විජිතගේ නොහැකියාවද ?
විජිත හේරත්ගේ ඉංග්‍රීසී භාෂාව ගැන බොහෝ දෙනෙක් මේ මොහොතේ අදහස් දක්වනවා. කදිරගාමර් වගේ විදේශ අමාත්‍යවරුන් එක්ක විජිත හේරත්ගේ භාෂා භාවිතය සන්සන්දනය කරනවා.ඒ ගැන ලාංකීකයෙක් විදියට ඔබට ලැජ්ජාවක්, අපූලක්, හිරිකිතයක් සහ හෑල්ලූ වීමක් දැනීමත් ඒ වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරිමේ ඔබට ඇති අයිතියත් කිසිවිටක මම අභියෝගයට ලක් කරන්නේ නැහැ.
![]() |
| මාලිමා ආණ්ඩූවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යය විජිත හේරත්. |
හැබැයි අපි වටහා ගන්න අවශ්‍යය කාරණය තමා විජිත හේරත්ට ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව අදහස් හුවමාරු කරගැනිමේ අපහසුතාවයෙන් විද්‍යාමාන වෙන්නේ ලාංකීය උගත් මධ්‍යම පාන්තිකයන්ගේ තත්වය.කොටින්ම ඔබ මම සියල්ලම.
අවංකවම කල්පනා කරොත් විදේශ අමාත්‍යවරයාගේ ඉරණම ඔබේ ඉරණමේ ම පැතිකඩක්.මගේ දැනූමේ හැටියට විජිතගේ පියත් ඉංග්‍රීසි ගුරුවරයෙක් , ඔහූ බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපන ලබා කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධීදාරියෙක් , දැන් මේ සාම්පලයෙන් එළියට ආව කීදෙනෙක්ට ඉංග්‍රීසි භාෂාව සුහුරුව ව්‍යක්තව හසුරවන්න පුලුවන්ද ? උපාධීදාරීන් කීයෙන් කීදෙනාටද සරල ඉංග්‍රීසි වාක්‍යය කිහිපයක් ගළපලා කතාවක් පවත්වන්න පුලුවන්. රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධිදාරීන් කීදාහක් සාමාන්‍ය ඉංග්‍රීසි නොමැති වීම නිසා සම්මුඛ පරීක්ෂණ කොපමණ අසමත් වෙලා තියනවද ? පෞද්ගලික ආයතනවල සේවය කරන රාජ්‍යනිලධාරීන් කීදෙනෙක්ට උදේ ඉංග්‍රීසි පත්තරයක මුල් පිටූව කියවලා වටහා ගන්න පුලුවන්ද ?
අපි වටහා ගන්න ඕන කාරණය මෙන්න මේක. විජිත හේරත්ගේ ඉංග්‍රීසි නොහැකියාව විජිත හේරත්ට අනන්‍ය වූ ප්‍රශ්ණයක් නෙවෙයි. ඔහූ යනූ මෙරට බහූතරයේ නියෝජනයකි. මිළඟ තර්කය , වර්තමාන විදේශීය අමාත්‍යවරයාව කදිරගාමර් ,
![]() |
| කෘතහස්තම විදේශ කටයුතු අමාත්‍යවරයා ලක්ෂ්මන් කදිරගාමර් . |
ජයවර්ධන , ගාමිණි දිසානායක , ඇතුළත්මුදලි වැන්නවුන්ග්‍රෙ ඉංග්‍රීසි භාෂාව සමඟ සන්සන්ඳනය කිරිම. සරලවම ජයවර්ධනගේ චරිතාපදානයට අනූව ඔහූගේ ආයා අම්මලා පවා එංගලන්තයේ සුදු කාන්තාවන් , ඔහු සිංහලයෙන් කතා කර තිබෙන්නේ සිය මව සහ සේවකයන් සමඟ පමණයි. කදිරගාමර් ත්‍රිත්ව විද්‍යාලයේ සිට පේරාදෙණිය සරසවිය තෙක් ඉගෙනගෙන ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් (1956 පෙරළියට පෙර) ඉතින් උපතේ සිට ඉංග්‍රීසි කතා කළ පුද්ගලයන් දෙදෙනෙක් සමඟ විජිත හේරත්ව සන්සන්ඳනය කිරිම අවම කොන්දේසි පවා කඩකිරිමක්.
![]() |
| ජයවර්ධන සහ සිය අර්ධ යූරෝපීයානූ පවුල. |
විජිත හේරත් ජාත්‍යන්තර සමුළුවකට පරිවර්තයක් යොදා නොගැනිම ආණ්ඩූවේ අභ්‍යන්තරයේ සාකච්ඡා වෙන්න ඕන කරුණක්. හැබැයි විජිත හේරත්ට හිනා වෙන බොහෝ දෙනෙක් නැවත ප්‍රත්‍යාවලෝකනය කර බැලිය යුත්තේ , තමාත් විජිතගේම සාම්පලයේ අයෙක්ද නැතිද යන වග. එවිට අප සිනහවන්නේ අපටම බව ප්‍රත්‍යක්ෂ වේ.
විජිත හේරත් වෙතට : ඔබ තවදුටටත් කැළණියේ ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු හෝ ජවිපේ මධ්‍යම කාරක සභිකයෙක් පමණක් නොව. ඔබ රාජතාන්ත්‍රිකයෙක් ඒ නිසා ඒ අනුගත (Adaptability ) වීම දියුණු කරගත යුතුය. නැතිනම් වියැකී යාම නොවැළැක්විය හැක.


Comments
Post a Comment