මරණයේ සීමාව.

 කඳු නගින්නෝ ඕන තරම් ඉන්නවා ඒත් Nims Purja වගේ අය ඉන්නේ එක්කෙනයි.


මීටර් 8000 උඩට යනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. 8000m පහු කරපු ගමන්  සාමාන්‍ය හුස්ම ගැනිමකදි ලැබෙන ඔක්සිජන් ප්‍රමාණයෙන් 30% ලැබෙන්නේ. රුධිර ගමනාගමනය වගේම හුස්ම ගැනිමේ සිඝ්‍රතාවයත් ඉහළ යනවා හිතාගන්න බැරි විදියට. මොළයට යන රුධිර ගමනා ගමනයේ මඳ බව නිසා මතකයේ ගැටලු , සිහිවිකල් වීම් , වැරදි තීරණ ගැනිම් වගේම Hallucinations උනත් පේන්න පුළුවන්. HACE (High altitude pulmonary Edema) තත්වය යටතේ පෙනහළුවල වතුර පිරෙන්නත් පුලුවන් . ඇටකටු පිපිරෙන තරමේ ශීතලක තමන්ගේ අතක් , ඇඟිල්ලක් පවා ඔය කියන කඳුනගින්නට නැති වෙන්න පුලුවන් .

මේ නිසා තමා 8000+ සීමාවට Death zone( මරණයේ සීමාව) කියන්නේ. Purja මේ සීමාව  28 වතාවක් පහුකරලා තියනවා. ලෝකේ උසම කඳු (8000m උසින් වැඩි) 14,  ඔහු අවස්ථා දෙකකදි තරණය කළා. 2019 අවුරුද්දෙදි තමන්ගේ Project possible වෙනුවෙන් සහ 2024 කිසිදු  ඔක්සිජන් ආධාරකයක් නොමැතිව.  

2019 දී ඔහුට කඳු 14 තරණයට වැයවුනේ දවස් 189 විතරයි. කලින් ඒ වෙනුවෙන් හොඳම කඳු නගින්නන්ටත් අවුරුදු 7 වැයවෙලා තිබුනා. සුප්‍රකට K2 කන්ද ශීත සමයේ තරණය කරපු මුල්ම කණ්ඩායමේ කෙනෙක් තමා purja , ඔහු Everest ,Lhotse හා Makalu කඳු තුන පැය 48 ඇතුළත තරණය කරලා ලෝක වාර්තාවක් තිබුනා.  

2021 දී ඔහූ පිළිබඳ Netflix වාර්තා වැඩසටහනක් නිර්මාණය උනා. 14 peaks කියලා. නොබලපු කෙනෙක් ඉන්නව නම් අමතක නොකර බලන්න. ගුර්කා සෙබළෙක්ගේ ඉදන් SBS (Special Boat Service ) හරහා ලෝක ප්‍රසිද්ධ කඳුනගින්නකු වීම වැඩසටහනේ විස්තර කරනවා හැඩට.

ඒ හැමදේකටම වඩා ඔහු  නේපාල කඳු නඟින්නන් නොහොත් Sherpa වරුන්ගේ රැකියාවේ සුරක්ෂිතතාවය , කඳු නැගිමේ නූතන දැනුම සහ වෘත්තීයෙන් උසස් පිළිගැනිමක් වෙනුවෙන් ගොඩක් මහන්සි උනා සැලසුම් කරා ,වැඩ කරා.

ඒත් පහුගිය බ්‍රහස්පතින්දා පාකිස්තාන වේලාවෙන් උදෑසන 8:50 -9:30 අතර Broad peak වල 6579m උඩින් දෙවන සහ තුන්වන කඳවුරු දෙක අතරදි Purja ඇතුළු කණ්ඩායම Avalanche එකකට අහුවෙනවා. අද උදේ වෙනකන් Missing ලැයිස්තුවේ ඉදපු Purja ගේ නම  උදේ වෙනකොට මරණ ලැයිස්තුවට එකතු කරලා තිබුනා. පස්සේ ඔහුගේ ගවේෂණ කණ්ඩායම විශේෂ පණිවිඩයක් හරහා Nimsi Purja ගේ මළසිරුර හමු උනු බව ප්‍රකාශ කරා.



14 peak වැඩසටහනේ එක තැනක Purja කියනවා

"Giving up is not in the blood sir , not in the blood."

අතහරින එක ලේ වල තියෙන දෙයක් නෙවෙයි සර් !!! ලේවල තියෙන දෙයක් නෙවෙයි

Comments

  1. දැක්කා පත්තරෙන් . කණගාටුදායකයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

I went back to Ibiza

මුරලිව බයිට් වීම.

Jane Goodall සමුගනි.