Skip to main content

වඩා වැදගත් කුමක්ද ?

 ඊයේ හවස IQlab Podcast ෆාදීල් ගේ චැනල් එකේ තිබුන venture capitalis කෙනෙක් විදියට වැඩ කරන  චලින්ද අබේකෝන් එක්ක කරන  podcast එකක්  බලන්න අවස්ථාවක් ලැබුනා. මම මේ දවස් ටිකේම හවසට කරපු වැඩ නවත්තලා කොටින්ම Netflix එකේ දැන් මාස තුනක් තිස්සේ බලලත් ඉවර කරගන්න බැරි උනු World war in Colour documentry  එකත්  ගණනාත් ඔබේසේකරගේ Doom king පොතත් පැත්තකට විසි කරලා බලන්න තරම් ෆාදීල් ගේ වැඩේ රසවත් උනා. Startups and venture capitalis කියන මාතෘකාවෙන් පැයකට ආසන්න කාලයක් දිගඇරුන ඒ වැඩේ දෙපාරක් බලන්න තරම් හොඳ දෙයක්. 


චලින්ද මේ ක්ෂේත්‍රයේ දැන් අවුරුදු 13-14 ආසන්න කාලයක් ඉන්න නිසාම ඒ වගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් ගෙන් එළියට එන අදහස් අත්දැකීම් වගේම සිද්ධාන්තත් මත ගොඩනැගුනු කරුණු  තර්කානුකූල අහලා හිතන්න තරම් ප්‍රයෝජනවත් දෙයක් . මට මේ සටහනෙන් මතු කරන්න ඕන උනේ චලින්දගේ අදහසටත් වඩා එයා එයාගේ කතාවේ මතු කරන එක වැදගත් කරුණක් ගැන. 


ඔහු කතාවේ එක තැනක කියනවා , මිනිස්සුන්ට hard skills කියන දේ උදාහරණයක් විදියට පරිඝණක භාෂාවක් ඉගෙන ගන්න එක , මෘදුකාංගයක් ක්‍රියාත්මක කරන එක එහෙමත් නැත්නම් සංකීර්ණ ගණිතමය සංකල්පයක් තේරුම් ගැනිම වගේ කරුණු කාලයත් එක්ක , යම් ශ්‍රමයක් (Effort) වැය කිරිමෙන් ග්‍රහණය කරගන්න පුළුවන් දේවල්. ඒත් මිනිහෙක්ට ඉගෙන ගන්න එහෙමත් නැත්නම් ප්‍රගුණ කරන්න අමාරුම දේ තමා Soft skills කියන එක. 

 

මේකට බලපාන එක ප්‍රධාන හේතුවක් තමා ඒ වගෙ හැකියාවන් උද්දීපනය වෙන්නේ මනුෂ්‍යයකුගේ ජීවන වටපිටාවත් එක්ක වීමයි. උදාහරණයක් විදියට නිර්මාණශීලිත්වය වගේ දෙයක් පරිඝණක භාෂාවක් උගන්වන තරම් ඉක්මනින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට ජන ව්‍යහාරයේ නම් කියන්නේ " ඒ වගේ දේවල් ඇගෙන්ම එන්න ඕන කියලා." ඒත් ඇගෙන්ම නාවත් ඒ දේවල් දියුණු කරගන්නේ නැතුව රැකියාවක තබා සාමාන්‍යය සමාජයකවත් රැඳී ඉන්න (Survive ) වීමේ ප්‍රායෝගික අපහසුතාවයක් තියනවා. කොටින්ම ප්‍රේමයක් හොයා ගන්නත් හොඳ ස්ථාවර soft skills ගොනුවන් තියෙන්න ඕන කියන එකයි මගේ අදහස. මීට අමතරව අපි මේ Soft skills කියන එක අපේ දකුණු ආසියාතික කලාපයේ අනික් රටවල් එක්ක සංසන්දනාත්මකව බැලුවත් ඉන්දියාව පවා ඉන්නේ අපට බොහෝම ඉහළින්. බොරු නම් ඉන්දියන් තරුණයෙක් එක්ක කතා කරලා බලන්න ඔබට වෙනස තේරුම් ගන්න පුළුවන් . 


චලින්ද මේ සාකච්ඡාවේ කියන විදියට ලංකාවේ හොඳ ව්‍යවසායකයන්ගේ හිඟයටත් බලපාන ප්‍රධානතම හේතුව මේක. ඒක බොහොම තර්කානුකූල කරුණක් නේ. ඔයාට කොයිතරම් හොඳට මෘදුකාංග ලිවිමේ හැකියාවක් තිබුනත් ඒක ව්‍යාපාරයක් එහෙමත් නැත්නම් Startup විදියට ප්‍රසාරණය කරනව නම් ඒ තාක්ෂණික හැකියාවෙන් විතරක් යන්න පුළුවන් දුර හරිම සීමීතයි.  මොකද ව්‍යාපාරික ලෝකය කියන්නේ කලු සුදු පරිඝණක ක්‍රමලේඛනයට එහා ගියපු මිනිස්සූ ගැවසෙන , දහසක් වෙච්ච අදහස් හුවමාරු වෙන , තත්පරයෙන් තත්පරය යාවත්කාලීන වෙන තරගකාරී පිටියක්. ඒ වගේ තැනකට ඇතුළු වෙන්න ඔව් !! Hard skills ඕන වෙන්න පුළුවන් , ඒත් රැඳි සිටිමේ කාලය සහ ස්ථාවරත්වය රඳා පවතිනේ ඔබේ soft skills  හි ප්‍රබලතාව මත. මෙන්න මේ වගේ දේකට හොඳම උදාහරණය තමා හැත්තෑව දශකයේ මුල් යුගයේ ඇමෙරිකාවේ සිලිකන් නිම්නය කේන්ද්‍ර කරගෙන නිර්මාණය වුනු ඇපල් හි ස්ටීව් ජොබ්ස් කියන චරිතය.  ස්ටීව් වොස්නියැක් තරම් තාක්ෂණික මිනිහෙක් නොවුනත් පොඩ්ඩක් බලන්න ජොබ්ස් නිෂ්පාදන එළිදැක්වීමක් ( Product launch )  එකක් කරන විදිය . ෂා !!!අන්න ඉදිරිපත් කිරිම්.


චලින්ද ,ෆාදීල් එක්ක කතා කරන දෙවැනි වැදගත්  කාරණය තමා ලිවීමේ හැකියාව. ඒක ඒ තරම්ම වැදගත්ද කියලා හිතෙන තරමේ අවබෝධයට ලක්නොවුනු සීමාවක්. ශිෂ්‍යත්වයේ රචනාවට , සාමාන්‍යය පෙළ සිංහල / ඉංග්‍රීසි  රසාස්වාද කොටස් වලට හැරෙන්නට අපි ලිවීමට එච්චර භාරයක් දෙන්නේම නෑ. ඒකට අවශ්‍යය උත්තේජනයත් පාසල් පද්ධතියෙන් හරිආකාරව ලැබෙනවද කියන එකත් ගැටලුවක් .මේ සිද්ධිය විශ්වවිද්‍යාලයට ආවම කොයිතරම් දරුණු විදියට පසු බෑමකට ලක්වෙනවද කියන්නේ මගේ සමහර මිත්‍රයෝ කියනවා

 "මට සිංහලෙන් ලියන්න බෑ අකුරු අමතක වෙනවා කියලා." 


උක්ත සාකච්ඡාවේ චලින්ද අබේකෝන් ලීවිම කියන මූලික මානව සංවර්ධිත ලක්ෂණය ගැන ව්‍යවසායක මනසකින් දක්වන්නේ මෙහෙම අදහසක්.


"With writing you can articulate things " 


 මේක පර්‍යේසණ වාර්තාවක් ලියන කෙනෙක්ට උනත් , ව්‍යාපාරික යෝජනාවක් ඉදිරිපත් කරන්නෙකුට උනත් , සන්නාමයක් ප්‍රවර්ධන කරන්නෙකුට උනත් අතිශයින්ම වැදගත් වෙන දෙයක්. මට පාසලේ වගේ විශ්ව විද්‍යාලයේ තියන අත්දැකීමෙන් පවා දන්නේ ලිවීම කියන එක බොහෝ දෙනා වැරදි ආකාරයෙන් අර්ථ දක්වා ඇති බවයි . ලිවිම කීව පමණින් ඔවුන් හිතන්නේ කෙටිකතා හෝ නවකතා එහෙමත් නැත්නම් කවියක් ගීතයක්  පිළිබඳවයි. නමුත් ඔබ ආචාර්ය උපාධියක් හදාරන්නකු නම් ඔබගේ නිබන්ධනය පවා ගලා යා යුත්තේ කතාන්දරයක් ඉදිරිපත් කරන ආකාරයට .ඒකට හේතුව මිනිසුන් ස්භාවිකව කරුණු වලට වඩා කතාන්දරයකට සවන් දීමට දක්වන ලැදියාව . මේ සාකච්ඡාවෙම තැනක ෆාදීල් ඉදිරිපත් කරන අදහස ඒ පිළිබඳ සාක්ෂි සපයනු ඇත.


"Best scientist is best storyteller "


මේ හා සම්බන්ධව soft skills , ව්‍යවසායකයකු වීමේ මඟට බලපාන ආකාරය ගැන කලකට පෙර පීටර් ඩී අල්මේදත් යම් අදහසක් දක්වලා තිබුනා. එයා කීවේ මගේ පොතේ පතේ තාක්ෂණික කාරණා පිළිබඳව දැනුම ආරම්භක අවධියේ මඳ උනත් මට හැකියාවක් තිබුනා කෙනෙක්ට විශ්වාස කරන්න පුළුවන් අන්දමේ කතාවක් එක්ක මගේ නිෂ්පාදනය ඉදිරිපත් කරන්න. ඔහු මෙතන කියන්න උත්සහ කරන්නේ ඔහුගේ මුල් අවධියේ සාර්ථකත්වයට hard sills  වලට වඩා soft skills බොහෝම සාධනීය ලෙස බලපෑ බවයි. 


Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...