ට්‍රම්ප්ගේ ආතතිය.

 ට්‍රම්ප් තවත් සති දෙකක් මහා ප්‍රහාරය (Ultimate destruction  ) ඇද ගත්තා. ඔහූ පෙරේදා පළකරපූ Truth  social පණිවිඩය දැක්කම නම් හිතුනෙම ඔහූ යම් ප්‍රහාරයක් අද දෙයි කියලා. ජනාධිපතිවරයකුට නොගැළපෙන පන්නයේ වචන භාවිතයකින් පළකරපූ ඔහූගේ පණිවිඩයෙන් තේරෙනවා ඔහු ඉන්න ආතතිය පිළිබඳව .

ට්‍රම්ප්ව උපහාසයට ලක්කල කාටූනයක්.


 විශේෂයෙන්ම ප්‍රංශ මාධ්‍යක් වාර්තා කරලා තිබුනා දින තුනකට ඉහතදි ට්‍රම්ප් රෝහල් ගතකළ බවකුත් . නමුත් සැණෙන් එය ධවල මන්දිරය ප්‍රතික්ෂේප කළත් , අවුරුදු අසූවක මහල්ලෙකුට දැරිය නොහැකි පීඩනයකට ඔහූ අසූවී ඇති බව දැන් පැහැදිලි .

පසුගිය මාර්තු 26 සිට ඔහූ එල්ල කරන්න බලාපොරොත්තු වෙන අවසන් ප්‍රහාරයට හෝ ගොඩබිම් ආක්‍රමණයට එක්සත් ජනපද ඉහළ හමුදා නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් අකමැත්ත පළ කිරිමත් , පීට් හෙග්සෙත් විසින් උසස් හමුදා නිලධාරීන් පිරිසක් තනතුරු වලින් ඉවත් කිරිමත් නිසා එක්සත් ජනපද අභ්‍යන්තරයෙත් යම් සෙළවිමක් වී ඇතිබව පෙනෙන්න තියනවා. 

එක්සත් ජනපද යුධ ලේඛම් පීට් හෙග්සෙත්.


ඉරානය තවමත් අමූ සොහොනක සටනේ(Death ground game) නියැලෙමින් තමන්ට ඊශ්‍රායල , එක්සත් ජනපද ප්‍රහාරවලින් සිදුවන බලපෑම අවමකරගැනීමට උත්සහ දරනවා. තමන්ගේ සිවිල් ඉලක්කවලට පහර දෙන්නේ නම් ලොව පතළ සන්නාම 19 ක නිෂ්පාදන කටයුතු සිදුවන ගල්ෆ් කලාපයට තමන් පහර දීමට නොපැකිළෙන බව IRGC (ඉස්ලාමීය මුර භට හමුදාව) පවසා තිබෙනවා.  විශේෂයෙන්ම AI සඳහා ඉවහල් වෙන  දත්ත මධ්‍යස්ථාන (Data centers) වලට ඉරානය පහර දීමේ අවදානමක් ඇතිබව සවුදිය පසුගිය සතියේ ප්‍රකාශයක් කර තිබුනා. අනෙක් අතින් IRGC සෙබළු අත පාවිච්චි නොකළ Cruise missile ප්‍රමාණයක් තිබෙන බව යුධ විශේශඥයින් අනතුර අඟවා තිබෙනවා. 

අවි දරන IRGC භටයන් දෙදෙනෙක්.


පාකිස්තානය හරහා ඉදිරිපත් වූ යෝජනාවලියේ යෝජනා දහයක් අන්තර්ගත බවත් එයින් දෙකක් හෝර්මූස් සමුද්‍ර සන්ධිය පිළිබඳවත් , දෙකක් සදාකාලික සටන් විරාමය පිළිබඳවත් , තවත් එකක් ඉරානයේ අලාභානිය ගෙවීම පිළිබඳව බව CNN උපූටා දක්වමින් සඳහන් කර තිබුනා. දැන් වටමේස සාකච්ඡාව ඇරඹුනත් ට්‍රම්ප් සාකච්ඡා අතරමැද ප්‍රහාරයක් එල්ල නොකර ඉදී කියලා හිතන්න බැරි තරමට ඔහූ අවිනිශ්චිත , විශ්වාසය තැබිය නොහැකි ජනාධිපති කෙනෙක් වී තිබෙනවා. 

පලි. පසුගිය අඩ සියවස පුරාවට එක්සත් ජනපද ජනාධිපතිවරුන්ගේ විදේශ ආක්‍රමණ සහ එහි සිදූවූ මානව හිමිකම් උල්ලංඝනයට සැබැවින්ම  ජනාධිපතිවරුන්ට එරෙහිව නඩූ පැවරුවේ නම් ඒ සියලූ දෙනාම එල්ලා මරා දැමීය හැකි අන්දමේ වැරදිකොට ඇත. 

මිතුරනි ඉදිරි සති දෙක තීරණාත්මකයි.


Comments

Popular posts from this blog

සිසූ විරුවෝ රැවටුනාද ?

I went back to Ibiza

මුරලිව බයිට් වීම.