මව්බිම නැත්නම් මරණය

 1985-86 කාලයේදි ජවිපෙට සන්නද්ධ අංශයක අවස්ථාව දරුණුවටම තිබුනා. රජයේ මර්ධනයත් අනෙකුත් paramilitary කණ්ඩායමහි බලවත්කමත් නිසාත් සමන් පියසිරි ෆර්නැන්ඩෝ නොහොත් කීර්ති විජයබාහුගේ මූලිකත්වයෙන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (Patrotic peoples movement ) 1986 බිහිවෙනවා.

දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ ලාංඡනය 

ලෙනින්ට රුසියානු රතු හමුදාව 1917 උදව් කරා වගේ , මාඕසේතුන්ට චීන රතු හමුදාව 1948 උදව් කරා වගේ ,හෝචූමිං ට වියට්කොන් ගරිල්ලන් උදව් කරාවගේ , කියූබාවේ ෆිදෙල් කැස්ත්‍රොට කියුබානු ගරිල්ලන් උදව් කරාවගේ. ජවිපේ දෙවන කැරැල්ලේ සන්නද්ධ අංශයේ වගකීම් ඉෂ්ට කරේ DJV නොහොත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය.

DJV එක ජවිපේ මධ්‍යමකාරක සභාවේ නියෝග කොයි තරම් බරපතළව සැලකුවාද කියනව නම් අසූවේ අග ජනකාන්ත විජය කුමාරතුංග ඝාතනයට පවා සන්නද්ධ අංශය පැකිළෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ඒ වගේ ප්‍රහාරයකට කලින් පක්ෂය පවා වැඩිදුර හිතන්න ඕන . ඒකට හේතුව විජය කුමාරතුංග කියන පෞරුෂය පක්ෂයකට , ජාතිකයට ලඝූ කරන්න බැරි තරමේ ඉලක්කයක් නිසා. ඒත් ප්‍රතිඝාමියෙක් කියන චෝදනාව යටතේ ඔවුන් විජය කුමාරතුංගට 1989 පෙබරවාරි 16 වෙඩි තබනවා.

විජය කුමාරතුංගට සහ ස්ටැන්ලි විජේසුන්දර දෙදෙනාටම වෙඩි තැබූ ලයනල් රණසිංහ.


දෙවැනි කැපී පෙනෙනම ඉලක්කය කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර .ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඔක්ස්ෆර්ඩ් හි ආචාර්ය උපාධිය ලැබු මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර විවාහ වී සිටියේ උපාලි විජේවර්ධනගේ ඥාති සහෝදරියක් සමඟ. එතරම් සම්බන්ධතා තිබුනත් 1989 මාර්තු මස 8 වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ College house පුස්තකාලයේදි DJV විසින් ඔහූව වෙඩි තබා ඝාතනය කළා. මේ ප්‍රහාර දෙකෙහිම DJV ඝාතකයා ලයනල් රණසිංහ බව පවසනවා.

මේ ප්‍රහාරවලින් දිගින් දිගටම දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ජයවර්ධන ආණ්ඩුවට මතක් කරමින් සිටියේ Anyone can be an off-limits. ඕනෑම කෙනෙක්ව ප්‍රහාරයට ලක්විය හැකි යන්න.

 ඔවුන් ලයනල් ජයතිලක සහ මෙරිල් කාරියවසම්ව පිළිවෙලින් 88 සැප්තැම්බරයේ සහ 89  දි ඝාතනය කළේය. ඔවුන් මොරටූ විශ්වවිද්‍යාලයම සලිත කරමින් 1989 දී මොරටූ උපකුලපති චන්ද්‍රරත්න පටූවතවිතානේ විශ්වවිද්‍යාලය තුළදිම වෙඩි තබා ඝාතනය කළා. සාගරිකා ගෝමස් , තේවිස් ගුරුගේ සහ ප්‍රේමකීර්තිද අල්විස් මේ කාලස තුළ ඝාතනය වුනා.

DJV හොඳින් සංවිධානය වූ , එක තනි නියෝගයක් මත පිහිටවලා වැඩකළ හැකි , අධිෂ්ටානශීලී ,තරුණ  ,  සමාජවාදි ප්‍රතිපත්ති මුළුහදපත්ලෙන්ම විශ්වාසකරන පිරිසකගෙන් සැකසි තිබුනා.නමුත් 1989 නොවැම්බරයේදි රෝහණ විජේවීරව මරා දැමිම සමඟ DJV සංවිධානයේ ලෙහිම ආරම්භ වුනු බව කියවෙනවා. උපතිස්ස ගමනායක (ජවිපේ නියෝජ්‍ය නායකයා) ඝාතනය වීමත් සමඟම 1989 දෙසැම්බරයේදි සමන් පියසිරි ෆර්නැන්ඩෝ නොහොත් කීර්ති විජයබාහු ඝාතනය වුනා. ඒ සමඟම ජවිපේ සන්නද්ධ අංශය ගලින් ගල බිඳවැටී 1991 වනවිට ආකර්මන්‍ය සංවිධානයක් බවට පත්වී 2000 පමණ වූ පූර්ණකාලීන කාර්ඩර්වරුන් බහුතරයක් පක්ෂයට අහිමි වුනා.

සන්නද්ධ අංශයේ සිටි බොහෝ දෙනා උගත් , බුද්ධිමත් ,හැකියාපූර්ණ , ආර්ථික අපහසුතාවයෙන් මිරිකුනු ගැමි තරුණ තරුණියන් වූ අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා රැකියාවක් කිරිම වෙනුවට ඊටත් වඩා පරම චේතනාවක් වෙනුවෙන් ඔවුන් සිය අනාගතයම කැපකළේය. ඔවුන් බොහෝ දෙනෙකු ඝාතන කිරිමට රිසිඅය නොවුනද , පක්ෂය වෙනුවෙන් සන්නද්ධ අංශයට බැඳුනු පසු ඔවුන්ට  නැවත හැරිමක් නොවිනි. 


Comments

  1. “මව්බිම නැත්නම් මරණය” වගේ සටන් පාඨ කියලා, පාසල් අධ්‍යාපනයත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් අතහැරලා ආයුධ අතට ගත්ත තරුණයන් විශාල පිරිසක් අකාලයේ ජීවිත අහිමි කරගත්තා.

    ඒ තරුණයන්ව එවැනි මාර්ගයකට ගෙන ගියේ, ඒ වෙනුවෙන් නායකත්වය දුන්නේ සහ උපදෙස් දුන්නේ මුග්ධ ජවිපෙ නායකයන්. නමුත් අද බලනකොට, එදා අනිත් අයව කැප කිරීමට යොමු කළ සමහර නායකයන්ගෙ දරුවන් ජීවිත හදාගෙන, පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන, හොඳ වෘත්තීය ජීවිත ගත කරනවා.

    ප්‍රශ්නය තියෙන්නේ එදා තරුණයන්ට කියපු දේවල් සහ අද ඔවුන්ගේම ජීවිත අතර තියෙන පරස්පරතාවය ගැනයි. සාමාන්‍ය තරුණයෝ තමන්ගේ ජීවිත, අධ්‍යාපනය, අනාගතය අහිමි කරගත්තත්, ඒ තීරණ ගත්ත නායකයන්ට එවැනි ඉරණමක් අත්වුණේ නැහැ.

    දේශපාලනයේදී ලොකු වචන කියන එක ලේසියි. හැබැයි ඒ වචනවල ප්‍රතිඵල ගෙවන්නේ කවුද කියන එකත් මතක තියාගන්න ඕනේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

I went back to Ibiza

මුරලිව බයිට් වීම.

Jane Goodall සමුගනි.