දේශප්‍රේමියෝ !!!!!
මගේ විශ්වවිද්‍යාලයේ සමකාලීන මිත්‍රයෙක් එංගලන්තයේ තමන්ගේ මාස්ට(ර්)ස් ඩිග්‍රී එක කරන්න ගිහින් ඉන්නේ. ඔහුට මගේ තවත් ලංකාවේ ඉන්න මිතුරෙක් කීව
"අපරාදේ උඹ මාස්ටර්ස් කරන්න එංගලන්තේ ගියේ. අනුර මෙහෙ ලංකාව එංගලන්තය වගේ හදනවා."
මෙතන ඔහූගේ උපහාසාත්මක (Sarcastically ) ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ අනුර කුමාර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවට විරුද්ධ මත අතර තවත් මතයක්. ඒ ප්‍රකාශය කරපු මිත්‍රයගේ දේශපාලන භාවිතය , ආර්ථිකය ගැන අදහස , ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ක්‍රියාපටිපාටිය පිළිබඳ විවේචනය කිසිවක් මම දන්නේ නෑ. ඒත් අනුරට විරුද්ධ තවත් මතයක් කියන අදහසෙන් මම මේ වචන ටික කියන්නම්.
ඔහුට පිළිතුරක් විදියට මම ශ්‍රේෂ්ඨ Mark Twain ගේ අදහසක් උපුටලා දැක්වූවා. ඒක ඔහුට වැටහුනාද නැද්ද කියලවත් මම දන් නෑ. මේ ප්‍රකාශයෙදි Mark Twain අර්ථ දක්වනවා දේශප්‍රේමීත්වය (Patriotism ) ගැන.
"Patriotism is the supporting your country all the time and your government when it deserves."
"දේශප්‍රේමීත්වය යනු සිය රටට සෑම විට සහයෝගය දැක්විමයි. නමුත් ඔබ ආණ්ඩුවට සහයෝගය දැක්විය යුත්තේ එවන් සහයෝගයක් ලැබිමට ආණ්ඩුව සුදුසු නම් පමණි."
මම විශ්වාසකරනවා මාලිමා ආණ්ඩුවට එවන් සහයෝගයක් ලැබිය යුතුයි කියලා. ඔබට උපහාසයට ලක් කළ හැකි අන්දමේ ආණ්ඩුවක් 1994 සිට චන්ද්‍රිකාට තිබීනි , 2005 සිට මහින්දට තිබිනි , 2015 සිට මෛත්‍රීට තිබිනි , අවසානයේ එවන් විහිළුවක්.බදු ආණ්ඩුවක් 2019 ගෝඨාභයටද තිබිනි.
බොහෝ විට බණ්ඩාරනායකගේ දියණිය වූ චන්ද්‍රිකාගේ ආණ්ඩුවට සමච්චල් නොකළ උදවිය , ඩී.ආර් විජයවර්ධනගේ මුණුබුරා වූ වික්‍රමසිංහගේ ආණ්ඩුවට සමච්චල් නොකළ උදවිය , ගිරුවාපත්තුවේ ගැමි සුවඳ හඳුනන ඩී.ඒ රාජපක්ෂගේ පුත්‍රයා වූ මහින්දගේ ආණ්ඩූවට සමච්චල් නොකළ උදවිය , අපි මෙන් සමාන සමාජ පන්තියකින් පැමිණ , රජයේ විශ්ව විද්‍යාලයකින් අධ්‍යාපන ලබා ආණ්ඩුවක් මෙහෙයවන අනුරට සිනහවීම අපට තේරුම් ගත හැක.
ඒත් අනුරගේ ආණ්ඩුවට සිනහවීමට තවම කල් වැඩී. ඒ නිසා එතෙක් Mark Twain ගේ මඟ යන්න.
මනුජය තෙන්නකෝන් .

Comments
Post a Comment