"රට ගිහින් ගොඩ යනවා "
කියන එක අපේ මිනිස්සුන්ට කොයිතරම් අවිඥානිකව බලපානවද කියන එක තේරෙන්න මට අවුරුදු විසි එකක් විතර ගියා. ඒකට හේතු උනේ මගේ ළඟම මිත්‍රයෝ කීපදෙනෙක්.
ලංකාවේ රස්සාවක් කරගෙන , කෝස් එකක් කරගෙන සනීපෙට හිටපූ මගේ මිත්‍රයෝ කීපදෙනෙක්ට රට යන උණක් වැළදුනා."මෙහෙ හිටියොත් වගතුවක් නෑ , රට ගිය කාලෙක තමා අපේ ජිවිත හරියන්නේ " වගේ අදහසක් නිතරම නිතරම ඔවුන් කියන්න ගත්තා. මේ ලංකාවේ ආර්ථික අර්බුදය එන්න පොඩි කාලෙකට කලින්.
වැඩි විස්තර නොකියා කීවොත් කොල්ලෝ බොහෝම බරපතළ ඇමකට අහුඋනා.මම පෞද්ගලිකවම මුල් කාලේ ඔවුන්ට මේ විදියට නම් පුතේ රට යන්න බෑ කියලා ඒත්තු ගන්වන්න හැදුවත් ඒක පිළිගන්න එතන හිටපූ බොහෝ දෙනෙක් කැමැති උනේ නැහැ.මගේ අප්පච්චි පවා දවසක් කීවේ
"මේක තේරුම් කරලා දෙනවා ඒ ළමයින්ට කියලා ."
අප්පච්චිට පුන්‍යානූමෝදන් වේවා !!
මේ නූල්බෝලේ ඔවුන් කොච්චර තදට පැටලූනාද කියනවනම් තමන් විඳපූ සනීප ජිවිතේ ආපස්සට කණපිට හැරෙන තරමට ඒ පැටලීම් ප්‍රබල උනා.
බෞද්ධ භික්ෂුවක් යැයි කියාගන්න අයියා කෙනෙක් මේ මිනිස් ජාවාරමට අතගහලා තිබුනා. භික්ෂුවක් අතගහපූ ගමන් එල්ලවෙන සමාජ වෛරය , නෛතීක විරෝධතා , සාම්ප්‍රදායික එරෙහි වීම් ඒ නිසා පස්සේ කාලෙකවත් ඇති උනේ නෑ. වැඩේ ගැස්සූනාට පස්සෙත් එතන හිටපූ මගේ හොඳම මිත්‍රයෙක්ට මම නිතරම කීවා පොලීසීයට හරි මාධ්‍යට හරී මේක අරන් යමු කියලා.ඒත් ඔවුන්ගේ තිබ්බ පෞද්ගලික න්‍යාය පත්‍ර නිසාත් අනෙකුත් පෞද්ගලික කාරණත් නිසා ඒ කිසිම දෙයක් ක්‍රියාත්මක උනේ නෑ. ශ්‍රමණ වෙසින් ආ පාදඩයෙක් තරුණ ජිවිත කීපයක් උගස් කරලා පැනලා ගියා. මගේ මිත්‍රයෝ කිසිම දෙයක් නොවුන ගාණට තම තමන්ගේ නිහඬ ජීවිතවලට ඇතුළත් උනා.
ඔවුන්ගේ අතාර්කික ,ප්‍රායෝගිකත්වයෙන් බොහෝ දුර තිබුනු සිහිනය ගැන අද මට හිතෙන්නේ එදාට වඩා වෙනස් මානුෂීය තැනකින්.ඒ කාලේ ඔවුන්ට මම කිය කිය හිටියේ
"ඔය ***** ගෙඩියා උඹලව යැව්වොත් , මම ෆිල්ම් එකක් හදනවා ඒ ගැන කියලා."
ඒත් අද මම හිතෙන්නේ මිනිහෙක් අහුවෙන්නෙම තමන් ආස දේට. මේක කියවන ඔබ ,ලියන මම අපි හැමෝම එහෙමයි. හීන කියන්නෙම ඇමක්. මේ අලකලංචිය වෙලා අවුරුදු ගාණක් නිසා ,ඒක මගේ හිතෙන් දුරස් වෙලා තිබුනේ. ඒත් ඉරිදා නිවාඩූවේ තිසර මංගල බණ්ඩාර ලියපූ "ලබ්බේ තොවිලේ " කෙටි චිත්‍රපටිය බලන්න ලැබුනා. මගේ ඇඟ හීතල උනා.ඒ සීතල උන ඇඟිලි වලින් මේ ටිකත් ලීවේ.
ප.ලි : මං කියන දේ තේරුම් ගන්න නම් කෙටි චිත්‍රපටිය බලන්න. ලින්ක් එක පහලින් අමුණලා ඇති.
රට ගිහින් හරි යන මිනිස්සුත් ඉන්නව නැති මිනිස්සුත් ඉන්නව . තමන්ට හරි ප්ලෑන් එකකට හොයල බලල ඕන එයක් කරන කෙනෙක් ගොඩ යනවා . මිනිස්සු රට යන්නෙම ලංකාවේ චාන්ස් අඩු නිසා කියල මම හිතන්නේ . ඒක රට යන්න හිතන් කෙනාගේ වරද නෙමේ . එයාලව රැවට්ටුව උගුඩුවා ගේ වරද . ඔයා මෙතන වරද පටවන්න හදනවා රට යන්න හිතන එකට .
ReplyDeleteඔයා එහෙම නම් කියවගත්තේ මට කරන්න දෙයක් නෑ.එයාලා ඒකට අහු උනේ , ඒ කිසිම කෙනෙක් මහන්සි වෙලා හරි ශ්‍රමයක් වැයකරලා වැඩක් කරන්න උත්සහ කරපූ අය නෙවෙයි. ඒකයි මේවගේ ලේසියෙන් යන්න පුලුවන් කියලා කිව්ව ගමන් අහුවෙන්නේ.රට යන එක ගැන ප්‍රශ්නයක් නෑ. ඒක පෞද්ගලික දෙයක්. . ඒත රට යන්නේ කොහොමද කියන එක ප්‍රශ්ණයක්.
Delete