ස්වර්ණමය යූගයෙන් ප්‍රපාතයට

 මම මාවන්ගේ ඉදන් දසුන් වෙනකන් ලංකාවට ගැහුව කැප්ටන්ස්ලා දැකලා තියනවා. අර එක කාලෙක උදේ උපුල් තරංග කැප්ටන් කරලා හවස තේ බොන කොට මැතිව්ස් කරලා රෑ නිදා ගන්න යනකොට චාමර කපුගෙදර කැප්ටන්සි කරන කාලෙත් උන්නූ කැප්ටන්ලා මට මතකයි. 

ගිලිහුණු කුසලානය

මුරලි අස්ගීරීයෙදි පෝල් කොලිවූඩ් අරගෙන වෝන්ව පහූ කරනවා හරියටම මම බලාගෙන හිටියේ මගේ අම්මගේ මහගෙදර ඉදන්. එතකොට මට යාන්තම් අවුරුදු නමයයි. මුරලිගේ වයිෆ් සතුටු වෙන තරමට මමත් ඊට කිලෝමීටර් 30 එහා පැත්තේ ඉදන් සතුටු උනා. 

ලසිත් 2007 කොදෙව් දූපත්වල ෂෝන් පොලොක්ගේ දකුණු අප්‍රිකානූවෝ හතර දෙනෙක්  පිළිවෙළට ඩ්‍රෙසින් රූම් එකට යවනවා මට අද වගේ  මතකයි. ආයූබෝවන්ඩ දැන් සවුත් ඇෆ්‍රිකා ටීම් එකට හපන් මචන් ඒ කලේ !!. ග්‍රැහ්ම් ස්මිත් කියලා උස මහත හාදයෙක්, හර්ෂල් ගිබ්ස් කියලා තට්ටේ තියන බැට දෙන්නෙක්, ජැක් කලීස් කියලා බැටිං නම් බැටිං , බෝලින් නම් බෝලින් කියන බුවෙක්, මාර්ක් බවුචර් කියලා යටින් ඇවිත් අල්ලන් ගහන්න කොල්ලෙක් , ගින්දර වගේ කීපර් කෙනෙක්. ආ !!!  තව අවුරුදු 22 වයස කොල්ලෙක් හිටියා . එයාගේ නම් A.B De villiers.  ලේසි නෑ !!!  මාලිංග කෙන්යාව එක්ක, ඕස්ට්‍රේලියාව එක්ක , නවසීලන්තය එක්ක හැට්‍රික් පිට පිට ගන්නකොට මම ගෙදර ඉඳන් අත්පුඩි ගැහූවා. මම විතරක් නෙවෙයි මිලියන 22 මිනිස්සූ අත්පුඩි ගැහූවා. 

මව්බිමේ ලද පරාජය 


2011 වර්ල්ඩ් කප් එක පැරදිලා එංගලන්තයට ගිහින් මහපට ඇඟිල්ල කඩාගෙන ඩිල්ෂාන් ලෝඩ්ස් වල 193 ගැහූවා. එහා පැත්තේන් බෝල් කරේ ඇන්ඩර්සන්, බ්‍රොඩ් ,ෆින් එක්ක අඩි හයයි අඟල් අටක් උස ට්‍රෙම්ලට්. ඒකේ OdI series එකේ චන්දිමාල් එයාගේ ලෝර්ඩ්ස් වල එකම සීය ගැහුවා. ඇන්ජලෝ 48 ඕවරේ වෙනකන් චන්දිමාල්ට සීයට යන්න දූන්නා.


2006 නවසීලන්තයට ගිහින් ලසිත් ස්පෙල් එකක් දැම්මා , නිස්සීලන්ඩ් බැට්ස්මන්ලට ගහනවා තියා බෝලේ එන්නේ කොහෙන්දවත් හිතා ගන්න බැරි උනා . එතන ෆ්ලෙමින් ,ස්ටයිරිස් , ටේලර් වගේ ටොප් ක්ලාස් බැට්ස්මන්ලා හිටියේ. ඒ ටූවර් එකේ සංගා බැට් එක මැදින් බෝලෙට  ගහනකොට 'ටික්' ගාලා ලස්සන සද්දයක් එනවා හොඳින් අහන්  ඉන්න කෙනෙක්ට ඇහෙනවා. එතකොට දුලිප් මෙන්ඩිස්ගේ කාලේ ඉදන් ක්‍රිකට් බලන ගමේ සීයා කෙනෙක් ' අන්න ඇහුනද ?? ඒක තමා ටයිමින් කියන්නේ " කියලා උජාරුවට අහනවා. 

2006 එංගලන්තේ ගිය අපි සුද්දොන්ව 5-0 පැරද්දූවා , සනතුයි , කෙසඟ කොල්ලෙක් උනු තරංගයි ක්‍රිකට් හදපු උන්දෑලාට උණ ගැනෙන්න පාර්නශිප්ස් දැම්මා , මහේල කොදෙව් දූපත්වල 2007 සෙමි ෆයිනල් එකේ කවියක් වගේ ලස්සන සීයක් ගැහූවා , 2008 ආසියානු කුසලානයෙ මෙන්ඩිස් විශ්මකර්මයෙක් කියලා ඉන්දියාවට පෙන්නූවා.

මන්  මේ ලියන්නේ මතකාවර්ජනයක්ව්. ක්‍රිකට් කියන්නේ අපිට ආගමක් නොවුනට ඊට වඩා දැනෙන දෙයක්. මොකද ඕන දෙයක් ආගමක් උනාම ටිකක් කොන්සෙප්ට් අවූල් යනවා නේ. මට තාම මතකයි මම නාවලපිටියේ අනුරුද්ධට ගිහින් ,ඉස්කෝලේ ඉවර වෙලා අම්ම එක්ක ගෙදර එන්න නාවලපිටිය හොස්පිට්ල් එකට ඇවිදගෙන යන කාලේ පාරේ දිගට සිගර් එකේ අබාන්ස් එකේ ලොකූ ටීවී දාලා මිනිස්සූ ක්‍රිකට් මැචස් බලනවා. එතන සීයා ,මාමා ,පුතාලා හැමෝම එකතු වෙලා ඉන්නවා. 

හවසට ටිකක් හොඳ මැච් එකක් නම් ඔෆිස් එකේ ඉදන්ම කතාව 

" අද සනා තමා ගහන්නේ.."

 "මහේල හිටියොත් ගොඩ ". "ඉන්දියාවනේ ..අයියෝ වාස් ඇවිත් උදේ පාන්දර විකට්ස් දෙකක් ගයි"." 

"මුරලි අද පහක් වත් ගයි. ".

ලෝක ශූරතාව


අකමැත්තෙන් උනත් ඒ කාලේ ඉවරයි කියන එකට හිත හදාගන්න වෙනවා.ඒකෙන් කියන්නේ ලංකාවේ ක්‍රිකට් ඉවරයි කියන එක නෙවෙයි , ඒ තිබ්බ ලෙවල් එක නෑ කියම එක.වෙස්ට් ඉන්ඩියන්ස් කියන්නේ 1975-1979 දෙකේම ලෝක ශූරයෝ , 2023 පළවෙනි 10 නෑ. හැමොටම හොඳ කාල තියනවා නරක කාල තියනවා. වැදගත් දේ comeback එක. 2007 වර්ල්ඩ් කප් එකේ first round එළියට ගිය ඉන්දියාව , එතනින් අවුරුදු හතරකින් ඇවිත් කප් එකත් ගෙදර අරන් ගියා. මාවන් කියනවා වගේ 0 අවුට් වෙන්න පුළුවන් , ඒත් දෙපාරක් 0 අවුට්වෙන්න බෑ. 


මම ලෙදර් ක්‍රිකට් අවුරුද්දක්වත් ගහලා නෑ. ඒ නිසා පොඩි මල්ලී කෙනෙක් " අනේ උඹ දන්න ක්‍රිකට් කීවොත් " මට උත්තර නෑ...ඒත් මට එයාගෙන් අහන්න තියෙන්නේ ඉන්දියාවේ ගිහින් චායි හදන තැනක කොල්ලෙක්ගෙන් අද මැච් එකේ සචින්ගේ වැරැද්ද මොකක්ද කියලා ඌ කියයි සචින්ගේ අන්තිම මැච් දෙකේ අවුට් උන විදියයි, පන්දූවේ දෝලනයයි , පාද චලනයේ දුර්වලතාවයි හැමදේම. මහා බ්‍රිතාන්‍යය මේ දකුණු ආසියාව දාලා යනකොට ඉතුරු කරලා ගියේ කඳු උඩ වැවෙන තේ, රේල්න්පිලීයි , බෝලෙයි බැට් එකයි. අවුරුදූ තිහක් යුද්ධයෙන් බැට කාලා , මරණ මැද හුස්ම ගන්නකොටත් අපිට හිනාවක් දුන්නේ අන්නේ ඒ ක්‍රිකට්. 


පරදින්න පුළුවන් ඒත් ක්‍රිකට් ප්ලේයර් කෙනෙක් ඉගෙන ගන්න ඕන එකම දෙයයි . ඒ තමා Consistently නැත්නම් අඛණ්ඩතාව.සරලව අද වැටෙන්න පුළුවන් !! ඒත් හෙටත් වැටෙන්න බෑ...


ලංකාවේ ක්‍රිකට් වාණිජකරණය වූනේ 96 පස්සේ, අතේ සතේ තිබ්බේ නැති බෝර්ඩ් එක අස්සට කලූ කෝට් ඇදගත්ත ධර්මදාසලා , සුමතිපාලලා රිංගූවේ එතනින්. පඳුරු පඳුරු ගානේ ක්‍රීඩා සමාජ හදාගෙන , පාලන බලය තියාගන්න , ඡන්ද දිනන්න , ටීවි රයිට්ස්වල කොටස ගන්න මිසක් ඔය සුදු කරපටි හොරු කොළඹින්,නුවරින් හරි ගාල්ලෙන් පිට තැනක් දැක්කේ නෑ. ස්කූල් ක්‍රිකට් අන්තිමයි. අම්මලා ගිහින් පුහුණුකරුවා ළඟ උදේ ඉදන් ඉදලා බත් කවලා, අයිස් ක්‍රීම් කවලා පුතාව අතුළේ ගස්සනවා. එහෙම කරන්න තරම් හැකියාවක් නැති කොල්ලෙක් එතනින් හැළෙනවා.ක්ලබ් ගහන්න තරම් වත්කමක් නැත්නම් ඒ කොල්ලගේ හැකියාව එතනින් ඉවරයි. ඌ බැට් එකයි බෝලෙයි ඇඳ යටට දාලා එදා වේල හොයාගන්න සෙල්ලමට බහිනවා.මේ වගේ ටැලන්ට් කීයක් මම ඉස්සරහ හැංගිලා තියනවද ?? 

සුමතිපාල හරි ධර්මදාස හරි ඔතන නැති උනාට, ශම්මීඑක්ක වටේ ඉන්න හැමෝම ඔය කලූ කෝට්කාරයින්ගෙ පරපෝෂිතයන්.හැබැයි ඔය හැමෝම දැනගන්න ඕන දේ තමා 

" තදට තිබුන ලව් බ්‍රේක් උනාම හරි අමාරු බව !!!" 

ඒක නැසීගිය් පර්සිගේ වචන වලින්ම කීවොත් 

 "Cricket is not a just game for this country , it's more than that"




Comments

Popular posts from this blog

සිසූ විරුවෝ රැවටුනාද ?

I went back to Ibiza

මුරලිව බයිට් වීම.