බොදු බල සේනා

 2014 මැද පානදුරේ Nolimit ආයතනයට මැර ප්‍රහාරයක් එල්ල වී තිබුනා.  එකල ඉංග්‍රීසී පුවත්පත් මෙම සිද්ධිය වාර්තා කර තිබුනේ 



" BBS attack Nolimit "  

මෙහි BBS යනූ ගලබොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රධානත්වය ගත් බොදු බල සේනා සංවිධානය. 

මේ සමය එක්තරා අතකින් භීම සමයක්. එක අතකින් මහින්ද රාජපක්ෂ තමන්ගේ යකඩ සපත්තුවෙන් දුටු දුටු තැන මර්ධනය දැඩි කරන මොහොතක්. අනෙක් අතෙන් ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ නම , කාටූන් රූප  පවා පුවත්පතක නොපළවිය යුතුයැයි සපථ කළ මොහොතක් . අනෙක් අතෙන් ලේ පිපාසිත ජාතිවාදීන්ගේ කෙළ මඬලක්. 

ඥානසාර හිමි චණ්ඩි උන්නාන්සෙකෙනෙක් උනේ මේ සමයේ. ඕනෑතරම් බලය , නිදහස , ජාතිකත්වය රාජපක්ෂ බල අධීකාරීයෙන් මෙකී භික්ෂූ අන්තවාදීන්හට සපයා තිබුනා.  ප්‍රශ්න කරන්න  , අත්අඩංගුවට ගන්න , උසාවියට ඉදිරිපත් කරන්න , රක්ෂිත බන්ධනාගාරගත කරන්න , දණ්ඩනයක් පිරිනමන්න කියන කිසිම පියවරකට 2013-2015 සමයේ BBS නතු වී තිබුනේ නෑ.

ඒ කාලේ සමන් එදිරිසිංහ වගේ ප්‍රකට ටියූෂන් ගුරුවරුන් පවා BBS ගැන තමන්ගේ පංතිවල කතා කරා. ඔවුන්ගේ ගමන අනුමත කළා. ලාභ දේශපාලන වාසි වෙනුවෙන් බොහෝ දෙනෙක් බොහෝ දේවල් කරා. 2015 ඔවුන් හැමෝම නොහිතපු විදියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති උනා. මහින්දත් එක පැත්තකට විසි උනා. ඒ වේගෙට සමාන වේගයකින් බොදු බල සේනාවයි , ඥානසාර හිමිගේ දිශානතියයි දෙකම සුනුවිසුණු උනා.



අද 2026 සැප්තැම්බර් 21. ඊයේ ඥානසාර හිමි මහනායක හාමුදුරුවන් වහන්සේලාට කියනවා

 " පුළුවන් නම් ජනාධිපතිතුමාට කියලා  ජනාධිපති සමාව නැවත අරන් දෙන්නලූ "  

අහේතු කාලේන කජ්ජේන පුහුලං  කීවලූ.

Comments

Popular posts from this blog

I went back to Ibiza

මුරලිව බයිට් වීම.

Jane Goodall සමුගනි.