මචං

 කොච්චියේ යන එන ගමන් "මචන්" බලන්න ගත්තා.අවුරුදු දහයකට පස්සේ මම හිතන්නේ.ස්ක්‍රීන් එකේ දර්ශන් දැක්ක මුල්ම වෙලාවේ අනේ !! කියලා කියවුනේ නොහිතාමයි.


කොළඹ අඳුරු , පීඩීත , පැතලි ජිවිතේ "මචං" තරම් අමුවෙන් පෙන්නපූ චිත්‍රපටයක් ආය දවසක හැදෙයිද කියලත් විශ්වාසයක් නැහැ මට නම්. බඩගින්න , පාදඩකම , තක්කඩිකම , ජිවන අරගලය , ප්‍රතික්ෂේප වීම එක පැත්තකින් පෙන්නන ගමන් හීන , බලාපොරොත්තු , අරමුණු තවත් පැත්තකින් පෙන්නන්න තරම් "මචං" දක්ෂ උනා.

ආයෙත් කාලෙකින් මම මචං බලයි. ඒ කාලෙට මීටත් වඩා වෙනස් විදියකට චිත්‍රපටය දැනෙයි. ඒත්  ඒ කාලෙටත් "මචං" ඇතුළේ ජිවත්වෙන ස්ටැන්ලිලා , මනෝජ්ලා , විජිතලා විතරක් නෙවෙයි රට හරක් පවා වෙන නම්වලින් වෙන හැඳුනුම්පත් වලින් ඔය විදියටම කොළඹ මුඩුක්කූ ඇතුළේ , කොළඹ වීදී දිගේ ජිවිතේ හොයාගෙන ඇවිදියි. 

චිත්‍රපටියේ එක තැනක ස්ටැන්ලිගේ (ධර්මප්‍රිය ඩයස්) ගෙවල් අයිතිකාරයා ඇවිත් හිඟ කුළියට හරියන්න ගෙදර වහළ ගලවන් යනවා .

ගෙදර එන ස්ටැන්ලි 

"කොයි ගෙදර වහල"  

කියලා අහන මොහොතේ හිතෙනවා ස්ටැන්ලිලා වගේ මිනිස්සුන්ට කෙළවෙන එකේ උපරිමය කොච්චරද කියනව නම් හිසට වහළකුත් නැති වෙනවා නේද කියලා.

මනුජය තෙන්නකෝන්

Comments

Popular posts from this blog

I went back to Ibiza

මුරලිව බයිට් වීම.

Jane Goodall සමුගනි.