ඉරාන රෙජීමය තාමත්...

ට්‍රම්ප් යුද්ධයට යන්න කලින් ගණන් බලන්න ඇති. එහෙම නැතුව යුද්ධ කරන්න මේක ගම් දෙකක් ගහගන්නවා නෙවෙයි නේ. ට්‍රම්ප් ගණන් බලන්න ඇත්තේ , උත්තරීතර නායකයා (Supreme Leader ) අල් කාමේනී ගත්තම ඉරාන අභ්‍යන්තරය පුපුරලා රෙජීමය දෙකඩ වෙයි කියලා. ඒ නිසාම තමා කාලෙකට කලින් ඉදන්ම ඊශ්‍රායලය  ගිය අවුරුද්දේ 25 වෙනිදා Wall Street Journal එකට කීවේ Al Khamani not off limits කියලා. ඒ ඊශ්‍රායලයේ හඬ උනාට ට්‍රම්ප්ගේ පණිවිඩය. ඒත් එහෙම උනේ නෑ. ඒ ඇයි ?



ඊශ්‍රායලය හැමදාම වගේ මේ යුද්ධයෙත් Upper hand එක ගත්තා , අධ්‍යාත්මික නායකයාව ඝාතනයට කලින් ඉදන්ම ඉරාන පරිපාලනයේ ඉන්න ඔක්කොම ලොකු මිනිස්සුන්ව මොසාඩ් ඔත්තු සේවය එහෙමත් නැත්නම් ඊශ්‍රායලය ආරක්ෂක අංශ ඝාතනය කරලා ඉවරයි. විශේෂයෙන්ම IRGC නොහොත් ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක අංශයේ විශේෂිතම බලකාය උනූ Quds බලකායේ ප්‍රධානීයාව  ඉවත් කරෙත් ඊශ්‍රායලය ඩ්‍රෝන ප්‍රහාරයකින්. කොටින්ම Elite level එකේ ඉතුරු උනේ කාමේනීගේ පුතා සහ නව ආධ්‍යාත්මික නායකයා උනූ Mojtaba Khamani විතරයි. ඒත් මාරාන්තික තුවාල එක්ක.


දැන් මෙච්චර ඉරාන අභ්‍යන්තරය විනිවිද ගිහිල්ලත් ඉරාන රෙජීමය තාම දුවනවා. එක්සත් ජනපද ආරක්ෂක ලේඛම් පීට් හෙග්සෙත් විදේශ මාධ්‍ය ඉදිරියේ එකම බයිලා  එක නැවත නැවත ගහනවා.මේකට හේතුව මොකක්ද ? 


ඉරාන කඩා නොවැටීමට හේතුව තමා Decentralized නොහොත් විමධ්‍යගත පාලනය. කොටින්ම උත්තරීතර නායකයා නොහිටියත් IRGC ප්‍රාදේශීය පාලනයන් සිද්ධ වෙනවා . එකාබද්ධ නොවුනත් තනිව සටන් කිරිම් සිද්ධ වෙනවා.මේකට කියන්නේ Mosaic strategy කියලා. IRGC එක මේ සැලැස්ම ක්‍රියාවට නැඟුවේ 2003 සදාම් හූසේන්ගේ ඉරණම දැකලා. එක්සත් ජනපද ආක්‍රමණය එක්ක බැග්ඩෑගය වැටූන ගමන් ඉරාකය වැටූනා. ඒත් ඉරානයේ Mosaic ක්‍රමවේදය නිසා ස්වයංව පාලනය වෙන Cell කියන ව්‍යූහය නිසා ටෙහෙරානය වැටුනත් සටන නතර වෙන්නේ නෑ. මෙතන තියෙන්නේ Theory of Survival කියන අදහස. ඊශ්‍රායලය ඩ්‍රෝන වලින් ඉරාන සෙබළු පොකුරු පිටින් මැරුනත් ඔවුන්ගේ ආකල්පය පුළුවන් තරම් යුද්ධය දිගට අදින එක. ඒකට වැයවෙන මිනිස් ජිවිත ප්‍රමාණය ඔවුන් තකන්නේ නෑ.


මේ Decentralized ක්‍රමවේදයේ අනෙක් පැත්ත උනූ Centralized war strategy එකට හොඳම උදාහරණය තමා , LTTE ත්‍රස්තවාදය. ඒ සංවිධානය තනිකරම ගොඩනැගුනේ ප්‍රභාකරන් එහෙම නැත්නම් ඔවුන්ට අනූව තලෙයිවර් ( தலைவர்) . මම පෞද්ගලිකව හිතන්නේ අපිට ප්‍රභාකරන්ව අනූවේ මැද වගේ ඉවත් කරගන්න පුළුවන් උනානම් සංවිධානය ඔය තරම් පුළුල් නොවෙන වග.  අපිට අවස්ථා කීපයක් ආවත් ඒවා අවසන් පියවරට යාගන්න බැරි උනා. ප්‍රතිඵලය අවුරුදු තිහක යුද්ධයක්.


ඔරලෝසූව වැඩ කරන වේගය්ට ට්‍රම්ප්ගේ  අතේ කාර්ඩ්ස් එන්න එන්න අඩූ වෙනවා , ඉරානය මුලු ඉතිහාසයේම පෙන්නලා තියනවා තමන් Battle hardened ජනතාවක් කියලා. ඒ නිසා ඔවුන්ගේ හැංගුන කාර්ඩ්ස් ටික ටික එළියට එනවා. Strait of Hormuz කියන්නේ එක ආසියෙක් විතරයි. 


Comments

Popular posts from this blog

සිසූ විරුවෝ රැවටුනාද ?

I went back to Ibiza

මුරලිව බයිට් වීම.