කුඹියෝ
මේ තියෙන්නේ කුඹියෝ එකේ මට හිතෙන විදියට වැදගත්ම දර්ශනේ. ජෙහාන් ප්‍රියන්ත දිහා මුලින්ම බලන්නේ හරියටම මෙතනදි. අපි කතාවට කියනවා වගේ rest is history . කුඹියෝ ගැන , ලක්මාල් ගැන අවුරුදු බර ගාණක් මිනිස්සූ දේවල් ලියනව , කතා කරනවා , සංවාද පවත්වනවා.
ඒත්....
තාමත් හිතුනම පළවෙනි කොටසේ ඉදන් අන්තිම කොටස වෙනකන් එක දිගට කුඹියෝ බලලා ඉවර කරනවා . අපේ ජිවිතේ එක එක හංදි පහු කරගෙන ඇවිදගෙන යනකොට ඒ ඒ මොහොතට ගැළපෙන හැඟිමක නේ අපි ජිවත් වෙන්නේ. මට නම් ඒ ගොඩක් වෙලාවට කුඹියෝ නාට්‍යේ මොහොතකුත් හරියටම සමපාත වෙනවා.
කතාවේ දෙබස් වචනෙන් වචන කටපාඩම් තිබුනත් එහෙම බලන්නේ කතාවට වඩා කතාව සැරින් සැරේ දැනෙන විදිය රසවිඳින්න. 2017-2018 ආපූ කතාවක් තාම අපි බලන්නේ අන්න රහට වෙන්න ඇති.
මට
තනිකම , පාලුව උතුරලා ගිහින් හිස්කමකින් ජිවිතේම පිරෙන වෙලාවක අම්මෙක් නැතුව අප්පෙක් නැතුව කාගෙද කියලා නොදන්න ගරා වැටුන බිල්ඩිමක ගේම් ගහන ජෙහාන්ව දැනෙනවා.අනෙක් පැත්තෙන් ලොකු මිනිහෙක් වෙන්න , මමත් කලිසන් අදින මහත්තයෙක් කියලා ගමට පෙන්නන්න වෙරක් යොදන හරකෙක් වගේ අවංක මහඋල්පතගම ප්‍රියන්තව දැනෙනවා.
ඔවුන්ගේ හැලහප්පීම් එක්ක මගේ ජිවිතේ හැලහැප්පීම් ගලපනවා , හිත දරාගන්නවා , ඔලුව උස්සගන්නවා , ආපහු ඇවිද යනවා. කලාවකින් ඊටත් වඩා දෙයක් කොයින්ද ??
පලි : කුඹියො රිලීස් උනේ 2017 අගෝස්තු 28. ඒ කාලේ මම අවුරුදු දහ නමයක කොල්ලෙක්.දැන් මම අවුරුදු තිහකට ළඟ මිනිහෙක්.
මනුජය තෙන්නකෝන්

10 පාරකට වඩා බලල ඇති 😍 එච්චරම දැනෙන කතාවක්
ReplyDelete