තිසර මංගල බණ්ඩාර ලියලා , තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කරපූ මෝඩ තරිඳූ ෆිල්ම් එක ඔක්තෝම්බර් 10 වෙනිදා එළියට එනවා . ඒ නිසාම ඊයේ හවස තිසර මංගල බණ්ඩාරගෙයි තරිඳු උඩුවරගෙදරගෙයි චිත්‍ර්පටිය පිළිබඳ සාකච්චාව අහන්න පටන් ගත්තා.ඒක ඇතුළේ එක තැනක තරිඳු කියනවා
How to become a filmmaker with 10 dollar
"ඩෙනිසුයි , චන්දන ප්‍රසන්නයි එක කාලෙක කැමරාවක් අරගෙන තිසර ඉඹුලානවයි හඳගමයි , බූඩීයි හම්බෙන්න ගිහින් ඩොලර් 10 න් සිනමාකාරයෙක් වෙන්නේ කොහොමද අහන වාර්තා වැඩසටහනක් කරා නේද කියලා. "
ඒක ඇහුන ගමන් මම මෝඩ තරිඳු වැඩේ පැත්තකට දාලා පැයයි විනාඩි දාහතරක "How to become a filmmaker with 10 doller " බලන්න ගත්තා. 2010 විමල් වීරවංශ ලෙමන් පෆ් කකා තුම්මූල්ලේ UN එක ඉස්සරහා මාරාන්තික උපවාසයක් කරන කාලෙ , එහෙමත් නැත්නම් ඩොලර් එක රුපියල් සීයට ගිය කාලේ ඇතුළත තමා මේ වාර්තා වැඩසටහන දෙන්නා කරන්නේ. වාර්තා වැඩසටහනක් කීවට එහෙම වාර්තාමය ගතියක් වැඩේ ඇතුළේ නෑ.
හිටපූ ගමන් බස් කබලක් ඇතුළෙ ඩෙනිසුයි , චන්දනයි කැමරා එක ඔන් කරලා මොනවදෝ කියනවා ඒත් ඔලූවෙන් හිටගෙන රෙකෝර්ඩ් වෙන්නේ , තවත් වෙලාවක ෆිල්ම් කෝපරේෂන් එක ඇතුළට යන්න නොදී අමුත්තෙක් ඇවිත් සද්දයක් දානවා දෙන්න හැරිලා එනවා.තවත් වෙලාවක ෆිල්ම් කෝපරේෂන් එක ඇතුළට ගිහින් සිනමාකරුවෙක් වීම ගැන කෝපරේෂන් එකේ මතය අහනකොට ඒ වෙනකොට Deputy Manager උනු ලංකා ධර්මවික්‍රම දපනේ දාලා කැරකෙන පුටුවක ඉදන් ඉන්නව කරන්ට් එක ගිහින් දාඩිය කිය කිය ( 46:01) . හිටපූ ගමන් කඩේක වැඩ කරන අයියා කෙනෙක්ට කැමරාව දීලා ඩෙනිස් ගිහින් පාර දිහා තත්පර දහයක් බලන් ඉන්නවා.
වාර්තා චිත්‍රපටිය පූරාම සිරිමල් විජේසිංහ , අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර,සංජීව පුෂ්පකුමාර, ප්‍රසන්න විතානගේ , ප්‍රසන්න ජයකොඩි , වසන්ත ඔබේසේකර , බූඩී කීර්තීසේන වගේ පොරවල් සෙට් එකක් ඩෙනිසුයි , චන්දනයි ගිහින් හම්බෙනවා. සිරිමල් නම් දූමක් දාන ගමන් මොනාදෝ බයිලයක් කියනවා. බූඩී ඇමෙරිකාවේ මෙහෙමයි , මෙහේ මෙහෙමයි කියනවා ". සිනමාවේ ප්‍රශ්න තිබ්බට ඒවා කියන්නේ කාටද බං ? අපේ ප්‍රශ්ණ අහන්නේ කව්ද කියලා හඳගම මූණටම අහනවා. "මම මූණ හොදලවත් නෑ කියලා ජොගින් කරන්න ආපු ප්‍රසන්න විතානගේ රටේ ජනාධිපති කෙනෙක් අල්ලගෙනත් සිනමාකාරයෙක් වෙන්න පුලුවන් කියලා රහසක් කියනවා. " වසන්ත ඔබේසේකර සරමක් බඩ මැඳට ඇඳගෙන හාන්සි පූටුවක දිගෑදීලා " සිනමාකාරයෙක් වෙන්න නිෂ්පාදකයෙක් නෙවෙයි වැදගත්ම දේ , ඔයාට තියෙන ආධ්‍යාත්මික අවශ්‍යයතාව (Desire) කියලා පැහැදිලි කරනවා. සෙරෙප්පූ කෑලී දෙකක් දාලා සයිඩ් බෑග් එකක් දාගත්ත ඩෙනිසුයි චන්දනයි පාර දිගේ ඔහේ ඇවිදිනවා , කටූ කම්බි ඇතුළෙන් පනිනවා , රුපියල් අසූවට කිරි කාල තුනක් බොනවා .ඒ හැමදෙයක්ම රෙකෝර්ඩ් වෙලත් තියනවා
කලින් ප්‍රවීණයන්ගේ අදහස් ඔක්කෝම අහලා ඇවිත් ඩෙනිසුයි චන්දනයි කතා වෙනවා. " මුං හැම එකාම එක එක දේවල් කීවා. ඒත් මුං නොකීව දෙයක් තියනවා. උං ඒක නොකියා හංගනවා නේද ?" (50.33).
මේක මාර වැඩක්වත් , අති සම්භාව්‍ය කෘතියක් නෙවෙයි . ඒත් ෆිල්ම් කෝස් එකක් කරල සිනමාකාරයෙක් වෙන්න සල්ලී නැති නිසාම ඒ ගැන වාර්තා චිත්‍රපටියක හැඩේට වැඩක් කරපූ කොල්ලෝ දෙන්නෙක්ගේ වැඩක් . දැන් නම් දෙන්නටම කොල්ලො කියන්න අමාරුයි ටිකක්. කොහොම හරි උං දෙන්නා ඒක කරන අව්‍යාජත්වයයි (Rawness) , සම්මුඛ වෙන මිනිස්සූයි නිසා මං සෑහෙන විනෝදෙකින් How to become a Filmmaker with 10 dollar බැලූවා. මං ඇත්තටම දන් නෑ පස්සෙ කාලෙක හරි ඩෙනිසුයි , චන්දනයි බලාපොරොත්තු උනූ සිනමා හීනෙට ගියාද කියලා. හැබැයි වැඩක් කරනවනම් මේ වාර්තා වැඩසටහනත් වැඩකට කියාපූම ප්ලොට් එක. Halal love story වගේ රහ වැඩක් කරන්න තිබ්බා එහෙනම්.
මනුජය තෙන්නකෝන්.

No comments:
Post a Comment