Posts

මේ මිත්‍යාවෙන් ඇහැරිය යුතු කාලයයි

Image
 මනුෂ්‍යයන් වශයෙන් අපට වෙන් කර ගැනිමට අපහසු තිර පටලයකින් වැසීගිය ය සීමාවක් දෙකක් පවතිනවා. මේ සීමා නීර්ණ  දෙක ආගම, දේශපාලනය , ඉතිහාසය ,දේවධර්මය සහ සාහිත්‍යය යන සෑම අංශයකම අඩු වැඩි වශයෙන් භාවිතා වෙන සංසිද්ධියක්. එකී අංශයේ පවත්නා සමාජ වගකීම භාරය අනූව එයින් සිදුවන්නා වූ විපත තීරණය වේ. පාඨකයා වෙහෙසට පත් නොකිරීමටත් පැහැදිලි ලෙස අදහස සන්නිවේදනය කළ යුතු නිසාත් එකී සීමා නිර්ණ දෙක අර්ථ දක්වමින් මෙම කෙටි විස්තරය ඇරඹිමට කැමැත්තෙමි.  සත්‍යය (facts) සහ මිත්‍යාව (myths) මෙසේ ස්වකීය ජනයාට වෙන් කොට හඳුනාගැනිමට අපහසු නොඑසේනම් එසේ වෙන් කරගැන්මට අවශ්‍යතාවක් නොමැති සීමාවන් දෙකයි. සත්‍යය සහ මිත්‍යාව පිළිබඳව සංසන්දනාත්මකව තහවුරු කළ හැකි මනා උදාහරණය ආගම (බෞද්ධ ආගම පමණක් නොව සෑම ආගමකම සහ දේව උගැන්මකම මෙම අවස්ථා දෙක දෝලනය වීම පැහැදිලිවම දැකිය හැක්කකි ) වුවද මා මෙහි එය කතා නොකරමි. ඒ වෙනුවට ලංකා ඉතිහාසයේ මෑත කාලයේ සිදූවු දේශපාලනික බල පෙරළියක් උපුටා දක්වමි . මෙම සටහනට සහ අදහස් දැක්වීමට මා සිත බර වූවේ මහාචාර්ය ගණනාත් ඔබේසේකරයන්ගේ නෙරපු රජු නොහොත් Doom king නම් ග්‍රන්ථයෙන් ලද ආස්වාදයයී.  සියල්ලකටම...

ගෲෂා කෙනෙක්ද ?? මනමේ කුමාරියක් ද ??

Image
 මට අදටත්   නියම නලුවෙක් නේ !! කියලා හිතෙන්නේ එකම එක මනුස්සයෙක් ගැන විතරයි.  මං නිහාල්සොංහගේ වැලකතරේ  ගෝරිං මුදලාලි වෙච්ච ජෝ අබේවික්‍රම මුහුදු හුළං මැද සිගරට් එකක් උරන ගමන්  "නෝනා පයින් යන්න , යනකොට හුළං වදී " කියලා කියන දෙබස ඛණ්ඩයට අදටත් ආස උනත් , බූඩී ඉතාලියෙත් ගිහින් බොහෝම වැර වෑයමෙන් රූපගත කරපු "මිල්ලේ සොයා " චිත්‍රපටයේ ලක්ෂමන් මෙන්ඩිස් අයියා විදියට මහේන්ද්‍ර පෙරේරාව නින්දෙන් ඇහැරවලා කනට දෙකක් ගහලා බනිනකොට ඒකෙන් බේරෙන්න ගේ මුල්ලේ හේත්තු කරලා තියෙන ෆුට් සයිකලේ අරන් යන්න හදනකොට ,ලක්ෂමන්  " ඕක මගේ බයිසිකලේ "  කියලා කියන  කොටසට කැමැති උනත් .  ජයන්ත චන්ද්‍රසිරිගේ "ගරිල්ලා මර්කටිං " බයිස්කෝප් එක ඇතුලේ ,  ශ්‍රියන්ත මෙන්ඩිස්  රූපවාහිනීයේ  ජාතිය අමතන ගමන්  ඉස්පිරිතාලෙ ඉන්න කමල් අද්දරාච්චිටත් ජාතිය අමතන්න පටන් ගන්න කොටසට අමුතු විදියකට ආකර්ෂණය වුනත්. හඳගම වැඩිහිටියන් පමණයි ලේබලය බිමින් තියලා හදපු "විදු" චිත්‍රපටියේ පොඩි කොල්ලා ගහක් උඩට නැගලා  "මට තියනවා කතාවක් කියන්න "   දර්ශනයට ආපහු ආපහු බලන්න තරම් කැමැති...

වඩා වැදගත් කුමක්ද ?

 ඊයේ හවස  IQlab Podcast ෆාදීල් ගේ චැනල් එකේ තිබුන venture capitalis කෙනෙක් විදියට වැඩ කරන  චලින්ද අබේකෝන් එක්ක කරන  podcast එකක්  බලන්න අවස්ථාවක් ලැබුනා. මම මේ දවස් ටිකේම හවසට කරපු වැඩ නවත්තලා කොටින්ම Netflix එකේ දැන් මාස තුනක් තිස්සේ බලලත් ඉවර කරගන්න බැරි උනු World war in Colour documentry  එකත්  ගණනාත් ඔබේසේකරගේ Doom king පොතත් පැත්තකට විසි කරලා බලන්න තරම් ෆාදීල් ගේ වැඩේ රසවත් උනා. Startups and venture capitalis කියන මාතෘකාවෙන් පැයකට ආසන්න කාලයක් දිගඇරුන ඒ වැඩේ දෙපාරක් බලන්න තරම් හොඳ දෙයක්.  චලින්ද මේ ක්ෂේත්‍රයේ දැන් අවුරුදු 13-14 ආසන්න කාලයක් ඉන්න නිසාම ඒ වගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් ගෙන් එළියට එන අදහස් අත්දැකීම් වගේම සිද්ධාන්තත් මත ගොඩනැගුනු කරුණු  තර්කානුකූල අහලා හිතන්න තරම් ප්‍රයෝජනවත් දෙයක් . මට මේ සටහනෙන් මතු කරන්න ඕන උනේ චලින්දගේ අදහසටත් වඩා එයා එයාගේ කතාවේ මතු කරන එක වැදගත් කරුණක් ගැන.  ඔහු කතාවේ එක තැනක කියනවා , මිනිස්සුන්ට hard skills කියන දේ උදාහරණයක් විදියට පරිඝණක භාෂාවක් ඉගෙන ගන්න එක , මෘදුකාංගයක් ක්‍රියාත්මක කරන එක එහෙමත් ...

ලිවීම පාපයක්ද ??

Image
 මම facebook එකට ලියන එක අතෑරලා ගොඩක් කල්. කොහොමත් එහෙම facebook එකට ලියන්න තරම් මහා ලොකු මිතුරු හමුවක් මට හිටියෙත් නැහැ.වෙන මිනිස්සූ සමාජ සම්බන්ධතා වැඩි කරගන්න මිත්‍රයෝ වැඩිකරගන්න කොට මම කරේ ඉන්න මිත්‍රයොත් අයින් කරපු එක.  මට ලියන්න පුළුවන් කියලා මුලින්ම හිතුනේ මම හරංගල ඉස්කෝලෙට ගියාම මොකද ඒ මම අනුරුද්ධේ ඉන්නකන් ශිෂ්‍යත්වය හැරෙන්න වෙන දෙයක් නොකරපු නිසා.  ඒත් හරංගලදි  සඟරාවක් හදන්න උත්සහ කරපු  සන්ධ්‍යා ටීච මට පොඩි කතාවක් ලියන්න ආරාධනා කරා. හරියට කෙලින් රූලක් වත් ගහගන්න අමාරු මම වචන වචන ගළපලා පොඩි කතාන්දරයක් ලීවා.  ඒ 2009 වගේ. එතනින් එහාට මාත් හිතුවා මට ලියන්න පුළුවන් තමා කියලා. මම දිගටම ලීවා , සිංහල විචාරයක් වෙන අය ලකුණු ගන්න ලියනකොට මම ඒක වගා කරගෙන වෙනම වැඩක් විදියට කරන්න උත්සහ කරා. ඒත් ඒක ගොඩක් ගුරුවරු එක්ක වැඩ කරේ නෑ. එයාලා හිතුවේ මම පණ්ඩිතයෙක් කියලා . කොටින්ම එයාලට මාව තේරුනේ නැහැ වගේම මටත් එයාලව තේරුනේ නෑ.  මාත් එක්ක හොඳින් හිටිය සමහර ගුරුවරුත් සදාකල් මගේ හොඳම ගුරුවරු උනේ නැහැ.  මම කාටුන් අඳින්න ගත්තා , පත්තරකාරයෙක් වෙන්න පත්තරෙට ලීවා , පත්තර...

මගේ පුතා තමා බැද්දගානේ සංජීව !!!

Image
 මෙරට ලෙයින් නැහැවුනු භූමියකි, මරණ සහ ඝාතන දස දහසෙන් සිදුකළ දේශයකි,පුරා දශක තුනක් පටු දේශපාලනික අරමුණු කරපින්නා දෙපිළකට බෙදී ලේ,ඇට,මස් නහර උදුරා ගත් උදාරතර භූමියකි .මෙම යුද්ධයේ අවසාන කාර්තුවේ ඡායාමය මතක මත කර දඬු උස් වූ මිතුරනි, මෙබිම මරණයන් හැර කිසිවක් නුඹලාද දායාද කොට නොමැත .එකී මරණයන්ගෙන් ගලා හා රක්ත වර්ණැති රුධිරයේ පැහැය ජාතිය , ආගම හා කුලය මත අඩු වැඩි නොවන බව පසක් වන තුරු මේ ශෝකාන්තයන් නොනවතිනු ඇත.  බොහෝමයක් වූ කලබැගෑනි , අහිමිවීම්,හුදකලා වීම් සහ අසරණ වීම් අතරමැද නැවත වරක් පෑන අතට ගත් මා කුමක් ලියම්දෝ යැයි කල්පනාවක නිමග්න විය. සැනෙන් මා වසර දෙකකට ඉහත ලිවිය යුතු යැයි අදිටන් කල සිටි  එහෙත් ලිවිමට නොහැකි වූ ලිපි මාලාවක් මෙලෙස ලිවිමට ඇරඹුවෙමි . අකුරෙන් අකුර ගළපමින් කලබලයකින් තොරව උක්ත අමිහිරි සිතුවම කැන්වසය මත මා මෙසේ සිතුවම් කරමි.  වසර 2500 ප්‍රෞඩත්වයෙන් අනූන මහාභිසම්පන්න උත්කෘෂ්ටයෙන් කව් ගී ලියවෙන රජවරුන් 189 ආසන්න රාජාවලිය පීරා බැලු කල , බලය මත පදනම් ව සිදූවූ ඝාතන ප්‍රමාණයට අනූගාමීව නිදහස් ශ්‍රී ලංකාවේද දේශපාලන ඝාතන බොහෝමයකි. මේ සියල්ල මනා අවබෝධයෙන් යුතුව කියවාගන...

ප්‍රජාතන්ත්‍රවාදී ඝාතකයන්

Image
 2000 වසරේදි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජෝර්ජ්.ඩබ්ලිව්  බුෂ් නොහොත් බුෂ් (කණිෂ්ඨ ) එක්සත් ජනපදයේ 43 වන ජනාධිපතිවරයා වශයෙන් ඕවල් කාර්‍යාලයේ දි වැඩ භාරගන්නා ලදි.  Compassionate conservative නම් වූ සටන් පාඨයෙන් තරග කළ ඔහූ පෙනී සිටියේ වියැකී යන එක්සත් ජනපද වාසීන්ගේ අනාගත නායකත්වය ලෙසයි. සාම්ප්‍රදායික , ගතානුගතික මතදාරී ඇමෙරිකානු වැසියන් ඔහුව  පිළිගත්තේ  51.2% ඡන්ද ප්‍රතිශතයකිනි. නව සියවසෙහි සාඩම්බරණීය එක්සත් ජනපද ජනතාව සමඟ බුෂ් පරිපාලනය නව දශකයට සූදානම් විය.  මුල් යුගයේ සිටම මැදපෙරදිග ජාතින් කෙරෙහි දේශපාලනික අතපෙවීම් සඳහා සිය දායකත්වයක් වැඩි වශයෙන් දැරූ එක්සත් ජනපද නව පරිපාලනය දෙදරුම හටගත්තේ 9/11 ප්‍රහාරයෙනි. ඇමෙරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානය එල්ලකොට මගී ගුවන්‍ යානා දෙකක් යොදාගෙන සිදුකළ සුප්‍රකට ප්‍රහාරය උක්ත 9/11 ප්‍රහාරය නම් වේ. එදිනම පෙන්ටගනය නොහොත් එක්සත් ජනපද ආරක්ෂක මූලස්ථානයටද ප්‍රහාරයක් එල්ල විනි. ජීවිත 2977 , සදාකල් ආබාධිත වීම් 25000 සහ ඩොලර් බිලියන් 10 අලාභානියක් සිදු කරාවූ ප්‍රහාරයේ වගකීම ප්‍රහාරයෙන් පැයක් ඇතුළත අල් කයිඩා (Al-Qae...

සරසවි ජේෂ්ඨයන්

Image
 මම මේ කතාව ලියන්න ඕනැයි කියලා කල්පනා කරන්නට යෙදුනේ මීට වසර  එක හමාරකට පමණ ඉහත. නමුත් වසරක් ඈවෑමෙන් කතා කිරිමට අමිහිරි නමුත් කතා කළ යුතුම මාතෲකාව නැවත මෙලෙසින් දිග හැර දක්වමි.  මා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවේ 2019 වසරේ ජනවාරි දෙවන සතියේ විය යුතුය. තඩි බෝට්ටුවක පිහිටෙන් මා තුම්මුල්ලට පැමිණි නිසාවෙන් මුල් මසක් පමණ යනතුරු  මා හඳුනන මිතුරකු විශ්වවිද්‍යාලයේ නොසිටියේ ය. එකල කඩුවෙල කොතලාවල නවාතැන් ගෙන සිටි මා මාගේ 21 වන උපන්දිනය සමරනු ලැබුවේ ද මාගේ කිසිම විශ්ව විද්‍යාල මිතුරකු නොදන්නා පසුබිමකය. මක්නිසාදයත් ඒ වනවිටත් ඔවුන් කල්ලීගැසී  , වට්ස් ගෲප් සාදාගෙන , පවුල් ගත වී , කඳු නැග ,බයිසිකල් ද පැද සිටිනිසාවෙන් මා ඔවුන්වද ඔවුන් මාවද දැන සිටියේ නැත.  නැවත මා මගේ කතාවට පැමිණි කල , මා විශ්වවිද්‍යාලයට පැමිණි දෙවන දින ආපනශාලවෙන් බත් පතක් අනුභව කොට අත සොදාගැනිමට පැමිණි කල , කොලු ගැටව් දෙදෙනකු මා ඇමතුවෙමි. ඉන් එක් අයෙක් අඳුරු පැහැති සිහින් කේ.කේ සමන් කුමාර නොහොත් ' සර්පයා' ගේ හැඩති වූ අතර අනෙකා තරමක් පැහැපත් සමක් සහිත නොඋස් බෝලයක් වන් අයෙකු විය. ඔවුන්ගෙන් දෙවැන්නා මා අසලට ...