සිරිමාවෝගේ මොහොත.
ජේ.ආර් ජයවර්ධනගේ චරිතාපදානයේ 1959 බණ්ඩාරනායක ඝාතනය එක්ක ලියවුනු පරිච්ඡේදයෙන් නොකියවෙන ඉතිහාසයක් කියවගන්න පුලුවන්.
![]() |
| අගමැතිවරයාගේ නිසල දේහය. |
ජයවර්ධනගේ චරීතාපදානය අනූව 1959 , සැප්තැම්බරය වෙනකොට බණ්ඩාරනායකගේ අවුරුදු තුනේ ආන්ඩූකරනය අර්බූද ,කුමන්ත්‍රණ මැද ඇදිලා ගියේ. චෙල්වනායගම් ගිවිසුම , දෙමල සන්ධනයට දුන්න පොරොන්දු ඉටූ නොකිරීම වගේම පක්ෂයේ අභ්‍යන්තර අර්බූද වලිනුත් බණ්ඩාරනායක හොඳටම හෙල්ලීලා උන්නේ. ඒ නිසා සැප්තැම්බරයේ රොස්මීඩ් උණ්ඩය පත්තු නොවූනත් ආණ්ඩූවට වැඩි ආයූෂ නැති බව කොතලාවල , ඩඩ්ලි සහ ජයවර්ධන ඇතුළු එජාප නායකයොත් දැනන් හිටියා .
මේ අතර කැළණි පන්සලේ දේශපාලන කුමන්ත්‍රණය මත බණ්ඩාරනායක ඝාතනය වුනු අතර දහනායකගේ තාවකාලික ආණ්ඩූවට 1960 මාර්තු ඡන්දය නොපවත්වා බැරි උනා. එජාපයෙන් ඩඩ්ලි සේනානායක අගමැති අපේක්ෂක උනූ අතර ජේෂ්ඨ සී.පී ද සිල්වා ශ්‍රි.නි.ප අගමැති අපේක්ෂක ලෙස තරග කළා. ජයවර්ධන සිය නායකයා උනූ ඩඩ්ලිව ජයග්‍රහණය කරවීමට වෙර වීර්‍ය යෙදූවා.(1956 පරාජයෙන් පසූව විශ්‍රාම් සූවයෙන් සිටි කොතලාවල වසරේ වැඩි කලක් එංගලන්තයේ සිය ගොවිපළේ ගත කල නිසා පක්ෂයේ දෙවන කැපී පෙනෙන නායකයා වූවේ ජයවර්ධනයි) සරල බහූතරයකින් එජාප ජයග්‍රහණය කළා.
![]() |
| ජයවර්ධන සහ ඩඩ්ලි සේනානායක ජනතාව සමඟ |
ජයවර්ධන පවා හිතුවේ මේ මොහොත තමා දේශපාලනික මොහොත කියලා. ඉංග්‍රීසීයෙන් නම් අපි කියන්නේ Grab the moment කියලා. ජයවර්ධනගේ ගණන් බැලීම් අනූව ඩඩ්ලිගේ අයහපත් සෞඛ්‍ය තත්වය නිසා ඔහූ දෙවන වර නැවත ඡන්දය නොඉල්ලන්නේ නම් සහ කොතලාවලගේ නිශ්ක්‍රීය ස්භාවය නිසා 60 දශකයේ අගවන විට අගමැති ධූරය දැරීමේ අවස්ථාවක් ඔහූට තිබුනා. ඒත් ඩඩ්ලි සේනානායක රාජාසන කතාව 1960 මාර්තුවේ පරාජය වීම එක්ක නැවත පාර්ලිමේන්තුව විසිරුවමින් 1960 ජූනි ඡන්දයට පාරක් විවෘත උනා. ජයවර්ධනගේ සැලැස්ම අවුරුදු 17 ට තවත් දිග් ගැස්සූනා.
![]() |
| හොරගොල්ල නිවසේ විවේකි සූවයෙන් සිටින බණ්ඩාරනායක මහතා. |
1960 ජූනි ඡන්දයේදි දේශපාලනික මොහොත හොඳින්ම අතට ගත්තේ බණ්ඩාරනායකගේ වැන්දඹු බිරිඳ වූ සිරිමාවෝ ඩයස් රත්වත්තේ . 1960 මාර්තු ඡන්දයේ අසලකවත් නොසිටි ඈ , ජූනි ඡන්දය සම්පූර්ණයෙන්ම කණපිට හැරෙව්වා. සංවේදි ශ්‍රි.ල.නි.ප ඡන්ද වගේම කාන්තා ඡන්දත් නිසා සිරිමාවෝ ලොව පළමූ අගමැතිනිය වශයෙන් දිව්රුම් දුන්නා. ( ඇගේ මද්දූම දියණිය මෙකී සිදූවීමෙන් වසර 39 පසූව ඒ හා සමානම සංවේදී කාරණයක් පදනම් කරගෙන විධායක ජනාධිපතිනියක් වශයෙන් දෙවන වර දිවුරුම් දුන්නා.)
![]() |
| 1960 ජූනි ජයග්‍රහණයෙන් පසූව අගමැති සිරිමාවෝ .ඇගේ පසෙකින් සිටින්නේ අනූර බණ්ඩාරනායක සහ සර් ඔලිවර් ගුණතිලක. |
බණ්ඩාරනායක මැතිණියගේ පැමිණිමෙන් විශාලම අලාභය උනේ උපායශීලී ජයවර්ධනට. ඒ මොහොත අත්හැරීම නිසා ඔහූට අගමැතිවරයා වශයෙන් පත්වීමට අවුරුදු 70 වනතෙක් දේශපාලනය කරන්නට සිදූ උනා. බොහෝ විට 1960 ඡන්දයට සිරිමාවෝ නොපැමිණියේ නම් 71 තරුණ කැරැල්ල ඇති නොවෙන්නත් , විවෘත ආර්ථිකය 77 තෙක් කල් නොයන්නත් , 88-89 භීෂණය ඇති නොවෙන්නත් ඉඩක් තිබුනා.
![]() |
| 60-65 අගමැතිනියගේ නිල ඡායාරූපය . |
නමුත් දේශපාලනය ලියවෙන්නේ සහ හැසිරෙන්නේ ඒ ආකාරයට නොවන බව අප හැමෝටම පැහැදිලි .





Comments
Post a Comment