සියවසක ජිවිතයක්.

 Sir David Attenborough ඊයේ තමන්ගේ සියවන උපන්දිනය ලන්ඩන් නුවරදි සැමරුවා. ඒ වෙනුවෙන් BBC නිර්මාණය කළ විශේෂිත වාර්තා වැඩසටහන් මාලාවත් ඊයේ නිදහස් කරා. 



ලෝක ජනගහනයෙන්  දළ වශයෙන් මිනිස්සූ 0.011% විතරයි අවුරුදු සීයක් ජිවත් වෙන්න ලැබෙන්නේ. ඒ අතරින් කීයෙන් කීදෙනාටද  Sir David Attenborough  වගේ ජීවීතයක් ගත කරන්න ලැබෙන්නේ. මම මේ කියන්නේ ඔහූ ළඟා කරගත්ත ජන ප්‍රසාදයක්වත් , ධනයවත් , මාධ්‍ය බලය ගැනවත් නෙවෙයි. ඔහූ කුඩා දරුවෙකුව සිට ආදරය කළ පරිසරය සමඟ තමන්ගේ ජිවිතේ අවුරුදු අසූවක් විතර ගත කරන්න ලැබෙන වාසනාව. 

ඔහූ තමන්ගේ Life on Earth Journey වාර්තා වැඩසටහනට වෙනුවෙන්  රුවන්ඩාවට   කඳුකර ගෝරිල්ලන් අධ්‍යනයටත්  , ඉක්වදෝරයේ  ගැලපගෝස් දිවයිනටත් , පක්ෂින් ගැන සොයා බැලිමට පැපුවා නිව් ගිනියාවටත් , ශාක විවිධත්වය සෙවීමට චීනයටත් එතනින් පේරූ රාජ්‍යයටත් පසුව අප්‍රිකානු සුන්දරත්වය දැකබලාගැනිමට කෙන්යාවටත් සංචාරය කළා.

1984 අවුරුද්දේදි අතිශයින්ම ජනප්‍රිය උනූ The Living planent BBC වැඩසටහන වෙනුවෙන් කැනඩාවට , බ්‍රසීලයේ වැසි වනාන්තරවලට , නේපාලයේ සීතල කඳුවලට සහ ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරයට සංචාරය කළා. 

ඉන් වසර 6 පසුව රූගත කළ The trial of life වැඩසටහනේදි ඔහූ කොමඩෝ මකරුන් සොයා ඉන්දුනීසීයාවට සහ කඳුකර ජීවීන් සොයා ආර්ජින්ටිනාවට සංචාරය කළේ විශේෂයෙන්ම Migration routes සහ Deep forest අධ්‍යනයට.

ඔහූ කොතරම් වාසනා මහිමයක් දායාදවුවෙක්දයත් Planet of Earth ව්‍යාපෘතිය වෙනුවෙන් අනූවිය ගෙවමින් සිටින විට පවා  ඔහූ  මොන්ගෝලීයාවට පවා යෑමට ධෛර්යවන්ත උනා. සැවානා වනාන්තර වල ඔහූ රාත්‍රීන් සිය ගණනාවක් ගත කළා. සහාරා කාන්තාරයට මෙන්ම Volcanoes අසළටත් සංචාරය කළා. එක් අතකින් ඇමසන් වනාන්තරයේ වැසි වනාන්තර පද්ධතියට අවධානය යොමු කරන අතර ශීත ඇන්ටාක්ටිකාවටත් සිය හිත යොමු කළා.

සොබාදහමේ රහස් , විස්මයන් සහ ගලායෑම් කැමරා ඇසට පෙර ඔහූ ඔහූගේ දෑසෙන් දකින්න තරම් වාසනාවන්ත අයෙක් උනා. සියවසක් ජීවත් වූ Sir David Attenborough ලොව වසනා මහා බිලියනපතියන්ටත් වඩා ජීවිතය වින්ද විඳින අයෙක් යැයි හැඟෙන්නේ ඒ නිසයි. ඊයේ රාත්‍රීයේ ලන්ඩන් නුවරදී වේල්ස් හි කුමාරු වන විලියම් කුමරුගේ ප්‍රධානත්වයෙන් පැවති සාදයෙදි ලන්ඩන් සම්භාවනීය අමුත්තන්ගේ Standing ovation හරහා පෙන්නූම් කළේ අන්කිසිවක් නොව සියවසකට පසූ ඔහූ උපයාගත් වත්කමයි.

Comments

Popular posts from this blog

සිසූ විරුවෝ රැවටුනාද ?

I went back to Ibiza

මුරලිව බයිට් වීම.