මහින්ද සුළඟ

 ලංකාවේ දේශපාලන ඉතිහාසයේ හොඳම ගේම්කාරයා මහින්ද නෙවෙන්න පුළුවන් . ඒත්  ජනාධිපති ජයවර්ධන , රණසිංහ ප්‍රේමදාස , රනිල් වික්‍රමසිංහ වගේම එක්තරා සීමාවක නූල් සූත්තරකරුවෙක් තමා රාජපක්ෂ කියන්නේ. ඔහූ බලයේ හිටපූ 2005-2015 ගැන හීනී මතකයක් හරි තියෙන කිසිම කෙනෙක්ට ඒ මතය මඟ අරින්න බෑ.



ඔහූ පක්ෂ නැති කරා , සංවිධාන බිමට සමතලා කරා , පුද්ගල චරිත විනාශ කරා කොටින්ම බලය වෙනුවෙන් කලහැකි ඕනෑම දෙයක් කරා. ඒ ඕනෑම දෙය සදාචාරාත්මක සීමාවෙන් එහාටත් මහින්ද අරගෙන ගියා. අවම ආචාරධර්මවත් නොසලකා ඔහු ගමනක් ගියා.ඒ නිසාම ලසන්තලාට පාරේ මහ දවල් වෙඩි කන්නත් , ප්‍රගීත්ලට සූදූ වෑන් එකකින් අතුරුදහන් වෙන්නත් , කීත් නොයර්ට රටෙන් යනකන්ම ගුටි කන්නත් සිද්ද උනා. වාසනාවකට මහින්දගේ ලූම්පන් යුගය 2015 න් අවසන් උනා.

මහින්ද කරපු බරපතළම දෙයක් තමා ජවිපේ විනාශ කරන්න උත්සහ කරපු එක. 2005 බලය ගන්න ආපූ මහින්දට හයියට හිටියේ ජනතා විමුක්ති පෙරමුණයි , පාඨලී ප්‍රමුඛ හෙළ උරුමයයි. සරලවම කීවොත් "මහින්ද චින්තනය " ගැන මහින්ද රාජපක්ෂ හාංකවිසියක්වත් නොදන්න බව මට විශ්වාසයි. ඒක තනිකරම ජවිපෙයි , හෙළ උරුමයෙයි නිෂ්පාදනයක්. එහෙම තමන්ට උදව් කරපු ජවිපෙට පස්සෙ කාලෙක මහින්ද දුන්නේ දුවන්න.

වීරවංශ වගෙ උදවිය පාවිච්චි කරලා ජවිපේට දිගින් දිගටම පහර දුන්නා , නින්දා කලා , අවමන් කළා. මට මතකයි 2010-2013 මහින්දගේ ස්වර්ණමය යුගයේදි ජවිපේ ආස්ථානය. මාධ්‍ය සාකච්ඡාවක් වත් තියාගන්න බැරි තරමට පක්ෂය වැටිලා හිටියේ.

 දැන් මහින්ද හිතනව නම් තමන් ජවිපෙට කරපූ දේ ජවිපෙට මතක නෑ කියලා. මහින්ද මහත්තයට වැරදිලා. 

ජවිපේ වගේ පක්ෂයක් ඒ කෙණහෙළිකම් , අපවාද , අවලාද , හිස් චෝදනා එකින් එක ලියලා තියාගෙන ඉන්නේ. ඒ කාලේ රනිල් එක්ක කෝපි බීලා ඩීල් එක දාගන්න පුලුවන් උනාට මහින්දට තවදුරටත් ජවිපේ අභ්‍යන්තරය එක්ක සාකච්ඡා කරන්න බෑ. එක ඔහූ ඒකට වයසයි. දෙක ඔහූ ගනුදෙනු කරන්නේ 2005 තමන්ට උපකාර කරපු තනි පක්ෂය එක්ක විතරක් නෙවෙයි මහජන ආණ්ඩූවක් එක්ක.

ඒ නිසා මම මහින්ද මහත්තයටයි ඔහූගේ පවුලේ අයටයි සුබ අනාගතයක් පතනවා.

ඡායාරූපය : මහින්ද මහත්තයා සහ අනූරාධපුර රැළිය

Comments

Popular posts from this blog

I went back to Ibiza

මුරලිව බයිට් වීම.

සතුට