Skip to main content

ප්‍රජාතන්ත්‍රවාදී ඝාතකයන්

 2000 වසරේදි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජෝර්ජ්.ඩබ්ලිව්  බුෂ් නොහොත් බුෂ් (කණිෂ්ඨ ) එක්සත් ජනපදයේ 43 වන ජනාධිපතිවරයා වශයෙන් ඕවල් කාර්‍යාලයේ දි වැඩ භාරගන්නා ලදි. 

Compassionate conservative නම් වූ සටන් පාඨයෙන් තරග කළ ඔහූ පෙනී සිටියේ වියැකී යන එක්සත් ජනපද වාසීන්ගේ අනාගත නායකත්වය ලෙසයි. සාම්ප්‍රදායික , ගතානුගතික මතදාරී ඇමෙරිකානු වැසියන් ඔහුව  පිළිගත්තේ  51.2% ඡන්ද ප්‍රතිශතයකිනි. නව සියවසෙහි සාඩම්බරණීය එක්සත් ජනපද ජනතාව සමඟ බුෂ් පරිපාලනය නව දශකයට සූදානම් විය. 

මුල් යුගයේ සිටම මැදපෙරදිග ජාතින් කෙරෙහි දේශපාලනික අතපෙවීම් සඳහා සිය දායකත්වයක් වැඩි වශයෙන් දැරූ එක්සත් ජනපද නව පරිපාලනය දෙදරුම හටගත්තේ 9/11 ප්‍රහාරයෙනි. ඇමෙරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානය එල්ලකොට මගී ගුවන්‍ යානා දෙකක් යොදාගෙන සිදුකළ සුප්‍රකට ප්‍රහාරය උක්ත 9/11 ප්‍රහාරය නම් වේ. එදිනම පෙන්ටගනය නොහොත් එක්සත් ජනපද ආරක්ෂක මූලස්ථානයටද ප්‍රහාරයක් එල්ල විනි. ජීවිත 2977 , සදාකල් ආබාධිත වීම් 25000 සහ ඩොලර් බිලියන් 10 අලාභානියක් සිදු කරාවූ ප්‍රහාරයේ වගකීම ප්‍රහාරයෙන් පැයක් ඇතුළත අල් කයිඩා (Al-Qaeda) සංවිධානය විසින් නිල වශයෙන් භාරගන්නා ලදි. 

එතෙක් අලූ යට තිබූ ගිනි , බුෂ් පරිපාලනය විසින් ඇවිළවීම ඇරඹිනි . එයටම ජාතිමාමක , දේශප්‍රේමී , දේශහිතෛෂි එක්සත් ජනපදයේ සම්බුද්ධික වැසියන්ද අත එසවිය. 2002 වසරේ මැද කාර්තුවෙහි බුෂ් ජනාධිපතිවරයා විසින්  9/11 ප්‍රහාරයේ වගකීම ඉරාකය වෙතට දමා ගැසූ අතර වසර දෙකකට පෙර කොන්ග්‍රස් මණ්ඩලයෙන් තමා වෙතට ලැබුනාවූ බලතල යොදමින් එක්සත් ජනපද හමුදාව 2003 වසරේ ජනවාරි මස සිට මැදපෙරදිගට යැවීම ඇරඹිනි. 


2003 මාර්තු මස 19 දින දෙවන ගල්ෆ් යුද්ධය (පළමුවැන 1990 කුවෙට් ආක්‍රමණයයි.) නමින් ඉරාක යුද්ධයට අවශ්‍යය අණ ධවල මන්දිරයෙන් ලැබිනි. 

මෙම සටහන ඉරාක යුද්ධයේ තතු විත්ති විමසීම හෝ පසුවදනක් දැක්වීම නොව. තීරණාත්මක මොහොතක  දේශපාලනික භූමීකාවේ ත්‍රීවූරත්වය කෙසේ වැදගත් වේවිද යන්නයි  .

බුෂ් පරිපාලනයෙන් දශකයක් ඉක්මවන මොහොතේ ලෝකයාගේ පිළිගැන්ම නම් 9/11 ප්‍රහාරයට සහ න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳ ඉරාකයට දිගු කළ ඇඟිලි ප්‍රෝඩාවක් 

බවයි. මේ නිසාම වත්මන් බුෂ් පරිපාලනය ජනතාව සිහිකරන්නේ වංචාසහගත යුගයක් ලෙසයි.නමුත් මින් දශක දෙකකට ඉහත එක්සත් ජනපදය මීට හාත්පසින්ම වෙනස් සිදුවීමකි. අදටත් ඉරාක යුද්ධයෙන් මියගියා වූ සිවිල් වැසියන් 182272 (මෙය ඉරාක වාර්තාවලට අනුව 204575 කි)  වෙනුවෙන් කිසිදූ එක්සත් ජනපද රජයක් සමාව ඉල්ලා නැත. (ඔවුන් දෙවන ලෝක යුද්ධයේදි ජපානයට  සිදුකළා වූ මෙවැනි ජනසංහාරයය වෙනුවෙන් ඔබාමා ජනාධිපතිවරයා සමාව අයැද ඇත. ) යුධ සාහිත්‍යයට අනූව "ඕනෑම යුද්ධයක පළමු මරණය ඛේදවාචකයක් වන අතර එතැනින් එහාට සිදූවන්නා වූ මරණ සියල්ලම සංඛ්‍යා දත්තයක් පමණි." 


වසර 8 මාස 8 දින 29 පැවත්වූ ඉරාක යුද්ධයේ ඉතිරිව සිටි අවසන් එක්සත් ජනපද සොල්දාදුවන් ඔබාමා පරිපාලනය විසින් 2011 දෙසැම්බර් 18 වන දින ගෙන්වා ගත් අතර. එයින් යුගයක අඳුරු පරිච්ඡේදයක් කඳුළු සහ ලෙය මතින් මතක පමණක් ඉතිරි කොට අවසන් විය.

ජනතාධිකරණයෙන් උත්කෘෂ්ටයට නග්වන වූ පාලකයන් සිදූකරන්නා වූ ක්‍රියාවන් උදෙසා ශතවර්ෂ ගණනාවක් ඉක්මවුවද සමාව නොලැබේ. 

නූතන යුගයේ දේශපාලනික ප්‍රජාතන්ත්‍රවාදය එයයි.












Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...