Skip to main content

මේ මිත්‍යාවෙන් ඇහැරිය යුතු කාලයයි

 මනුෂ්‍යයන් වශයෙන් අපට වෙන් කර ගැනිමට අපහසු තිර පටලයකින් වැසීගිය ය සීමාවක් දෙකක් පවතිනවා. මේ සීමා නීර්ණ  දෙක ආගම, දේශපාලනය , ඉතිහාසය ,දේවධර්මය සහ සාහිත්‍යය යන සෑම අංශයකම අඩු වැඩි වශයෙන් භාවිතා වෙන සංසිද්ධියක්. එකී අංශයේ පවත්නා සමාජ වගකීම භාරය අනූව එයින් සිදුවන්නා වූ විපත තීරණය වේ. පාඨකයා වෙහෙසට පත් නොකිරීමටත් පැහැදිලි ලෙස අදහස සන්නිවේදනය කළ යුතු නිසාත් එකී සීමා නිර්ණ දෙක අර්ථ දක්වමින් මෙම කෙටි විස්තරය ඇරඹිමට කැමැත්තෙමි. 



සත්‍යය (facts) සහ මිත්‍යාව (myths) මෙසේ ස්වකීය ජනයාට වෙන් කොට හඳුනාගැනිමට අපහසු නොඑසේනම් එසේ වෙන් කරගැන්මට අවශ්‍යතාවක් නොමැති සීමාවන් දෙකයි. සත්‍යය සහ මිත්‍යාව පිළිබඳව සංසන්දනාත්මකව තහවුරු කළ හැකි මනා උදාහරණය ආගම (බෞද්ධ ආගම පමණක් නොව සෑම ආගමකම සහ දේව උගැන්මකම මෙම අවස්ථා දෙක දෝලනය වීම පැහැදිලිවම දැකිය හැක්කකි ) වුවද මා මෙහි එය කතා නොකරමි. ඒ වෙනුවට ලංකා ඉතිහාසයේ මෑත කාලයේ සිදූවු දේශපාලනික බල පෙරළියක් උපුටා දක්වමි .


මෙම සටහනට සහ අදහස් දැක්වීමට මා සිත බර වූවේ මහාචාර්ය ගණනාත් ඔබේසේකරයන්ගේ නෙරපු රජු නොහොත් Doom king නම් ග්‍රන්ථයෙන් ලද ආස්වාදයයී. 


සියල්ලකටම පෙර මහාචාර්ය ගණනාතනයන් පිළිබඳ ලුහුඬින් හෝ ගෙන හැර පෑම මා සතු පාඨක වගකීමක් කොට සලකමි. මක්නිසාදයත් මෙරට හොඳම විශ්වවිද්‍යාලය යැයි සලකනා කොළඹ විශ්වවිද්‍යාලයේ පවා කලා මාධ්‍යයෙන් හදාරන්නන් කිහිප දෙනෙකුගෙන් මා  මහාචාර්ය ගණනාතයන් දන්නේ දැයි ඇසු විට ඔවුන්ගේ පිළිතුර වීවේ නැත යන්නයි. එවැනි අධ්‍යාපනික පසුබිමක සිටින්නන් පවා ඒ ආකාරයේ සාරවත් මානව විද්‍යාඥයකුගේ පර්‍යේෂණ ග්‍රන්ථ පිළිබඳව දක්වන්නා වූ උකටලී බව උක්ත සත්‍යයේ සහ මිත්‍යාවේ විසංවාදි (Conflict of facts and myths)  ස්භාවයට හේතුකාරක විය හැක. ඔවුන් පිළිබඳව ලිවීමෙන් මෙම සටහනේ අරමුණ වෙනස් වන බැවින් එවැනි ඇකඩමියානුවන් මෙයින් මඟහරිමි. 


 ගණනාතයන්ගේ නෙරපූ රජ කෘතියෙන් ඔහු උඩරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ අවසානය උඩුපෙළෙන් ඉදිරිපත් කරන අතර යටිපෙළෙන් විටෙන් විට පාඨකයාට පවත්නා කරුණු මත තර්කානුකූලව සත්‍යය අවබෝධ කරගන්නා මෙන් අයදිමින් සිටි . 


මෙහි සරලතම උදාහරණය ලෙස ඇහැළේපොළ කුමාරිහාමි සහ දරුවන් ඝාතනය පිළිබඳව පවත්නා ජනප්‍රවාද සහ ලිඛිත මුලාශ්‍රයන්හි පරස්පරතා ඔහු විදහා  දක්වන්නේ එක් ලේඛනයක් මත පදනම්ව නොව.


 මා පාසල් කාලයේ කියවු ඇහැළේපොළ කතාන්දරයට අනූව ශ්‍රී වික්‍රම යනු මතට ලොල් නරයෙකි, ඔහූ ස්ත්‍රීය කෙරෙහි ආසක්ත වූවෙකි , වඩුගයන්ට උඩරට රදලයන්ට එහායින් සැලකුවෙකි , භික්ෂූව ප්‍රතික්ෂේප කළ අයෙකි ,පිළිමතලව්වේගෙන් පසු මහාදිකාරම් වූ ඇහැළේපොළ සතර කෝරළයේ සිට ඩොයිල් සහ බ්‍රවුන්රිග් සමඟ රහසේ හසුන් හුවමාරු කලේ ය. එයින් ඔහු  රාජ් ද්‍රෝහියකු විය ( එම කතුවරයන් එය ද්‍රෝහිත්වයක් ලෙස නොදැකිමද විස්මයකි)   , ඇහැළේපොළ සැබෑ වීරයෙක් බවද , මොල්ලිගොඩ සටකපට ලෙස ඇහැළේපොළ සහ රජු බිඳවූ බවද , ඇහැළේපොළ දිගින් දිගට රාජ ආඥාව පැහැර හරමින් කොළඹට පලා ගිය බවද  , රජු ඇහැළේපොළ පවුල අමු අමුවේ මරා දැමූ බවද උක්ත ග්‍රන්ථයේ සඳහන් විය. එහි සාහිත්‍යය , විස්මය සහ කතාව ගොඩනැංවීම මනස්කාන්ත වුවද එහි වාර්තාවන කරුණු විසංවාදයකට තුඩු දෙන සුළුය . නමුත් පාඨකයා නිරායාසයෙන්ම ලිවීමේ පවත්නා මටසිලිටු බව , අනූකම්පාව ගැබ්වූ කතා මාලාව නිසා සැබෑ කරුණු (facts) යට ගසමින් මවා පෙන්වන වර්ණ චිත්‍රය අතපතාගාමින් සිටි. 


ඉහතා මා ඇහැළේපොළ පිළිබඳ කිව් ප්‍රවෘත්තියේ බොහෝ කරුණු ගණනාතයන් විසින් 1810-1811 පමණ රචනා වූ ඇහැළේපොළ හටන , ඊට පෙර රචනා වූ ඉංග්‍රීසි හටන , රාජාවලිය , ඩොයිල්ගේ දින පොත ( මෙහි කරුණු අසංවිධිත සහ කාල නිර්ණයන් ඉතා දුර්වල  වුවද  තර්කයක් ගොඩනැංවීම සඳහා භාවිතයට ගත නොහැකි මට්ටමෙන් දුෂණය වී නොමැති බවයි උගතුන්ගේ මතය ) , ඩේවීගෙ සටහන ( එකල උඩරට සිටි වෛද්‍යවරයෙක්) , බ්‍රවුන්රිග් සහ යටත් විජිත ලේඛම් අතර හුවමාරු වූ ලිපි  මත පදනම්ව Doom king තුළ ලියා ඇත. 

මා මේ කරුණ දිනක් මගේ මිතුරකුට පැවසූ වීට ඔහු කීවේ " ඇහැළේපොළට එසේ කරන්නට හේතුවක් තිබෙන්නට ඇතැයි ! " යනුවෙනි. නමුත් එසේ කියන්නා වු මිනිසුන් ඒ හා සම්බන්ව තර්කානුකූල යමක් කියවා පිළිගන්නාවා වෙනුවට තම සීයා හෝ පාසල් පෙළ පොතේ මන බඳනා රූප සමඟ ගොතා ඇති කතා පිළිගැනිම අවාසනාවකි . ඔවුන් බොහෝ දෙනෙකු පැරණි ජනප්‍රවාවයේ හෝ උඩරට රාජධානිය සම්බන්ධ කරුණක් ප්‍රති තර්කයකින් පැහැදිලි කිරීමට වෑයමක් දැරු වීට පවසන්නේ 


"ඕවා ඇත්තද නැත්තද කියලා හොයන්න විදියක් නෑ නේ , ඒ නිසා ඒ විදියටම පිළිගන්නාවා " 

 යනුවෙනි.


ඔවුන්ගේ උකටලී නියාලුවට අපුර්ව නිදහසට කරුණක් ලෙස " ඕවා සංස්කෘතිය්න් එන දේවල් නේ " දමා ගසන්නෙමි. සංස්කෘතියක් ප්‍රගමනය විය යුත්තේ සත්‍යය මත පදනම්ව බව ඔවුන් නොවැටහීම අභාග්‍යයකි. 


Doom king හි සිංහල උඩරට සමාජය කොනිත්තනා තවත් කරුණක් වන්නේ පත්තිරුප්පුව ඉදිරිපිට ඇහැළේපොළ  දරුවන් වංගෙඩියෙ දමා කෙටීම සහ ගැහැණුන් දියේ ගිල්වා මැරීමයි. මෙම සිද්ධින් පිළිබඳ ඇති විපරීත අභව්‍යය ගතිගුණ ඔහු කරුණු සාධක සහිතව හුවා දක්වමි. පොත කීමේ ඇල්මක් ඇත්තෙකුට එය කියවා තේරුම් ගැනිමේ අවකාශය ඉතිරි කොට මා තවදුරටත්  විස්තරාත්මකව නොයමි. 


අවසන් උදාහරණය ලෙස  මාර්තු 10 වන දින 1815 මඟුල් මඬුවේ  බ්‍රවුන්‍රිග්ගේ සූචච චර පුරුෂයා  වූ ජෝන් ඩොයිල් විසින් කෙටුම්පත් කරන ලද උඩරට ගිවිසුම ( Official declaration of the settlement of the Kandyan province )  අත්සන් කොට ජාතික කොඩිය ලෙස බ්‍රිතාන්‍ය ධජය සෙබළුන් එසවූ කළ වාරියපොළ සුමංගල හිමියන් විත් එය ගලවා බිම දමා පැගූ කතා පුවතයි. ගණනාතයන්ට අනූව  නම් උන්වහන්නේ එදින එසේ කරේ නම් දහසක් වූ ඉංග්‍රීසි සෙබළුන්ගෙන් උන්වහන්සේ බේරී සිටිම විශ්වාස කළ නොහැක්කකි. ලොමු ඩැහැගන්නා දේශප්‍රේමිත්වය මඳකට බිම තබා ඔබත් එය සිතුවොත් අප සැවොම ගණනාතයන් හා එකඟ වනු ඇත. මක්නිසාදයත් ශ්‍රී වික්‍රම අල්ලා ගැන්මේ සිට උඩරට සෑම අහු මුල්ලකම බ්‍රිතාන්‍ය රැකවල දා සිටිමයි. මෙම සිදුවීම අලලා Doom king හි ප්‍රධාන පරිච්ඡේද දෙකක්ම ලියා ඇත . එහිදි පැරණි ධජයන් එහි විකාශනයන් සහ සුමංගල හිමිගේ භූමිකාවද සිනමා පටයක සේයා සේ පැහැදිලි කර ඇත.

ඊනියා දේශප්‍රේමින්ට මෙය පහරක් වුවද විය හැක්කේ විය නොහැක්කේ කුමක්දැයි සිතා බැලිමට එම කරුණු ප්‍රමාණවත් ය. 


මේ කෙටි සටහන අවසන් කිරිමට පෙර මට පාඨකයන්ට සන්නිවේදනය කළ යුත්තේ ප්‍රඥාව මිස විස්මය (ත්‍රීල් එක ) පසුපස නොයනා ලෙසයි . මක්නිසාදයත් ශත් වර්ෂ දෙකකට ඉහත සිදූවූ මෙරට ස්වෛරීත්වයේ දරුණුතම සෝදාපාලූව වූ උඩරට රාජ්‍ය බිඳී යාමේ මිත්‍යා මත පාසල් පෙළ පොත හරහා පවා ජනගත වී තිබිමයි. එය පිළිළයක් ලෙස සමාජ ගත වී ඇත්තේ පාසල , දහම් පාසල වැනි කේන්ද්‍රය අධ්‍යාපනික මූලස්ථාන හරහා ඒවා ජනගත වීමනිසයි.

එක් අතකින් මා පෙර සඳහන් කළ මා මිත්‍රයන්ට දෝෂාරෝපණය කිරිමේ ඵලක් නැත්තේ ඔවුන් උඩරට රාජධානියේ බිඳ වැටීම උගත්තේ සාමාන්‍යය පෙළ ඉතිහාසයේ සාමාර්ථය සඳහා පමණක් වීම නිසයි.

මිත්‍යාවෙන් තොරව සත්‍යය දැකීමට ඔබගේ මගේ සැමගේ තෙවන ඇස විවෘත වේවා.


Comments

Post a Comment

Popular posts from this blog

ප්‍රේමදාසගේ ප්‍රසංගය

ජනාධිපතිවරණය පැවැත්වෙන සති අන්තය තෙක් කොලම් කිහිපයක් හෝ ලිවිය යුතු යැයි කල්පනා කරමින් මම මෙය මෙසේ ලියමි. මා මෙරට පැවති ජනාධිපතිවරණ හතෙන් , ජනාධිපතිවරණ හතරකම ජීවමාන අත්දැකීම අත්විද ඇති අතර ඒ සෑම ජනාධිපතිවරණයක්ම ඒ සමයට අතිශය තීරණාත්මකව ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය අන් කවරත් වඩා තීරණාත්මකයි යන්න විහිළු සහගත අදහසකි. එවන් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන පිළිබඳව මා මීට පෙර ලියා ඇත.   පෙර කොලමකින් වික්‍රමසිංහයන් ගැන ලීව් බැවින් මෙය , මගේ විනෝදාස්වාදය උපරිම මට්ටමට ඔසවා තබන ලංකීය දේශපාලකයා වන සජිත් හට උරුම කරමි. මෙහි දේශපාලකයා යන්න භාවිතා කිරිම උචිත නැති වග හැඟෙන බැවින් "සජිත්" ලෙස මම ඔහුව ලිපිය පුරා ආමන්ත්‍රණය කරන්නෙමි. (සජිත් වැන්නවූන් දේශයක් පාලනය කිරිමට තරම් මෝරා නැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය ඟ්දානය හෝ විභවය නැති බැවිනුත් එලෙස ආමන්ත්‍රණය කිරිමට හෘද සාක්ෂිය මට ඉඩ ලබා නොදේ. )  ප්‍රේමදාසගේ ඉතිහාසය පිළිබඳව කතා කිරිම කාලය කා දැමීමක් වන බැවින් ඔහුගේ එකම පුතුගේ පාර්ලිමේන්තු ගමනේ සිට ඉදිරිය සලකා බලමු. රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමු දින ආමර් වීදීයේ ඝාතනය කිරිමෙන් පසුව නව සහශ්‍රය...

කොඳු කඩන ගුරුවරු

  මීට අවුරුදු දහයකට වගේ කලින් මගේ පාසලේ හිටියා අමුතු තාලේ ගුරුවරයෙක් . එයාට උගන්වන්න භාර දීලා තිබුනේ විද්‍යාව විෂය . ඒ වෙනකොටත් මිනිහට අවුරුදු තිහක් වගේ ලබලා තියෙන්න ඇති. පාසලේ ඒ වෙනකොට තරුණ පිරිමි ගුරුවරු එච්චරම නැති නිසාද මන්දා එයාට ළමයි අන්වර්ථ නාමයක් දාලා තිබුනා. අපි කියන්නේ කාර්ඩ් එකක් දානවා කියලා.ඒ කාර්ඩ් එකත් පැණි පිරුණු නමක් තිබුන කාර්ඩ් එකක්.  මම පාසලට එන්න කාලෙකටත් කලින් ඉදලම එයාට එහෙම ආමන්ත්‍රණය කරපු නිසා මම ඒ පැණි පිරුණු කාර්ඩ් එකේ නිධාන කතාව දන්නේ නැහැ .කොහොම හරි මේ තරුණ ගුරුවරයට අමුතු තාලා ආසාවක් තිබුනා. ඒක පෞර්ෂ අබාධයක් සහ ළමා කාලයේ අවධානය නොලැබිමේ ගැටලුවක් කියලා මට තේරුනේ පස්සේ කාලෙක පොතක් පතක් කියවලා යම් අවබෝධයක් ලැබුනට පස්සේ .     සාමාන්‍යයෙන් මගේ පාසලේ ඒ වෙනකොට අතිශයින්ම වෙන්වුනු ශ්‍රවණාගාරයක් (Auditorium) හෝ රැස්විම් ශාලාවක් නොතිබුනු නිසා රැස්විම් කටයුතුවලට , සෞන්දර්‍ය කටයුතුවලට පාවිච්චි කළේ ප්‍රධාන ශාලාව එහෙම නැත්නම් Main hall එක. මේ වගේ රැස්විම් කටයුතු නොයෙදෙන දවස් වලට පංති කාමර පවත්වන්න තමා මේ ශාලාව පාවිච්චි කරේ. ප්‍රධාන ශාලාව තරමක විශාලත්...

සිසූ විරුවෝ රැවටුනාද ?

විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් පිළිබඳව ලාංකීය සමාජයේ අවධානය බරපතළව යොමු විම ආරම්භ වූවේ 1971 ජවිපේ පළමු කැරැල්ලෙන් නොව. එය ආරම්භ වූනේ 1983 දි ජනාධිපති ජයවර්ධන විසින් සියලූම සමාජවාදි පක්ෂ තහනම් කිරිමත් සමඟ ඇතිවූ  දේශපාලනික භූකම්පනය සමඟයි  .  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංගමයක් හෝ කැඳවිම තහනම් කළ   එජාප ආණ්ඩුවට එරෙහිව යටිබිම්ගත දේශපාලනයට උචිතම උපක්‍රමය වූවේ උගත් , ජවාධික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ඒ නිසාවෙන්ම එකල වූ ශිෂ්‍ය නායකයන්ද මෙකල කැපී පෙනෙමින් පසුකලක ජවිපේ දේශපාලන මණ්ඩලය තුළට පවා ඇතුළත් විනි. මගේ වෑයම එකී සිසූ විරුවන් උත්කර්ෂයට නැංවීම හෝ ඔවුනගේ ක්‍රියාපිළිවෙත විවේචනය කිරිම නොවේ. මට උවමනා වී ඇත්තේ මෙතරම් උගත් තරුණයන් පිරිසක් ඊට වසර දහයකට නොඅඩූ ඉතිහාසයක අන්ත පරාජයට පත්වුනු 1971 කැරැල්ලේ උණුසුම යෑමටත් පෙර තවත් එවැනි සන්නද්ධ අරගලයකට අත එසවීමේ තර්කය සහ ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කළ සිතිමේ ක්‍රියාවලිය (Thought process ) වටහා ගැනිමයි. මෙය තේරුම් ගැනිමේ පහසුව තකා උදාහරණ හයකට පිවිසෙන්නම්. මං පළමු  උදාහරණය ලෙස ඒ වනවිට ජවිපේ ඉහලම තැනක සිටි ආනන්ද ඉඩමේගම නොහොත් ධම්ම...