මෙරට ලෙයින් නැහැවුනු භූමියකි, මරණ සහ ඝාතන දස දහසෙන් සිදුකළ දේශයකි,පුරා දශක තුනක් පටු දේශපාලනික අරමුණු කරපින්නා දෙපිළකට බෙදී ලේ,ඇට,මස් නහර උදුරා ගත් උදාරතර භූමියකි .මෙම යුද්ධයේ අවසාන කාර්තුවේ ඡායාමය මතක මත කර දඬු උස් වූ මිතුරනි, මෙබිම මරණයන් හැර කිසිවක් නුඹලාද දායාද කොට නොමැත .එකී මරණයන්ගෙන් ගලා හා රක්ත වර්ණැති රුධිරයේ පැහැය ජාතිය , ආගම හා කුලය මත අඩු වැඩි නොවන බව පසක් වන තුරු මේ ශෝකාන්තයන් නොනවතිනු ඇත.
බොහෝමයක් වූ කලබැගෑනි , අහිමිවීම්,හුදකලා වීම් සහ අසරණ වීම් අතරමැද නැවත වරක් පෑන අතට ගත් මා කුමක් ලියම්දෝ යැයි කල්පනාවක නිමග්න විය. සැනෙන් මා වසර දෙකකට ඉහත ලිවිය යුතු යැයි අදිටන් කල සිටි එහෙත් ලිවිමට නොහැකි වූ ලිපි මාලාවක් මෙලෙස ලිවිමට ඇරඹුවෙමි . අකුරෙන් අකුර ගළපමින් කලබලයකින් තොරව උක්ත අමිහිරි සිතුවම කැන්වසය මත මා මෙසේ සිතුවම් කරමි.
වසර 2500 ප්‍රෞඩත්වයෙන් අනූන මහාභිසම්පන්න උත්කෘෂ්ටයෙන් කව් ගී ලියවෙන රජවරුන් 189 ආසන්න රාජාවලිය පීරා බැලු කල , බලය මත පදනම් ව සිදූවූ ඝාතන ප්‍රමාණයට අනූගාමීව නිදහස් ශ්‍රී ලංකාවේද දේශපාලන ඝාතන බොහෝමයකි. මේ සියල්ල මනා අවබෝධයෙන් යුතුව කියවාගන්නා ප්‍රඥාගෝචර මනුෂ්‍යයිනි
"අතීත වේවා වර්තමාන වේවා ශ්‍රී ලාංකීකයන් යනූ ධනය , බලය ඉදිරියේ අනෙකාව තලා , පෙළා නසා දැමීමට නොපැකිලෙන ජාතියකි. "
එය එසේ නොවේනම් කිසිදිනක බණ්ඩාරනායක ඝාතනය නොවනු ඇත , ඇතුළත්මුදලි මියනොයනු ඇත.
අද සටහනට පාදක වන්නා වූ පාතාලයද එලෙසින් බල ලෝභිත්වය නම් කටුක මාර්ගය තරණයට ඉනි වැටක් බඳු උත්ප්‍රේරකයකි. එකී උත්ප්‍රේරකය අනූව දශකයෙ මුල් යුගයේ සිට විසිඑක්වන සියවසේ පළමු දශකය තෙක්ම මෙරටට පිළිළයක් බඳු විය. ලේ පිපාසිත දේශපාලනික පියවරුන්ගේ සහ මව්වරුන්ගේ මන දොළ සනසාලීමට මරණය සෙවූ එක්තරා මනුෂ්‍යය කොට්ඨාසයකින් එකල මුලු බස්නාහිරම ත්‍රස්ත වී තිබිනි.
අද පහතින් යතුරු ලියනයවන්නා වූ මෙම සටහන එසේ අනෙකාගේ වේදනාව රසමවුළක් කොට ගත් බලයෙන්, ධනයෙන් සහ පාපයෙන් සිය දෑස් අන්ධකරගත් මිනිසුන්ගේ ආත්මයේ දිග පලල මැන බැලිමකි. එයට පෙරාතුව සඳහන් කළ යුතු වැදගත් කරුණකි මාගේ මේ වෑයම මොවුන් කිසිවකු උත්කර්ෂයට නැංවීමවත් වීරත්වයක් ආරෝපණය කිරිමවත් නොව. අතීතයේ වැලිතලාවෙන් මැකීයන්නා වූ මතකයන් නිසිලෙස ගොතා පාඨක ඔබට පිළිගැන්වීමයි.
---බැද්දගානේ සංජීව----
A.T ඉරාන් ධනුෂ්ක පෙරේරා නොහොත් බැද්දගානේ සංජීව 1972 අප්‍රේල් මස 28 උපත ලබා 2001 වසරේ අඳුරු නොවැම්බරයේ පාගෝඩ පළමුවන පටුමගේදි වෙඩි කා මියයන තුරුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තරමෙ බලයක් හසුරවමින් සිටියේය. බැද්දගානේ දූව පාරේ මහගෙදර වූ සංජීව කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පසුව ඇමති ආරක්ෂක අංශයට සිය දේශපාලනික සම්බන්ධතා හරහා ඇතුළු විය. 1993 වසරේ චන්ද්‍රිකා කුමාරතුංග මෙරටට පැමිණ මහමැතිවරණය මෙහෙයවන සමයේදි සන්ජීව ඈ හා සම්බන්ධ විනි. එකල ඈගේ ශරීර ආරක්ෂකයකු ලෙස කටයුතු කළ ඔහූ ඇගේ 1994 වසරේ 70.47% ඡන්ද ප්‍රතිශතයක් හිමිවූ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟම බැද්දගානේ සන්ජීව ජනාධිපති ආරක්ෂක අංශයට නොහොත් සාමාන්‍යය ව්‍යවහාරයේ හැඳින්වෙන PSD (President's security division ) අනියුක්ත විනි. ඔහූගේ ත්‍රාඩ සේවය ඇරඹෙන්නේ එයින් ලැබූ ව්‍යස්ථාපිත බලයත් සමඟයි.
කිසිදිනක පොලීස් නිලධාරීයකු නොවී ආරක්ෂක අංශයට රිංගා ගත් සන්ජීව දිනෙන් දින උසස් නිලදරුවන්ගේ සූවච කීකරු නිල සුනඛයෙක් බඳු විය. ඕනෑම දේශපාලනික දඩයමක් සඳහා කුමාරතුංග රජයට සන්ජීවගේ නොපැකිලෙන සහය තිබිනි. එකල 1999 වසරේ කොළඹ පැවති එ.ජා.ප රැළිය ආවරණය කරන්නට පැමිණි මාධ්‍යවේදීන්ගේ කැමරා ආම්පන්න සජීවි විකාශනය ඉදිරියේම පොඩිපට්ටම් කර දැමීමට තරම් සන්ජීව බලසම්පන්න විය.
ලේ පිපාසිත විධාන සොයනා සුනඛයන් මෙන් ඔවුන් අනූව දශකයේ අග භාගය වන විට අසීමිත භීතියක් පතුරවමින් සිටියේය.එකල රට දෙකොණෙන් ඇවිළෙමින් තිබූ යුගයකි. උතුරෙන් ප්‍රභාකරන් සිය ඊළාම් යුද්ධය දියත් කරන සමයක දකුණෙන් සොත්ති උපාලි ,කලු අජිත් , අමරසිංහ සහෝදරයන් සහ බැද්දගානේ සන්ජීව මරණයේ වරෙන්තු තැපැල් කරමින් සිටියේය.
මේ සියල්ලන්ටම වඩා මුල් යුගයේ පෞද්ගලික කෝන්තර මත පදනම්ව සිදූවූ සංවිධානාත්මක මනුෂ්‍යය ඝාතන නොහොත් පාතාලයේ ක්‍රියාකාරකම් මේ සමය වන විට මාළිගාවත්තේන් කොළඹට සංසරණය වන හෙරෝයින් මත රඳා පැවතිම ඇරඹිනි. එකී කාර්‍යන් සඳහා බැද්දගානේ සන්ජීව වැනි නිලලත් අලූගෝසුවන්ගේ සෙවණැලිද වැටී තිබිනි.
කෙසේ නමුත් PSD හරහා සිය නිත්‍යානුකූල බලය මුදුන්පත් කරගෙන සිටි සන්ජීව තම හාම්පුතුන්ගේ විධානයන් නොපැකිලී ඉටු කිරීම ඇරඹුවේය . එලෙසින් භීතීය මුදාහළ යුත්තේ කලාව දෙසටද නැතහොත් මාධ්‍ය දෙසටද යන්න උස් පුටුවකින් පැමිණෙන වැකියකි. සන්ජීව වැන්නවුන්ගේ කාර්‍යභාර්‍ය එම අණවිධාන ප්‍රශ්න කිරිමකින් තොරව ක්‍රියාවට නැංවීමයි. එලෙසින් ඉටු කරන්නා වූ ත්‍රාඩ ක්‍රියාවේ පරිමාණයට අනූව තුටු පඬුරු ලැබිමද නොපමාව සිදූවු කර්තව්‍යයකි. ඒ සඳහාම අවශ්‍යය මස්කටු බොහෝමයක් පක්ෂ විපක්ෂ දෙපිරිසම අතර එකල පැවතිනි.
බැද්දගානේ සන්ජීවගේ ගිණුමට ඍජුවම බැර වූ අපරාධ කිහිපයක් මා පහතින් උපුටා දක්වමි. මෙයින් සමහරක්ට අදවන තුරු අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන නොමැත.
1. සිනමා නිළි අනෝජා වීරසිංහගේ ගෙය ගිනිබත් කිරිම , දේපළ හානි කිරිම සහ ජිවිත තර්ජන ඉල්ල කිරිම. ( මෙය එකල රජයේ උසස්ම තනතුර දැරූ තැනැත්තියකගේ උවමනාවට සිදූවූවක් බව පැවසේ)
2. මත්තේගොඩ රූකාන්ත- චන්ද්‍රලේකා නිවසට බලෙන් ඇතුළු වීම , යුවළට පහරදීම, හිසකේ කපා, හිංසා කොට යුවළට අයත් වූ ජීප් රථයක් රැගෙන පලා යෑම. ( මෙම සිද්ධියට පසුකලක කොළඹ මහාධිකරණයෙන් චූදිතයන් හට දඬුවම් නියම කලද ඒ වනවිටත් බැද්දගානේ සන්ජීව මියගොස් දශකයක් ඉක්වමා තිබිනි.) මෙම ප්‍රහාරයට හේතු කාරණා වී තිබුනේ මෙම ගායක යුවළ වෙනත් දේශපාලන පක්ෂ වේදිකාවක ගීත ගායනා කිරිමයි.
3.තෙවැන්න 'සටන' පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ රෝහණ කුමාර ඝාතනය කිරීම. 1999 වසරේ සැප්තැම්බර් මස 07 දින ඔහුව ඝාතනය වන්නේ සටන කාර්‍යාලයේ සිට නිවසට කුලී රථයකින් පැමිණෙමින් සිටින මොහොතකය. මෙම ඝාතනයට පෙරාතුව ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Terrarium prevention act) යටතේ රඳවා ප්‍රශ්න කර තිබුනි. එයට ආසන්නතම හේතුව වී තිබුනේ 1996 මුලතිව් සටනේ පරාජය පිළිබඳව ඔහූ සටහනක් තබා තිබිමයි. මේ නිසා ඔහුව රජයට තර්ජනයක් වී තිබූ පුද්ගලයෙකි.
![]() |
මාධ්‍යවේදී රෝහණ කුමාර |
4. අවසාන චෝදනාව වන්නේ කොළඹ මල් පාරේ ජිවත් වූ කුමර් පොන්නම්බලම් මහතා වැල්ල්වත්තේ රාමක්‍රිෂ්ණා ටෙරසයේදි ඝාතනය වීමයි. එකල සන්ජීව වටා තිබූ බලය කොතෙක්ද යත් අද වනතුරු කෝටිපති ව්‍යාපාරික කුමාර් පොන්නම්බලම් ඝාතනය පිළිබඳව අධිකරණයට කිසිවකු ඉදිරිපත් කර නොමැත.
![]() |
කුමාර් පොන්නම්බලම් ඝාතනය |
මෙලෙසින් දශකයකට ආසන්න කලක් දිවිගෙවුවද බැද්දගානේ සන්ජීවගේ දිවියද තිබුනේ ඉතාම අන්ත්‍රාදායා අඩියකය . එයට බලපෑ ප්‍රධානතම හේතුව වූවේ ආණ්ඩුව විසින් මෙහෙයවූ බොහෝමයක් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් හී ජීවමාන සාක්ෂිය ඔහූ වීමයි. කොතරම් හොඳ දඩ බල්ලකු වුවද අවස්ථාව ලද කල නොහපා නොසිටින බව දැන සිටි දේශපාලනික අධිකාරය සන්ජීවටද තොන්ඩුව තද කිරීමට තීරණය කර තිබිනි. මේ සඳහා ඔවුන් තෝරාගත්තේ කොළඹ ගෝතමී පාරෙන් පාතාලයේ අත්පොත තැබූ උස්ලියනගේ රුවන් ධම්මික පෙරේරා නොහොත් ධම්මික අමරසිංහයි. 2001 මැද මසක ඔහුට මෙම කොන්ත්‍රාත්තුව මැද කොළඹ දේශපාලකයකුගෙන් ලැබුනු අතර එය නොවැම්බර් දෙවැනි දින කිසිදු අඩුපාඩූවකින් තොරව පාගොඩදි ක්‍රියාත්මක විය.
නමුත් මෙහි සඳහන් වන්නාවූ තවත් කරුණක් වන්නේ බැද්දගානේ සන්ජීව විසින් ධම්මික අමරසිංහ ඝාතනය කරනු ඇතැයි තිබූ සැකය මත ධම්මික විසින් වෙඩික්කරුවකු යැවූ බවයි. කෙසේ හෝ පෙර කී කුමාර් පොන්නම්බලම් ඝාතනයෙන් සය මසක් ඉක්මවූ දින එරාන් ධනුෂ්ක නොහොත් බැද්දගානේ සන්ජීව මරුමුවට පත් විය.
![]() |
බැද්දගානේ සන්ජීවගේ අවසන් කල ඡායාරූපයක් |
අතීත කතා අනූව ඉතා උගත් කාන්තාවක් වූ සන්ජීවගේ මව ඔහුගේ මළගමට පවා සහභාගි නොවූ බව පැවසේ. පාතාලයේ ආරම්භ කෙතෙරම් ධන,බල සහ සැප සපුරාලීයද ඔවුන් සියල්ලෝම වෙඩී කා මහමඟ මියයන්නෙ අවාසනාවන්ත අයුරිනි.
අප කිසිදිනක හෝ මියයා යුතුමය , නමුත් ඔබගේ මරණයේ පශ්චාත් සමාජ විවරණය සිදුකරන කළ ඔබ ගුණවතකු නොවේ නම් මෙලෙසින් ඔබේ මරණයෙන් දශක දෙකක් ඉක්මවූ පසුවද ඔබව ගරහමින් මත පලවනු ඇත.
මිළඟ පරිච්ඡේදය "ගෝතමී පාරේ අමරසිංහ පාතාලය".
Eagerly waiting for the next chapter.🤟
ReplyDelete❤
ReplyDelete