මුරලිව බයිට් වීම.
2010 ජූලි මාසේ 22 වෙනිදා මූලූ ලංකාවටම විශේෂිත දවසක්. ඒ දේශපාලනය නිසාවත් , ආර්ථිකය නිසාවත් වෙන දෙයක් නිසා නෙවෙයි ක්‍රිකට් තරගයක් නිසා.
අවුරුදු දොළහක පොඩි කොල්ලෙක් විදියට එදා බස් එකෙන් බැහැලා ගෙදර දුවනකන් පාර දිගේ මට ඇහුනේ එකම එක ක්‍රිකට් විස්තර විචාරයක් විතරයි. බැරිම තැන ගෙදර දුවනකොට මැච් එක ඉවරවෙයි කියලා ඇති උනු බයට පාරේ තිබුන නාඳුනන නිවස්නයකට ගොඩ උනේ ඒ මොහොත මඟනොහැර ගන්න.
![]() |
| මුරලි මෙරට ටෙස්ට් වංශකතාවේ 54 වන ටෙස්ට් ක්‍රීඩකයායි. |
එදා තමා මුත්තයියා මුරලිදරන් කියන ක්‍රීඩකයා තමන්ගේ ටෙස්ට් දිවියේ 800 වෙනි කඩුල්ල දවාගත්තේ. එදා තමා අද ඔබ සමාජ ජාලාවල උපහාසයට බඳුන් කරන ක්‍රීඩකයා තමා අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ. එදා තමා ඔබ "මගේ මතය බෑ" යන උදෘතය උපුටමින් අපහාසයට බඳුන් කරන ක්‍රීඩකයා තම ටෙස්ට් දිවියේ 67 වෙනි කඩුලු පහේ අවස්ථාවක් ලබාගත්තේ. අද මුරලිව දැනගන්නේ පොඩි Meme එකකින් , මුහුණුපොතේ හාස්‍ය දනවන වදනකින් වෙන්න පුළුවන්. ඒත් 2000 පෙර සහ සහශ්‍රයේ පළමු දශකයේ ක්‍රිකට් නැරඹූ අයෙක්ට මුරලි කියන්නේ ඊට වඩා විශාල ලෝකයක්.
ඔහූ 1996 ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයෙක් , 1997,2004 සහ 2008 ආසියානු ශූරතාවය දිනූ කණ්ඩායමේ සාමාජිකයෙක්, ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභියෙක් , 1998 දී මුල්මවරට ශ්‍රී ලංකාව එංගලන්තයේදි ටෙස්ට් ජයක් ලබන විට එංගලන්ත ඉනිම සුනුවිසුනු කල දඟ පන්දු යවන්නෙක් , 2007 ,2011 ලෝක අනූශූර කණ්ඩායමේ සාමාජිකයෙක් , ටෙස්ට් තරග ඉතිහාසයේ ඉනිමක කඩුලු පහේ අවස්ථාවන් සහ තරගයක කඩුලු දහයේ අවස්ථාවන් වැඩිම ලැබූ ක්‍රීඩකයෙක්. ඉතින් මිතුරනි ඔබ සමාජ මාධ්‍ය සිනහමුසු මුහුණින් පතුරු ගසන්නේ මෙවැනි ක්‍රීඩකයෙකි.
![]() |
| මුරලි 2011 අවසන් පූර්ව තරගයේදි ශ්‍රී ලාංකීක ප්‍රේක්ෂකයන්ට සමුදෙමින්. |
මුරලි 2007 වසරේදි අස්ගීරීයේදි එංගලන්තයේ පෝල් කොලින්වූඩ්ගේ කඩුල්ල බිඳ දමා ශ්‍රේෂ්ඨ ශේන් වෝර්න් පසු කරන විට ඔහූට අත්පොළසන් දූන් , හූරේ දැමූ ප්‍රේක්ෂකයන් වෙනුවට දැන් ඇත්තේ දෙරණේ චතුරගේ සම්මුඛ සාකච්ඡාවක පැවසූ වදනකින් ඔහුව හඳුනන ප්‍රේක්ෂකාගාර්‍ය්කි. ඔවුන්ට මුරලි යනු 1992 සිට රටට ක්‍රිකට් ගැසූවකු නොව මගේ මතය බෑ යැයි කීව් විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
එය කොතරම් බරපතළයත්ද ,මෙවැනි සමාජ ජාලා ප්‍රකාශවලින් තමාගේ කීර්ති නාමයට හානිවන බව පවසමින් මුරලිට කොටුව අධිකරණයෙන් වාරණ නියෝගයකුත් ගැනිමට සිදුවිමයි.
ඉතින් අප කොතරම් කෘතවේදී ජාතියක්ද ?


ඒකනම් මටත් තේරෙන්නේ නැහැ
ReplyDelete