නැවත එන්න !!!!

 Deng xiao ping තමන්ගේ සුප්‍රසිද්ධ දකුණුදිග සංචාරය නොහොත් Southern tour හිදි විශේෂිත කතාවක් පවත්වනවා . එහිදි ඔහු කියන වැදගත් දෙයක් තමා

Go abroad , learn from the others and return

විදේශයන් කරා යන්න , ඔවුන්ගෙන් ඉගෙන ගන්න , නැවත පැමිණෙන්න.



Deng මේ නැවත පැමිණීම යනුවෙන් අදහස් කරන්නේ ,නැවත චීනයට පැමිණ චීනයේ සංවර්ධන වෙනුවෙන් , චීන ජනතාව වෙනුවෙන් ඒ අධ්‍යාපනය , අත්දැකීම යොදවන්න කියා. 


හැබැයි අවාසනාවකට ලංකාව , ඉන්දීයාව ඇතුළු දකුණු ආසියාතික රටවල් බොහෝමයක රාජ්‍ය නායකයින් , ගුරුවරුන් , විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් ජනාධිපතිවරුන් තබා දෙමාපියෙක් වත් නැවත ලංකාවට එන්න , ඇවිත් රටට උදව්වක් කරන්න කියලා කියනවා ඇහෙන්නේ නෑ. 

මගේ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපූ මිත්‍රයෝ බොහෝ පිරිසක් දැන් ඉන්නේ විදේශ රටවල් වල  තමන්ගේ ශාස්ත්‍රපති උපාධිය හෝ ආචාර්ය උපාධිය කරන ගමන්.ඒ හැමෝම තමන්ගේ විෂය ක්ෂේත්‍රවල දක්ෂ තරුණ තරුණියෝ . ඒත් ඒ අයගෙන් අඩූම 1% වත් ආපහූ ලංකාවට එයිද කියන්න මම දන්නේ නෑ.

හේතුව අපේ වගේ රටවල්වල උගත් , බුද්ධිමත් , කුසලතාපූර්ණ පිරිසට රටෙන් පලයන් කියන තැනට වැඩ සිද්ධ කරාට , නැවත එන්න කියන යාන්ත්‍රණයක් නැහැ. සිංගප්පූරුව , චීනය සහ ජපානය පවා ඒ ඉල්ලීම නැවත කරනවා. 

ඉතින් කොහොමද අපි ඉස්සරහට යන්නේ ??

Comments

Popular posts from this blog

සිසූ විරුවෝ රැවටුනාද ?

I went back to Ibiza

මුරලිව බයිට් වීම.