" ඔහු තමා රජා"
1966 නොවැම්බර් 14 වැනිදයින් පස්සේ හැමෝම එහෙම කියන්න ගත්තා.
ක්ලැසියස් ක්ලේ කියන තරුණයා 1960 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ හෙවිවේට් රන් පදක්කමක් අරගෙන එනකොටවත් එහෙම නොකියපූ උදවියත් ඒ විදියට එයා ගැන කතාකරන්න පටන් ගත්තා.
1964 අවුරුද්දේ මාරාන්තික වෙඩි පහර තුනකින් බේරුනූ Cleveland Williams එහෙම නැත්නම් Big Cat. කටකාර අලී එක්ක තරගයකට එනකොට හැමෝම හිතුවේ Sonny Liston ට කරන්න බැරි උනූ දේ Clveland කරයි කියලා. ඒත් සමනලයෙක් වගේ පියාඹන ,මී මැස්සෙක් වගේ දෂ්ට කරන මේ හැඩකාර තරුණයට Cleveland ව බිම දාන්න වැයවූනේ වට තුන හමාරක් විතරයි. තුන්වෙනි වටේ විනාඩියකුයි තත්පර දහ අටකදි Cleveland ට ආපහූ නැඟිටින්න බැරි වෙන්න අලී තුන් පාරක්ම බිම දාලා තිබුනා. විනිසුරු තවත් බලාගෙන ඉන්න බෑ කියලා අවසාන සීනූව නාද කරා. Cleveland තුන්වෙනි කෝණ කනුව ළඟ අන්දරේ මැරුණූ විදිහටම වැතිරිලා උන්නා.
35460 ප්‍රේක්ෂකයෝ ඉස්සරහා ඒ වෙනකොට අවුරුදු 24 මාස 9 උනූ මොහොමඩ් අලී තමන්ගේ හෙවිවේට් ශූරතාව තවත් වාරයකට ඒ විදියට ආරක්ෂා කරගත්තා.
"ඔහූ තමා ශ්‍රේෂ්ඨයා තවත් සෑහෙන කාලෙකට පස්සේ මිනිස්සූ එයා ගැන එහෙම කියන්න පටන් ගත්තා."
ඡායාරූපය : තුන්වන වටය අවසානයේ ඇඳ වැටූනූ Big Cat නොහොත් Cleveland Willams.
❤️
ReplyDelete❤
Delete