ඉරානය : මිළඟ ලිබියාව නොවිමටනම්.
ඉරාන ආධ්‍යාත්මික නායක අල් කාමේනීගේ ඝාතනය පිළිබඳව එක් පිරිසක් ජය ඝෝෂා පවත්වන අතර තව පිරිසක් හඬා වැළපේ.
දැනට කියවෙන වාර්තා අනූව එක්සත් ජනපදයේ අනුදැනුම ඇතිව ඊශ්‍රායලය ඉරානය සමඟ සාකච්ඡා සිදුකරන අතර අල් කාමේනීගේ ටෙහෙරාන් ආරක්ෂිත නිවස්නයට Bunker buster බෝම්බ ( ඝන කොන්ක්‍රීට් තට්ටූ විනිවිද යාහැකි අන්දමේ බෝම්බයක්) ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එයින් කාමේනී , ඉරානයේ උසස් නිලධාරීන් සහ කාමේනීගේ පවූලේ සමීපතයන් කිහිපදෙනෙක් මියගොස් ඇත.
![]() |
| 86 හැවිරිදි කාමේනි. |
ඊයේ දිනයේ ඉරාන ගුවන් ප්‍රහාර අබූඩාබි, කටාර්,බහරේන් සහ සිරියාවට එල්ල කර ඇත්තේ කාමේනීගේ මරණය සමඟ ඇතිවූ ආවේගයෙන් බව ඉරාන මාධ්‍ය උපුටමින් බටහිර මාධ්‍ය වාර්තාකර තිබිනි. කාමේනී වසර දෙකකට පෙර සිටම තමන්ගේ අනූප්‍රාප්තිකයා පිළිබඳව සිතේ තබාසිටි නිසා බොහෝ විට තව පැය 48 තුළ නව අධ්‍යාත්මික නායකයකු පත්කර IRGC ට නියෝග සපයනු ඇත. බොහෝ විට ඒ ඔහුගේ එක් පුතකු බව කියවේ.
![]() |
| තරුණ කාමේනි. |
වඩා වැදගත් වන්නේ ඉරාන රෙජීමය පෙරළිමෙන් පසු මැදපෙරදිග ඇතිවන තත්වය විමසිමයි. ඉරානයට දැන් මාර්ග කිහිපයක් ඇත. එකක් ආයූධ බිම තබා එක්සත් ජනපදය සමඟ සාකච්ඡාවට ගොස් සුමටව බලය හුවමාරු කරගැනිමයි. මේ සඳහා අවශ්‍යය නම් කාමේනීගේ කවයෙන් අභ්‍යන්තර කුමන්ත්‍රණයක් සිදූවීමට ඉඩ ඇත. දෙවැන්න , නව නායකයා යටතේ IRGC සහ ඉරාන හමුදා මෙහෙයවමින් තවදුරටත් සටන් කිරිම. එය එසේ වුවද මේ උපක්‍රමයෙන් ටෙහෙරානය ගිනිබත් විය හැකි අතර එ සමඟම මැදපෙරදිග ආර්ථිකය අකර්මණ්‍ය කිරිමට ඉරානයට හැකියාවක් ඇත. තෙවැන්න හමාස් සහ හූතී වැනි සටන්කාමීන්ට ඉරාන් මධ්‍යම ආණ්ඩූවේ බලය ලබාගැනිමට ඉඩහැර ඉරාන රජය කැලිපේටයකට තල්ලූ කිරිම. මෙහි අවසන් ප්‍රතිඵලය නම් ඉරානය තවත් ලිබියාවක් හෝ සිරියාවක් වීමයි.
![]() |
| 1979 , අල් කොමේනීගේ සමඟ පසෙකින්. |
මේ නිසාම සැබැවින් එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලය එකාබද්ධ යුධ මෙහෙයූම පිළිබඳ දැඩි තාර්කික හේතු කිහිපයක් ඇත . නමුත් හාස්‍යජනක කාරණය නම් ඒ කිසිවක් ඊශ්‍රායලය අභ්‍යන්තර ආරක්ෂාවට හෝ එක්සත් ජනපදයේ පැවැත්මට තර්ජනයක් නොවිමයි.
පළමුවැන්න නම් ඉරානය න්‍යෂ්ටික වැඩසටහන් නැවැත්වීමට අකමැති වීම බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසිම. නමුත් සැබවින්ම එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික වැඩසටහන් සීමාකිරිමට සහ පරික්ෂා කිරිමට පැනවූ සම්මුතියට අත්සන් නොතැබූ රාජ්‍යන් ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය මිස ඉරානය නොවේ . දෙවැන්න නම් මැදපෙරදිග කලාපයේ ඊශ්‍රායලය බලය ස්ථාපිත කිරිමේ උවමනාව .යුදෙව් ජාතින්ගේ නිජබිම ඊශ්‍රායලය බව පවසමින් 1948 සිට ඔවුන් මැදපෙරදිග ගොඩ නගා තිබෙන දේශපාලන සමාජීය සහ ආර්ථිකමය අස්ථාවරත්වය . මේ කරුණ පිළිබඳව හිටපූ ඉරාන ජනාධිපති "අබ්දුල් අහමනෙජාඩ්" වරක් මෙසේ කියා තිබුනි
"යුදෙව්වන්ට තම නිජ භූමිය විදියට ඊශ්‍රායලය අවශ්‍ය බව මම නම් හිතන්නේ නෑ.ඒකට හේතුව ඔවුන්ට දැනටමත් ඒ වෙනුවෙන් නිව් යෝර්ක් තිබිමයි."
![]() |
| අහමනෙජාඩ් |
, තෙවැන්න නම් ඉරානය ඉන්දියාව සහ චීනය අතර ඇති ආර්ථික ගිවිසුම් නවතා හැරිම , ඉරානය තුළ චීන ආයෝජන නැවැත්වීම සහ ඉරාන ඉන්දීය මිත්‍රත්වය පළුඳු කිරිම.
සිව්වැන්න , ඉරානය සතු තෙල් සම්පත එක්සත් ජනපද තෙල් සමාගම් සතුකොට ආර්ථිකමය වාසිය ලබාගැනිම.මේ කරුණේදි ඊශ්‍රායලයට , ඉරානයත් සමඟ කිසිදූ අකාරයක ආර්ථිකය ගනුදෙනුවන් නැති එය මුළුමනින්ම ලෙයින් තෙත්වන , මරණයෙන් විලාප නඟන ආගමික යුද්ධයක් පමණි.
දැන් ඊශ්‍රායලය ඉතා ප්‍රායෝගිකව (කාමේනිගේ ඝාතනය වූ අන්දම පිරික්සා බලන්න )ඉරානයේ සර්ප හිසට පහරදෙමින් සිටි. ඔවුන් ලොකුම ඉලක්කය දැන් සපුරා ගෙන ඇති අතර ඉරානය තුළ ව්‍යස්ථාපිත ආණ්ඩූවක් බිහිවන තුරු ගෙල සිරකිරිම නොකඩවා සිදුවනු ඇත.
![]() |
| IRGC භට ඛණ්ඩය. |
නමුත් මේ සියල්ල අවසානයේ ඉරානය අනාගතයේ එක්සත් අරාබි එමීල් රාජ්‍යයක් වනවාද නැතිනම්.ලිබියාව මෙන් ගල් යූගයට යනවාද යන්න ඉරාන ජනතාවගේ සහ යුධවදිනා වූ දෙපාර්ශවයේම නායකයින්ගෙ දූරදර්ශී ක්‍රියාපිළිවෙත් අනූව සිදුවනු ඇත. වසර 42 පසුව එලැබි මේ මහැඟි අවස්ථාව සියුම් පිහිතුඩක ඇවිදින්නාක් මෙන් ඉරාන ජනතාවට මෙන්ම IRGC නිලධාරින්ටද දැනෙනු ඇත.
.





Comments
Post a Comment