මචං
කොච්චියේ යන එන ගමන් "මචන්" බලන්න ගත්තා.අවුරුදු දහයකට පස්සේ මම හිතන්නේ.ස්ක්‍රීන් එකේ දර්ශන් දැක්ක මුල්ම වෙලාවේ අනේ !! කියලා කියවුනේ නොහිතාමයි.
කොළඹ අඳුරු , පීඩීත , පැතලි ජිවිතේ "මචං" තරම් අමුවෙන් පෙන්නපූ චිත්‍රපටයක් ආය දවසක හැදෙයිද කියලත් විශ්වාසයක් නැහැ මට නම්. බඩගින්න , පාදඩකම , තක්කඩිකම , ජිවන අරගලය , ප්‍රතික්ෂේප වීම එක පැත්තකින් පෙන්නන ගමන් හීන , බලාපොරොත්තු , අරමුණු තවත් පැත්තකින් පෙන්නන්න තරම් "මචං" දක්ෂ උනා.
ආයෙත් කාලෙකින් මම මචං බලයි. ඒ කාලෙට මීටත් වඩා වෙනස් විදියකට චිත්‍රපටය දැනෙයි. ඒත් ඒ කාලෙටත් "මචං" ඇතුළේ ජිවත්වෙන ස්ටැන්ලිලා , මනෝජ්ලා , විජිතලා විතරක් නෙවෙයි රට හරක් පවා වෙන නම්වලින් වෙන හැඳුනුම්පත් වලින් ඔය විදියටම කොළඹ මුඩුක්කූ ඇතුළේ , කොළඹ වීදී දිගේ ජිවිතේ හොයාගෙන ඇවිදියි.
චිත්‍රපටියේ එක තැනක ස්ටැන්ලිගේ (ධර්මප්‍රිය ඩයස්) ගෙවල් අයිතිකාරයා ඇවිත් හිඟ කුළියට හරියන්න ගෙදර වහළ ගලවන් යනවා .
ගෙදර එන ස්ටැන්ලි
"කොයි ගෙදර වහල"
කියලා අහන මොහොතේ හිතෙනවා ස්ටැන්ලිලා වගේ මිනිස්සුන්ට කෙළවෙන එකේ උපරිමය කොච්චරද කියනව නම් හිසට වහළකුත් නැති වෙනවා නේද කියලා.
මනුජය තෙන්නකෝන්

Comments
Post a Comment