චන්ද්‍රිකාටත් වාරයක්.

1994 අවුරුද්ද , ශාපලත් දශකයකට පස්සේ ලංකාවට උදාවුනූ වාසනාවන්තම  අවුරුද්ද විදියට දේශපාලනිකව හඳුන්වන්න පුලුවන්. ජයවර්ධනගේ පාලනයටත් , ප්‍රේමදාසගේ යකඩ හස්තයටත් , විජේවීර්ගේ කැරැල්ලටත් , ප්‍රභාකරන්ගේ ඊළමටත් කොටූ උනූ ශ්‍රී ලාංකීකයන්ට 1994 අවුරුද්ද වෙනකොට හිසරදයකට කියලා ඉතිරි උනේ උතුරේ යුද්ධය විතරයි. එකට හේතුව ජයවර්ධනගේ විශ්‍රාම යෑම , ප්‍රේමදාසගේ ඝාතනය සහ විජේවීරගේ කැරැල්ල පරාජය වීම.

1999 ජනාධිපතිනියගේ නිල ඡායාරූපය .

ලාංකීය දේශපාලනයේ වෙනසක් , නවමු අත්දැකීමක් සහ නව මුහුණුවරක අවශ්‍යතාව දැනෙමින් පැවතුනු මොහොතක ජනාධිපති විජේතුංග විසින් ජනාධිපතිවරයණයට  දින නියම කරන්නේ නොවැම්බර් මස 9වන දිනට , ඊට හේතුව නම් ව්‍යාවස්ථානූකූලව අනූප්‍රාප්තික ජනාධිපතිවරයකුට ජනාධිපතිවරණයක් කලින් පැවැත්වීමේ බලය රහිත නිසා. 

එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජනාධිපති විජේතුංග ඉදිරිපත් නොවන බව කල් ඇතුව පැවසූ බැවින් ඔවුන්ට ඉතිරිව සිටි එකම සහ හොඳම විකල්පය වූ ගාමිණි දිසානායක වෙතට ඔවුන් හැරුනා. ඒ වනවිට රාජාලියා පක්ෂයේ සිටි ඔහූ නැවත එජාපයට පැමිණ ජනාධිපති අපේක්ෂකත්වය භාර ගන්නා විට ජයවර්ධනය,  ප්‍රේමදාස , ඇතුළත්මුදලි හෝ රන්ජන් විජේරත්න යන කිසිවකු සිටියේ නැහැ. තියූණූ සටනක් වූවත් තමන්ට 1994 විශාල අවස්ථාවක් ඇති බව ගාමිණී දිසානායක පවා ඒ නිසා විශ්වාස කළා. 

ශ්‍රි.ල.නි.ප ජනාධිපති අපේක්ෂකයා ඔවුන් 1994 මූල් භාගයේම සූදානම් කරතිබුනා . 1988 සිය සැමියා ඝාතනය වූ පසූ එංගලන්තයට සිය දරු දෙදෙනා සමඟ පිටවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඔවුන්ගේ ප්‍රධානතම් තුරුම්පූව වී තිබුනා. ප්‍රේමදාසගේ ඝාතනයෙන් පසූව ශ්‍රී ලංකාවට පැමිණ නැවත දේශපාලනය ආරම්භ කිරිමේ ආරාධනාව මුලින් ඈ ප්‍රතික්ෂේප කළත් පසුව 1994 මැද මහ මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය සමඟ ඈ පාර්ලිමේන්තු බහුතරය සමඟ අගමැතිධූර්‍යට පත්වුනා. එයින් ඈ ශ්‍රි.ල.නි.පේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිතරඟයෙන් පත්වුනා. මුල් කාලයේ ජනාධිපති අපේක්ෂක ධූරය සිරිමා බණ්ඩාරනායක ලැබිය යුතුයැයි කසුකුසුවක් තිබුනද ඇගේ වයෝවෘද්ධ ස්භාවයත් , මංගල වැන්නවුන්ගේ අභ්‍යන්තරික දේශපාලනික මත හැසිරවීමත් නිසා එකී මතය අදහසක්ම පමණක් වූවා.

ඩී.බී විජේතුංග ඉදිරියේ චන්ද්‍රිකා අගමැතිනිය ලෙස දිවුරුම් දීම.

සැබැවින්ම 1994 ජනාධිපතිවරණය 2005 තරම්ම තියූණූ වන්නට තිබුන නමුත් ජනාධිපතිවරණයට දින දහසයකට පෙර එජාප  රැළියට එල්ල වූ මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයෙන් සියල්ල උඩුයටිකුරු වුනා. ගාමිණී ඇතුළු ප්‍රාධාන නායකයන් සියල්ලම තොටලග දි ඝාතනය වූ අතර වික්‍රමසිංහ පමණක් දිවි බේරාගත්තා. ( ඔහූ එදින රැස්වීමට ප්‍රමාද වී පැමිණි බව කියවේ.) 

ගාමිණී දිසානායකගේ පුරප්පාඩූවට ඔහූගේ බිරිඳගේ නම ශ්‍රීමති දිසානායක ඡන්ද පත්‍රිකාවට එක් කළා. එහෙත් 62% අධික ජනප්‍රසාදයකින් චන්ද්‍රිකා කුමාරණතුංග මෙරට සිව්වන විධායක ජනාධිපතිනිය ලෙස  දිවුරුම් ලබා දුන්නා. නව යුගයක බලාපොරොත්තු දෑස් දල්වාගත් ලාංකීකයන් අගමැතිවරුන් දෙදෙනෙකුගේ දියණියක් නැවත වරක් රජ පුටුවටම ඔසවා තැබූවා.

නිතිඥ ශ්‍රීමා දිසානායක  

මා මුලින් කීව අන්දමින් , චන්ද්‍රිකා බලයට පැමිණියේ ප්‍රචණ්ඩ එජාප ආණ්ඩූව යටතේ අහිමිවූ නීතීය හා සාමය පිහිටවීමට සහ ආර්ථිකය නඟා සිටවීමට. ඈ පිළිබඳ බොහෝ සමාජ ක්‍රියාකාරීන්ගේ , මාධ්‍යවේදින්ගේ පවා විශාල විශ්වාසයක් තිබුනා. රාවයේ වික්ටර් අයිවන් වැන්නවූන් ප්‍රසිද්ධියේම ඈ වෙනුවෙන් පෙනී සිටීයා.

ඒත් ඇගේ දෙවන ධූර කාලය එළැඹෙන වීට ඈ නොකළ යූතූ දෑ බෝහෝමයක් කරමින් මෙරට සිටි තවත් අසාර්ථක රාජ්‍ය පාලකයකු බවට සෙමින් සෙමින් පත්වෙමින් සිටියා. නමුත් 1999 දී ඇයට තවත් වරක් බලය ලබාදීමට තරම් ශ්‍රී ලාංකීකයන් කෘතවේදී වූනා.


Comments

  1. වෙන කෙනෙක් හිටියෙත් නැහැනේ

    ReplyDelete
    Replies
    1. Exactly. My point is that she was the one who received a strong majority mandate to transform the country both economically and politically. However, looking back after several years, it appears that she was unsuccessful in delivering the change that was expected, similar to some of the past presidents.

      Delete
  2. චන්ද්‍රිකා කියන්නේ විශිෂ්ටතම නායකත්ව ගුණාංගය වන Team Player කියන එක අමතක කරපු කෙනෙක්. ටිකක් අන් අය පහත් කොට සලකන ගතියක් තිබුණා .

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සිසූ විරුවෝ රැවටුනාද ?

I went back to Ibiza

මුරලිව බයිට් වීම.