ඩොලර් දහයකින් සිනමාකරුවෙක් වීම

තිසර මංගල බණ්ඩාර ලියලා , තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කරපූ මෝඩ තරිඳූ ෆිල්ම් එක ඔක්තෝම්බර් 10 වෙනිදා එළියට එනවා  . ඒ නිසාම ඊයේ හවස  තිසර මංගල බණ්ඩාරගෙයි තරිඳු උඩුවරගෙදරගෙයි චිත්‍ර්පටිය පිළිබඳ සාකච්චාව අහන්න පටන් ගත්තා.ඒක ඇතුළේ එක තැනක තරිඳු කියනවා

 How to become a filmmaker with 10 dollar

"ඩෙනිසුයි , චන්දන ප්‍රසන්නයි එක කාලෙක කැමරාවක් අරගෙන තිසර ඉඹුලානවයි හඳගමයි , බූඩීයි හම්බෙන්න ගිහින් ඩොලර් 10 න් සිනමාකාරයෙක් වෙන්නේ කොහොමද අහන වාර්තා වැඩසටහනක් කරා නේද කියලා. " 



ඒක ඇහුන ගමන් මම මෝඩ තරිඳු වැඩේ පැත්තකට දාලා පැයයි විනාඩි දාහතරක  "How to become  a filmmaker with 10 doller " බලන්න ගත්තා. 2010  විමල් වීරවංශ ලෙමන් පෆ් කකා තුම්මූල්ලේ UN එක ඉස්සරහා මාරාන්තික උපවාසයක් කරන කාලෙ , එහෙමත් නැත්නම් ඩොලර් එක රුපියල් සීයට ගිය කාලේ  ඇතුළත තමා මේ වාර්තා වැඩසටහන දෙන්නා කරන්නේ. වාර්තා වැඩසටහනක් කීවට එහෙම වාර්තාමය ගතියක්  වැඩේ ඇතුළේ නෑ.

 හිටපූ ගමන් බස් කබලක් ඇතුළෙ ඩෙනිසුයි , චන්දනයි කැමරා එක ඔන් කරලා මොනවදෝ කියනවා ඒත් ඔලූවෙන් හිටගෙන රෙකෝර්ඩ් වෙන්නේ , තවත් වෙලාවක ෆිල්ම් කෝපරේෂන් එක ඇතුළට යන්න නොදී අමුත්තෙක් ඇවිත් සද්දයක් දානවා දෙන්න හැරිලා එනවා.තවත් වෙලාවක ෆිල්ම් කෝපරේෂන් එක ඇතුළට ගිහින් සිනමාකරුවෙක් වීම ගැන කෝපරේෂන් එකේ මතය අහනකොට ඒ වෙනකොට Deputy Manager උනු ලංකා ධර්මවික්‍රම දපනේ දාලා කැරකෙන පුටුවක ඉදන් ඉන්නව කරන්ට් එක ගිහින් දාඩිය කිය කිය ( 46:01) . හිටපූ ගමන් කඩේක වැඩ කරන අයියා කෙනෙක්ට කැමරාව දීලා ඩෙනිස් ගිහින් පාර දිහා තත්පර දහයක් බලන් ඉන්නවා. 

වාර්තා චිත්‍රපටිය පූරාම සිරිමල් විජේසිංහ , අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර,සංජීව පුෂ්පකුමාර, ප්‍රසන්න විතානගේ , ප්‍රසන්න ජයකොඩි , වසන්ත ඔබේසේකර , බූඩී කීර්තීසේන  වගේ පොරවල් සෙට් එකක් ඩෙනිසුයි , චන්දනයි ගිහින්  හම්බෙනවා. සිරිමල් නම් දූමක් දාන ගමන් මොනාදෝ බයිලයක් කියනවා. බූඩී ඇමෙරිකාවේ මෙහෙමයි , මෙහේ මෙහෙමයි කියනවා ". සිනමාවේ ප්‍රශ්න තිබ්බට ඒවා කියන්නේ කාටද බං ? අපේ ප්‍රශ්ණ අහන්නේ කව්ද කියලා හඳගම මූණටම අහනවා. "මම මූණ හොදලවත් නෑ කියලා ජොගින් කරන්න ආපු ප්‍රසන්න විතානගේ රටේ ජනාධිපති කෙනෙක් අල්ලගෙනත් සිනමාකාරයෙක් වෙන්න පුලුවන් කියලා රහසක් කියනවා. "  වසන්ත ඔබේසේකර සරමක් බඩ මැඳට ඇඳගෙන හාන්සි පූටුවක දිගෑදීලා " සිනමාකාරයෙක් වෙන්න නිෂ්පාදකයෙක් නෙවෙයි වැදගත්ම දේ , ඔයාට තියෙන ආධ්‍යාත්මික අවශ්‍යයතාව (Desire) කියලා පැහැදිලි කරනවා. සෙරෙප්පූ කෑලී දෙකක් දාලා සයිඩ් බෑග් එකක් දාගත්ත ඩෙනිසුයි චන්දනයි පාර දිගේ ඔහේ ඇවිදිනවා , කටූ කම්බි ඇතුළෙන් පනිනවා , රුපියල් අසූවට කිරි කාල තුනක් බොනවා .ඒ හැමදෙයක්ම රෙකෝර්ඩ් වෙලත් තියනවා 

කලින් ප්‍රවීණයන්ගේ අදහස් ඔක්කෝම  අහලා ඇවිත් ඩෙනිසුයි චන්දනයි කතා වෙනවා. " මුං හැම එකාම එක එක දේවල් කීවා. ඒත් මුං නොකීව දෙයක් තියනවා. උං ඒක නොකියා හංගනවා නේද ?"   (50.33).

 මේක මාර වැඩක්වත් , අති සම්භාව්‍ය කෘතියක් නෙවෙයි . ඒත් ෆිල්ම් කෝස් එකක් කරල සිනමාකාරයෙක් වෙන්න සල්ලී නැති නිසාම ඒ ගැන වාර්තා චිත්‍රපටියක හැඩේට වැඩක් කරපූ කොල්ලෝ දෙන්නෙක්ගේ වැඩක් . දැන් නම් දෙන්නටම කොල්ලො කියන්න අමාරුයි ටිකක්. කොහොම හරි උං දෙන්නා ඒක කරන අව්‍යාජත්වයයි (Rawness)  , සම්මුඛ වෙන මිනිස්සූයි නිසා මං සෑහෙන විනෝදෙකින් How to become a Filmmaker with 10 dollar බැලූවා. මං ඇත්තටම දන් නෑ පස්සෙ කාලෙක හරි ඩෙනිසුයි , චන්දනයි බලාපොරොත්තු උනූ සිනමා හීනෙට ගියාද කියලා. හැබැයි වැඩක් කරනවනම් මේ වාර්තා වැඩසටහනත් වැඩකට කියාපූම ප්ලොට් එක. Halal love story වගේ රහ වැඩක් කරන්න තිබ්බා එහෙනම්.


මනුජය තෙන්නකෝන්.

Comments

Popular posts from this blog

සිසූ විරුවෝ රැවටුනාද ?

I went back to Ibiza

මෝඩම මෝඩ තරිඳු