිය තමන්ගේ passion එක පස්සේ දුවනවා. පුදුමයි !!!!
මම තව ප්‍රශ්නයක් ඇහූවා.
"ඒකට හොඳට ගෙවනවද ?"
අක්කා හිනා උනා.
රටක් හැදෙනවනම් ඒ ගාණටවත් හැදෙන්න ඕන.දියුණුයි කියලා කටපුරා කියන්න පුළුවන් එහෙම උනාම.
මනුජය තෙන්නකෝන් .

Comments
Post a Comment