සොනික් සොනික්


සුරේෂ් සලේ මුලින්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA)  රඳවා ගැනිමේ නියෝගයක් එක්ක තියාගන්නේ 2025 පෙබරවාරි 25 වෙනිදා . දින තුනක රැඳවුම් නියෝගය අවසානයෙ CID විසින් තවත් දින අනූවක රැඳවූම් නියෝගයක් ලබාගන්නවා පෙබරවාරි අවසානයේ. දැන් ගෙවෙන්නේ සලේ රඳවා තබා ගැනිමේ අවසාන අදිරයට. ඒ කාල සීමාව පුරාම සලේ හෝ ඔහූගේ පවුලේ උදවිය CID විසින් සලේට වධ හිංසා පමුණුවන බවක් පැමිණිල්ලක වත් සඳහන් වෙලා නැහැ.


ඒත් හදිස්සියේම ජූනි 3 වෙනිදා නන්දසේන ගෝඨාභයට ගුවන් ගමන් තහනමක් වැටෙනවා. ජුනි 5 වෙනිදා සලේ මාරාන්තික උපවාසයක් ආරම්භ කරනවා..ඔහූ අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ හඬා වැළපුන බව පුවත්පත් උපුටමින් දක්වා තිබුනා. ඒ එක්කම වීරවංශ , ගම්මන්පිල , සරත් වීරසේකර , දිලිත් ජයවීර  , චන්න ජයසුමන වගේ දේශපාලන අනාථයෝ පිරිසක් "අපි සලේ සමඟයි" කියමින්  හඬක් නඟමින් සිටිනවා , බෝධි පූජා පවත්වනවා , සෙත් කවි කියනවා , සලේ නැත්නම් මම ගිනි තියාගන්නවා කියනවා . එකම කලබලයක් පෙන්නුම් කරනවා.

දැන් මේ ප්‍රශ්නය සරලව තේරුම් ගනිමු. ඇයි සලේව අත්අඩංගුවට ගත්තේ  ඔහුව ගන්න තිබ්බ ප්‍රධානම සාක්කිය , 2023 නිෂ්පාදනය වූ Chanel 4 වාර්තා වැඩසටහනේදි කලක් පිල්ලෙයාන්ගේ භාෂා පරිවර්තක සහ සමීපතයෙක් වූ අසාද් මව්ලානාගේ ප්‍රකාශය. ඔහුට අනූව SIS (State intelligence service ) හි සිටි ප්‍රධානතම බුද්ධි නිලධාරීයා සමඟ පාස්කු ප්‍රහාරකයන්ට සම්බන්ධයක් තිබි ඇත.  මේ ප්‍රකාශයේ සත්‍යතාව තහවුරු කරගැනිමට අප්‍රේල් මස 29 හෝ ඒ ආසන්න දිනක CID ප්‍රධානී ශානී අබේසේකර සහ තවත් විමර්ශන නිලධාරීන් කිහිපයක් ප්‍රංශයට ගොස් ඇත. එය මෙරට මාධ්‍ය වාර්තා කිරිමට පෙර Asian Guardian පුවත්පත අප්‍රේල් 28 වාර්තා කර තිබිනි. එහිදි තමාට ආරක්ෂාව සපයන්නේ නම් මෙරටට පැමිණ පාස්කූ නඩු කටයුත්තට සාක්ෂි දීමට හැකි බවද අසාද් මව්ලානා ප්‍රකාශයක් කොට ඇත.

එහිදි අසාද් මව්ලානා කරන සුවිශේෂිම ප්‍රකාශය වන්නේ පාස්කු ප්‍රහාරය සිදුවූ දින ජමීල් නැමැත්තා (ටාජ් සමුද්‍රා ප්‍රහාරයට පැමිණි පුද්ගලයා) පසුව දෙහිවල සිටින විට එහි ගොස් අපේ මිනිහා රැගෙන එන ලෙස SIS හි බුද්ධි නිලධාරීයකු තමාට ඇමතුමක් දී පැවසු වගයි. ඒ බුද්ධි නිලධාරීයා අන් කිසිවකු නොව අද රෝහලේ උපවාස කරන තුවාන් සුරේෂ් සලෙයි.

මීට අමතරව පොඩි සහරාන් නොහොත් මාතලේ සහරාන්ට අනූව Sonic sonic නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන බුද්ධි නිලධාරීයකු ප්‍රහාරයට පෙර සහ පසුත් තමා සමඟ දුරකතන පණිවිඩ හුවමාරු කර ඇත. CID සැකය නම් මෙකී Sonic sonic නම් නැවත ගෝඨාගේ බුද්ධි අංශ ප්‍රධානීයා වූ සූරේෂ් සලේ බවයි. මෙය හරීන් සහ මනූෂද පාර්ලිමේන්තුවේද් පවසා ඇත. අවශ්‍යය නම් හැන්ඩ්සාඩ් පිරික්සන්න.

සහරාන් සම්බන්ධ මුල්ම සිදුවීම සිදුවන්නේ වව්නතිව්හි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරිමෙනි. එහෙත් විමර්ෂන අන් පැත්තකට යැවීමේ අරමුණෙන් එකී ප්‍රහාරය LTTE මතවාදීන්ගේ වැඩක් බවට ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ අර්ථ නිරූපණයක් කළේය. උපහාසයට කරුණ නම් එවක පුත්තලම ඇතුළු පොලිස් වසමේ බුද්ධි අංශ කටයුතු භාර පුද්ගලයා අද දින අනූවක DO මැද සිටින සුරේෂ් සලේයි වීමයි.

සලේ යුද්ධය සමයේ ප්‍රංශයේ හිටියාද , යුද්දයට උදව් කළාද , ඔත්තුකරුවන්ට (Informant ) රජයෙන් මුදල් ලබාදුන්නද , කොයිතරම් බුද්ධි මෙහෙයුම් සිදු කළාද , කපිල හෙන්දවිතාරණට තේ ඇද්දාද , පිල්ලෙයාන්ගේ ට්‍රිපොලි අනුඛණ්ඩයට පහසුකම් සැපයූවාද ඒ කිසිවක් අපට අදාළ නැත. අදාළ එකම කරුණ පාස්කු ප්‍රහාරය පමණි.

සලේ ගැන බාර හාර වන , බිම බත් දමාගෙන කන සත්‍යාග්‍රාහකයිනි 2022 නිතිඥ හිජාස් කිසිදු චෝදනාවකින් තොරව මාස 22 රැඳවුම් නියෝගයක තැබුවේ සලේ ඇතුළු ගෝඨාභයගේ ආණ්ඩුවෙනි. ඒ නිසා සලේට ශක්තිමත් වන්නැයි කියන්න. හිජාස් කළාක් මෙන් ව්‍යායාම් කරමින් මනස නිදහස් කරගනිමින්  නිදහස වෙනුවෙන් සටන් කරන්නැයි කියන්න.මක්නිසාදයත් නිර්දෝෂී නම් මේ සියල්ලටම පෙර ඔහූගේ නිර්දෝෂීභාවය අපි පිළිගන්නෙමු. එහෙත් දැඟලිමෙන් නම් පළක් නැත. එයින් තොණ්ඩුව තවත් තදවනු ඇත.

Comments

Popular posts from this blog

I went back to Ibiza

මුරලිව බයිට් වීම.

Jane Goodall සමුගනි.