නිවුන්නන් මියයයි.

 ඊයෙට එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට අල්කයිඩා ප්‍රහාරය එල්ල වෙලා අවුරුදු 25 ක්. මුළුමහත් අරාබිකරයම මහා වියවුලකට තල්ලූ කරන ගමන් සමහර අරාබිකරයේ රාජ්‍යන් සම්පූර්ණයෙන්ම ගල් යූගයට ඇඳගෙන ගියේත් මේ ප්‍රහාරය නිසයි. 

9:03 දී දෙවන ගැටූම 


පහල ඡායාරූපයේ ඉන්නේ එවකට එක්සත් ජනපද ජනාධිපතිවරයා වූ බුෂ් (කනිෂ්ඨ ) ෆ්ලෝරිඩාහි ප්‍රාථමික පාසලක දරුවන් පිරිසක් සමඟ කියවිම හා බැඳුනු  ක්‍රියාකාරකමක් කරන මොහොතක. අල්කයිඩා සංවිධානයෙන් පැහැරගත් පළමු ගුවන් යානය ගොඩනැගිල්ලේ හැපෙන්නේ මේ මොහොතෙදි.

නමුත් එක්සත් ජනපදයේ මිලිටරි ප්‍රධානීන් පවා සැනෙන් හිතන්නේ මෙය ගුවන් අනතුරක් බව.ඒත් දෙවනි ගුවන් යානය උදෑසන 9:03 එහෙම නැත්නම් පළමු ඝට්ටනයෙන් විනාඩි 17 ගෙවුනම සිද්ද උනා. ක්ෂණිකව ක්‍රියාත්මක උනූ ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී Andrew Card බුෂ් ජනාධිපතිවරයට යමක් මුමුණනවා


"A second plane hit the second tower . America is under attack "


"දෙවන ගුවන් යානයත් දෙවන ගොඩනැගිල්ලේ වැදුනා. ඇමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක්.'


දරුවෝ එක්ක තව මිනිත්තු කිහිපයක් කිසිම වෙනසක් නොපෙන්වා ඉන්න කනිෂ්ඨ බුෂ් කොයිතරම් උත්සහ දැරුවත් , ඔහූගේ භීතීය අදටත් බලනකොට තේරෙනවා. 

ඒ ප්‍රහාරය එක්ක එක්සත් ජනපදය බොහොමයක් දේවල් වෙනස් කරා. විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂාව , ගුවන් තොටුපොළවල් නිරීක්ෂණය , Home land security එක හැදුවා , ගුවන් ආරක්ෂණ පද්ධතිය පුළුල් කරා කොටින්ම අද ඔබ දකින එක්සත් ජනපදය හැදුනේ එතනින්.

බුෂ් ජනාධිපතිවරයා ප්‍රහාරය ගැන දැනගත් මොහොත.


හොඳින් බලන්න මරණය , භීතීය , වේදනාව කැටි වුනු කනිෂ්ඨ බුෂ්ගේ කඩදාසියක් බඳු මුහුණ.

Comments

Popular posts from this blog

I went back to Ibiza

මුරලිව බයිට් වීම.

Jane Goodall සමුගනි.