Posts

Please grow up !!!!!

Image
 Over the last couple of days, patriotic Sinhalese have been upset about a famous person's statement regarding the state of Eelam and genocide. Then one Sri Lankan content creator made a video about it. To be honest, I kind of liked it because I've never been a fan of his, and it's what made me write a few words about the matter. First of all, genocide is a much broader concept than this. I don't think either side really grasps that, which makes the whole debate feel pretty silly. The Sinhala-Tamil conflict dates back to the 1950s. It hasn't really evolved since the '80s. As I always say, wrong political decisions and insensitive approaches escalated the unease between the two prominent communities of the country.  So now what? We won the war. We claimed the victory. We proudly say we beat the most dangerous terrorist group in the country. Even in the video, that content creator emphasizes this fact many, many times. But my question is simple: if we won, why the...

බොදු බල සේනා

Image
 2014 මැද පානදුරේ Nolimit ආයතනයට මැර ප්‍රහාරයක් එල්ල වී තිබුනා.  එකල ඉංග්‍රීසී පුවත්පත් මෙම සිද්ධිය වාර්තා කර තිබුනේ  " BBS attack Nolimit "   මෙහි BBS යනූ ගලබොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රධානත්වය ගත් බොදු බල සේනා සංවිධානය.  මේ සමය එක්තරා අතකින් භීම සමයක්. එක අතකින් මහින්ද රාජපක්ෂ තමන්ගේ යකඩ සපත්තුවෙන් දුටු දුටු තැන මර්ධනය දැඩි කරන මොහොතක්. අනෙක් අතෙන් ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ නම , කාටූන් රූප  පවා පුවත්පතක නොපළවිය යුතුයැයි සපථ කළ මොහොතක් . අනෙක් අතෙන් ලේ පිපාසිත ජාතිවාදීන්ගේ කෙළ මඬලක්.  ඥානසාර හිමි චණ්ඩි උන්නාන්සෙකෙනෙක් උනේ මේ සමයේ. ඕනෑතරම් බලය , නිදහස , ජාතිකත්වය රාජපක්ෂ බල අධීකාරීයෙන් මෙකී භික්ෂූ අන්තවාදීන්හට සපයා තිබුනා.  ප්‍රශ්න කරන්න  , අත්අඩංගුවට ගන්න , උසාවියට ඉදිරිපත් කරන්න , රක්ෂිත බන්ධනාගාරගත කරන්න , දණ්ඩනයක් පිරිනමන්න කියන කිසිම පියවරකට 2013-2015 සමයේ BBS නතු වී තිබුනේ නෑ. ඒ කාලේ සමන් එදිරිසිංහ වගේ ප්‍රකට ටියූෂන් ගුරුවරුන් පවා BBS ගැන තමන්ගේ පංතිවල කතා කරා. ඔවුන්ගේ ගමන අනුමත කළා. ලාභ දේශපාලන වාසි වෙනුවෙන් බොහෝ දෙනෙක් බොහෝ දේවල් කරා. 20...

මහින්ද සුළඟ

Image
 ලංකාවේ දේශපාලන ඉතිහාසයේ හොඳම ගේම්කාරයා මහින්ද නෙවෙන්න පුළුවන් . ඒත්  ජනාධිපති ජයවර්ධන , රණසිංහ ප්‍රේමදාස , රනිල් වික්‍රමසිංහ වගේම එක්තරා සීමාවක නූල් සූත්තරකරුවෙක් තමා රාජපක්ෂ කියන්නේ. ඔහූ බලයේ හිටපූ 2005-2015 ගැන හීනී මතකයක් හරි තියෙන කිසිම කෙනෙක්ට ඒ මතය මඟ අරින්න බෑ. ඔහූ පක්ෂ නැති කරා , සංවිධාන බිමට සමතලා කරා , පුද්ගල චරිත විනාශ කරා කොටින්ම බලය වෙනුවෙන් කලහැකි ඕනෑම දෙයක් කරා. ඒ ඕනෑම දෙය සදාචාරාත්මක සීමාවෙන් එහාටත් මහින්ද අරගෙන ගියා. අවම ආචාරධර්මවත් නොසලකා ඔහු ගමනක් ගියා.ඒ නිසාම ලසන්තලාට පාරේ මහ දවල් වෙඩි කන්නත් , ප්‍රගීත්ලට සූදූ වෑන් එකකින් අතුරුදහන් වෙන්නත් , කීත් නොයර්ට රටෙන් යනකන්ම ගුටි කන්නත් සිද්ද උනා. වාසනාවකට මහින්දගේ ලූම්පන් යුගය 2015 න් අවසන් උනා. මහින්ද කරපු බරපතළම දෙයක් තමා ජවිපේ විනාශ කරන්න උත්සහ කරපු එක. 2005 බලය ගන්න ආපූ මහින්දට හයියට හිටියේ ජනතා විමුක්ති පෙරමුණයි , පාඨලී ප්‍රමුඛ හෙළ උරුමයයි. සරලවම කීවොත් "මහින්ද චින්තනය " ගැන මහින්ද රාජපක්ෂ හාංකවිසියක්වත් නොදන්න බව මට විශ්වාසයි. ඒක තනිකරම ජවිපෙයි , හෙළ උරුමයෙයි නිෂ්පාදනයක්. එහෙම තමන්ට උදව් කරපු ජවිපෙට පස්සෙ ක...

නිවුන්නන් මියයයි.

Image
 ඊයෙට එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට අල්කයිඩා ප්‍රහාරය එල්ල වෙලා අවුරුදු 25 ක්. මුළුමහත් අරාබිකරයම මහා වියවුලකට තල්ලූ කරන ගමන් සමහර අරාබිකරයේ රාජ්‍යන් සම්පූර්ණයෙන්ම ගල් යූගයට ඇඳගෙන ගියේත් මේ ප්‍රහාරය නිසයි.  9:03 දී දෙවන ගැටූම  පහල ඡායාරූපයේ ඉන්නේ එවකට එක්සත් ජනපද ජනාධිපතිවරයා වූ බුෂ් (කනිෂ්ඨ ) ෆ්ලෝරිඩාහි ප්‍රාථමික පාසලක දරුවන් පිරිසක් සමඟ කියවිම හා බැඳුනු  ක්‍රියාකාරකමක් කරන මොහොතක. අල්කයිඩා සංවිධානයෙන් පැහැරගත් පළමු ගුවන් යානය ගොඩනැගිල්ලේ හැපෙන්නේ මේ මොහොතෙදි. නමුත් එක්සත් ජනපදයේ මිලිටරි ප්‍රධානීන් පවා සැනෙන් හිතන්නේ මෙය ගුවන් අනතුරක් බව.ඒත් දෙවනි ගුවන් යානය උදෑසන 9:03 එහෙම නැත්නම් පළමු ඝට්ටනයෙන් විනාඩි 17 ගෙවුනම සිද්ද උනා. ක්ෂණිකව ක්‍රියාත්මක උනූ ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී Andrew Card බුෂ් ජනාධිපතිවරයට යමක් මුමුණනවා "A second plane hit the second tower . America is under attack " "දෙවන ගුවන් යානයත් දෙවන ගොඩනැගිල්ලේ වැදුනා. ඇමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක්.' දරුවෝ එක්ක තව මිනිත්තු කිහිපයක් කිසිම වෙනසක් නොපෙන්වා ඉන්න කනිෂ්ඨ බුෂ් කොයිතරම් උත්සහ දැරුවත් , ඔහූගේ ...

නියත ජනපතිට කරදරයක්

Image
 දයාබර නාමල්,                   අත්අඩංගුවේ බව ආරංචි උනා.මේ අකුරු ලියවෙන්නෙත් කඳුළු වැටෙන ගමන්.සමහර අකුරු බොඳ වෙලා ඇද වෙලා තිබුනොත් ඒ කඳුළු වලට කියලා මතක තියාගන්න.අල්ලස් කොමිසමෙන් එන්න කීව දවසට වෙන වැඩක් තියෙන නිසා තවත් දවසක් ඉල්ලපු බව උසාවියේ උන්න මිත්‍රයෙක් මට කීවා. වෙනදනම් ගෙදරට ඇවිත් නේ ප්‍රකාශය සටහන් කරගන්නේ. දැන් මූං එක්ක බෑනෙ  ඒ මොකුත්. එදාටම එන්න කීවලු නේද ?  හදිස්සියේ එන්න කීව නිසා වෙන්න ඇති ඔයා එක්ක පොඩි පිරිසයි අල්ලස් කොමිසම ළඟට ඇවිත් තිබුනේ.ඒකට ඒ කාලේ අවුරුදු හැත්තෑවේ ජේෂ්ඨ ඇමතිලත් "සර්" කියලනේ කීවේ.ඔන්න නාමල් කාලයේ වෙනස....!!! දින 52 ආණ්ඩූ සමයේ අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබා දීමට ආ නාමල්. දැන් ඇපේට මොකද කරන්නේ ? ජාති භේදය හරියන්නෙත් නෑ , කොටි නැඟිටිම හරියන්නෙත්  නෑ , කොටින්ම දේශපාලන පළිගැනීමක් කියන එක ගැළපෙන්නෙම නෑ.ඕන නම් බන්ධනාගාරයේදි ජිවිත තර්ජන තියනවා කියන්න පුලුවන් . ඒකත් කොයිතරම් කාලයක් අල්ලලා හිටීද දන් නෑ.  හිරේ හිටියත් ඔයාගේ ගැම්මට මම සලිත වෙනවා.ඊයේ ඔයාගේ පාර්ලිමේන්තු කතාවට මට හිරිගඬු පිපුනා.නඩූ 17 ත...

මරණයේ සීමාව.

Image
 කඳු නගින්නෝ ඕන තරම් ඉන්නවා ඒත් Nims Purja වගේ අය ඉන්නේ එක්කෙනයි. මීටර් 8000 උඩට යනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. 8000m පහු කරපු ගමන්  සාමාන්‍ය හුස්ම ගැනිමකදි ලැබෙන ඔක්සිජන් ප්‍රමාණයෙන් 30% ලැබෙන්නේ. රුධිර ගමනාගමනය වගේම හුස්ම ගැනිමේ සිඝ්‍රතාවයත් ඉහළ යනවා හිතාගන්න බැරි විදියට. මොළයට යන රුධිර ගමනා ගමනයේ මඳ බව නිසා මතකයේ ගැටලු , සිහිවිකල් වීම් , වැරදි තීරණ ගැනිම් වගේම Hallucinations උනත් පේන්න පුළුවන්. HACE (High altitude pulmonary Edema) තත්වය යටතේ පෙනහළුවල වතුර පිරෙන්නත් පුලුවන් . ඇටකටු පිපිරෙන තරමේ ශීතලක තමන්ගේ අතක් , ඇඟිල්ලක් පවා ඔය කියන කඳුනගින්නට නැති වෙන්න පුලුවන් . මේ නිසා තමා 8000+ සීමාවට Death zone( මරණයේ සීමාව) කියන්නේ. Purja මේ සීමාව  28 වතාවක් පහුකරලා තියනවා. ලෝකේ උසම කඳු (8000m උසින් වැඩි) 14,  ඔහු අවස්ථා දෙකකදි තරණය කළා. 2019 අවුරුද්දෙදි තමන්ගේ Project possible වෙනුවෙන් සහ 2024 කිසිදු  ඔක්සිජන් ආධාරකයක් නොමැතිව.   2019 දී ඔහුට කඳු 14 තරණයට වැයවුනේ දවස් 189 විතරයි. කලින් ඒ වෙනුවෙන් හොඳම කඳු නගින්නන්ටත් අවුරුදු 7 වැයවෙලා තිබුනා. සුප්‍රකට K2 කන්ද...

ආචාර්ය උපාධි හදාරන මාගේ ආදරණීය මිතුරු මිතුරියන් වෙතටයි.

Image
 මගේ ඥාති සහෝදරිය රසායනික විද්‍යාව සම්බන්ධ  ආචාර්යවරියක්. රංවල වගේ නෙවෙයි ඔරිජිනල් ඩොක්ටර් කෙනෙක්. ඈ ළඟකදි යූරෝපානූ සංචාරයකට ගිහින් ඇවිත් මට කතාවක් කිව්වා. එයත් එක්ක ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක රසායනික විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් හිමි සුදු ජාතික මිතුරියක් බෙල්ජීයමෙදි මුණ ගැහුනලු. පැය දෙකක ගමනකින් පස්සේ ඇය ඇවිත් හම්බවෙලා , ආගිය විස්තර කතා කරලා , පරණ සිද්ධි මතක් කරලා සතුටු උනාලු.  බෙල්ජියම  කොහොමත් සංවර්ධනය කියන සීලීමේ ඔලුව වැදී වැදී ඉන්න නිසා මම හිතුවා සුදු මිතුරිය ලොකු රස්සාවක් කරනවා ඇති කියලා. ඇයි PHD එකකුත් තියාගෙන නේ. "එයා මොකද කරන්නේ එහේ ?"  කුතුහලය පිරුණු ප්‍රශ්නයක්.  "එයා එහේ Health App එකකට චිත්‍ර අදිනවා.එයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්." PHD එක ගෙදර තියලා නම නොදන්න මිතුරිය තමන්ගේ passion එක පස්සේ දුවනවා. පුදුමයි !!!!  මම තව ප්‍රශ්නයක් ඇහූවා. "ඒකට හොඳට ගෙවනවද ?"  අක්කා හිනා උනා.  රටක් හැදෙනවනම් ඒ ගාණටවත් හැදෙන්න ඕන.දියුණුයි කියලා කටපුරා කියන්න පුළුවන් එහෙම උනාම. මනුජය තෙන්නකෝන් .