ට්‍රම්ප්ගේ නම්බුවද ? වියදමද ?

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇයි ඉරානයට තමන්ගේ Ground Troops යවන්න බැරි ? බූෂ් , 2003 කරා වගේ ඇයි Iraq වලට තමන්ගේ හමුදාව යවලා ටෙහෙරානය වට්ටන්න බැරි. මේ දවස්වා හැමතැනම ඇහෙන ප්‍රශ්නයක් මේක.
එක්සත් ජනපද සෙබළු ඉරාකයේදි.

මේකට සරල උත්තරය තමා ඉරානය කියන්නේ ඉරාකය නොවේ කියන එක. භූගෝලීයව හිතුවොත් ඉරානය ,තම අසල්වැසි ඉරාකය වගේ සිව් ගුණයක් විශාලයි. ජනගහනය ගණන් බැලූවත් ඉරාකයේ ඉන්න මිලියන 48 හරියන්න ඉරානයට ඉන්නවා මිලියන 93. ඒ වගේම 2003 බූෂ්ගේ ඉරාක ආක්‍රමණය වෙන මොහොතේ සදාම්ට හිටපූ හමුදාව 1991 කුවෙට් ආක්‍රමණය ඉදන් ගල්ෆ් අර්බුදවල ගිලීලා හෙම්බත් උනූ හමූදාවක්.ඒ නිසා එක්සත් ජනපද සෙබළු සති තුනකින් බැග්ඩෑගයට ඇතුළු උනා. මාර්තු 19 පටන් ගත්ත සටනේ අප්‍රේල් 9 වෙනකොට බැග්ඩෑගය වැටිලා ඉවරයි. 
පර්ල් වරාය ප්‍රහාරය සමරමින් මැරීන් සෙබළු අමතන ජනාධිපති බුෂ්.



ඒත් ඉරානයේ ඉන්න 150000 වෙච්ච IRGC සෙබළු බලාගෙන ඉන්නේ එක්සත් ජනපදය පර්සියන් ගල්ෆ් එකට හෝ ඉරාකයට ගොඩබහිනකන්. නිලනොවන වාර්තා කියලා තියනවා IRGC සෙබළුන්ට අමතරව Proxy groups තව ලක්ෂ දෙකක් ඉරානය ඇතුළේ අවි තියාගෙන ඉන්නවා කියලා. වැඩේ දරුණුයි. 


 අපි හිතමු ,ට්‍රම්ප්ට ඉරානයට අඩිය තියන්නම ඕන කියලා. එහෙනම් ඔහුට ප්‍රායෝගික පාරවල් දෙකක් තියනවා. පළමු මාර්ගය ඉරාකය හරහා ඉරානයට ඇතුළු වීම එහෙම නැත්නම් බටහිර ඇතුළු වීම. ඔවුන් එහෙම එනවා නම් Kermanshah නගරය හරහා ටෙහෙරානයට ඇතුළු වෙන්න පුළුවන්. කෙටි මාර්ගයක් සහ එක්සත් ජනපදයේ පැරණි ඉරාක ආක්‍රමණයේ පළපුරුද්ද නිසා මේක හොඳම අවස්ථාව කියලා හැඟෙනවා. ඒත් ප්‍රශ්නයක් තියනවා. ඒ තමා Zagros කඳු පන්තිය හරහා වැටෙන පටූ මාර්ගය (Narrow passes) .මෙතනදි එක්සත් ජනපදයට සැඟව සිට කරන ප්‍රහාරයක් ඉරානයෙන් එල්ල උනොත් ඒක වළක්වගන්න තරම් ඉඩප්‍රමාණයක් නැහැ. තර්කානුකූල ඇතුළුවීම මෙතන උනාට ප්‍රහාරයක් එල්ල උනොත් වළක්වාගැනීම පහසු නෑ. 
ඉරාන කඳු පන්ති.


 දෙවනි මාර්ගය , පර්සියන් ගල්ෆ් මාර්ගය නැත්නම් දකුණුදිග ඇතුළු වීම. මෙතන හෝර්මූස් සමුද්‍ර සන්ධියට ආසන්න නිසාත් එය දැනටමත් ඉරානය යටතේ තියෙන නිසා විශාල සෙනගක් එවීමේ නොහැකියාවක් ප්‍රායෝගිකව තියෙනවා. අනෙක් කාරණය යුධ ටැංකි හෝ වෙනත් විනාශකාරී ආයූධ ගෙන්වා ගැනීමට ඇති දුෂ්කරතාව. එහෙම හිතුවොත් එක්සත් ජනදපයට ,ඉරානයට ඇතුළු වෙන මාර්ග දෙකම ඇහිරෙනවා. මේ මාර්ග දෙකෙන් මොනයම් එකක් පාවිච්චි කරත් මේ යුද්ධය අධි වියදම් සහ කාලය ගතවෙන සටනක් කියලා ඉරානයත් එක්සත් ජනපදයත් දෙකම දන්නවා. ඉරානයට කාලය ප්‍රශ්නයක් නොවුනත් ට්‍රම්ප්ට කාලය කියන්නේ මුදල්. ඒ නිසා ට්‍රම්ප් ඇතුළු කල්ලීය කල්පනා කරන්නේ වියදමද , නම්බූවද වඩා වටින්නේ කියලා. 

 මනුජය තෙන්නකෝන්

Comments

Popular posts from this blog

සිසූ විරුවෝ රැවටුනාද ?

I went back to Ibiza

මුරලිව බයිට් වීම.