"පෝර්ට් ඔෆ් ස්පේන් සිට පැමිණි කුමාරයා"
බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලින් මතුවුනූ දර්ශනීය වමත් පිතිකරුවාව ක්‍රිකට් ලෝකය හැඳින්වූවේ එහෙමයී. බ්‍රයන් චාල්ස් ලාරා ගැන බොහෝ දෙනෙක්ට මතක තියෙන්නේ සර් ගාෆිල්ඩ් සෝබර්ස් ගේ ලකුණු 364 ඉක්මවපූ ඉනිම ගැන එහෙම නැත්නම් එංගලන්තයට දුවන්න ගහපූ ලකුණු 400 ගැන. ඒත් ලාරා ඕස්ට්‍රේලියාවට 92-93 තරග වාරේ ගහපූ ලකුණු 277 ගැන කතා නොකෙරෙන තරම්.
මේ තරගාවලියේ පළවෙනි තරගේ බටහිර ඉන්දිය කොදෙව්වන් බොහෝම අමාරුවෙන් බේරගත්තත් , දෙවෙනි මෙල්බර්න් තරගය ෂේන් වෝන් ඇවිත් ගත්ත කඩූලූ හතත් එක්ක සුනුවිසුණු උනා.
තුන්වෙනි සිඩ්නි තරගෙත් මුලින් පන්දුවට පහර දුන්න ඕස්ට්‍රේලියානූවෝ ලකුණු 503 දාලයි කොදෙව්වෝ බැට් කරන්න දැම්මේ. එදා නොම්බර හතරෙන් පිටියට ආපූ අවුරුදු 23 තරුණ ලාරා රිදෙන පාරවල් කීපයකින් තමන්ගේ මංගල ශතකේ රැස් කලා. නායකයකා උනූ රීචී රිචර්ඩ්සන් දුන්න සහයෝගය එක්ක , එතනින් 150,200,250 යනකනුත් ඕස්ට්‍රේලියානූවෝට ලාරව නවත්තගන්න බැරි උනා. හතරේ පහරවල්ම 38 ක්. පන්දූ 362, පහර දිමේ වේගේ 78.6. ඉබිගමනින්ම නෙවෙයි මේ ඉනිම ගැහූවේ.
ඕස්ට්‍රේලියානූ වේග පන්දූ යවන්නන්ට ලාරගේ අහසේ ඉදන් එන බැට් ලිෆ්ට් එක වගේමත් , දඟ පන්දූ යවන්නන්ට ඔහූ ගහපූ ස්වීප් පහරවලුත් පාලනය කරගන්න කිසිම අදහසක් තිබුනේ නෑ.
හෙල්මට් එකේ ආරක්ෂිත දැලත් නැතුව අධිවේගි සිඩ්නි තණතිල්ලේ ලාරා හතර අතේ පහරවල් එල්ල කරා. ඩ්‍රයිව්ස් , කට්ස් වගේම පූල් පහරවලුත් ලාරගේ 277 වර්ණවත් කළා. වැඩේ කොච්චර බරපතළ උනාද කියලා කියනවනම් ඇලන් බෝඩර්ටත් ඇවිත් ඕවර්ස් 14 දාන්න උනා.
ලාරාගේ ලකුණු 277ඉස්සරහ අසරණ උනූ ඕස්ට්‍රේලියානූවෝ ඔහූව පරාද කළේ දුවද්දි දැවියාමකින්. මංගල ශතකය ,මංගල ද්විත්ව ශතකය අන්තිමට මංගල ත්‍රිත්ව ශතකයත් පේන මානෙදි නොතිබුනු ලකුණකට කලබල උනූ තරුණ ලාරා දුවද්දි දැවී යාමකට අසූ උනා. හැබැයි තව අවුරුද්දක් ගතවුන තැන ඔහූ ,සර් ගාෆීල්ඩ් සෝබර්ස්ගේ ලකුණු 364 වාර්තාව පහූ කරා.ලාරා පස්සෙ කාලෙක තමන්ගේ දුවට "සිඩ්නි ලාරා" කියන නම දුන්නේ තමන්ගේ අනුස්මරණීය සිඩ්නි ඉනිම සිහිකිරිමක් විදියට.
ඉයන් චැපල්ට අනූව තමන් දැක්ක හොඳම ඉනිම් අතර තුන්වෙනි තැනට නම් කරන්නේ අවුරුදු විසි තුනේ බ්‍රයන් ලාරාගේ සිඩ්නි 277 ඉනිම.චැපල්ගේ වචනවලින්ම කියනවනම්.
"Kid was very very good ."
ඡායාරූපය : ලාරා සිඩ්නි පිටියේදි ලකුණු 277 දුවද්දි දැවී යාමට අසුවීම.
👍
ReplyDeleteThank you.
Delete