Posts

Showing posts from April, 2026

පසුනොබසින ජයවර්ධන

Image
ජයවර්ධන ජනාධිපති තරම් ලංකා ඉතිහාසයේ කතා බහට ලක්වන දේශපාලනඥයෙක් නැති තරම් .ජයවර්ධන කළ කී දෑ ගැන විවේචන , විචාර ,අවලාද , අපවාද මෙන්ම ගුණ ගැයීම් කොතරම් තිබුනද තවමත් එජාපය පවා දුවන්නේ ජයවර්ධන ගොඩනැගු ප්‍රතිසංස්කරණ මත වීමම අරුමයකි. මගේ කල්පනාව නම් රනිල් වික්‍රමසිංහ නික්ම යන්නේ යම් දිනකද , එතැන් සිට ජයවර්ධනගේ දේශපාලන ධාරාවද මෙරටින් අතුරුදහන් වී යනු ඇත.  ජයවර්ධන යනු සැබවින්ම දක්ෂ මිනිසෙකි. ඔහු විජේවර්ධන පවුලට මව් පාර්ශවයෙන් ඥාතීත්වය දරමින් උපන් අයෙක් බැවින් බොහෝ දෙනෙක් ඔහුව හැඳින්වූවේ රීදී හැන්ද කටේ තබා උපන්නෙක් ලෙසයි. එහෙත් ඔහුගේ දේශපාලන චාරිකාව කෙදිනකවත් ඒ සමානව සුමට වූවේ නැත. ඔහූ ඩී.ඇස් සේනානායක ආණ්ඩූවේ මුදල් ඇමතිවරයා ලෙස 1948 පත් වූ බව සැබෑය. එහෙත් ඩඩ්ලි සේනානායක මියයන තුරාවට ජයවර්ධනට එජාපයේ බලයවත් තහවුරු කරගැනිමට නොහැකි විය. සර් ජෝන් ඔහුගේ විදග්ධභාවයට ගරු කළද කිසිදිනක ඔහූ රටේ නායකයකු වේයැයි විශ්වාස නොකළේය , ඩඩ්ලි සේනානායක සහ ජයවර්ධන හතළිහ දශකයේ අග සිට ප්‍රාණ සමාන මිතුරන් වූවත් කිසිදිනක ජයවර්ධනව විශ්වාස නොකළේය. සෑමවිටම ඩඩ්ලි පක්ෂයේ සේම ආණ්ඩූවේ පවා බලය සිය යටතේ තබාගත් අතර ජයවර්ධනව 1970...

ලියූමක් !!!

Image
                                            මනුජය තෙන්නකෝන්                                              2026-4-17,                                               ඔබ නොදන්නා දේශයක සිට මාගේ පැරණි  පෙම්වතියින් වෙතටයි. අපිට ජිවිතේ එක එක කාල වල පෙම්වතියෝ එහෙම නැත්නම් ආදරයන් හම්බෙනවා නේ. බදාදා හවස ගමේ ගණන් පංතියෙදි , ඉරිදා උදේ දහම් පාසලේදි  , සතියේ දවස් පහේ ඉස්කෝලෙදි , කැම්පස් තේරුනා නම් කැම්පස් එකේදි , උදේ හවස යන එක බස් එකේ එහෙමත් නැත්නම් කිටි කිටියේ තද වුනු කෝච්චි පෙට්ටියෙදි , පොඩි ඉන්ටර්න්ශිප් එකකට ගියාම සුවඳ හමන  ඔෆිස් එකෙදි , උණූ කෝපි සුවඳ සංගීතයක් වගේ දැනෙන කෝපි අවන්හල්වලදි එකී මෙකී නොකී තැන්වලදි පෙම්වතිය හම්බෙනවා .අපි ඔවුන්ට  ප...

යුධ අපරාධ

Image
 ලෝකයට මහා සාමයක් ලැබෙන ආකාර දෙකක් ලෝක ඉතිහාසයේ දකින්න පුළුවන්. එක ආකාරයක් මහා යුද්ධයක් අවසානයේ මරණ , වේදනාව , දුක මැදින් උපදින සාමයේ සෙවණැල්ල. දෙවන ආකාරය එක්සත් ජනපදයට නව ජනාධිපතිවරයෙක් තේරීපත්වී ගෙවෙන සුහුඹුල් අවදියේ උපදින සාමය. ලෝක සාමයට එක්සත් ජනපදයේ ආස්ථානය ,හැසීරීම කොයිතරම් බලපානවද කියන්න ඊටත් වඩා හේතු අවශ්‍යය නැහැ. Noam chomsky වරක් කියනවා  Nuremberg නීතීය එක්සත් ජනපද ජනාධිපතිවරුන්ට ක්‍රියාත්මක වන්නේ නම්  ජීමී කාටර් හැරෙන්නට අනෙක් බොහෝ ජනාධිපතිවරුන් එල්ලා දැමීමට තරම් චෝදනා ඔවුන්ට ඇත. නමුත් ඔවුන්ගේ වාසනාවට සහ අපේ අවාසනාවට එක්සත් ජනපදය වැන්නවුන්ට Nuremberg හෝ මානූෂීය නීතීය යටතේ නඩු පැවරෙන්නේ නැත.  කැම්බෝඩීයානූ බෝම්බ ප්‍රහාරය. මේ නිසාම මම සොයා බැලූව එක්සත් ජනපද අධිපතිවාදීන්ගේ යුධ අපරාධ ගණයට වැටෙන යුධ මැදිහත්වීම්හි සහ මිලිටරී මැදිහත්වීම් ලැයිස්තුව පිළිබඳව, දෙවනි ලෝක යුද්ධයේ ටෲමන් ජනාධිපතිවරයාගේ සිට ට්‍රම්ප් දක්වා මේ ලැයිස්තුව දිගහැරී ඇත. හැරී ටෲමන්  ජපානයට පරමාණූ බෝම්බය අතහැරීමට අණ දීම , ඒ හරහා ජපානයේ ලක්ෂ දෙකකට ආසන්න සිවිල්  ඝාතන සිදුකිරීම.  අයිසන්...

ට්‍රම්ප්ගේ ආතතිය.

Image
 ට්‍රම්ප් තවත් සති දෙකක් මහා ප්‍රහාරය (Ultimate destruction  ) ඇද ගත්තා. ඔහූ පෙරේදා පළකරපූ Truth  social පණිවිඩය දැක්කම නම් හිතුනෙම ඔහූ යම් ප්‍රහාරයක් අද දෙයි කියලා. ජනාධිපතිවරයකුට නොගැළපෙන පන්නයේ වචන භාවිතයකින් පළකරපූ ඔහූගේ පණිවිඩයෙන් තේරෙනවා ඔහු ඉන්න ආතතිය පිළිබඳව . ට්‍රම්ප්ව උපහාසයට ලක්කල කාටූනයක්.  විශේෂයෙන්ම ප්‍රංශ මාධ්‍යක් වාර්තා කරලා තිබුනා දින තුනකට ඉහතදි ට්‍රම්ප් රෝහල් ගතකළ බවකුත් . නමුත් සැණෙන් එය ධවල මන්දිරය ප්‍රතික්ෂේප කළත් , අවුරුදු අසූවක මහල්ලෙකුට දැරිය නොහැකි පීඩනයකට ඔහූ අසූවී ඇති බව දැන් පැහැදිලි . පසුගිය මාර්තු 26 සිට ඔහූ එල්ල කරන්න බලාපොරොත්තු වෙන අවසන් ප්‍රහාරයට හෝ ගොඩබිම් ආක්‍රමණයට එක්සත් ජනපද ඉහළ හමුදා නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් අකමැත්ත පළ කිරිමත් , පීට් හෙග්සෙත් විසින් උසස් හමුදා නිලධාරීන් පිරිසක් තනතුරු වලින් ඉවත් කිරිමත් නිසා එක්සත් ජනපද අභ්‍යන්තරයෙත් යම් සෙළවිමක් වී ඇතිබව පෙනෙන්න තියනවා.  එක්සත් ජනපද යුධ ලේඛම් පීට් හෙග්සෙත්. ඉරානය තවමත් අමූ සොහොනක සටනේ(Death ground game) නියැලෙමින් තමන්ට ඊශ්‍රායල , එක්සත් ජනපද ප්‍රහාරවලින් සිදුවන ...

සතුට

Image
ජිවිතේ පොඩි පොඩි දේවල් වලින් සතුටු වෙන්න කියලා පොත පතෙන් උගන්නලා තිබුනට කවදාවත් ඒක කරන්න ඕන කියලා මට දැනිලා තිබුනේ නෑ.  ඒත් හිස්කමක් , තනිකමක් දැනෙන මොහොතක හැඟෙන්න ගන්නවා , ජිවිතේ දින සති මාස ගෙවන්න මහා ජයග්‍රහණ , දූර සැතපූම්, බර හීන, උස සම්මාන විතරක්  ප්‍රමාණවත් නොවෙන බව.   එහෙම හිස්වෙන ජිවිතයකට ඕන කරනවා පොඩි පොඩි සැමරුම් , සරල විනෝදය , සංකීර්ණ නොවන සංවාද , හිත නිවෙන සංගීතය , දිව හිත පිරෙන වීදී කෑමක සුවඳ , බරසාර දේශපාලන වැඩසටහන්  වෙනුවට බොළඳ චිත්‍රපටයක රස  කොටින්ම  පොඩි පොඩි සතුට පිරුණූ ඒත් පොහොසත් මතක . මට එහෙම කෙනෙක් විදියට හැමදාම මතක් වෙන්නේ FRIENDS කතාමාලාවේ Joe Tribiani. මට දැන් හිතෙන්නේ එතන වැඩියෙන්ම ජිවිතේ වින්දේ ඔහු කියලා. අවාසනාවකට  අපි දකුණු ආසියාතිකයෝ  විදියට ම එහෙම පුංචි දේවල්වලින් සතුටු වෙන්න පුරුදු වෙලා නෑ. මම ඔබ අපි හැමෝම එහෙමයි. අපිට සතුට දැනෙන්නේ උසස්ම කියන විභාගයක උඩම සාමාර්ථය ගත්තම , වීදූරු කැටේ වගේ වාහනයක් පැද්දම , පාස්පෝට් එකත් එක්ක පින්තූරයක් දාලා රට සවාරියක ගියාම ,වරිග පහක සෙනඟ එක්ක මඟුලක් කෑවම , සියක් නමක් වඩම්මලා දාන...