යුධ අපරාධ

 ලෝකයට මහා සාමයක් ලැබෙන ආකාර දෙකක් ලෝක ඉතිහාසයේ දකින්න පුළුවන්. එක ආකාරයක් මහා යුද්ධයක් අවසානයේ මරණ , වේදනාව , දුක මැදින් උපදින සාමයේ සෙවණැල්ල. දෙවන ආකාරය එක්සත් ජනපදයට නව ජනාධිපතිවරයෙක් තේරීපත්වී ගෙවෙන සුහුඹුල් අවදියේ උපදින සාමය.



ලෝක සාමයට එක්සත් ජනපදයේ ආස්ථානය ,හැසීරීම කොයිතරම් බලපානවද කියන්න ඊටත් වඩා හේතු අවශ්‍යය නැහැ. Noam chomsky වරක් කියනවා 

Nuremberg නීතීය එක්සත් ජනපද ජනාධිපතිවරුන්ට ක්‍රියාත්මක වන්නේ නම්  ජීමී කාටර් හැරෙන්නට අනෙක් බොහෝ ජනාධිපතිවරුන් එල්ලා දැමීමට තරම් චෝදනා ඔවුන්ට ඇත. නමුත් ඔවුන්ගේ වාසනාවට සහ අපේ අවාසනාවට එක්සත් ජනපදය වැන්නවුන්ට Nuremberg හෝ මානූෂීය නීතීය යටතේ නඩු පැවරෙන්නේ නැත. 

කැම්බෝඩීයානූ බෝම්බ ප්‍රහාරය.

මේ නිසාම මම සොයා බැලූව එක්සත් ජනපද අධිපතිවාදීන්ගේ යුධ අපරාධ ගණයට වැටෙන යුධ මැදිහත්වීම්හි සහ මිලිටරී මැදිහත්වීම් ලැයිස්තුව පිළිබඳව, දෙවනි ලෝක යුද්ධයේ ටෲමන් ජනාධිපතිවරයාගේ සිට ට්‍රම්ප් දක්වා මේ ලැයිස්තුව දිගහැරී ඇත.

හැරී ටෲමන් 

ජපානයට පරමාණූ බෝම්බය අතහැරීමට අණ දීම , ඒ හරහා ජපානයේ ලක්ෂ දෙකකට ආසන්න සිවිල්

 ඝාතන සිදුකිරීම. 

අයිසන්හවර්

කොරියානු යුද්ධයේ අවසන් භාගය , 1953 ඉරාන කුමන්ත්‍රණය සහ ෂා බලයට ගෙන ඒම , 1954 ගෝතමාලාවේ අභ්‍යන්තර පුපුරවා හැරීම සහ මිලීටරී පාලනයකට රට තල්ලු කිරීම.


කෙනෙඩිගේ අසාර්ථක කියූබානු ආක්‍රමණය .


ජෝන් එෆ් කෙනඩි

වියට්නාම් යුද්ධයේ ආරම්භක ගිනි පුපුරු හා ගනුදෙනු කිරීම  Bay of pigs නොහොත් කියූබාව ආක්‍රමණය කිරීමේ අසාර්ථක වෑයම. පසුකලක මරණ මිලියන තුනක් පමණ වූ වියට්නාම් යුද්ධයේ මුල් අවධිය.

ලින්ඩන්.බී.ජොන්සන්

වියට්නාම් යුද්ධයේ දරුණුතම අවස්ථාව , Operation rolling thunder වැනි බිහිසුණු බෝම්බ හෙළිමේ මෙහෙයූම් දියත් කිරීම. වියට්කොං ගරිල්ලන් සමූහ වශයෙන් ඝාතනය.

රිචඩ් නික්සන්

කුප්‍රකට කැම්බෝඩීයාවේ සහ ලාඕසයේ බෝම්බ හෙළිම සහ ලක්ෂයකට ආසන්න යුද්ධයට කිසිදු අන්දමකින් සම්බන්ධයක් නොමැති කැම්බෝඩියානූ සිවිල් වැසියන් ඝාතනය.

රොනල්ඩ් රේගන්

එල් සැල්වදෝර් , නිකරගුවා අභ්‍යන්තර කුමන්ත්‍රණ CIA හරහා මෙහෙයවීම , 1983 ග්‍රෙනෙඩා ආක්‍රමණය වූ Operation Fury  හරහා මාක්ස්වාදී පාලනය පෙරළා එක්සත් ජනපද පුරවැසියන් ආරක්ෂා කිරීම( ඔවුන් බොහෝ දෙනා වෛද්‍ය සිසුන්).100 අධික ග්‍රෙනේඩා වැසියන් ඝාතනය. 

බූෂ් (ජේෂ්ඨ)

සදාම්  හුසේන්ගේ කුවෙට් ආක්‍රමණය .



1991 සදාම් හූසේන්ගේ කුවෙට් ආක්‍රමණය ප්‍රතිචාරයක් ලෙස කුවේටය මුදා ගැනිම සහ ඉරාකය සමඟ යුධ වැදීම. 25009-100000 ආසන්න ඉරාක ඝාතනවලට වගකීම .Highway of death නොහොත් Highway 80 වේ බෝම්බ පිපිරවීම. 

බිල් ක්ලින්ටන්

යුගලෝස්වියාවේ Kosovo හි නේටෝ හරහා බෝම්බ හෙළිම . එහිදි සෙබළුන් 2100 මියගිය අතර සති දෙකක් පුරා පැවති බෝම්බ හෙළිම අවසානයේ සිවිල් වැසියන් 10000 පමණ මියගොස් හෝ අතුරුදහන් වී තිබිනි ,   ඉරාකයට සම්බාධක පැනවීම සහ ඔවුන්ගේ ආර්ථිකය බිමට සමතලා කිරීම.

බුෂ් ( කනිෂ්ඨ )

2003 ඉරාක ආක්‍රමණය සහ සදාම් ගේ ආණ්ඩූව පෙරළා දැමීම .ලක්ෂ පහක් පමණ ඉරාකයේදි ඝාතනය වීම . ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය වෙනුවෙන් බින් ලාඩන් සොයා 2001 ඇෆ්ගනිස්තානයට යෑම . වාර්තාවන අන්දමට 170000 ඝාතන වාර්තාවක් ඇෆ්ගනිස්තානය සතුයි.

ඔබාමා


ගඩාෆිගේ අවසන් මොහොත.


ලිබියා ආක්‍රමණය (ඔහු ඍජුවම මැදිහත් නොවුනද , ගඩාෆි පෙරළා දැමීමට CIA මැදිහත් විය ), යේමනයට සහ සෝමාලියාවට පහර දීම , පාකිස්තාන භූමීයේදි අල් කයිඩා නායක බින් ලාඩන් ඝාතනය කිරීම ,පාකිස්තානයේ සිවිල් වැසියන් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර ලබාදීම.


ට්‍රම්ප් 


--------------------------------------------------------------------------------


(හිස්තැන ඔබට පුරවා ගත හැක) 


Comments

Popular posts from this blog

සිසූ විරුවෝ රැවටුනාද ?

I went back to Ibiza

මුරලිව බයිට් වීම.