හාමුදුරුවන්ටම ගිය රට


ලංකාවේ භීක්ෂූන්ගේ දේශපාලන භාවිතයත් , පාලකයන් සංඝ සමාජයෙන් උපදෙස් ගත යුතු බවත්  කියන දෙකේම කිසිම තර්කයක් මට තේරෙන්නේ නෑ. 

යම් කාලෙක රාජ්‍යත්වය තහවුරු කරගන්න , පවත්වාගෙන යන්න සංඝ සමාජයේ දැනූම , දැක්ම සහ දර්ශනය උපයෝගී වෙන්න ඇති. ඒකට හේතුව ඒ සමයේ දැනූමේ කේන්ද්‍රය සංඝ සමාජය උනූ නිසා. ඒත් දැන් සමාජය සියවස් ගනනාවක් ඉස්සරහට ඇවිත්. තවදුරටත් රාජ්‍ය පාලනය , සමාජ ප්‍රතිසංස්කරණ සහ දේශපාලනික යාවත්කාලීන කිරීම් කරන්න භික්ෂුන් වහන්සේලාගේ හෝ වෙන කිසිම ආගමික සංස්ථාවක මැදිහත් වීම අවශ්‍යය නෑ.

මෙරට දේශපාලනික සඝ පරපුර.

ඒ කාරණය මම තර්කානුකූලව පැහැදිලි කරන්නම්. ගලබොඩඅත්තේ ඥානසාර හිමි සංහිඳියාව ගැන , ජාතිකත්වය ගැන , සිංහල බෞද්ධත්වය ගැන පාරම්බෑවට එයා දන්න ජාතීන් අතර සංහිඳියාවක් හෝ ජාතිකත්ව ඉතිහාසයක් නෑ. අඩූම ඒ ගැන කිසිම අධ්‍යාපනයක්වත් ලබලා නෑ. එයා රටේ නීතිය ගැන කතා කරාට බීමවත් රිය ධාවනයට නඩූ දෙකක්ම ඥානසාර හාමුදුරුවන්ට තියෙනවා .

අම්පිටියේ සුමන හෝ පිටිදූවේ සිරිධ්ම්ම , කෘෂිකර්මාන්තය් , නව තාක්ෂණය , ඉඩම් ප්‍රතිසංස්කරණය ගැන මහා ඉහළින් ආණ්ඩූවලට උපදෙස් දුන්නට , ඒ දේවල් රාජ්‍ය මට්ටමෙන් සිදූකරන්කොට සැලකිලිමත් විය යූතූ අබ ඇටයක්වත් ඔය උන්නාසේලා දන්නේ නෑ. දායකයන්ගේ සල්ලී යොදවලා ගොවිපළක් කරලා පිටිදූවේ සිරිධම්ම , ආණ්ඩූවට උපදෙස් දෙනවා රටේ කෘෂිකර්මාන්තය නඟාසිටවන්න කියලා.

ත්‍රීකුණාමලයේ සිද්ධියට රිමාන්ඩ් ගත වූ හිමිනම.


කාබනික පොහොර මාෆියාවකට ගෝඨාගේ ආණ්ඩූව තල්ලූ කරගෙන ගිය අතුරුලියේ රතන ඇත්තටම කෘෂිකාර්මාන්තය , මහා පරිමාණ වගාවන් කළමනාකාරය , පසූ නිෂ්පාදනය කළමනාකරනය, කාබනික වගාවේ සීමාවන් තියා මෙලෝ බිබික්කමක් දන්නේ නෑ. ඒත් ආණ්ඩූවේ ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිවල මුලසුන හිටියේ රතන හාමුදුරුවෝ . ඒ භික්ෂු උපදෙස නිසා අන්තිමට විධායක ජනාධිපති කෙනෙක් බෙල්ල මූලටම හිර උනා.

රාජාංගණයේ හාමුදුරුවෝ යැයි කියාගන්නා චීවරධාරීයා ක්‍රිකට්වල ඉදන්  පාර්ලිමේන්තු සම්ප්‍රදාය දක්වා අනුර කුමාරටයි , මාලිමා ආණ්ඩුවටයි උපදෙස් දුන්නට , ඒ කිසිම දෙයක ප්‍රායෝගිකත්වය ගැන අබමල් රේණූවකවත් දැනුමක් උන්දෑට නැහැ.

බලංගොඩ කස්සප , කොටූවේ හාමුදුරුවෝ , ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ,කාගම සිරිනන්ද , අභයාරාමයේ හාමුදුරුවෝ , මිහින්තලයේ හාමුදුරුවෝ .මෙහෙම දිග ලැයිස්තුවක් කියාගෙන යන්න පුලුවන් රාජ්‍යත්වයට , අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට , ආර්ථික ප්‍රතිසංස්කරණවලට බලපෑම් කරලා ජනතාව උසිගන්වන.

අභයාරාම විහාරාධිපති සහ මහින්ද රාජපක්ෂගේ සමීපතම භික්ෂුව.


මේ පාදඩ සම්ප්‍රදාය නැවැත්විය යුතු කාලය ඇවිත් තියෙනවා. තම තමන්ගේ දැනූම , අත්දැකීම , පළපුරුද්ද මත ආණ්ඩුවට උපදෙස් දෙන්න මිසක් සිවුරකට , නිකායකට මත පිහිටවලා දේශපාලනිකව මැදිහත් වීම නතර කරලා දාන්න අවශ්‍යයි. ඒකට කියන්නේ නිරාගමික වීම නෙවෙයි . Meritocracy කියලා. නැත්නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උස්සගෙන පන්සල් ගානේ යන්න වෙනවා අනූමැතිය ගන්න.

Comments

Popular posts from this blog

සිසූ විරුවෝ රැවටුනාද ?

I went back to Ibiza

මෝඩම මෝඩ තරිඳු