අසමසම අරවින්ද

 මගේ හොඳම මිත්‍රයෙක්  දැන් ඉන්නේ එංගලන්තයේ කෙන්ට් වල. එයා කෙන්ට් යන්න කලින් ඉඳලම මම කීවෙ 1995 දී අරවින්ද කෙන්ට් වල ගැහූව 112 ගැන තාම කෙන්ට් වලා වයසක උදවිය කතා වෙනවලූ ඒ නිසා ක්‍රිකට්වලට ප්‍රිය සීයා කෙනෙක් හම්බුනොත් අරවින්ද ගැන අහන්න කියලා.

අරවින්ද කෙන්ට් හි ක්‍රීඩා කරන විට

 එයා ඒක ඇහුවද කියලා මම දන් නෑ. ඒත් එදා කාල් හූපර් වෙනුවට කෙන්ට් කණ්ඩායමට ඇතුළු උනූ අරවින්දගේ අවසන් මහා තරගෙ  ඉනිම වෙනුවෙන් ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයම Standing ovation එකක් දුන්නා කියලා නම් මම දන්නවා. අඩි පහයි අඟල් තුනහමාරක් උස අරවින්ද ක්‍රීඩාගාරය ඇතුළට නොපෙනී යනකන් ලෝර්ඩ්ස් ක්‍රීඩාලෝලීන්ගේ අත්පොළොසන් නාදය නතර උනේ නෑ. තරගය කෙන්ට් පරාද උනත් ,අරවින්ද තරගයේ වීරයා උනා. 

1995 පස්සේ ආය කිසිම දවසක අරවින්ද කවුන්ටී ක්‍රිකට් එකක් නොගැහුවත් , ඒ සීසන් එක ඉවර වෙලා අවුරුදු තිහක් ගතවෙලත් තාම අපි ඒ ගැන කතාවෙනවා. අන්න ඒක තමා අරවින්දගේ ක්ලාස් එක.

ඒ කාලේ පර්සි අන්කල් අරවින්ද කලින්ම අවුට් උනාම මෙහෙම දුක් ගී කියනවලූ 

"අරවින්දා...උඹ හින්දා

අපි දුක්.........      වින්දා " 

රටක් සතුටෙන් පිරවූ අරවින්දයක්ම බඳු අරවින්ද අද තමන්ගේ හැටවන උපන් දිනය සමරනවා. 

ඉතින් වෙන කුමක් නම් කියන්නද  සුබ උපන් දිනයක් හැරෙන්නට !!!!



Comments

Popular posts from this blog

සිසූ විරුවෝ රැවටුනාද ?

I went back to Ibiza

මෝඩම මෝඩ තරිඳු