Posts

Showing posts with the label Travel

මරණයේ සීමාව.

Image
 කඳු නගින්නෝ ඕන තරම් ඉන්නවා ඒත් Nims Purja වගේ අය ඉන්නේ එක්කෙනයි. මීටර් 8000 උඩට යනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. 8000m පහු කරපු ගමන්  සාමාන්‍ය හුස්ම ගැනිමකදි ලැබෙන ඔක්සිජන් ප්‍රමාණයෙන් 30% ලැබෙන්නේ. රුධිර ගමනාගමනය වගේම හුස්ම ගැනිමේ සිඝ්‍රතාවයත් ඉහළ යනවා හිතාගන්න බැරි විදියට. මොළයට යන රුධිර ගමනා ගමනයේ මඳ බව නිසා මතකයේ ගැටලු , සිහිවිකල් වීම් , වැරදි තීරණ ගැනිම් වගේම Hallucinations උනත් පේන්න පුළුවන්. HACE (High altitude pulmonary Edema) තත්වය යටතේ පෙනහළුවල වතුර පිරෙන්නත් පුලුවන් . ඇටකටු පිපිරෙන තරමේ ශීතලක තමන්ගේ අතක් , ඇඟිල්ලක් පවා ඔය කියන කඳුනගින්නට නැති වෙන්න පුලුවන් . මේ නිසා තමා 8000+ සීමාවට Death zone( මරණයේ සීමාව) කියන්නේ. Purja මේ සීමාව  28 වතාවක් පහුකරලා තියනවා. ලෝකේ උසම කඳු (8000m උසින් වැඩි) 14,  ඔහු අවස්ථා දෙකකදි තරණය කළා. 2019 අවුරුද්දෙදි තමන්ගේ Project possible වෙනුවෙන් සහ 2024 කිසිදු  ඔක්සිජන් ආධාරකයක් නොමැතිව.   2019 දී ඔහුට කඳු 14 තරණයට වැයවුනේ දවස් 189 විතරයි. කලින් ඒ වෙනුවෙන් හොඳම කඳු නගින්නන්ටත් අවුරුදු 7 වැයවෙලා තිබුනා. සුප්‍රකට K2 කන්ද...

සියවසක ජිවිතයක්.

Image
 Sir David Attenborough ඊයේ තමන්ගේ සියවන උපන්දිනය ලන්ඩන් නුවරදි සැමරුවා. ඒ වෙනුවෙන් BBC නිර්මාණය කළ විශේෂිත වාර්තා වැඩසටහන් මාලාවත් ඊයේ නිදහස් කරා.  ලෝක ජනගහනයෙන්  දළ වශයෙන් මිනිස්සූ 0.011% විතරයි අවුරුදු සීයක් ජිවත් වෙන්න ලැබෙන්නේ. ඒ අතරින් කීයෙන් කීදෙනාටද  Sir David Attenborough  වගේ ජීවීතයක් ගත කරන්න ලැබෙන්නේ. මම මේ කියන්නේ ඔහූ ළඟා කරගත්ත ජන ප්‍රසාදයක්වත් , ධනයවත් , මාධ්‍ය බලය ගැනවත් නෙවෙයි. ඔහූ කුඩා දරුවෙකුව සිට ආදරය කළ පරිසරය සමඟ තමන්ගේ ජිවිතේ අවුරුදු අසූවක් විතර ගත කරන්න ලැබෙන වාසනාව.  ඔහූ තමන්ගේ Life on Earth Journey වාර්තා වැඩසටහනට වෙනුවෙන්  රුවන්ඩාවට   කඳුකර ගෝරිල්ලන් අධ්‍යනයටත්  , ඉක්වදෝරයේ  ගැලපගෝස් දිවයිනටත් , පක්ෂින් ගැන සොයා බැලිමට පැපුවා නිව් ගිනියාවටත් , ශාක විවිධත්වය සෙවීමට චීනයටත් එතනින් පේරූ රාජ්‍යයටත් පසුව අප්‍රිකානු සුන්දරත්වය දැකබලාගැනිමට කෙන්යාවටත් සංචාරය කළා. 1984 අවුරුද්දේදි අතිශයින්ම ජනප්‍රිය උනූ The Living planent BBC වැඩසටහන වෙනුවෙන් කැනඩාවට , බ්‍රසීලයේ වැසි වනාන්තරවලට , නේපාලයේ සීතල කඳුවලට සහ ඕස්ට්‍රේලිය...

කකුල් දෙකේ බෝට්ටුවක්

Image
 වියට්නාමේ සංචාරක කර්මාන්තේ වැඩ කරන්නේ සරල විදියට. මූලික අණ පනත් ටික වගේම සීමා මායිම් ආණ්ඩුවෙන් හෝ සංචාරක කටයුතු අමාත්‍යයංශ වලින් සපයනවා. එතනින් එහාට වැඩේ වියට්කොම්වරු කරගෙන යනවා.        හොඳම උදාහරණේ Ninh binh සංචාරේ තුන්වෙනි නැවතුම  වුනු Tam Coc සහ Mua cave බෝට්ටූ සවාරිය.  මම මුලිනූත් කීවා වගේ මේ Ninh binh පැත්තේ බොහෝමයක් හුණු ගල් පර්වත වගේම , හුණුගල් කුහර   ස්භාවිකවත් මනුෂ්‍යය ක්‍රියාකාරකම් නිසාත් බිහිවෙලා තියෙනවා. ( සිමෙන්ති කර්මාන්තයට අවශ්‍යය හුණුගල් ගන්න මහා පරිමාණෙන් කැණීම් සිද්ධ වෙනවා. ) දැන් කවදාවත් වියට්නාම් ආණ්ඩූව ඇවිත් මේ බෝට්ටූ පාට කරන්න , රාජ්‍ය ලාංඡන ගහන්න වගේ සිල්ලර වැඩ කරන්නේ නෑ. බෝට්ටූ පදවන්නන්ට නියමිත කරපූ මුදලක් තියෙනවා . ඒ හැර ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාරය තමන්ගේ කුසලතාවෙන් කරගෙන යන්න ඉඩදීලා තියනවා. උදාහරණයකට ඉංග්‍රීසී ටිකක් ඉගෙන ගන්න පුලුවන් උනොත් තමන්ගේ බෝට්ටූවේ ආදායම වැඩි කරගන්න එයාලට පුළුවන්.අන්න ඒ වගේ !!   හැබැයි ඒ අවට පිරිසිදු බව , වැසිකිළි කැසිකිළි පහසුකම් . අන්න ඒ දේවල් ආණ්ඩුවෙන් අධීක්ෂණය කරනවා. අන්න ඒකට ...

Ninh binh බලා බයිසිකලයෙන්

Image
  හැනෝයි ඉදන් Ninh binh එන අතර එක තැනක බස් එක නවත්වනවා. ඒක ඒ පාරේ යන හැම සංචාරක බස් රථයක්ම කරන දෙයක්. මෙතන තියෙන්නේ උණ ශාකයෙන් කරන නිෂ්පාදන අඩංගු ප්‍රදර්ශන කුටියක්. කුටියක් කීවට 6'10 '  කුටියකට වඩා විශාල කර්මාන්තශාලාවක්. සංචාරකයන්ට උණ ශාකයෙන් සිදු කරන නිෂ්පාදන පිළිබඳ අදහසක් ගන්න වගේම ඒ නිෂ්පාදන මිලදි ගන්නත් මෙතන ඉඩකඩ තියනවා. මේ වගේම මුහුදු බෙල්ලන්ගෙන් කරන නිෂ්පාදන ආයතනයක් හාලෝන් බේ (Halong bay ) යන පාරෙත් තියනවා. මේ කණු දෙකෙන් නිරූපණය කරන්නේ ජලය සහ ගින්දරලු. ටෑම් තමා මටත් කීවේ. අපේ කණ්ඩායමේ උන්නූ මේරි තමන්ගේ ඇමෙරිකාවේ ජිවත්වෙන අම්මට කියලා උණ කෙඳි භාවිතයෙන් හදන තුවායක් මිලදි ගත්තා. මම මොකුත් මිලදි නොගෙන  එයාලගේ රසකැවිල්ලක් කටේ දාගෙන ප්‍රදර්ශන කුටිය වටේ පොඩි රවුමක් දැම්මා. මම කලින් දවසේ හැනෝයි කඩපිල්වල කරක් ගැහූව නිසා වියට්නාමේ සාමාන්‍ය රෙදිපිළි වල මිල ගැන යම් අදහසක් මට තිබුනා. ඒත් මෙතන තිබුන භාණ්ඩ ඒ වගේ එළිමහනේ විකුණන භාණ්ඩවලට වඩා බොහෝම වැඩි මිලක් නියම වෙලා තිබුනා. ඒකට හේතුව මේ නිෂ්පාදනවල තියෙන දූලබ බව සහ නිෂ්පාදන කාර්‍යේ  සංකීර්ණත්වය කියලා, ලස්සන හිනාවක් මුණේ අලවගෙන ...

වියට්නාමයෙන් සතියක්

Image
 "හැනෝයි කියලා මේ නගරෙට ඔයාලා කීවට අපි නම් කියන්නේ Hanoisee කියලා. " මේ හැම කන්දක්ම හූණුගල් කන්දක් මිලියන 6.1 යතුරුපැදි තියෙන හැනෝයි නගරය ගැන මගේ සංචාරක උපදේශකයා කීවේ එහෙමයි. ,ටෑම් !! අනෙක් වියට්නාම් ජාතිකයන්ට වඩා ටිකාක් උස උනත් කඩිසර හාදයෙක් .(මට ඒක නම් හිතුනේ Ninh binh වලදි තනි පැඩල් එකක බයිසිකලයක් පදිනවා දැකලා ) . අවුරුදු 35 විතර ඇති. ඉංග්‍රීසී  කතා කරන සංචාරකයෝ එක්ක බොහෝම ඉක්මනින් කුලුපඟ වෙන්න පුලුවන් උන නිසා එයාව අපි හැමෝටම අල්ලලා ගියා.  ටෑම් කොච්චර හිතට ඇල්ලුවාද කියනව නම් අපේ සංචාරක කණ්ඩායමේ උන්නූ බෙල්ජියම් ජාතික විශ්‍රාමික විදුහල්පතිනියට ,ටෑම් නොදැකම ඉන්න බැරි ගාණට ආවා . ටෑම් මාව හැනෝයිවල Little diamond හොටෙල් එකෙන් ගන්න ඕන වෙලාව උදේ 7:15 උනත් එයා 7:00 ආවා. ඒත් එයා එනකොට මම තම්බපු බිත්තරයක් කටේ ඔබාගෙන  උදේ කෑම ගන්නවා දැකලා මට සුබ උදෑසනක් කියලා අනෙක් සංචාරක කණ්ඩායම් ටික එකතු කරගන්න  පිටත් උනා. මම වියට්නාම් බිත්තර කෝපි එකක් බිලා නිවිහැනහිල්ලේ ඉන්නකොට ටෑම් ඇවිත්  මගේ බෑග් එක අතට ගත්තා.  Hanoi ඉදන් nihnh binh යනකන් පැය එකයි විනාඩි 45 පුරාවට සැරෙන් ස...