ට්‍රම්ප්ගේ හමාර බණ

සති දෙකකට වඩා ඇදිලා යන යුද්ධයකට තමන් මේ පැටලෙන්න යන්නේ කියලා ට්‍රම්ප්වත් එයාගේ කැබිනට් එකවත් දැනන් ඉන්න නැතුව ඇති.

 2003 දී බුෂ් පරිපාලනයට ඉරාකයේ බැග්ඩෑගය අල්ලගන්න ගියේ සති තුනයි . ඒ යුද්ධයේ පළමු පියවරේ ඉදන් පාබල හමුදාව (Ground troops) යවලා.

 ලිබියා ආක්‍රමණයෙත් එක්සත් ජනපද , බ්‍රිතාන්‍ය මිසයිල ප්‍රහාර එක්ක මාස හතක් ඇදුන ආක්‍රමණය සති තුනකින් ඉවර උනා. ඒත් මේ පාර එක්සත් ජනපදයට හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) මුදා ගන්නත් යූරෝපයෙන් සහ චීනයෙන් උදව් ඉල්ලන්න වෙලා. දැනට ස්පාඤ්ඤය, නෙදර්ලන්තය ,ජපානය ,ඉතාලිය සහ ඕස්ට්‍රේලියාව මේ සටනට මැදිහත් නොවන බවත් ඉරානයේ ස්වෛරීත්වය වෙනුවෙන් පෙනී ඉන්න බව කියලා ඉවරයි .

 එක්සත් ජනපදයට දැනට අවි ආයූධ වියදම  විතරක් බිලියන පහ ඉක්මවලා , ඔවුන්ගේ ගල්ෆ් කඳවුරුවල අලාභානිය තවම ඇස්තමේන්තු ගත කරලා නෑ. සෙල්ලම ලේසී නෑ. 

 ඉරාන හමුදාව සහ IRGC (Islamic revolutionary guard corpse ) නොහොත් අධ්‍යාත්මික නායකයාට ඍජුවම වග කියන බල සේනාව Sun Tzu ගේ Art of war අනූව Death ground සටනකට පිවිසිලා ඉවරයි. ඔවුන් වෙනිසියුලාවවත් , සිරියාවවත් , ඉරාකයවත් , ඇෆ්ගනිස්තානයවත් නොවන බව පෙන්නලා ඉවරයි. තව කාලයක් මේ යුද්ධය අල්ලන් ඉන්න පුලුවන් බව IRGC ප්‍රධානීන් කියලා තියනවා.

 එහෙම උනොත් ට්‍රම්ප්ට වෙන්නේ ගත්ත අඩිය ආපස්සට තියන්න. ඒක අභ්‍යන්තරික MAGA (Make America Great Again) කවය කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා කියන්න අමාරුයි . ඒ මදිවට රිපබ්ලිකන් පක්ෂය වසර මැද ඡන්දයට මුහුණදෙනවා. ඉරාන ආක්‍රමණය කපෝති උනොත් ට්‍රම්ප්ට රෙද්දක් ඇදගෙන එක්සත් ජනපද ඡන්දදායකයෝ ඉස්සරහට යන්න බැරි වෙනවා. 


 එක්සත් ජනපදයේ හිටපූ ආරක්ෂක ලේඛම් 
හෙන්රි කිසින්ජර් , බුෂ්ට 2001 ඇෆ්ගනිස්තාන ආක්‍රමණයෙදි දුන්න උපදෙස උනේ 

 "දිගටම සටන් කරන්න . මේක එක්සත් ජනපදය දිනන්නම ඕන සටනක් කියලා." 

 මං හිතන්නේ අද කිසින්ජර් හිටියනම් ට්‍රම්ප්ට කියයි.

 'පුතා ! මේක කරන්න ඕන යුද්ධයක්ද කියලා' 

 අපේ කතාවක් තියනවා නේ දකින දකින ගහට කොටන කොට්ටෝරුවාට උණ ගැනෙන්නේ කෙහෙල් ගහකට කොටපූ දවසට කියලා. ඉරානය කියන්නේ කෙහෙල් ගහද , ට්‍රම්ප් කියන්නේ කොට්ටෝරුවාද කියලා තව සතියකින් අපි විමසමු. 

 එතකන් වගකීම් සහගතව QR එක භාවිතා කරමු.

 මනුජය තෙන්නකෝන්

Comments

Post a Comment

Popular posts from this blog

සිසූ විරුවෝ රැවටුනාද ?

I went back to Ibiza

මුරලිව බයිට් වීම.