ඉරානය යනූ ට්‍රම්ප්ගේ අවසානයද ?
දැන් ලෝකේ තියා එක්සත් ජනපද බහුතරයවත් ට්‍රම්ප්ගේ කතා පිළිනොගන්න බව "No Kings" උද්ඝෝෂණ මාලාව දැක්ක කෙනෙක්ට වටහා ගන්න අමාරු නැහැ. මිලියන අටක ජනතාවක් සතිඅන්තයේ එළියට බැහැලා තිබුනේ ඒකයි.
ට්‍රම්ප් ඉරානයට පෙබරවාරි 28 ප්‍රහාරයක් එල්ල කරේ ඔවුන්ගේ න්‍යෂ්ටික ක්‍රියාවලිය අඩපණ කරන බව කියලා. ඒ කාරණයම පිට ගිය අවුරුද්දේ ජූනි මාසේ ඉරානයේ ස්ථාන තුනකට (Fordow , Isfahan සහ Natanz) ප්‍රහාර මාලාවක් එල්ල කරා. එතනදි ජාතිය අමතපූ ට්‍රම්ප් භාවිතා කරපූ වචනයක් තමා Obliterated ( සම්පූර්ණයෙන් අතුගා දැම්මා ) කියන්නේ. ඔහූම කියන විදියට එක්සත් ජනපදය සුන්නත්දූලි කරපූ ඉරාන න්‍යෂ්ටික ව්‍යාපාරය මත පිහිටලා මාස කිහිපයකට පස්සේ නැවත ඔහූ ඉරානයට පහර දෙනවා. ට්‍රම්ප්ගේ අවිනිශ්චිතතාව කියන්නේ මෙන්න මේකට.
කල්පනා කරොත් හොඳට , ට්‍රම්ප්ට දැන් හැරෙන්න බෑ. ඔහූ , ඔහූගේ ආරක්ෂක කවුන්සිලයට "තමන්ට හරියට ඉරාන හමුදා ශක්තිය ගැන් සාරාංශකරණයක් (Brief ) නොදුන්න බවට චෝදනා කරත් වැඩක් නෑ. අර කතාවට කියනවා වගේ
"යුද්ධයේ පත්තුවෙන පළවෙනි උණ්ඩය ලෙහෙසියෙන් පත්තු උනත් , එතනින් එහාට පත්තු වෙන උණ්ඩ දශක ගානකට නතර වෙන්නේ නැහැ."
ට්‍රම්ප්ගෙන් පත්තු උනූ පළවෙනි උණ්ඩයට දැන් ඉරානය උත්තර දෙනවා . ගිය සෙනසුරාදා යේමනේ හූතී කැරලිකරුවන් (ඉරානය විසින් සහය ලබාදෙන) ඊශ්‍රායලයට සිය පළමූ මිසයිල ප්‍රහාරය එල්ල කරා. CNN නාලිකාව ලොකූ අකූරෙන් ප්‍රවෘත්තියක් පළ කරා
Iran - back Houthis join war.
පලස්තීනයේ හමාස්වරුන්ගේ වර්තමාන දූර්වලතාව නිසා ඔවුනට ඉරානයට සහය දෙන්න නොහැකි වුනත් ,හූතීවරුන්ට Bab el - Mandeb සන්ධිය හිරකිරිමේ හැකියාව තියනවා. ඒ වගේ රතු මුහුදේ නාවූක කටයුතුවලට ප්‍රහාර එල්ල කීරීමේ හැකියාවත් තියනවා . ඔවුන් ඒක කලිනුත් කරලා තියනවා. ඉරානය හෝර්මූස් සමුද්‍ර සන්ධිය වැහූවා වගේ හූතීවරු Bab el හිරකරගත්තොත් අරාබි ලෝකය සැහෙන අමාරුවක වැටනෙවා.
ඒ එක්කම පාකිස්තානය හරහා එක්සත් ජනපදය , ඉරානයේ අභ්‍යන්තරය සමඟ සාකච්ඡා කරන බව කනින් කොනින් ඇහෙනවා. ඒත් ඉරාන විප්ලවීය මුරබට හමුදාව නොහොත් IRGC නැවත සටන් විරාම සඳහා අකමැති බව ඒ එක්කම කියවෙනවා. කතාව පෙළගැසෙන්නේ එහෙම නම් ට්‍රම්ප්ට යුද්ධ නොකර බැරි තත්වයකට එනවා.
දැනටමත් ඉරානය අනතුරු අඟවලා තියනවා එබ්‍රහම් ලින්කන් නෞකාව ඉරානයට වෙඩිතැබිමේ කලාපය (Firing range) තුළට ආවොත් ගිල්වාදමන බව. ඒ එක්කම මැරීන් සෙබළු 5000 සිංගප්පූරුව හරහා ගල්ෆ් කලාපයට ඇතුළුවෙලා තියනවා.ට්‍රම්ප් විසින් තහනම් දූපත (Forbidden island) නොහොත් Kharg island අල්ලා ගැනීමට මානබලන බවත් සිය සෙබළුන් සහ අනෙක් අංශ සූදානම් වූ විගස පහර දෙන බව එක්සත් ජනපද අභ්‍යන්තරය උපුටමින් විදෙස් මාධ්‍ය ඒ අල්ලපනල්ලේ වාර්තා කරනවා.ට්‍රම්ප් ඒ වැඩේට නිර්භීතවෙයිද කියලා මට සැකයත් තියනවා.
.ඉරාකයට ලක්ෂ 295000 සෙබළු ගියබවත් එයින් 4500 මියගිය බවත් අපි ඉතිහාසයෙම් දන්නවා. ඔය කියන විදියට ඉරාන ගොඩබිම ආක්‍රමණයක් වෙනවා නම් අඩූම 500000 වත් එක්සත් ජනපද සෙබළු යවන්න ට්‍රම්ප්ට සිද්ධවෙනවා. ඒ ලක්ෂ පහට Causalities කොච්චරක් එයිද කියන එක එක්සත් ජනපදය ගණන් බලලා තියෙනවා ද කියලා කියන්න මම දන්නේ නෑ.
හමාරයට පෙර , ට්‍රම්ප් දවසෙන් දවස ගල්ෆ් නූල් බෝලේ පැටලෙනවා. ඒ පැටලීම හින්දා ට්‍රම්ප්ට හැතැම්ම දස දහස් ගාණක් එහායින් ජීවත්වෙන අපේ පටිත් එන්න එන්නම තදවෙනවා.
මනුජය තෙන්නකෝන් .

Comments
Post a Comment